1200 x 80 DMirror

අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත්,

අමාත්‍යාංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් හමුවේ දී කැබිනට් ඇමැතිවරුන්ට සිහි කර දී තිබේ.

මේ පිළිබඳව සංවාදය මතු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇතිවී තිබෙන ගැටුම පිළිබඳ කැබිනට් හමුවේ දී ඇමතිවරුන් ජනාධිපති වරයාට දැන් වූ අවස්ථාවේදීය.

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කැබිනට් ඇමතිවරයා ගේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.  

මේ වන විට වනජීවී ඇමති සී.බී. රත්නායක සහ රාජ්‍ය ඇමති ඇමති විමලවීර දිසානායක අතර ඇතිවී තිබෙන ගැටුම මෙන්ම මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග ඇති ගැටුම් නිසා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමතිකමින් ඉවත් වීම දක්වා දුර දිග ගිය අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධව මෙගිදී සාකච්ඡාවට ලක්වී ඇත.

 

 

  

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය