කාසි බෝග වගාවට දුන් තණබිම් ආපසු ඉල්ලා දෙමළ ගොවීන් උපවාසයේ
දෙවැනි රාජපක්ෂ පාලන සමයේ පිටතින් ගෙනා සිංහල ගොවීන් විසින් අත්පත්කරගෙන සිටින දෙමළ කිරි ගොවීයන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් වහා නිදහස් කරන ලෙස බල කරමින් නැගෙනහිර පළාතේ අඛන්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.