1200 x 80 DMirror

 
 

ප්‍රධාන පුවත්

සාධාරණ සමාජයක් සදහා වන ජතික ව්‍යාපාරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා වන ප්‍රතිසංස්කරණ යෝජනවලියක් ඉදිරිපත් කර තිබේ.



 ඉදිරිපත් කර තිබෙන කෙටුම් පත තුළ ඇති 19 වැනි සංශෝධනයේ සෙවනැල්ල පහසුවෙන් හදුනා ගත හැකිය. එහෙත් 19 වැනි සංසෝධනයේ එන දර්ශනයට වෙනස්ව එම කෙටුම් පතින් යෝජනා කර තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නොව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි.  

යෝජනා කර තිබෙන ක්‍රමයට අනුව ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවට අතිරේකව සාමාජිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත දෙවන මන්ත්‍රණ සභාවකින් ද යුතුය.

එයට සාමාජිකයින් තෝරාගන්නේ එක පළාතකින් පස් දෙනා බැගින් අදාළ පළත් සභාව විසින් ය.

ජනාධිපති කෙනෙකු සිටියත් ඔහු විධායකයේ නාමික ප්‍රධානියා පමණකි. ජනාධිපති තෝරා පත් කරන්නේ පාර්ලිමේන්තුව හා සෙනට් මණ්ඩලය ඒකාබද්ධව පවත්වන රැස්වීමක් මගිනි.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සදහන් කර තිබෙන අවස්ථාවලදී හැර අන් සියලු අවස්ථාවලදී අග්‍රාමාත්‍යවරයා මගින් අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද උපදෙස් අනුව ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය. උප ජනාධිපතිවරයෙක්ද සිටින අතර ඔහු/ ඇය ජනාධිපතිවරයා අයත් වන ජන වර්ගයට අයත් නොවිය යුතුය.

ලංකාව නම් කර ඇත්තේ ඒකීය රාජ්‍යක් ලෙස වුවද බලය බෙදා හැරීමේ ක්‍රමයක්ද ඊට ඇතුලත්‍ ය.

අනුපූරකතා මූලධර්මය අනුව එනම් යම් කාර්‍ය්යක් වඩා කාර්‍යක්ෂමව පහල මට්ටමක් විසින් කල හැකි නම් එය එම මට්ට්මට පැවරීම අනුව උපරිම ලෙස බලය බෙදා හැරිය යුතු බව එහි සදහන් වේ.

ස්තර තුනකට බලය බෙදා හැරිය යුතු බවත් "පළාත "බලය බෙදීමේ ප්‍රාථමික ඒකකය විය යුතු බවත් එහි සදහන් වේ.


ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා:

 

මෙම කෙටුම් පත සකස් කර තිබෙන න්‍යායවාදින් ඇති කළ යුතු ආණ්ඩුක්‍රමය ගැන කල්පනා කර තිබෙන ආකාරයේ මනා ගැලපීමක් නැති බව කිව යුතුය. නිරවුල් චින්තනයක් වෙනුවට පෙනෙන්ට තිබෙන්නෙ පරස්පර විරෝධි අවුල් සහගත චින්තනයකි.

 

එම කෙටුම්පතේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයට නැවත ලොකු වැදගත් කමක් ලබාදී තිබෙන බව පෙනේ. කෙටුම්පතේ 6 වැනි කොටසේ ඒ ගැන මෙසේ සදහන්වේ.

"20 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවන ලද අතර එහි බලතල 19 වැනි සංශෝධනය යටතේ එයට තිබූ බලතල වලට අඩු නොවිය යුතුය. අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අන් සාමාජිකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවිය යුතුය." අපේක්ෂා කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් පරණ ව්‍යවස්ථා අවලංගු වනු ඇත්තේ ඊට ඇතුළත් සංශෝධනද සමගය.

