කලිසම අස්සට එබෙන්න රජයට ඉඩ නොදෙන්නැයි ප්‍රකට දේශපාලන හා සමාජ විශ්ලේෂකයකු වන චින්තන ධර්මදාස මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලා
සිටියි.
''ලිංගික නිදහසක් අපිට තියනවද ? හැංගිලා කරන එකද නිදහස ? '' ප්‍රශ්න කරමින් ඔහු එම ඉල්ලීම කර ඇත්තේ, නිදහස් දා සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.
Faculty of Sex අධ්‍යක්ෂ චින්තන ධර්මදාස එම වීඩියෝවේ මෙසේ පවසා ඇත.
''74 වෙනි ජාතික නිදහස් දවස සමරන දිනදි මට ආරාධනාවක් ලැබුනා ලිංගික නිදහස ගැන අදහසක් කියන්න කියලා. මේ අදහස කියන්න කියලා මට ආරාධනා කියපු පිරිස ඇත්තටම ලංකාවේ නිදහස කියලා සමරන්නෙ මොකක්ද කියලා ප්‍රශ්න කරන පිරිසක්.
නිදහස කියල සමරන්නෙ මොකක්ද කියල ප්‍රශ්න කරන පිරිසක් ඇතිවීම වැදගත්. මොකද අපි දිගටම සමරගෙන එනවා මිස හැරිලා ප්‍රශ්න කරන්නෙ නෑ මොකක්ද අපි සමරන්නෙ කියල. නිදහස සැමරීමම නිදහස නැතිවීමේ ලකුණක් වෙලා තියෙනවා. මොකද නිදහස් මනුෂ්‍යයෙක් නම් නැවත ප්‍රශ්න කරන්න ඕන. ඒ හින්ද නිදහස් දවසෙ වැදගත්ම ප්‍රශ්නය තමයි නිදහසක් තියෙනවද කියන එක.
ලිංගික නිදහස කියන එක ගැන මගේ යාලුවෙක් ෆේස්බුක් එකේ දාලා තිබුන පෝස්ට් එකක්. ඒක තමයි හරිම විදිහ මේක ලංකාවෙ තේරුම් ගන්න. හරකෙක් නිදහස් කරනවා කියන එක නම් තේරෙනවා මචං ඒත් ලිංගික නිදහස කියන්නෙ මොකක්ද කියල නං තේරෙන්නෙ නෑ කියල.
මොකක්ද මේ ලිංගික නිදහස කියන්නෙ?
ලංකාව කියන්නෙ විෂම ලිංගිකත්වය මහ ඉහලින් සලකන සමාජයක්නෙ. කොටින්ම සමලිංගිකත්වය තහනම් වුනු සමාජයක්නෙ. එතනම තියෙනවා සමලිංගිකයන්ට සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට ලිංගික නිදහස කියන එක මේ රටේ තියෙනවද කියන ප්‍රශ්නය. රාජ්‍ය පිලිගන්නවද ඒ ගොල්ලොන්ට එහෙම නිදහසක් අයිතියි කියල. එහෙම තත්වයක් නෑ.
මෙහේ විෂම ලිංගික නිදහස විතරයි යම් පමණකට, ඒ කියන්නෙ ඉතාම සීමිත පරිසරයකවත් පිලිඅරගෙන තියෙන්නෙ. විෂම ලිංගික පරිසරයක වුනත් අපිට නිදහස තියෙනවා කියන්නෙ බෑ. උදා විදිහට ලිංගික අධ්‍යාපනය ගත්තොත් මේ රටේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලැබීමේ අයිතියක් තියෙනවා කියල පිලිගන්නෙ නෑ. හාමුදුරුවරු ඉස්සරහට ඇවිල්ලා ඒවට විරුද්ධව උද්ගෝෂණ කරනවා.

හාමුදුරුවරු එහෙමයි කියල පැත්තකට දැම්මත් මෙතන තියෙන බරපතලම කාරනේ මේ රටේ උගත් බුද්දිමත් කියල සහතික ලත් කණ්ඩායම්, විශේෂයෙන් වෛද්‍යවරු නව යොවුන් පරපුරට තමන්ගේ ලිංගික නිදහස පිළිබඳ අධ්‍යාපනය ලැබීමේ අයිතිය උදුරාගන්නවා. මේක මං අත්දැකීමෙන් කියන්නෙ. ඒ ගොල්ලො ඒක නොලැබිය යුතු දෙයක් විදිහටයි කියන්නෙ.

ලංකාවෙ කාන්තාවකට පුළුවන්ද ෆාමසියකින් ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න? එහෙම ඉල්ලන තැන ඉඳන් ඒ කාන්තාව දිහා බලන්නෙ කොයි විදිහටද?
ෆාමසිය පැත්තකින් තියමු, පාරකදි පොලිසිය විසින් කාන්තාවක් පරීක්ෂා කරද්දි කොන්ඩමයක් තිබිලා අහුවුනොත් ඒක නඩු භාන්ඩයක් වෙන්න පුළුවන්. පාදඩ පනත යටතේ ඇයට නඩු දාන්න පුළුවන්. ඉතිං ලිංගික නිදහස විෂම ලිංගිකයන් අතර පවා තියෙනවද?
ගණිකා නිවාස දවස ගානෙ අල්ලමින් පත්තරේ දානවා. කාමරවලට පැනලා පෙම්වතුන් අත්අඩංගුවට ගන්නවා. වෙරලෙ පෙම්කරන පෙම්වතුන් අරන් ගිහින් පොලිසියෙ දානවා. මේ තමයි අපි අත්විඳින ලිංගික නිදහස.
ඒක ප්‍රශ්න කලොත් සමාජයෙන් අපිට අහන්න ලැබෙන දේ තමයි ඒකද දැන් වැදගත්ම දේ කියල. අපිට පුළුවන්නෙ හැංගිලා හොරෙන් ඕක කරගන්න කියලත් කියනවා.

