තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇතැයි
ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.
 
එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.
 
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් 'ලංකා සි නිව්ස්' වෙත සහතික කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු පැවසුයේ, ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් කරවීමට අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදී බලවේග බලවත් උත්සහයක් දරමින් සිටින බවයි.
 
එසේවුවද, ඉදිරි ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ  ඉදිරිපත් කිරීමටත්, අගමැති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ යෝජනා කිරීමටත් රාජපක්ෂ පවුල දැනටමත් තීන්දු කර ඇති බවක් දැනගන්නට ඇතැයි එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය. 
 
කෙසේවුවද ජනාධිපතිවරයාට අතිශයින් ම සමීප ඇමතිවරයකු පැවසුයේ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවයි. ''ඔය කටකතා ඔහොම යන්න දෙන්න. තව කල් තියනවනේ..'' ජනාධිපතිවරයා පසුගියදා පැවසු බව ඔහු සඳහන් කළේය.
 
''ගිය පාරත් එතුමාව ගෙනාවේ අන්තිම මොහොතේදී නේ. එන පාරත් එහෙම තමයි'' එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 


 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image