ඒ නිසා 20 වන සංශෝධනය අහෝසිකරන බවට අලුතෙන් පොරොන්දු වීමක් අවශ්‍ය වන්නේ ඇයි? අනෙක් අතට 19 වැනි සංශෝධනයෙන් ඇති කරන ලද ව්‍යවස්ථා සභාව පදනම් කරගත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුවක් සදහා ගැලපෙන්නේ කෙසේ ද?

 

ජනාධිපති ක්‍රමයක සංවරණය හා තුලනය සදහා යොදාගත් අසාර්ථක ක්‍රමයක් ලෙස සැලකිය හැකි එම ක්‍රමය ඇති කරන්නට යන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය සදහාද යොදාගත යුතු ක්‍රමයක් ලෙස යෝජනා කිරීම මගින් මෙම කෙටුම්පත්කරුවන්ගේ ච්න්තනයේ ඇති අවුල් සහගතභාවයේ තරම හොදින් පෙන්නුම් කරයි.

 

ලංකාවේ පවතින ජනාධිපති ක්‍රමය යටතේ රාජ්‍යයේ සකල විධ බලය තිබුනේ ජනාධිපති අතය. ජනාධිපති අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට උත්තර දීමට බැදී නොසිටියේය. එම තත්ත්වය යටතේ රාජ්‍යය සේවය, පොලීසිය, අධිකරණ සේවය, මැතිවරණ, මානව හිමිකම් හා දූෂණ විමර්ශණය වැනි අංශවල ආයතන ප්‍රධානින් පත් කිරීමේදී සිදුවූ දේශපාලනිකරණය හා සමහරවිට එම උසස් තනතුරුවලට නුසුදුසු පුද්ගලයින් පත්කිරීම නිසා ඇතිවූ හානි වැළැක්වීම සදහා ක්‍රමවේදයක් ඇති කරගැනීම සමාජ දේශපාලන අවශ්‍යතාවක් බවට පත්ව තිබුනි.

ව්‍යවස්ථා සභාවක් පදනම් කරගත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් යෝජනා වුයේ එම ප්‍රශ්නයට යොදාගත හැකි පිළියමක් වශයෙනි. 2001 වසරේ ඔක්තෝබර් වලදී 17 වැනි සංශෝධනය ලෙස නීති ගත කෙරුනේ එම ක්‍රමයයි.

එය පුලුල් දේසපාලන එකගතාවක් අනුව සම්මත කරගත් ව්‍යවස්ථා සංශෝධනයකි.

එම ක්‍රමය ඉන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී එනම් 2010 සැප්තැම්බර් වලදී 18 වැනි සංශෝධනය මගින් අහෝසිකරන ලදී.

17 වන සංශෝධනයෙන් ඇතිකරන ලද ව්‍යවස්ථා සභාව පදනම් කරගත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සමහර වෙනස් කම් ඇතිව 19 වැනි සංශෝධනය  වශයෙන් 2015 අප්‍රේල් වලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාලන කාලයේදී නැවත ඇති කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව 2020 ඔක්තෝබරවලදී නීතිගත කරන ලද 20 වැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනය අහෝසි කරන ලදී.


එහෙත් 17  වැනි හෝ 19 වැනි සංශෝධනයන් මගින් ඇති කරන ලද ව්‍යවස්ථා සභා ක්‍රමය මත පදනම් වූ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය වැදගත් ආයතනවල ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමේදී ජනාධිපති භුක්ති විදි හිතුවක්කාර බලය පාලනය කිරීමට යොදා ගැනුණු සාර්ථක ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. ඒ ක්‍රමය ක්‍රියාත්මක කල හැකිවූයේ ඒ ක්‍රමයට ජනාධිපතිගේ කැමැත්ත තිබූ තාක් පමණය. ජනාධිපතිගේ කැමැත්ත නැතිවූ විට ඒ ක්‍රමයද ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් බවට පත් විය.