දැන් බලන්න, නිදහස් දවසෙ ලංකාවෙ බාර් වහනවා. ඒක ප්‍රශ්න කරද්දි බහුතරය කියන්නෙ ඉතිං කලින් දවසෙ අරන් තියාගන්නකො කියල. කාටවත් ප්‍රශ්නයක් විදිහට දැනෙන්නෙ නෑ ආපහු රජයෙන් හැරිලා ප්‍රශ්න කරන්න මොකක්ද ඔය රාජ්‍ය ප්‍රතිපත්තිය කියල.
නිදහස් දවසෙ බාර් වහන්න. එහෙම නීතියක් රජයෙන් පැනවුවම අපි මොකද කරන්නෙ, කලින් අරගෙන විනීතව දහම් පාසැල් ළමයි ටිකක් වගේ හැසිරෙනවා. ඒ නිදහස අවශ්‍ය නෑ කියල විශ්වාස කරනවා.
මේ ලිංගික නිදහස සම්බන්ධව කාරණයේදි රජය පැත්තෙන් විතරක් නෙවෙයි, කවුරු හරි කාන්තාවක් ෆේස්බුක් එකේ හරි සමාජ මාධ්‍යයක හරි විවෘතව තමන්ගේ අදහස් හරි ආසාවක් හරි තමන්ගේ අත්දැකීමක් හරි විවෘතව බෙදා හදා ගැනීමක් කලොත්, ඒ කාන්තාව කොටට හෝ ලිහිල්ව ඇඳන් ඉන්න ඇඳුමක ඡායාරූපයක් දැම්මොත් මොන වගේ ප්‍රතිචාර ද හම්බ වෙන්නේ?
එයාගේ ඉන්බොක්ස් එකට ලැබෙන්නේ මොන වාගේ මැසේජස්ද? එයාට හම්බ වෙන්නේ මොන වගේ කමෙන්ට්ස්ද? මෙන්න මේ වගේ දේවල් වලින් අපට පුළුවන් අපි අත්විඳින ලිංගික නිදහසේ තරම තේරුම් ගන්න.

ලංකාවේ ආණ්ඩුව පෙරලන තරම් ලොකු පසුගාමී ලිංගික ව්‍යාපෘති අරන් ගිහින් තියෙනවා. වද කොත්තු, වද බ්‍රා, මේ වද වෙනවට තියෙන බය, අන්ජාතියක් විසින් තමන් අභිබවා දරුවන් බිහිකරයි කියන බය, තමන්ගේ ලිංගික ශක්තිය වෙන කවුරු හරි විසින් උදුරා ගනී කියන භය, ලිංගික නිදහස තියෙන සමාජයක ඒ වගේ දෙයක් තියෙන්න විදිහක් නෑ.
ලිංගික නිදහස නැතිකම සහ ලිංගික නිදහස කියන්නෙ මොකක්ද කියලා අවබෝධයවත් නැතිකම තමයි ඒ ප්‍රශ්න වල මුල.
ලිංගික ප්‍රකාශන සම්බන්දව අයිතිය:

ඒ එක්කම ලිංගික ප්‍රකාශන සම්බන්දව අයිතිය. දැන් අසභ්‍ය පණතක් ගෙනත් තියෙනවා. ඒක දැනට රිවර්ස් කරලා තියෙනවා. ඒකට මොන දේ ඇතුලත් කරන්න උත්සාහ කරයිද දන්නෙ නෑ. ඒ මොනා වුනත් අපේ මිනිස්සු කියන්නෙ අපට හොරෙන් බලන්න පුළුවන් නේ කියල.
කොටින්ම මෑතක නීතියක් ආවා අපට පෝර්න් එකක් ගෙදර කම්පියුටරේ තියාගත්තත් අත් අඩංගුවට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ නිවැරැදි කිරීමක් සිද්ද කලා එහෙම වෙන්නෙ නෑ කියලා. නමුත් ඒවා පවා බාර ගන්නා වූ සමාජයක් අපට තියෙන්නේ. ඒක හරි. ඒක අපි හොරෙන් කරන්න ඕනෙ. ඒක තමයි අපේ නිදහස.
හොරෙන් කිරීමට නිදහස කියන වචනය භාවිතා කරන්නේ නෑ. නිදහස කියන වචනය භාවිතා කරන්නෙ ආඩම්බරෙන්. ඒක තමන්ට තියෙන අයිතියක් වශයෙන්. තමන්ගේ ඇද උඩට රජයට නගින්න දෙන්න නැතුව, තමන්ගේ නිදන කාමරයට රජයට එබෙන්නෙ දෙන්නෙ නැතුව, තමන්ගේ කලිසම අස්සට රජයට එබෙන්නෙ දෙන්නෙ නැතුව, පවත්වා ගන්න එක තමයි අපි ලිංගික නිදහස, මානව නිදහස සම්බන්ධව කාරනාවක් හැටියට සලකන්නෙ.