අසූව දශකයේ 'භීෂණ යුගයේ' ජනතා විමුක්ති පෙරමුණ විසින් පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට ප්‍රහාර සහ තර්ජන එල්ල කළ අවස්ථාවේ ජවිපෙ සම්බන්ධ

විමර්ශනවලට එසේ තර්ජනයට ලක් වූ පොලිස් නිලධාරීන් පත්කිරීම ගැන මානව හිමිකම් ක්‍රියාධරයින් දැඩි විරෝධය පළ කල බව නීතිවේදිනී රමණි මුත්තෙටුවේගම සිහිපත් කරයි.

පොලිසියට පමණක් නොව නීතිවේදීන්ට පවා සිය පවුලේ සාමාජිකයින්, පෙම්වතුන් හෝ මිතුරන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව ද ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම කොමිසමේ හිටපු කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේය.

 

'සරෝජ් සමග සංදේශය' යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් මානව හිමිකම් නීතිවේදිනිය ඒ බව කියා සිටියේ, සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සම්බන්ධ නව විමර්ශනයක් පැවැත්වීම පිළිබඳව අදහස් දක්වමිනි.

 

සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, වැලිකඩ සිරකරු ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියම කරන ලද හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා ගේ සොහොයුරාය.

එමිල් රන්ජන් ළමාහේවා එසේ දඬුවම් ලැබූ විමර්ශනය මෙහෙයවනු ලැබුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසිනි.

ඒ පිළිබඳව මාධ්‍යවේදී සරෝජ් පතිරණ කළ විමසීමකට පිළිතුරු දුන් මානව හිමිකම් නීතිවේදිනී රමණි මුත්තෙටුවේගම කියා සිටියේ, "කොච්චර හොඳ නිලධාරියෙක් වුණත්, මෙවැනි අවස්තාවක මෙවැනි නිලධාරියෙක් සම්බන්ධ විමර්ශනවලට එකතු නොකළ යුතුයි," යනුවෙනි.

 

තමන් අපරාධ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි සමයේ, සිය සොයුරු එමිල් රන්ජන් ළමාහේවාට ඇප ලබාගැනීමට ආධාර කරන මෙන් මෙරිල් රන්ජන් ළමාහේවා ඉල්ලීමක් කළ බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ මූලික හිමිකම් පෙත්සමක සඳහන් කර තිබුණි.

 

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න දෙදෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ නිසි පරිදි නොපැවැත්වූ බවට පසුගියදා සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා අධිකරණය වෙත ඉදිරිපත් කළ 'බී වාර්තාවකින්' චෝදනා කර තිබිණ.

එහෙත් රාජ්‍ය සහ හමුදා බුද්ධි අංශ සිය විමර්ශන නොමග යැවූ බවට සහ බාධා කළ බවට ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න දෙදෙනාම සිය පෙත්සම්වල අවධාරණය කරති.

- සරෝජ් පතිරණ ( 'Sandeshaya by Saroj' නාලිකාව වෙනුවෙන්)

 

 

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ මූලික හිමිකම

Mr. Ravi S. FR page 0001Mr. Ravi S. FR page 0002Mr. Ravi S. FR page 0003Mr. Ravi S. FR page 0004Mr. Ravi S. FR page 0005Mr. Ravi S. FR page 0006Mr. Ravi S. FR page 0007Mr. Ravi S. FR page 0008Mr. Ravi S. FR page 0009Mr. Ravi S. FR page 0010Mr. Ravi S. FR page 0011Mr. Ravi S. FR page 0012Mr. Ravi S. FR page 0013Mr. Ravi S. FR page 0014Mr. Ravi S. FR page 0015Mr. Ravi S. FR page 0016Mr. Ravi S. FR page 0017Mr. Ravi S. FR page 0018Mr. Ravi S. FR page 0019Mr. Ravi S. FR page 0020Mr. Ravi S. FR page 0021Mr. Ravi S. FR page 0022Mr. Ravi S. FR page 0023Mr. Ravi S. FR page 0024Mr. Ravi S. FR page 0025Mr. Ravi S. FR page 0026Mr. Ravi S. FR page 0027Mr. Ravi S. FR page 0028Mr. Ravi S. FR page 0029Mr. Ravi S. FR page 0030Mr. Ravi S. FR page 0031Mr. Ravi S. FR page 0032Mr. Ravi S. FR page 0033Mr. Ravi S. FR page 0034Mr. Ravi S. FR page 0035

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්