ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වලහල්ලා ප්‍රදේශයේ මහ වනය මැදින් ගලා යන නදියක (Thomson River -Victoria) අසිරිය විඳීමේ අවස්ථාව ගිය බදාදා හිමිවිය.



මේ සංචාරයේ සමහර අත්දැකීම් මට දැනුණේ මහ බරක් ලෙසය.  

එකී සංචාරයට මා සහභාගි කරවා ගත්තේ උදය ජයසිංහ සහ ශිවංක පීරිස් ඇතුළු හිතවතුන් පිරිසකි.

නාගරික ජනාවාස පසු කොට පැයක් හමාරක් ගෙවා වලහල්ලා උප නගරයේ කූපර්ස් ක්‍රීක් ප්‍රදේශයෙන් කඳුකර වනාන්තාරයට ඇතුළු වූ අපට තොම්සන් නදියට සමීප විමට තවත් පැයකට අධික කාලයක් මහ වනාන්තරයක දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවිය.

තොම්සන් නදිය මහා කඳු දෙකක් අතර කුඩා නිම්නයක හුදෙකලාව ගලා බසින්නීය. නදී දෑල මහ වනය විවෘත ලෝකයෙන් මේ මනරම් දිය පහර දැඩිසේ  ආරක්‍ෂා කරනවා වැනි යයි මට දැනිණ. හේතුව නදිය වෙත ගමන් කිරීමට කිසිදු මාර්ග පහසුකමක් සකසා නොතිබුණ හෙයිනි.

Thomson River Victoria

වනාන්තරය පුරා අප ගමන් කළ කිසිදු මාර්ගයකට තාර දමා නොතිබිණ. යටත් පිරිසෙයින් එකී පාරවල් වසර ගණනාවකින් බොරළු අතුරා හෝ නැත. සමහර ස්ථානවල පාරේ හරුණ වලවල් අඩි හය හත තරම් ගැඹුරට හෑරී තිබිණ. පටු හැරවුම් සහිත පාර වාහනයකට යා හැකි ලෙස සකසා තිබුණේම නැත.

අති නවීන පහසුකම් වලින් පිරුණ අප ගමන් කළ වාහන ඕනෑම දුෂ්කර පාරක ගමන් කිරීමට  ඔරොත්තු දෙන තරමට ශිල්පීය  ශක්තියෙන් සන්නද්ධකර තිබිණ.

පළමුව අප නදිය වෙක ප්‍රවේශවූ ස්ථානයේ වාහන රාශියක් නතර කර ඇති බව සැනින් උදය ජයසිංහට එකී ස්ථානයේ පැවති ජනාකීර්ණත්වය ගැන සතුටක් දැනුණේ නැත.

නිසල හුදෙකලා නදී ඉවුරක් සොයා යාම සඳහා නැවත ඉහතින් විස්තර කළ දුෂ්කර මාර්ගයට අවතීර්ණව යළිත් ගමන් ආරම්භ කළේය. මුල් ස්ථානයෙන් ආපසු හැරෙන විට, නිල ඇඳුම් සහිතව සිටි දෙදෙනෙකු සංචාරණය පිණීස එහි ආගන්තුකයන් සමග යම් කතා බහක නියැලෙණු දක්නට ලැබිණ.

උදය ජයසිංහට අනුව ඒ වන සත්ව හෝ වන සංරක්‍ෂණ බලධාරින් විය හැකිය. ඔවුන් විමසමින් සිටියේ එකී ආගන්තුකයන් නදිය මැදදී රිවස් ගියර් පාවිච්චි කිරීමක් නිරීක්‍ෂණය වූ නිසාය.  එක් ඉවුරක සිට අනෙක් ඉවුරට නදිය හරහා ධාවනය කරන වාහන නදී දිය බොරවිම හෝ නදී පත්ල හෑරෙන ආකාරයට ක්‍රියා නොකළ යුතුය යන්න රෙගුලාසියකි.  

“මමත් වාහනය එගොඩටට අරන් ගිහින් ආපසු ආවේ ඒ නිසා. අපි කොහොමටත් මේ වාහන කන්දට ඇතුළු වෙන කොටම ෆෝ ගියර් කර ගන්නවා. ඊට පස්සේ වාහන ගමන් කරන්නේ පොළොව බදාගෙන. රිවස් කිරීමකදී පොළොවට වෙන හානිය වැඩියි.

