කැබිනට් මණ්ඩල සංශෝධනයක් ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිතව ඇතැයි 'ලංකාදීප' (lankadeepa.lk) වාර්තාකර තිබේ.



මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය ධූර කීපයක් ද වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ හා වෙළඳ අමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුවන බව දැනගන්නට ඇත.

කෘෂිකර්ම අමාත්‍යධූරය දැනට ඉඩම් අමාත්‍යලෙස කටයුතු කරන එස්.ඒම්.චන්ද්‍රසේනට ලැබෙන ඇතැයි 'ලංකාදීප' පුවත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.


සුසිල්ගේ 'දෙල්කඳපොළ ප්‍රකාශය'


සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමට බලපෑ 'දෙල්කඳපොළ ප්‍රකාශ'යෙන් ද රටේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් බරපතලම චෝදනාව එල්ල කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යවරයාට හා වෙළඳ අමාත්‍යවරයා වෙතයි.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවටත්, රටේ මුහුණ සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවටත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දෙල්කඳ පොළේදී මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත, කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම "ෆේල්" බවද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත විසින් සිදුකළ එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා මහින්දාන්නද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබු අතර ජනාධිපතිවරයා පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැඩි ආවේගයෙන් යුතුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් අදහස් දක්වා තිබිණ.



Leader Whats app

 
 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්