කිසිඳු ලෙසකින් රට ලොක්ඩවුන් නොකිරීමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන තිබියදී, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් එම තීන්දුව නැවත සලකා
බලන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට අගෝස්තු 18 දා යොමුකර තිබු ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ නැවත වරක් අර්බුදයක් මතුව තිබේ.
 
ජනාධිපතිවරයා මුලදී එවැනි දැඩි තීන්දුවක් ගෙන තිබුනේ මුදල් අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමිනි. රට ලෝක්ඩවුන් කළහොත් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බව මුදල් අමාත්‍යවරයාගේ ස්ථාවරය වී තිබිණ.
 
කෙසේවුවද, පසුගිය දින කිහිපයේ දෛනික කොවිඩ් අසාදිතයින් ගණන 3000 කට ආසන්න වෙමින්, මරණ සංඛ්‍යාව 200කට ළඟාවෙමින් තිබියදී වෛද්‍ය විශේෂඥයින්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති, වෙළඳ සංගම් මෙන්ම විපක්ෂයත් ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කලේ  රට සති දෙක තුනකට ලෝක්ඩවුන් කරන ලෙසයි.  
 
රජය විසින් සිකුරාදා වනවිට එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත්නොකළහොත් සඳුදා සිට රටම ස්වයං ලොක්ඩවුන් කිරීමකට යොමුකරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබිණ.
 
02 31 
 
සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්  අගෝස්තු 18 දා ලිඛිත ඉල්ලීමක් කරනු ලැබුවේ මෙසේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් දසතින් මතුවෙමින් තිබියදීය. 
 
 අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් මේ ලිපියට අත්සන් කර තිබිණ.
 
ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දී තිබුනේ, අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.
 
  
 වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබිණ. රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ. 
 
 
ආණ්ඩුවේ විමල් පාර්ශවය විසින් යොමුකර තිබු ලිපියට සියලුම මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබුන අතර පසුව මහ නාහිමිවරුන් ද දින 7කට රට වසා තබන ලෙස ජනාධිපති ගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කිරීම තුල ජනාධිපතිවරයාට තමන්ගේ දැඩි තීන්දුව හකුලා ගනිමින් දින 10කට රට ම ලොක් ඩවුන් කිරීමට සිදුවිය. 
 
 
ජනපතිගෙන් දොස් මුරයක්..!
 
 
emanisa 
 
කෙසේවුවද ජනාධිපතිවරයාගේ තීන්දුව 'රිවස් කිරීමට' බලපෑ ප්‍රධානම කාරණය ලෙස බැසිල්වාදීන් විසින් හඳුනාගෙන ඇත්තේ විමල් පාර්ශ්වයෙන් සිදුකළ බලපෑමයි. බැසිල් පාර්ශ්වයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී එම කාරණය පැහැදිලි වේ.
 
කෙසේවුවද විමල් පාර්ශවයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හිතවත් බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රසාදය පළකර තිබු අතර එයින් නොසන්සුන්තාවයට පත් බැසිල්වාදීන් විසින් ජනාධිපතිවරයා විසින් ලෝක්ඩවුන් තීන්දුව ගනු ලැබුවේ මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව බව හඟවමින් 'වොයිස් කට්' මෙහෙයුමක් ආරම්භකර තිබේ.
 
එසේම, විමල් පාර්ශවයට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ප්‍රහාරයක් ආරම්භකර ඇති බව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේ දී පැහැදිලි වේ.
 
  
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති 'එමනිසා' (emanisa.lk) වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, කොවිඩ් වසංගත තත්ත්වය ගැන පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදු කළ දීර්ඝ සාකච්ඡාවේදී නිහඬව සිට පසුව රට වසා දමන ලෙස කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු හවුල්කාර පක්ෂ සමඟ එක්ව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම මගින් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කර තිබෙන බව ජනාධිපතිවරයා අදාළ අමාත්‍යවරුන් දුරකතනයෙන් අමතා පෙන්වා දී තිබෙන බවයි.
 