ඊට ප්‍රධාන හේතුව ව්‍යවස්ථා මගින් ජනාධිපති නීතියට ඉහලින් තබා තිබෙන තත්ත්වය තුළ ජනාධිපති අතින් සිදුවන කවර නීති උල්ලංගනයකදී වුවද ජනාධිපතිට එරෙහිව ගත හැකි කිසිදු නීතිමය ක්‍රියමාර්ගයක් නොතිබීම නිසාය.

එවැනි ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ප්‍රායෝගික විය හැකිව තිබුනේ ජනාධිපති නීතියට පහළින් සිටින තත්ත්වයක් ඇති කොට එවැනි ක්‍රමයක් ඇති කළේ නම් පමණය.

ඒ අර්ථයෙන් 17 වැනි හා 19 වැනි සංශෝධනයන් සැලකිය හැක්කේ එලුවකු බැද තැබීම සදහා පාවිච්චි කරන පුංචි දුබල රැහැනකින් ලොකු අලියෙකු බැද තැබීමට දරන ලද මෝඩ උත්සහායන් දෙකක් වශයෙනි. එම උත්සහායන් දෙකට ආවේනික එම මෝඩකමේ තරම තේරුම් ගැනීමට මෙම කෙටුම්පත සකස් කළ න්‍යායවාදින්ට නොහැකි වී ඇත්නම් ඔවුන් හොද ව්‍යවස්ථාවක් හදන්නේ කෙසේද?


ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය:

 

මෙම කෙටුම්පත සකස් කළ අයගේ චින්තනයේ තිබෙන අවුල් සහගතභාවය පෙන්නුම් කරන තවත් වැදගත් තැනක් වනුයේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිගේ බලතල සංවරණය හා තුලනය සදහා යොදාගත් ක්‍රමවේදයක් ඇති කරන්නට යන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සදහාද යෝජනා කිරීමය.

 

ඇමරිකාවේ ජනාධිපති ආණ්ඩුක්‍රමය !





ඇමරිකාවේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් වුවත් ලංකාවේ තිබෙන ජනාධිපති ක්‍රමය මෙන් නොව එහි තිබෙන ආණ්ඩුක්‍රමය තුළ ජනාධිපතිගේ සියලු ක්‍රියාකාරකම් දැඩි ලෙස පරීක්ෂාවට ලක්වන ක්‍රමයක් එම ආණ්ඩුක්‍රමය තුළ පවතී.

 

# එහි ජනාධිපති ඉන්නේ නීතියට පහළිනි.

 

# ජනාධිපති නීතියට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් අවලංගු කිරීමේ බල අධිකරණය සතුය.

 

# ජනාධිපතිට පාර්ලිමේන්තුව හෝ සෙනට් මණ්ඩලය විසුරුවා හැරිය නොහැකිය.

 

# ජනාධිපතිගේ සියලුම පත් කිරීම් සෙනට් මණ්ඩලයේ දැඩි පරීක්ෂාවට ලක්වේ.

 

# උසස් නිලතල වලට කරන පත් කිරීම් වලදී ජනාධිපතිවරයා සෙනට් මණ්ඩලයේ උපදෙස් හා අනුමැතිය ලබා ගත යුතුය.

 

# ජනාධිපති කරන සියලුම පත් කිරීම් සදහා සෙනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යය.

 

# ජනාධිපතිවරයා විසින් කරන මොනයම් හෝ පත් කිරීමක් සෙනෙට් මණ්ඩලයෙන් අනුමත නොවේ නම් එම පත් කිරීම වලංගු වන්නේ නැත.



ලංකාවේ ජනාධිපති ආණ්ඩුක්‍රමය හා ඒ යටතේ ලංකාවේ ජනාධිපතිගේ තත්ත්වය ඊට මුලමනින් වෙනස්‍ ය.

ජනාධිපති රජයේ ප්‍රධාන විධායකයා වන අතර ත්‍රිවිධ හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධරියා ද වෙයි.

 ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා ද ජනාධිපති වශයෙන් තමා විසින්ම පත් කරගන්නා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වෙයි. ඔහු පාර්ලිමේන්තුවේ අසුන් නොගනී.