ඔස්ට්‍රේලියාවේ පරිසර සුරක්‍ෂණය පිණීස ක්‍රියාක්මක නීති රෙගුලාසි එසේය.

මහ වනය මැදින් ගලා යන මේ නදියේ ආරක්‍ෂාව පිණීස ඒ සුන්දරත්වය විඳීමට පැමිණෙන්නෝ එකී රෙගුලාසියෙන් බැඳි සිටිති. ඒ තත්වය ලංකාවට සමගාමීව ආශ්චර්යක් ලෙස මට දැනිණ. 

 
අප ඇතුල්ව සිටින මේ අර්ධ වනාන්තරය සමහර විට අක්කර දහසකට ආසන්න විය හැකිය. මේ වනය තුළ නිදහසේ ගලා බසිනා මේ රමනීය නදිය ආරක්‍ෂාවට පැනවූ නීති එහි පැමිණෙන්නන් විසින් අනුගමනය කරනු විනා ඒවා ඉටු කරත්දැයි විමසා බැලීමට කිසිවෙකු නැති තරම්ය. එහෙත් පැය ගණනාවක් එහි හැසිරුණ මට නදී වපසරියේ පවත්නා පිරිසිදු භාවය හරහා එකී නීති දිවුරුමක් ලෙස රැකෙන හැටි මහා ආශ්චර්යයකි.

අප පෙරටු කොට යළි ගමනාරම්භ කළ උදය ඇතුළු පිරිස නදියේ තවත් නිසසල ඉවුරක් වෙත අප කැඳවා ගෙන ගියහ.



මේ පරිසරයේ සුරක්‍ෂිත භාවය ආරක්‍ෂාවීමේ පරම රහස කුමක්ද? ජනාවාසයේ සිටි එකී ප්‍රදේශය තෙක් විහිදුණ මාර්ග පද්ධතිය වැඩි දියුණු නොකිරීම ය. එය නොකර සිටීමේ උපායශීලි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමක් බවට සැකයක් නැත.



මිල අධික වාහනයක සේවාව ලබා ගත නොහැකි කිසිවෙකුට මේ පරිසරයේ ස්පර්ශය ලැබිය නොහැකි බවට කිසිදු සකයක් නැත. රූස්ස වනාන්තරය මැදින් නිදහසේ ගලා යන නදියේ ආරක්‍ෂාව පිණිස ඔස්ට්‍රේලියානු බලධාරින් මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ කිසිවෙකුට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්තියකට අනුගතව විය හැකිය.

 ලංකාවේ මෙවැනි වන සම්පතක් තිබුණා නම්...... ඒ වන ගහනය හරහා නවීන පන්නයේ මාර්ග පහසුකම් සමග සමහර විට එක් වර්ග සැතපුමකට සංචාරක හෝටල් හත අටක්  ඉදි කෙරෙනවාමය. මාතලේ දිස්ත්‍රික්කයේ රිවෙස්ටන් ප්‍රදේශය ඊට උදාහරණයකි.

සත්තිකින්ම ඔස්ට්‍රේලියානු චින්තනය අනුව, මේ ගංගා ඇළදොළ කඳු වන්නාතර පවතින්නේ භූමියේ ආරක්‍ෂාවට මිස, සංචාරකයන් සඳහා නොවේ. මට මේ ගමන අතර, සියැටෙල්ගේ ලිපිය සිහිපත් විය.



ක්‍රිස්තු වර්ෂ 1505දී පෘතුගීසින් පැමිණෙන තෙක් අප ශ්‍රී ලාංකේය භූමියේ හිමිකරුවන් සිටියෙමු. කඳු වන දුර්ග සහ සතා සිවුපාවන්ට පමණක් නොව සරණාගත ආගමිකයන්ට සහ සංක්‍රමනික ජාතින්ට පවා ගම්වර දී ආරක්‍ෂා කළ ජාතියක්ව සිටියෙමු. එයින් වසර සිය ගණනකින් අනතුරුව අප භූමියේ උරුමය විකුණාකමින් සිටින ජාතියක් බවට පත්ව ඇත.



මේ විනාසය සිරස ලක්‍ෂපති වැඩ සටහනෙන් ප්‍රකාශ කළ රක්වානේ පාසල් දැරිය භාග්‍ය සොයා පොලිසිය පිටත් කළ පාලකයන් සමග මේ ඔස්ට්‍රේලියානු අත්දැකීම විමසිය යුතුවේ.