 
මෙම චෝදනාව බරපතළ බවත්  ඔවුන් කැබිනට් මණ්ඩලයේ සිටිමින් එවැන්නක් කිසිසේත්ම නොකළ යුතු යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇති බවත්, මෙම චෝදනාව යටතේ තිදෙනාම ඇමැති ධූරවලින් ඉවත් කිරීමට තමන්ට හැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන බවත් එම වෙබ් අඩවිය තවදුරටත් සඳහන් කර ඇත.
 
 මෙහි දී ඇමැති වාසුදේව නානායක්කකාර එම නිවේදනයෙන් කිසියම් වරදක් සිදුවන්නට ඇති බව ජනාධිපතිවරයා හමුවේ පිළිගෙන ඇති බවත්,  ඔහු අනතුරුව වෙනම නිවේදනයක් ද නිකුත් කර තිබු බවත් එම පුවත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
 
 
විමල්ලට අගමැතිගෙන් භෝජන සංග්‍රහයක් !
 
 
wimal mahinda 
 
මෙම ගැටුම සැලවීමත් සමග අගමැති මහින්ද රාජපක්ෂ සිකුරාදා රාත්‍රී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල කැඳවා සුහඳ කතාබහක් කර රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇතැයි ද ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවිවල සඳහන් වේ.
 
  
මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ සොයා බැලීමකදී වාර්තා වුයේ, ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ විමල් වීවරංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන්ට දොස්පවරා ඇතැයි වාර්තාවීමත් සමග අගමැතිවරයා ඔවුන් තිදෙනාටත් ටිරාන් අලස් මන්ත්‍රීවරයාටත් තමා හමුවීමට එන්නැයි දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අතර ජනාධිපතිවරයා 'බැලන්ස් කිරීම' සඳහා රාජපක්ෂ පවුල වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂට හා මාලක චන්ද්‍රදාසට ද මෙම සාකච්ජාවට කැඳවා ඇත. (මාලක චන්ද්‍රදාස යනු ජනාධිපතිගේ නැගෙනියක වන ප්‍රීති ගේ වැඩිමල් පුත්‍රයාය.)
 
 
එම ආරාධනයට අනුව නියමිත වේලාවට ම ඔවුන් සියලු දෙනාම අගමැතිවරයා හමුවීමට පැමිණ ඇති අතර ඒ මොහොතේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,  වෙනත් කාරණයක් සඳහා අගමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.  ''ළඟපාතක සිටිනවා නම් මේ පැත්තේ ඇවිල්ල යන්න කෝ ...'' අගමැතිවරයා විසින් කල එම ආරාධනය අනුව බන්ධුල ඇමතිවරයා ද මෙම සාකච්ජාවට එක්ව තිබේ.
 
 ''ඕවා ගණන් ගන්න එපා. '' යයි  සාකච්ජාවේදී කිහිප වරක් ම විමල් පාර්ශවයේ මැති ඇමතිවරුන්ට සුහඳව පවසා ඇති අගමැතිවරයා, සතියක් පමණ රට ලෝක් ඩවුන් කලයුතු මතයේ තමා ද සිටින බව පවසා ඇතැයි වාර්තාවේ.
 
ඒ අනුව පසුදා උදැසනම ජනාධිපතිවරයා හමුවී මෙම සාකච්ජාවේ දී කතාබහ කළ කාරනා ජනාධිපතිවරයා දැනුම් දෙන්නැයි අගමැතිවරයා රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂට හා මාලක චන්ද්‍රදාසට දැනුම් දී ඇත.
 
සිකුරාදා රාත්‍රියේ පැය 4කට ආසන්න කාලයක් තිස්සේ අරලියගහ මැඳුරේ පැවති මෙම භෝජන සංග්‍රහයේදී පැවති ප්‍රශ්න සුහද ලෙස නිරාකරණය වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ලෝක් ඩවුන් කිරීමේ ලකුණු විපක්ෂය අතට නොදී ආණ්ඩුවේ ම කණ්ඩායමක් එම සටන් පාඨය අතට ගැනීම ගැන අගමැතිවරයා ප්‍රසාදයකින් පසුවන බව ද පැවසේ. 
 
එසේම මින් ඉදිරියට ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටළු තමාගේ මැදිහත්වීමෙන් නිරාකරණය කිරීමටත් අගමැතිවරයා තීන්දු කර ඇතැයි ද වාර්තාවේ. 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

 

 

THE LEADER TV 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්