2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පාවා දුන්නා යයි එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

විසින් කරනු ලැබූ චෝදනාවට එරෙහිව ප්‍රබල හඬක් නැගූ එම තරඟයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් කුමාර් සංගක්කාර හා එම තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලැබූ මහේල ජයවර්ධන යන දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන කමිටුවට පත්කිරීමට නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ගත් තීන්දුව අමාත්‍යවරුන් දෙදෙනා අතර 'සිතල යුද්ධයක්' බවට පත්ව ඇතැයි වාර්තාවේ.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පවා දුන් බවත් ඊට ක්‍රීඩකයන් සම්බන්ධ නොමැති බවට මහින්දානන්ද අලුත්ගමගේ මහමැතිවරණයට පෙර විශේෂ එළිදරව්වක් කරන ලදී.

එහෙත් ඊට පිළිතුරු දුන් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්ගේ සම්බන්ධයක් නොමැතිව තරගයක් පාවා දීමට නොහැකි බවත් ක්‍රීඩකයන් එසේ පාවාදීම කර ඇත්නම් එය ඔප්පු කරන ලෙසත්ය.

ඉන්පසු මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ක්‍රීඩා දූෂණයන් පිටුදැකීමේ පොලිස් ඒකකය එවැනි සිදුවීමක් සිදුවී නොමැති බව වාර්තා කරන ලදී.

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන කමිටුවේ සභාපති ධූරයටත් කුමාර සංගක්කාර එහි සාමාජිකයකු ලෙසත් පත්කරනු ලැබිය.

මහනුවර ත්‍රීත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදිසිසුවකු වන කුමාර සංගක්කාර හා මහින්දාන්ද අලුත්ගමගේ අතර පැවති මතගැටුම 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයකු වන දිලුම් අමුණුගම විසින් අවුළුවා ලමින් සිදුකල ප්‍රචාරක මෙහෙයුම හමුවේ මහ මැතිවරණ මනාප ප්‍රතිපල අනුව මහින්දානන්ද, දිලුම් අමුණුගමට 'සෙකන්ඩ්' විය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්