උදය ජයසිංහ සහ ශිවංක පීරිස් නදී ඉවුරේ තුන්වෙනි ස්ථානයේ මඩු කූඩාරම් ඇටවීමට තිරණය කළේය. ගමන් සගයන් අතර සිටි ජ්‍යෙෂ්ඨම පුරවැසියා මෙන්ම පිරිසේ ආගන්තුකයාද මා වීම හේතුවෙන් කරුණු නිරීක්‍ෂණය කිරීමේ ඉඩකඩ හිමිවිය.

40c6640b e3f0 4342 b6e4 3d2a8d99d105

ඒ නදී තෙර වැල්ල විමසීමේදී එක් සිගරට් කොටයක් හෝ දැකිය නොහැකි විය. බාබකිව් සඳහා අවුළුවන ලද ගිනි මැල ලකුණු තැන තැන විය. එහෙත් ඒ හැම ගිනි මැලයක්ම ඉතා ප්‍රවේශමෙන් නිවා දමා ගිය ලකුණු දක්නට ලැබිණ. මේ වනයට ඇතුල්වන සියල්ලන්ම මේ විනයෙන් බැඳී සිටින බව හැර වෙන කිසිදු බලපෑමක් නොතිබිය හැකිය.

නීතිය විනය ගුරු කොට ගත් පැවැතීමට මේ රටේ ලැබෙන වටිනාකම මේ භූමියෙහි ඇවිද ගිය හැම කෙනෙනුම මැනවින් තේරුම් ගැනීමක් හැර අප මේ අතක් විඳින්නේ වෙන කුමක්ද?


ප්‍රකට ශීලවන්ත භික්‍ෂුන් අලිහොරුන් ලෙස හංවඩු ගැසිණ :


ලංකාවේ නීතිය අනුව හීලෑ අලින් සඳහා ඇති සියලු නීති යම් කාල පරාසයක එක දිගට උල්ලංඝනය වූ බව රටම දනිති. පන්සල් අසල අලි පැටවුන් දමා යාම තෙක් ඒ තත්වය පහත වැටිණ. මේ නිසා ප්‍රකට ශීලවන්ත භික්‍ෂුන් අලිහොරුන් ලෙස හංවඩු ගැසිණ.

පාලනය වෙනස්වූ පසුව ඒ නඩු කටයුතු උඩු යටිකුරු වෙමින් යළි ඒ හොරුන් අතට අර අලි පැටවුන් භාරදීමේ අකටයුත්ත යළි නතරව ඇත. ඒ අධිකරණ මැදිහත්වීම් නිසාය.

ගැබ්බර ඇතින්නන් මරා සොරා ගත් අලි පැටවුන් එකිනෙකා අයිති කර ගත්තේ වනජීවි දෙපාර්තමේන්තුවේ අලි පොත අතුරුදන් කිරීමෙන් පැවති නීතිය යටපත් කරලාය.



මේ සිද්ධි කියවන කිසිදු ලාංකිකයෙකු කල්පනා කළ යුත්තේ නීතියට ගරු කරන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විමට උත්සාහ කිරිමෙ නොවේ. මේ නීති ගරුක සමාජය අප උපන් ලංකාවේ ඇති කිරීමය.



මේ සඳහා රට පෙරළීමට වෙර දරන අපේ දේශපාලන පක්‍ෂ කිසි විටක උත්සාහ කරන්නේ නම් නැත. ඒ සඳහා පෙළ ගැසී සිටන සිවිල් සමාජයට හුදෙකලාවී සිටිති. රට දැනුවත් කරනු මිස තවත් එකෙකු බලයට පත් කර නීතිගත සමාජයක් ගොඩ නැගීම යනු විහිළුවකි.

මේ වසරේ මුල් දිනයේ රිය අනතුරු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව විසි ගණනකි. හේතුව අපරීක්‍ෂාකාරි රිය ධානවය සහ රියදුරන්ගේ අදාන්තකමය.

පසුගිය යහ පාලන කාලයේ මේ තත්වය සැලකිල්ට ගෙන රථ වාහන වැරදි සඳහා එතෙක් පැවති දඩ මුදල් ප්‍රමාණය බරපතල ලෙස ඉහළ දැමීමට පියවර ගත්තේය.