පාර්ලිමේන්තුවට උත්තර දීමට ද බැදී නැත. අධිකරණයට වගකීමටද බැදී නැත. 17 වැනි හා පසුව 19 වැනි සංශෝධනන් යටතේ ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇතිකිරීමේ අරමුණ වූයේ පරීක්ෂාවට හෝ පාලනයට ලක් කළ නොහැකි තත්ත්වයක් තිබු ජනාධිපතිගේ සමහර ක්‍රියා පරීක්ෂාවට හා පාලනයට ලක්කරන තත්ත්වයක් ඇති කිරීමය. ජනාධිපති ආණ්ඩුක්‍රමයකට සපේක්ෂව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සැලකෙන්නේ ලිහිල්, උත්තර දීමට බැදී සිටින ක්‍රමයක් ලෙසය.

ජනාධිපති ක්‍රමයකදී ජනාධිපති මෙන් නොව කැබිනට් මණ්ඩලයේ ප්‍රධනියා වන අගමැති ඔහු එම ධුරයට තෝරාගන්නේ ව්‍යවස්ථාදායකය විසිනි. ඔහු පාර්ලිමේන්තුවේ නියෝජිතයෙකු වන අතර පාර්ලිමේන්තුව අසන ප්‍රශ්න වලට උත්තර දීමට බැදී සිටී. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තනතුරු දරන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන තක් පමණය.

පරික්ෂාවට ලක්වන එවැනි ලිහිල් ආණ්ඩුක්‍රමයක් සදහා දරදඩු ආණ්ඩුක්‍රමයක්  සදහා යෝදාගත් ක්‍රමයක් යෝජනා කිරීම මගින් චින්තනයේ තිබෙන අවුල් සහගතභාවය පෙන්නුම් කර තිබෙන්නේ යැයි කිව හැකිය.

 සෙනට් මණ්ඩලයක් ඇති කිරීම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ඇතුලත් අදහස් ද දියුණු චින්තනයක් පෙන්නුම් කර නැතත් හොද සෙනට් මණ්ඩලයක් ඇති නම් ස්ථිර කොමිෂන් සභා ක්‍රමයක් අවශ්‍ය වනු ඇත්තේ මැතිවරණ, රාජ්‍යය සේවය, අධිකරණ සේවය, විගණනය හා දූෂණ විමර්ශනය වැනි අංශ කිහිපයක් සදහා පමණය. අනෙක් අංශ සෙනට් මණ්ඩලයට ආවරණය කළ හැකිය.


දෘෂ්ටියේ දුගීභාවය :


ලංකාවේ දැන් තිබෙන ජනාධිපති ක්‍රමය හෝ අර්ධ ජනාධිපති ක්‍රමය 1978 දී ඇති කළේ තිබුන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය කිරීමෙනි.

පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම ජනාධිපති ආණ්ඩු ක්‍රමවලට පරිවර්තනය කෙරුනු අවස්තා ගැන බහුල වශයෙන් අසා ඇතත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට පරිවර්තනය වූ අවස්තාවක් ගැන මා අසා ඇත්තේම නැති තරම් ය.

මා දන්නා නිදර්ශන නැති පමනින් එය කළ නොහැකි දෙයක් බව මම එක හෙළා කියන්නේ නැත. එහෙත් දැන් ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය තිබෙන්නේ එක දිගට වසර 43 ක් දූෂිත ජනාධිපති ක්‍රමයක ආධිපත්‍ය යටතේ උපරිම මට්ට්මකට දූෂිතවූ, විකෘති වූ, බෙලහීනවු හා අසමත් භාවයට පත්වූ ( නීතියට පටහැනිව මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් රජය සමග විවිද ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් බවට පත්ව සිටිති.) තත්ත්වයකය.

