ලංකාව 'චිලියක්' කරමු! - වික්ටර් අයිවන්

ආණ්ඩුව ඔවුන්ගේ කූට ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන හකුළා ගත්තත් ‘මහජන ව්‍යවස්ථා සම්පාදනයක්’ දිනා ගැනීම සඳහා අප නගන හඬ අප අත නෑරිය
යුතුයි.
චිලී රටෙන් ලංකාවේ අපට උගත හැකි හා අපේ ආස්වාදයට හේතුවන දෙයක් දැන් සිදුවෙමින් ඇත. එහි ඇත්තේ ද අපේ වැනි ම වූ 1980 ඒකාධිපති ෆිනොචෙගේ පාලන කාලයේ හදාගත්, 15 වතාවක් සංශෝධනය කරන ලද අවලස්සන ව්‍යවස්ථාවකි.
2019 ඔක්තෝබර් 25 වනදාවක චිලියේ නව මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල, සන්ධානයක කැඳවීමක් අනුව මිනිස්සු මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කළා. එදින සන්තියාගෝ නගරයට එකතු වුන මහජනයාගේ සංඛ්‍යාව ලක්ෂ 12 ක් ලෙස වාර්තා වුනා.
එතැන් සිට එය මහ පාරේ දිග හැරුණු සුවිසල් උද්ඝෝෂණ වැඩ සටහනක් බවට පත්වුනා.
ප්‍රශ්නෙ දුර දිග යාම වළකා ගැනීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදනයකට අවසානයේ එකඟ වුනා. ව්‍යවස්ථා සම්පාදනයට අදාළ මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස එවිට මහජනයා ඉල්ලා සිටියා.
ආණ්ඩුවේ කැමැත්ත වුනේ ව්‍යවස්ථා සංශෝධනයකට හා එම කාරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රධාන කොටගෙන කැඳවන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයි.
එහෙත් 2020 ඔක්තෝබර් වලදී ඒ සඳහා පැවති ජනමත විචාරණයෙන් සීයයට 78 (78%) ක් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් අනුමැතිය දුන්නා. තවත් සීයයට 79 (79%) ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැති මහජන නියෝජිතයින්ගෙන් පමණක් සමන්විය යුතු ව්‍යවස්ථා සභාවකින් එය සිදුවිය යුතු බවට ඡන්දය දී තිබුණා.
ඒ නිසා ව්‍යවස්ථා සභාවට මහජන නියෝජිතයන් තෝරන ජන්දයක් 2021 මැයි 15 - 16 දින දෙකේ පැවැත්වුනා. තේරී පත්වු නියෝජිතයන්ගෙන් සීයට 62ක් (62%) ස්වාධීන පුද්ගලයින්. තේරී පත්වූ නියෝජිතයින්ගෙන් සීයට 49.50 (49.50%) ක් කාන්තාවන්. ව්‍යවස්ථා සම්පාදනයකට සියයට 50 (50%) ක් කාන්තාවන් සහභාගී වන ලොව පළමු ව්‍යවස්ථා සම්පාදනය ලෙස සැලකිය හැක්කේ එයයි.
ලංකාව ද තෝරා ගත යුත්තේ එම මාර්ගය නොවේද?
සන්තියාගෝ හි කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජයග්‍රහණ සමරයි. Photograph: Felipe Figueroa/SOPA Images/REX/Shutterstock
චිලියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ප්‍රධානියා ලෙස කාන්තාවක්
photo Sandra Cuffe/Al Jazeera
(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි වෙනත් ලිපි :
ලංකාවේ ව්‍යවස්ථා නීතිය මුතුරාජවෙල මෙන් වගුරු බිමකි - නීතිඥ බැසිල් ප්‍රනාන්දු
අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන