අපි හැමෝටම අපේ ජීවිතයේ හෙට දවස ගැන දහසකුත් බලාපොරොත්තු ඇත.



හෙට ගැන හිතා අද නොකා නොබී ජීවිත්වීමේ අරගලයක නිරතවන පුරවැසියන් ද ආර්ථික අර්බුද, විනිමය අර්බුද, විදුලිය, තෙල් අර්බුද මැද ජීවත්වන පුරවැසියාද, රට අවුරුදු 74ක් කාබාසිනියා කරමින් සංදර්ශණ දාමින් රැවටූ දේශපාලකයාට ද සුබවාදී බලාපොරොත්තු ඇත.

එම සුබවාදී බලාපොරාත්තු වලින් සෑම විටම අපේක්ෂා කරන්නේ ජීවත්වීමේ පහසුවයි.  

සෑම විටම අසුබවාදී අදහස් මතුවන්නේම සුබවාදී ජනතා අපේක්ෂා ඉටු නොවු තැනයි.

අද (04) දින, ජනතාධිපතිවරයාගේ නිදහසේ උදාන වාක්‍ය සමඟ කොහෝ දෝ තැනක මා  නතර වූයෙමි. නායකයෙකුට අසුබාවාදීන් සමඟ කටයුතු කිරීම ඇත්තටම අකැපද ? යන ප්‍රස්තුතය සමඟ ස්වයං සංවාදයේ නිරත වූයෙමි.

 

නිදහස් දින කතාවේ අවසර ගැනීම් තුළ අන්තර්කරණ ප්‍රවේශයක් ඇතුළත් වීම තිබීම පැසසිය යුතුයි. “විශේෂ අවශ්‍යතා ඇති අය යැයි සඳහන් කිරීමින් ආබාධ සහිත ප්‍රජාව පිළිබද සැලකිල්ලක් දැක්වීම අවසර ගැනීම එම ප්‍රජාව පිළිබඳව සවිඥාණිකත්වයක් ඇති පුරවැසියෙකු ලෙස මට සතුටක් ඇති විය.  

 

නිදහස් අධ්‍යාපනයෙන් විපුල ළුල ගෙන විදේශ රටවල් වල සංවර්ධනයට තම ශ්‍රමය යොදවමින් සිටින ලාංකික විදේශගත වූවන්ට පරම යුතුකම සිහිපත් කිරීමත් අනර්ඝ වන්නේ රට පිළිබඳ කිඹුල් කදුළු සැබෑම දයාවක් ඇති කර ගන්නා ලෙසද මතක් කරමිනි.


''විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට යැයි පැවසීම ද ඉතා ප්‍රශංසනීයයි''


එසේම ඔබ සඳහන් කළා සේම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට යැයි පැවසීම ද ඉතා ප්‍රශංසනීයයි. එමඟින් මට හැඟුණේ ඔබ සහ ඔබේ ආණ්ඩුව සිදුකරන  සියලු ම දේ එකවිට බාර ගන්න එපා යන පණිවිඩය එහි ගැබ් වී ඇති බවයි. විචාර බුද්ධියේ  අර්ථයම නම් සියලු දේ විමසීමයි.

අපේ අම්මා ණය වී ආහර ගෙනාව නම් අම්මේ කීයක් ණය වුණාද? කඩේට කීයක් දෙන්න තියනවාද? අපි කොහොන්ද ඒක ගෙවන්නේ යැයි පුංචි කාලේ සිට ණය ගැනීම සහ පියවීම පිළිබඳ අපිට තිබූ දැනීම පෝෂණය කලේම මේ විචාරශීලි බවයි.  



පෙබරවාරි 04 උදේ සිට යශෝ ගී කිව්ව ප්‍රෞඩ්‍යත්වය සහ සභ්‍යත්වයෙන් අනුන ජාතියක පුරවැසියන් වන අපි  ශ්‍රී ලංකාණ්ඩුව විදිහට ලබා ගන්නා ණය ගන්නේ බොල් ණය ද  විකුණන රාජ්‍ය දේපළ සින්නක්කර ද බද්දටද, හදන පාරවල් මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වන්නේ අද ප්‍රකාශයට පත් කළ සංවර්ධනය ද තිරසාර සංවර්ධනයක් ද එසේත් නැත්නම් ප්‍රදර්ශණාත්මක සංවර්ධනයක් ද යන්න අදහස් නිරන්තරයෙන්ම පුරවැසියාට තිබීම ගැන විය හැකියි. ඔබ කිව්ව විචාරශීලිත්වය ප්‍රශ්න නැඟීම විය හැකියි.