එම තත්වයේ යහපත් ගැඹුරු වෙනසක් ඇති කරන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ නැතිව දැන් තිබෙන පාර්ලිමේන්තුවට බලය ලබා දෙන ප්‍රතිපත්තියක් රටට ඇතිකළ හැකි විනාශය අති විශාලය. එහෙත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරන සදහා වන ශක්තිමත් ඉදිරිගාමි දැක්මක් මෙම ව්‍යවස්ථා කෙටුම් පතේ දර්ශකය තුළ දැකිය නොහැකිය.



කොටින්ම දැන් ලංකාව තිබෙන්නේ නූතන ඉතිහාසයේ මීට පෙර අන් කවරදාකවත් තිබී නැති රට පූර්ණ අරාජකත්වයකට ගෙන යන අර්බුදයකි. සමාජ- දේසපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ඇති වී තිබෙන්නේ මහා බිද වැටීමකි. රාජ්‍යයේ මහා කඩා බිදවැටීමක් පෙනෙන්න්ට තිබෙන අතර රට නූතන ඉතිහාසයේ මීට පෙර කොයි කවර දාකවත් ඇතිවී නැති තරමේ මහා අර්බුදයකට තල්ලු වී යමින් පවතී.



එහෙත් එම අර්බුදය ගැන කිසිදු අදහසක් මෙම කෙටුම් පතට ඇතුලත් නොවන අතර එම මහා අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීමට හේතුවන විචක්ෂන ව්‍යවස්ථාමය දර්ශනයක සේයාවක් වත් පෙන්නුම් කිරීමට කෙටුම් පත සමත් වී නැති බවද කිව යුතුය.

පරණ යල් පැන ගිය ප්‍රභූ ව්‍යවස්ථා සම්පාදනයෙන් ඉවත්වී සහභාගි හෙවත් මහජන ව්‍යවස්ථා  සම්පාදනයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ගැන වන කිසියම් අකාරයක සංවාදයක් දැන් වසර හතරක තරම් කාලයක් තිස්සේ මේ රටේ පැවතුනි..

එවැනි නව අදහසක් සමාජ ගත වෙමින් තිබියදීත් ඒ බව මුලු මනින් නොසලකා පරන සාම්ප්‍රදායි ක්‍රමයට මෙම ව්‍යවස්ථා  කෙටුම් පත සකස් කරන්නට ඇත්තේ සමහර විට වඩා නවීන හා ප්‍රජාතන්ත්‍රවාදී, මහ ජනායාට බර තබා ක්‍රියා කරන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක් ලෝකයේ තිබෙන බව නොදැන විය හැකිය.

නැතහොත් මහජන ක්‍රමය තමන්ට හුරු පුරුදු පරන ප්‍රභූ ක්‍රමයට වඩා නරක ක්‍රමයක් ලෙස සැලකූ නිසා විය හැකිය. මහචාර්‍ය විවියන් හාර්ට් පෙන්වදී තිබෙන අකාරයට "විසි එක් වැනි සියවසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකරණය  විශේෂඥ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සම්පාදනයේ දිගු කාලීන සම්ප්‍රදාය ප්‍රති- අර්ථකථනය  කරමින් එය ප්‍රජාතන්ත්‍රවාදි සහභාගි අදියරයක් කරා ගෙන එමින් පවතී."

"දියුණු වෙමින් පවත්නා ජාතීන් විසින් නව සහභාගිත්ව ආකෘතීන් අත් හදා බලමින් පුරවැසියන් හට මෙම ක්‍රියා වලියේ මූලාරම්භය ලබාගැනීමේ අවකාශ සලසමින් මහජනයාගේ දායකත්වය න්‍යායපත්‍ර සැකසීම, අන්තර්ගතය හා අපරානුමැතිය යන ක්ෂේත්‍රයන්හි විහිදී යන අකාරයේ විවෘත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංවාදයක් නිර්මාණය කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටී.

"ලංකාව තෝරාගත යුත්තෙත් එම මාවත නොවේද? වෙනසක් ඇති කරන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ නැතිව දැන් තිබෙන පාර්ලිමේන්තුවට බලය ලබා දෙන ප්‍රතිපත්තියක් රටට ඇතිකළ හැකි විනාශය අති විශාලය.

