ආචාර්ය පාලිත සේරසිංහ ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූ ආයුර්වේද වෛද්‍යවරයෙකි. ගුරුවරයෙකි. පර්යේෂකයෙකි.



කොළඹවිශ්ව විද්‍යාලයෙන් ආයුර්වේදය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් හිමි කරගත් ඔහු ජපානයේ තොයෝමා වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන්, වෛද්‍ය විද්‍යාව සහ ඖෂධවේදය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබීය.

ජපාන රජයෙන් ශිෂ්‍යත්වයක් ලද ප්‍රථම හා එක ම ආයුර්වේද වෛද්‍යවරයා ඔහු ය.

බාහිර පර්යේෂකයෙකු ලෙස ලන්ඩනයේ කිංස් විද්‍යාලයේ කටයුතු කරන්නට පොදුරාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් ලද ප්‍රථම ආයුර්වේද වෛද්‍යවරයා ද ඔහු ය.

ඔහු ලන්ඩනයේ මිඩ්ල්සෙකස් සරසවියේ ආයුර්වේද අංශ ප්‍රධානී ලෙස සේවය කළේ ය.

ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පිටත දී එවැනි පිළිගැනීමක් ලද එක ම ලාංකිකයා ද ඔහු ය.

ජපානයේ ආයුර්වේද විද්‍යාලයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කරන ආචාර්ය පාලිත සේරසිංහ බ්‍රිතාන්‍ය ආයුර්වේද වෛද්‍ය කවුන්සිලයේ ලේඛකාධීකාරීවරයා ද වෙයි.

ආචාර්ය පාලිත සේරසිංහගෙන් රටට වැඩක් නැද්ද?

එහෙමත් නැත්තම් ඔහුගෙන් අපේ රට වැඩක් ගන්නේ නැද්ද?

වැඩිවිස්තර දැනගන්න මේ වීඩියෝව බලන්න

 

 


 "වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!!



කවුද රජා? | අද ගොසිප් එක | The Leader TV

>

 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්