අර්බුද හැම අතින්ම ඇති මොහොතක ජනතාවට විචාරශීලි වන්න යැයි පැවසීම ඉතා කාලීන ජනතාවට ධෛර්ය දෙන ප්‍රකාශයක් ද විය හැකියි. මේ උදාන වාක්‍යෙයන් අදහස් කළ පරිදි, රටේ ජනතාව සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කරන පුරවැසියා සියලුම නොපණත්කම් දෙස අවදියෙන් සිටියි. ප්‍රශ්න කරයි.

ණය ගැනීම් සහ සින්නකරයට රජයේ දේපළ විකිණීම් ගැන ප්‍රශ්න කරයි. ගෙදර ගෑස් පුපුරද්දි, පොහොර නැති වෙද්දි, විදුලිය නැති වෙද්දි, තෙල් නැති වෙද්දි  පෙනෙන සත්‍ය වගේම නොපෙනෙන සත්‍යය පිළිබඳවත් අවධානයක් තිබේ.

දත්ත මත පදනම්ව කරුණු විමසා බලා, සත්‍යය හඳුනා ගෙන ගන්නා තීන්දු තීරණ පිළිබඳව අවබෝධ කර ගැනීමට සයිබර් ප්‍රජාතන්ත්‍රවාදය ද විශාල කාර්යභාරයක් කරනවා විපක්ෂයට වඩා.

අවුරුදු 74ක් පුරා තිබු දේශපාලන පක්ෂපාතකම් සහ චින්තනමය වහල්භාවයට තිත තබා පුරවැසියන් ස්වාධින කිරීම, නිවහල් කිරීම සඳහා අද දින සඳහන් කළ චිවාරශීලී බුද්ධිය තවදුරටත් ඉදිරිගාමි ප්‍රකාශයක් වේවි.

image e7f4874cba

පැහැදිලිව මැසිවිල්ලක්



අනෙක් අතට ඔහු පෙන්වා දුන්නේ, "අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේත් නැහැ. ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ යන ප්‍රකාශයයි.

මෙය පැහැදිලිව මැසිවිල්ලක් සේ දැනුණු අතර අසුබවාදීන්ගේ ද ආණ්ඩුවක් උගත හැකි පාඩම් බොහෝමයි. අසුබවාදීන් මතුකරන පීඩනය වෙලාවකට ඔබට ආතතිය උදා කළ හැකියි. හැබැයි ඒ අදහස් බල දේශපාලනයෙන් වියුක්තව බැලූ විට පෙනී යන්නේ  රාජ්‍ය පාලනයට අවශ්‍ය බොහෝ ඉගැනුම් එහි ගැබ්ව ඇති බවයි. ඒ නිසා ඒවා රැස්කර, විශ්ලේෂණය කර, අර්ථ විවරණය කළ යුතුයි.

 

ඔබව විවේචනය කරන සෑම විටම, ව්වේචකයින්ගේ කතා පර්යේෂණ කරන්න. ඔබව සහ ආණ්ඩුවට අදාළ දෙයක් ඇත්නම් බැහැර නොකරන්න. වඩා හොඳ  ප්‍රජාතන්ත්‍රවාදි නායකයෙකුගේ තරම එයින් ගම්‍යමාන වේ. ඒ සඳහා මඩබලකානුත්, රෙදි අපුල්ලන්න බලකායනුත් මෙන් නොව පර්යේෂණ බලකායක් ඔබට තර්කානුකූල මඟක් තෝරා දෙනු  ඇත.

 

අසුබවාදීන් ගෙනෙන තර්ක අතර නිර්මාණශීලි විවේචන තිබිය හැකියි. ඒ අතර පුරවැසියන්ගේ අපේක්ෂාභංගත්වය, ඔවුන්ට උදව් අවශ්‍ය බව තේරුම් ගැනීමට මෙන්ම ශක්තිමත් රාජ්‍ය සහ පුරවැසි සබඳතා අවශ්‍ය බවත් දක්වන නිර්මාණාත්මක විවේචන අන්තර්ගත වේ.

