ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කිරීමට

ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර බවට ජනාධිපති කාර්යාලය තුල රාවයක් පැතිර යමින් තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු එබව සඳහන් කර සිටියේ,  ''ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවට!'' යන ශීර්ෂයෙන් යුතුව theleader.lk හි පළවූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

''අපි මේ නිව්ස් එක ගැන ලලිත් සර් ගෙන් ඇහුවා. ලලිත් සර්ට තානාපති ධුරයක් අරන් රටින් යන්න කිසිම අදහසක් නැහැ. ජනාධිපති ලේකම්තුමා බයවෙලා ඉන්නේ, ජනාධිපතිතුමා ලලිත් සර්ව ජනාධිපති ලේකම් කරයි කියලා.

ඇත්තටම ජනාධිපති කාර්යාලය මේ තරමින්වත් වැඩක් කෙරෙන්නේ ලලිත් සර් නිසා.

 පී.බී. සර්, ලලිත් සර් මෙහෙ ඉන්නවට වැඩි කැමැත්තක් නැහැ. එකයි ඇත්ත කතාව. ලලිත් සර් ළඟදීම අයෙත් සුපුරුදු විදියට වැඩ පටන් ගන්නයි යන්නේ'' එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

වැඩිහිටි උපදේශකයින් තානාපති සේවයට :  ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවට! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්