මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා වසර කිහිපයක් තිස්සේ පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝම්බර් 1 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ මෙම තහනම ඉවත් කිරීම ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මේ රටේ විදේශ සංචිතය ශක්තිමත් වෙලා නිසා ආපහු මෝටර් රථ ආනයනයට තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බේරුවල අද (13) පැවති ජන රැළියකදී පැවසිය.