විශේෂයෙන් පුරවැසියාට ලබාදෙන ප්‍රතිලාභ අතර ඔවුන්ගේ පුද්ගල සහ සාමුහික සංවර්ධන අභිලාශයන් පිළිබඳ අදහස් පැහැදිලිව දක්නට ලැබේ. පුරවැසියත් සමඟ සම්බන්ධතා සහ ඇගයීම මෙන්ම පුරවැසියාගේ අවංක අදහස් මතුවන්නේම ඔබ ලඟ සිට ගුණ වයන්නන්ගෙන් නොවන අතර නිර්මාණාත්මක විවේචන ගෙන එන අනෙකා විය හැකියි.

ජනතාවට ඇත්ත වසන් කිරීම සහ බොරුව සමාජගත කිරීම මඟින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් උල්ලංඝණය වීම ද ජනතාව උකටලී සහ අසුබවාදී වීමට හේතු විය හැකිය. රටේ නායකයින්ගේ වගකීම නම් ඔවුන්ට හොරණෑ වයන අනුගාමිකයින් පිරිසක් ගොඩනගා ගැනීම නොව විවිධ මත නියෝජනය කරන පරිපූර්ණ ජන සමාජයක් ගොඩනඟා ගැනීමයි.  

ඒ අතිදුෂ්කර කාර්ය සඳහා යෑමට නම් අසුබවාදීන්ගේ මතු කිරීම් බැහැර කළ නොහැකිය.

විවේචනය තුළ පවතින නිර්මාණාත්මකබව සකස් වන්නේම ඔවුන් ඒවා ඉදිරිපත් කරන්නේම සමාජ දේශපාලන තත්ත්වයට වලංගු වන පරිදි සැකසුණු ඒවා නිසායි. මහපොළව කතාකරනවා විය හැකයි. හොඳ තර්කානුකූල මතයක් හරහා යමක් වැඩිදියුණු කිරීමට රටට හිතකර ප්‍රතිපත්තියක් ගොඩනැඟීමටත් මෙවලමක් ද විය හැකියි.

 

අපිට නිතර දකින්නට ලැබෙන කාටූන් වල සිට කවි, ගීත, චිත්‍ර. පිංතූර, පෝසටර්, ශ්ලෝක. රචනා, විඩියෝ ඇතුළු නිර්මාණාත්මක මෙවලම් තුළින් දිකින්නේම ඒවායි. විවේචනය දයාව සහිත විවේචනයක් ලෙස සිතන්න. එය කලාවක් ලෙස සැලකෙන්නේ එබැවිනි. අසුබවාදී ලෙස දැනෙන්නේම ඔබ ඒවා සාවදානව ඇහුම්කම්දීමට විවෘත නොවීමයි.

 

ඔබ විවේචනය කරන පුද්ගලයා කෙරෙහි අවුල් වී කාරණා නරක අතට හැරීම වෙනුවට ඔබව මඟ පෙන්වීමට පහසු කිරීමට බොහෝ දුරට ඔබව විවෘත කිරීමට උපකාරී වේ. නිර්මාණාත්මක විවේචනයේ රහස එයයි; එය සාධනීය නිරීක්‍ෂණ තුළ අන්තර්ගත වූ විවේචනයකි. වැරදි දේ පෙන්වා දීමෙන් කෙනෙකුව ඈත් කිරීමට වඩා හොඳ දේ සටහන් කිරීමට කාලය ගත කළ හැකිය.

As Godse row rages, here is what BR Ambedkar thought about Mahatma Gandhi's assassination

ඉන්දියාවේ අම්බෙක්කාර සහ ගාන්ධි අතර  නිතර සාධනීය විවේචනවලින් ග්‍රහණ විය. නමුත් නිදහස් ඉන්දියාවේ ව්‍යවස්ථාව ගොඩනඟා ගැනීමට ගාන්ධි විසින් තෝරා ගන්නේම අම්බෙක්කාර්වයි. මෙයින් පෙන්නුම් කරන්නේ ඔබ පුද්ගලයාට නොව කාර්යයට කතා කරන බවත්, කාර්යය හොඳින් සිදු කළ පුද්ගලයාව පිළිගන්නා බවත් ය.


ධනාත්මකව විවේචනය ගැනීමෙන් පුද්ගලයාට රිදෙනවාට වඩා දියුණු වීමට සහ ක්‍රියා කිරීමට අවශ්‍ය මානසික සුවතාවය ගෙනඑනු ලබයි. ඔබට සැන්විච් එකක රස දැනීමට තක්කාලි වල ද ලුණු පෙති වල ද සලාද කොළ වල ද මස් මාළු හෝ බිත්තර වල ද රස වෙන වෙනම දැනිය යුතුයි. ධනාත්මක විවේචනාත්මක එසේය.

