ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්

වන බව සඳහන් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ 'වයිරල්' වෙමින් තිබේ.

ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බව 'නෙත් නිව්ස්' වාර්තාකර ඇත.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් පසු ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'නෙත් නිව්ස්' වැඩිදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස තවදුරටත් දේශපාලන කටයුතු සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බවට ද කතාකතා පැතිරෙමින් තිබේ.

 

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීම වළකාලීමේ වගන්තියක් 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුලත් කර ඇති අතර එහි මුලික අරමුණ වී ඇත්තේ ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්කිරීම බවට ඇතැමුන් සැක මතු කරයි.

 

එම තත්ත්වය තුළ 21 වන සංශෝධනය ගෙන ඒම වැලැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ පසුගිය සති කිහිපයේ බලවත් උත්සහයක් දරා තිබිණ. මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගේ සහය ඔහු වෙත ලැබී තිබුන ද මේවනවිට එම සංඛ්‍යාව 12ක් දක්වා පහත වැටි ඇතැයි පැවසේ.

21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා බැසිල් රාජපක්ෂ ඉවත් කිරීම රාජපක්ෂ පවුලේ සතුරන්ගේ ජයග්‍රහණයක් ලෙස සැලකෙන බැවින් ඊට ප්‍රථම ඉල්ලා අස්වන ලෙස බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට රාජපක්ෂ පවුල විසින් ම දන්වා ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඒ අනුව 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර බැසිල් රාජපක්ෂ මේ සතියේ සිය මන්ත්‍රී  ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව 'පොහොට්ටුවේ' අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

තමා මේ සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව බැසිල් රාජපක්ෂ 'පොහොට්ටු' පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටද ඊයේ (07) පවසා තිබිණ. එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා රේණුක පෙරේරා හෝ සිරිපාල අමරසිංහ පත්කරන බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇතැයි පැවසේ.


මුදල් ඇමති ධුරය කැසිනෝ ව්‍යාපාරිකයකුට !

 

මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු පත් කිරීමේ සුදානමක් පවතින බවයි. අනතුරුව එම ව්‍යාපරිකයාව  මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ

 

ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුර ඩොලර් මිලියන ගණනින් විකිණීමේ සුදානමක් ගැනද ඇතැම් සමාජ මාධ්‍ය පොස්ටුවල සඳහන් වේ.


මේ සම්බන්ධයෙන් අප කළ  විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මහබැංකු අධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පවතින මතබේදයක් නිසා ජනාධිපතිවරයා මේවනවිට කිසියම් අපහසුතාවයකට පත්ව සිටිය ද කැසිනෝ ව්‍යාපාරිකයකු මුදල් ඇමති කිරීමට තරම් මොලේ අමාරුවක් ලොක්කාට නොමැති බවයි.  

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වී එකී මන්ත්‍රී ධුරයට රේණුක පෙරේරා පත්කිරීමට යන බවක් දැනගන්නට ලැබුන අවස්ථාවේදී, '' රේනුකට වඩා අර මනුස්සයා පත්කලොත් මේ ආර්ථික අර්බුදෙට හරි යමක් කරවී ..'' කියා ජනාධිපතිවරයා පැවසු බවක් ද වාර්තාවේ. 
 
එහිදී ජනාධිපතිවරයා 'අර මනුස්සයා' යයි සඳහන් කර ඇත්තේ, රට හදන්න තමන්ට අගමැතිකම දෙන්නයි පසුගියදා ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කල කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳව බව ද පැවසේ.


මහා බැංකු අධිපති කියන කතාව


මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් අතර ආරවුලක් පවති බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
 
ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
 
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ තමන් මනා සම්බන්ධතාවකින් යුතුව කටයුතු කරනු ලබන බව එහි වැඩිදුරටත් දැක්වේ.


cbsl s


පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
{gallery}radicalcenter2022531{/gallery}
 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image