නූතන මකියාවෙල්ලීගේ දවස - ඇටමැස්සා (49)

" ද්විත්ව පුරවැසියන් මගේ රට පාලනය කළ යුතු නැත."
මේ පෝස්ටුව දමා තිබුනේ යූ.එන්.පී. එක හෝ ජේ.වී.පී. එක විසින් නොවේ.
එය පළ කර තිබුනේ බ්‍රිතාන්‍යයේ ජාතික නිදහස් පෙරමුනේ ලේකම්වරයා විසිනි.

වතුකරයේ ජන්ද ටික බලාගෙන ඉන්දියාවට යැවීමට සිටි වතු දමිළ ජනතාවට ලංකාවේ පුරවැසිභාවය ලෝස් නැතුව දුන් යූ.එන්.පී. ය 2015 දී ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ඉදිරිපත් කළේ සද්භාවයෙන් නොවේ.
ගෝඨාභය බ්ලොක් කරන්නට ය.
සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා මූලික අවශ්‍යතාව සපුරා ගත්තේය.
ගෝඨාභය ජයග්‍රහණය ද කළේය.
එය එසේ මෙසේ ජයග්‍රහණයක් නොව පුතානෝ ජයග්‍රහණය කරන බවට සුමනදාස අබේගුණවර්ධන මෙන් කැට තබා අනාවැකි පළ කළ වික්ටර් අයිවන් ද අන්ද මන්ද කළ ජයග්‍රහණයක් විය.
ජනාධිපතිවරණයට පසුවදා ගෝඨාභය ජායාරූපය සහිතව පළවූ පෝස්ටුවක එම ජයග්‍රහණය ගැන සදහන් වූයේ මෙලෙසිනි.
" victor I von”
මේවා දැන් අතීත කතා ය.
මේ සියලු ජයග්‍රහණයන් මෙහෙය වූ මහ මොළකරු වූයේ බැසිල් ය.
ඔහු පටන් ගත්තේ අලුතිනි.
ඔහු අලුත් පක්ෂයක් පටන් ගත්තේ ය.
මේ රටේ අලුතින් පටන් ගන්නා වෙනත් පක්ෂ අවුරුද්දක් යන විට වළපල්ලට යන මුත් බැසිල් හැදූ නව පක්ෂය අවුරුද්දක් ගිය විට පළාත් පාලන ජන්දය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය.
ඔහු ඉන් පසු ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් ජයග්‍රහණය කර පෙන්වීය.
ඕනෑම අයෙකුට පක්ෂ හැදිය හැකි වුවත් පක්ෂයක් ජයග්‍රහණය කරවන යාන්ත්‍රණය, එසේත් නැත්නම් ඒ ගේම් එක ගහන ආකාරය හැමෝටම පිහිටන්නේ නැත.
බැසිල් එසේ නොවේ.
ඔහු 2005 ගැසූ ගේම 2019 දීත්, 2020 දීත් යලි ගසා පෙන්වූයේය.
2015 මහින්දගේ ආණ්ඩුව පෙරළුවේ විදේශ රටවල මුදල් ආධාර , NGO සහාය, සුළු ජාතික ජන්ද , අත දිගහැර මුදල් වියදම් කර මිනිසුන් බා ගනිමින් යනාදී සියලුම තුරුම්පු පාවිච්චි කරමිනි.
එසේ පත් කරගත් දොන් ජුවන් ධර්මපාලලාගේ යහපාලන ආණ්ඩුව බැසිල් පෙරළුවේ තනිවමය.
ඔහු මේ සියල්ලම කළේ ද්විත්ව පුරවැසිභාවය
තබාගෙන ය.
බැසිල් ද්විත්ව පුරවැසියෙක්, ඔහුගේ පක්ෂය අපට එපාය, බැසිල්ගේ ජන්ද මෙහෙයුම් අනවශ්‍යය, බැසිල් නැතුව අපට දිනන්න පුලුවන් ය කවුරුවත් පැවසුවේ නැත.
බැසිල් ගෙන් සේරම වැඩ අරගෙන උක් හපයක් එළියට විසි කරන්නාක් මෙන් දැන් ඔහුව පැත්තකට විසි කිරීම සාධාරණ නැත.
( ගෝඨාභය ගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ සමහරුන්ට පිං ලිස්ට් එකෙන් ඇතුළට ගිය ඇතැම් චරිතයක් නැති හීරළුවන් ද කළේ ඒ ටිකමය. ඒවා ගැන පස්සට කතා කළ හැකිය.)
තනිවම මේසා විශාල ගේමක් ගැසූ බැසිල් ට ආණ්ඩුව ඇතුලෙන් එන මේ විරෝධයට වැඩියෙන්ම සතුටු වන්නේ විපක්ෂය යි.
තමන්ට කරගත නොහැකි වූ දේ ආණ්ඩුවම කරදෙයි නම් ඊට අසතුට පළ කරන විපක්ෂයක් තිබිය හැකිද?
එහෙත් මේ සැනසීම තාවකාලික ය.
බැසිල් මේ වනවිට 2/3 ත් හදාගෙන බැසිල් වෙනුවට ඩමියකුත් ඇතුළට යවා හමාරය.
බැසිල් තම ද්විත්ව පුරවැසිකම ඉවත් කරගත්තේ නැත.
ඒ වෙනුවට ඔහු ව්‍යවස්ථාවේ ඇති ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය ඉවත් කර ගනී.
නියම වැඩකරයන් යනු එවැන්නන් ය.
බැසිල් හරිද වැරදිද කියා ඉතිහාසය විසින් තීන්දු කරනු ඇත.
මිනිසුන් ගෝඨා ගෙන් අහන්නේ කෝ වැඩ කියාය.
මිනිසුන් ඉල්ලන වැඩ පෙන්වන්න නම් බැසිල් කෙනෙක් ඇතුළට පැමිණිය යුතුය.
අවාසනාවකට ඇතුලේ ඉන්නේ බැසිල් රාජපක්ෂලා නොව ඇදගෙන නාන නානායක්කාරලා ය.
ගෝඨා දුවන වේගයට සමාන වේගයෙන් දිවිය හැක්කේ බැසිල් ට පමණි.
බැසිල් එනවාට බිය විය යුත්තේ විපක්ෂය යි.
එහෙත් බියවී ඇත්තේ ආණ්ඩුවේ ඇතැමුන් ය.
කසකාරයා එන්නේ අදය.
මැච් එක පටන් ගන්නේ අදය.
අද ගනින්නේ 20 ට පක්ෂද විපක්ෂ ද හොයන ජන්දයක් නොවේ.
බැසිල් ට පක්ෂ ද විපක්ෂ ද කියා හොයන ජන්දයකි.
අද, ඔක්‍තෝබර් 22,
නූතන මකියාවෙල්ලීගේ දවස අදය.
(ඇටමැස්සා )
කියවන්න
20 රටට ද? බැසිල් ට ද? - ඇටමැස්සා (41)
බැසිල් - THE MAN - ඇටමැස්සා