රාජ්‍ය පාලනයත් පහසු කාර්යයක් නොවේ.  ඔබට මිටියක් අවශ්‍ය වන්නේ ඇයි? ඇණය නිවරදි තැන ගැසීමටයි. දැන් ඔබ විවේචනය කරන්නේ කුමක්දැයි පුද්ගලයා හරියටම දනී. ඔබට ඇත්තේ මැසිවිලි නඟනවාට වඩා කාර්යය වැඩිදියුණු කිරීමටයි. ඔබ‍ට රාජ්‍ය පාලනයේ වෙහෙසක් නොදෙනුණු ඇත.

බොහෝ නායකයින් සරල නැත. සරල නායකයින් සිටින්නේම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුළ නොවේ. ඔවුන් නිතර විවේචන ධනාත්මකව භාරගනියි. එසේම  නායකයින්ට ඇත්තේ ඔවුන්ගේ හිසෙහි සමස්ත දෙයම ඇති යන සිතුවිල්ලයි.

 

හමුදාවේ අණ දෙන්නට අණ දීම පහසු වන්නේ ඉහළ සිට පහළට යන සේ ධූරාවලියක් ගොඩනඟා ඇති බැවිනි.  එසේ රාජ්‍ය පාලනයේ දි හමුදා පාලනයක් සිදුකරන්නා සේ අණ දිය නොහැකිය. ඔවුන් සිවිල් පුරවැසියන් බැවින් ඔවුන්ට ද නිදහස සහ අයිතිවාසිකම් ද ඇති බැවින් ඔවුන් නිරන්තරයෙන් භාෂිණි නිදහස භුක්ති විඳීමට උත්සාහ ගනු ලබයි.

 

එබැවින් ඕනෑම නිර්මාණාත්මක විවේචනයක් පුද්ගලයාට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ සිදු කළ හැකියි. වැඩිදියුණු කළ හැකි දෙයක් ඇත. එය දරා ගැනීමට නම් රාජ්‍ය නායකයාට විශාල හදවතක් තිබිය යුතුයි.

ධනාත්මක ව්වේචනය ගෙන එන්නේම සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයකින්ය. ඔබ මතුකළා සේම එය සුබවාදී ප්‍රවේශයක් වන්නේ ඒ නිසායි. ප්‍රත්‍යවර්තිත ඉගෙනුම්   සැබෑ නායකයෙකුට අත්‍යවශ්‍ය වේ. තමන් පිළිබද ස්ව අවබෝධයත් පරීක්ෂාවත් නිරන්තරව සිදුකළ යුතුයි.

 

රටක මැච් එක පේලේ කරනවා යනු වෙනම වැඩකි. එය එක් දින ක්‍රිකට් තරඟයක් නොවේ. සමහර විට හූව ළුලදායි සන්නිවේදනයක් වන අතර ඔබට ප්‍රත්‍යවර්තිත ඉගෙනුම් ගෙනෙන සංඥාවක්  ද වේ. එය ළුලදායි ප්‍රතිපෝෂණයත් ද වේ.

 

රටක ප්‍රතිපෝෂණ සංස්කෘතියක් නිර්මාණය කිරීම රාජ්‍ය නායකයාට සිදුකළ හැකිය. යහපත් චේතනාවෙන් මිත්‍රශීලීව සිදු කළ යුතුය. ඔබට අනුකූල නොවන අය කෙරෙයි ඔබ තුළ ඇති දෘෂ්ඨිය  මෙහි දි වැදගත් වේ. තෙතමනය සහිත නායකයෙකු සෑම විටම  ප්‍රතිපෝෂණය, සහයෝගීතාවය, මිත්‍රශීලී ස්වරයක් සහ ශරීර භාෂාවත් සැහැල්ලුවෙන් පවත්වා ගෙන යාමට උත්තේජන සපයනු ඇත.

නිර්මාණාත්මක විවේචන පිළිගැනීම ඇත්තෙන්ම දුෂ්කර විය හැකිය. එසේ දැනීම මිනිස් ස්වභාවයයි. නමුත් නායකයෙකු යනු අසීරුම කාලයන්  කළමණාකරණය කිරීමේ හැකියාවෙන් සමන්විත පුද්ගලයන්ය.