2018 මැතිවරණ ආසන්නයේ ත්‍රි රෝද රථ රියදුන්ගේ සමුළුවක් ඇමතු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සිය කතා ආරම්භ කරමින් ඇසුවේ කුමක්ද?

“දඩ මුදල් වැඩියි නේද? මේ ඡන්දෙන් පස්සේ මොනවා හරි කරමු. මෙවන් රටක පාලකයන් අතින් ඉබේ වැවෙන ගහ කොළ ආරක්‍ෂා කිරීමට ලැබෙන සහාය කුමක්ද? මහින්දගේ මේ ප්‍රකාශය හරහා අප ඉගෙණ ගත යුතු පාඩම කුමක්ද? බලය ඡන්දය අපේක්‍ෂාවෙන් ක්‍රියා කරන පාලකයන් කිසි විටෙක රටට ජනතාවට ආදරය නොකරන බවය.  


borizබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්ටන්



නිරෝධායන නීති නොතකා සාදයකට සහභාගී විමෙන් අපහසුවට පත්ව සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්ටන් ගෙන් මාධ්‍ය විමසා සිටියේ තනතරෙන් ඉල්ලා අස් වන්නේද කියාය. ඒ ප්‍රශ්නය බ්‍රිතාන්‍යය ජනතාවම අසන ප්‍රශ්නයකි. ලංකාවේ ඒ ප්‍රශ්නය දෙකොනින් සිනාසිය හැකි විහිළුවකි.

අර ප්‍රශ්නයට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්ටන් දුන් පිළිතුර කුමක්ද? කමිටු වාර්තාව ලැබුණ පසුව ඒ ගැන සලකා බලන බවය. එය විවෘත පිළිතුරකි. එහි බලය හෝ බලපෑමක් ඇත්තේම නැත.

සිරකරුවන්  විසි ගණනක් පෙළ ගස්වා ඝාතනය කරවීමේ නඩු තීන්දු රටම දනිති.  එයින් සාධාරණයක් වුණාද? පරික්‍ෂණ සිදු කළ පොලිසිය තමන්ගේ එකා බේරා ගත්තාදැයි කිසිවෙකු සැක කරයි නම් එහි අසාධාරණයක් නැත. හේතුව චුදිත පොලිස් නිලධාරියා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වීමය. හේතුව පැමිණීල්ලේ හෝ විමර්ශණ වාර්තාවේ අඩුපාඩු නොවේද?

චුදිත නිදහස් වුණාට මැරුම් කෑ කිසියෙකු ගෙදර නොපැමිණෙති.

ඊයේ පෙරේදා සන්ධ්‍යා එක්නැලිගොඩ හිස මුඩු කොට කාලි දේවලායට ගොස් පළි ගැසුවේ ඇයි? ඇයට අධිකරණ භූමියේදී අසභ්‍ය වචන කියා බැන වැදීම හේතුවෙන් වරදකරුවූ කාසාව කණ්ඨකයා නිදහස් කළේ කවුද?



අපට අවශ්‍ය අප ප්‍රාර්ථනා කළ යුත්තේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ  වලහල්ලා ප්‍රදේශයේ මහ වනය මැදින් ගලා යන තොම්සන් නදි නිම්නය මෙන් සුරක්‍ෂිත සුන්දර වටාපිටවක් සහිත ලංකාවකි. ලෝකයේ උත්සාහ කළ කිසිවෙකු පරාදවී නැත. අවශ්‍ය ආරම්භයක් පමණකි.



අනුරාධපුර ශුද්ධ භූමිය ආරක්‍ෂා කර ගැනීමට කළ සටන් බොහෝය. බ්‍රහ්මචාරි වරිසිංහ හරිශ්චන්ද්‍ර එහි පුරෝගාමියෙකි. එහෙත් ඒ අරමුණ එක දවසක ඉටු විය. අද අනුරාධපුර ශුද්ධ භූමියට ලැබෙන ආරක්‍ෂාව එහි ප්‍රතිපලය වේ. යහපත් රටක් යනු නීති ගරුක සමාජයක් යනු ශුද්ධ භූමියක් මෙන් ප්‍රාර්ථනා කළ යුතු අරමුණකි.

ඔස්ට්‍රේලියාවේ දියුණුවටත් ලංකාවේ පරිහානියටත් හේතු අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත.

