හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2024 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද
ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
 
එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග පැවති බද්ධ වෛරය නිසා රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒමට ශ්‍රීලනිප නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කලද, ඔහුට අලුත් ආණ්ඩුවෙන් නම් මේ දක්වා කිසිඳු අකාරයේ සහනයක් ලැබී නොමැත. 
 
ඒ අතරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිව සිටිය දී මෛත්‍රීපාල සිරිසේන විසින්ම පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත්ව ඇතැයි පැවසේ. 
 
එම ප්‍රහාරයෙන් සිදු විනාශයට වගකිවයුත්තකු ලෙස කොමිසමේ වාර්තාවෙන් ඔහුව නම්කර ඇති බවත්, ඔහුගේ ප්‍රජා අයිතිය වසර 7කට අත්හිටුවන ලෙස නිර්දේශ කර ඇති බවත් වාර්තාවේ.
 
හිටපු ජනාධිපතිවරයා යළි ප්‍රසිද්ධ දේශපාලනයට එක්වීමට තීරණය කර ඇත්තේ, ඔහුව එකී චෝදනාවේ ගලවා ගැනීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල හා මහින්ද අමරවීර අමාත්‍යවරුන් බැසිල් රාජපක්ෂ පසුපස යමින් සිටියදීය. 
 
මෛත්‍රීපාල සිරිසේනගේ අලුත් මෙහෙයුමට ශ්‍රීලනිප හිටපු මහ ලේකම් මහචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ගෙන් හා වත්මන් ලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ගෙන් නොමද සහයක් ලැබී ඇතැයි ද වාර්තාවේ.
 
මේ අනුව නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව 'නෙත් නිවුස් - කණින් කොණින්' විශේෂාංගයෙන් මෙසේ වාර්තා කර තිබේ.

 


 

 

 

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

කිංබානට්තුමා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්