විවේචන ගෙන එන්නට උත්තර බඳින්නට වෙහෙසීම ව්‍යර්ථ ක්‍රියාවක් විය හැකි අතර  විවෘත මනසකින් සවන් දීමෙන් .එම ප්‍රතිපෝෂණයන්  ඔබ වෙත නොව ඔබේ භූමිකාවවන් වලට සම්බන්ධ කරනවා මිස ඔබට වැඩිදියුණු කළ හැකි ආකාරය ගැන වැඩිපුර කතාබස් කිරීමට පෙළඹෙනු ඇත.

 සාමන්‍යෙයන් අපේ රටේ සිදුවන්නේ පසු විපරම් රැස්වීමක් සකස් කරනවා නොව පක්ෂයෙන් නෙරපීමයි. ජනතාවට දොස් නැඟීමයි.

ඔබගේ නිදහස් දින කතාවේ සඳහන් කර පරිදි "ලෝකය වෙනස් කළෙත්, වෙනස් කරන්නේත් ධනාත්මක අදහස් තිබෙන, අනාගතය දෙස සුබවාදී ව සිහින දැක ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ කළ පුද්ගලයන් විසිනි. එය සැබෑවකි. මේ බව ඉතිහාසය පුරාම අපට පෙනෙනවා."

මෙවැනි දැක්මක් තිබූ බොහෝ ලෝක නායකයින් යථාව යථාර්ථවාදී දෙස දැක ඉදිරි දර්ශනයක් තිබූ ලෝක නායකයින් මිස ජනතාවගේ හඩ සාධනීය විවේචන නිහඩ කරවූ නායකයන් නොවේ.  

විශාල ලෙස විවෘත වීම සහ විවෘත වන්නන්ට දෝෂාරෝපණය නොකිරීමට ලෝක නිදසුන් ඕනෑ තරම් ඇත. ඔබට නායකයෙකු වීමට දොරටු විවෘත කළ ඡන්ද දායකයින් මත රඳාපැවතීම තරම් තවත් අගතියක් නැත. එය ඡන්දය නොදුන් ජනතාව ද ඔබ කෙරෙහි ආකර්ශණය ඇති කිරීමට හැකි වුන ඇත. නොවසේනම් ඡන්දය දුන් නුදුන් ජනතාව තවදුරටත් දුරස් වනු ඇත.

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව

ඔබ සඳහන් කළ ආකාරයටම “අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැම විටම සුරකිමටත්, අපේ රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන කිරීමටත්, රාජ්‍ය නායකයා වශයෙන් ඔබ ප්‍රතිඥා දීම සාර්ථක වන්නේම හැම විටම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ ගොඩනැඟිම මඟිනි.

ඒ සඳහා පුරවැසියාගේ භූමිකාව සැබැවින්ම හඳුනාගැනීම මඟින් ඔබගේ මැසිවිලි නැඟීමට යටපත් වේ. පුරවැසි විවේචන තුළින් මතුවන්නේම නීතියේ ආධිපත්‍යය, සාධාරණ ප්‍රවේශයන් පිළිබඳව වන අතර ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලට ඉඩක් ගොඩනැඟිය යුතුමයි.

 

අවසාන වශයෙන් දේශපාලනඥයින්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට හැමවිටම කටයුතු කරන්නට කියා ඔබ ඉල්ලන්නේම මෙවැනි අසුබවාදී ඉල්ලීම් දෙස ඔබට තිබූ දැක්මක් නිසාම විය හැකියි. නිදහස් දිනේ මතු කළා වගේම රට පිරිසිදු කිරීම ආරම්භ කළ යුත්තේම දේශපාලඥයින්ගෙනි. මහකකුළුවන් හරියන විට පොඩි කකුළුවන් ද හරියට යාවි.

 

WhatsApp Image 2021 10 19 at 12.42.36 PM(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022.02.04

(චන්දිමා ජයසේන ෆේස්බුක් පිටුවෙන්...)




ලේඛිකාවගේ වෙනත් ලිපි :


සන්ධ්‍යා නම් සංස්කෘතික ගැහැණිය - චන්දිමා ජයසේන

ජංගි හොරා : සෝමේ මාමාගේ වැඩිවිය පැමිණිම - (චන්දිමා ජයසේන)

විකල්ප දේශපාලනයේ නව දිශානතින් -චන්දිමා ජයසේන

පෙම්වතුන් වසංගතයන්ට ගොදුරුවිය හැකියි- කොවිඩ් හනිමුන්  
  

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image