තමන්ට එරෙහි නඩුවට එක් දිනක් පෙනී නොසිටීම හේතුවෙන් පාඨලී චම්පික පිළිබඳ මහා කතිකාවක් මාධ්‍ය හරහා නිර්මානය වී ඇත. අධිකරණයට අපහාස කොට වරද කරුවන්ව මහජන මන්ත්‍රීන් කී දෙනෙකු හිරේ ලැග්ගාද? ඒ කිසිවෙකු එක් දිනක් හෝ සිර කුඩුවක සිටියාද යන්න විමසිය යුතු නැත.

තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති කළ මිනිස් ඝාතනය පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනය ලංකාවේ නොපැවැත්වී නම් කිසි විටෙක නඩුවක් නොවන්නට ඉඩ තිබිණ.



පවත්නා තත්වය වෙනස් කිරිමට අවශ්‍ය කුමක්ද? උත්තරය හෝඩියේ දරුවන් පවා දනිති. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොරුන් අපරාධ කරවන් නොවන අය පමණක් තමන් වෙත පැමිණිය යුතු බවය.  ඔවුන් නිදහසින් පසු රටේ හැම පාලකයාම වැරදි කළ බව කියති. මේ රටේ දේශපාලනයෙහි යෙදෙන්නන් හැම දස දෙනෙකුගෙන් තිදෙනෙකු මොනවා හෝ තක්කඩිකමකට වගකිව යුතුවේ.



මේ උපකල්පනය අනුව, ජනතා විමුක්ති පෙරමුණට රට අල්ලා අපට ස්වර්ගය නිර්මානය කිරීමට අවශ්‍ය පිරිස් කැඳවීමට විදේශ රටකින් සහාය අවශ්‍ය වෙනවාමය.

ආණමඩුව නවගත්තේම නවෝද්‍යා පාසලේ ගුරුවරිය දන ගැස්සවූ සිද්ධිය මට මෙහිදී සිහිපත් වේ. සැකකාර දේශපාලනඥයාට ඇප ලැබුණ දවසේ ආණමඩුවෙන් බාගයක් ඔහු වෙනුවෙන් අධිකරණ භූමියෙහි පෙළ ගැසිණ. මේ පරණ සිද්ධියට ඈඳා ජනතා විමුක්ති පෙරමුණේ සුද්ධවන්ත භෘවය සමග ගැලපූ විට, එදා ආණමඩුවේ අධිකරණය භූමියට පැමිණි කිසිවෙකුට ජවිපෙ දොර හැරෙන්නේ නැත.  

රටම මහා අවදානමකට තල්ලු වෙන අවස්ථාවක අනුර කුමාරලා හුවා දක්වන ජවිපේ කන්‍යාභාවය යන්නට ඉතිහාසයෙන් උදාහරණ දැක්විය හැකිය. 1971 අප්‍රේල් කැරැල්ල අතර, කෑගල්ල අධිකරණයේ නඩු ඇසුවේ තමන්ම විනිසුරුකම පවරා ගත් ගල් කටස් කාරයෙකි. නඩු ඇසීමට පෙර ඔහු සිය සුදුසුකම ප්‍රකාශ කළ බව කියැවිණ. ඒ අනුව, මා හත් වතාවක් හිරේ ගොස් ඇති නිසා උසාවි කටයුතු හොඳීන් දනිමි.

එදා ඉඩම් නඩුවේ වැරදිකරුට වෙඩි තබා මැරූ බවට කටකතා පැතිරිණ. අපට ඉතිහාසයෙන් බේරි ගමන් කළ නොහැකිය.



ඉහත කී ඔස්ට්‍රේලියා වනගත අත් දැකීම සමග මට සිහි වුණේ ඒ රටේ ව්‍යවස්ථාව නොවේ. අමෙරිකාවේ රතු ඉන්දීය නායක සියටෙල්ගේ ලිපියයි. මනුෂ්‍ය සංහතිය යනු සුවිශාල කතාන්තරයකි. ඉතිහාසය මා නිදහස් කරතී කළ ප්‍රකට ප්‍රකාශය මෙහිදී සිහිපත් කළ යුතුවේ.




Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)

 

 

 

 

 Leader Whats app


 
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

 
 
 සර් ඩයනා අර කෑල්ල නියමෙටම ඉස්සුවා.
 

 
 
 නාමල් අභිබවා ගිය පොඩි බණ්ඩා නිසා අප්පච්චි අවුලක ?
 

 
 
භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්