එහෙත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා වන ශක්තිමත් ඉදිරිගාමි දැක්මක් මෙම ව්‍යවස්ථා කෙටුමපතේ දර්ශනය තුළ දැකිය නොහැකිය. කොටින්ම දැන් ලංකාව තිබෙන්නේ නූතන ඉතිහාසයේ මීට පෙර අන් කවරදාකවත් තිබී නැති රට පූර්ණ අරාජකත්වයකට ගෙන යන අර්බුදයකි.

 සමාජ- දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ඇති වී තිබෙන්නේ මහා බිද වැටීමකි. රාජ්‍යයේ මහා කඩා බිදවැටීමක් පෙනෙන්න්ට තිබෙන අතර රට නූතන ඉතිහාසයේ මීට පෙර කොයි කවරදාකවත් ඇති වී නැති තරමේ මහා අර්බුදයකට තල්ලු වී යමින් පවතී. එහෙත් එම අර්බුදය ගැන කිසිදු අදහසක් මෙම කෙටුම්පතට ඇතුළත්  නොවන අතර එම මහා අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීමට හේතුවන විචක්ෂණ ව්‍යවස්ථමය දර්ශනයක සේයාවක් වත් පෙන්නුම් කිරීමට කෙටුම් පත සමත් වී නැති බවද කිව යුතුය.

නැවත නැවත අවධාරණය කළයුතු කරුණ වන්නේ, පරණ යල් පැන ගිය ප්‍රභූ ව්‍යවස්ථා සම්පාදනයෙන් ඉවත්වී සහභාගි හෙවත් මහජන ව්‍යවස්ථා  සම්පාදනයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ගැන වන කිසියම් ආකාරයක සංවාදයක් දැන් වසර හතරක තරම් කාලයක් තිස්සේ  මේ රටේ පැවතුනි.

එවැනි නව අදහසක් සමාජ ගත වෙමින් තිබියදීත් ඒ බව මුලුමනින් නොසලකා පරම සාම්ප්‍රදායික ක්‍රමයට මෙම ව්‍යවස්ථා කෙටුම් පත සකස් කරන්නට ඇත්තේ සමහර විට වඩා නවීන හා ප්‍රජාතන්ත්‍රවාදී,මහ ජනයාට බර තබා ක්‍රියා කරන වියවස්තා සම්පාදන ක්‍රමයක් ලෝකයේ තිබෙන බව නොදැන විය හැකිය.

නැතහොත් මහජන ක්‍රමය තමන්ට හුරු පුරුදු පරණ ප්‍රභූ ක්‍රමයට වඩා නරක ක්‍රමයක් ලෙස සැලකූ නිසා විය හැකිය.


මහචාර්‍ය විවියන් හාර්ට් පෙන්වදී තිබෙන ආකාරයට "විසි එක් වැනි සියවසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකරණය විශේෂඥ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දිගු කාලීන සම්ප්‍රදාය ප්‍රති- අර්ථකථනය  කරමින් එය ප්‍රජාතන්ත්‍රවාදි සහභාගි අදියරයක් කරා ගෙන එමින් පවතී."



"දියුණු වෙමින් පවත්නා ජාතීන් විසින් නව සහබාගිත්ව ආකෘතීන් අත් හදා බලමින් පුරවැසියන් හට මෙම ක්‍රියා වලියේ මූලාරම්භය ලබාගැනීමේ අවකාශ සලසමින් මහජනයාගේ දායකත්වය නියාය පත්‍ර සැකසීම, අන්තර්ගතය හා අපරානුමැතිය යන ක්ෂේත්‍රයන්හි විහිදී යන අකාරයේ විවෘත ආණ්ඩුක්‍රම වස්ථා සංවාදයක් නිර්මාණ කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටී."ලංකාව තෝරාගත යුත්තෙත් එම මාවත නොවේද?

 
4830332(වික්ටර් අයිවන් )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossip