සාමෘධිමත් ලංකාව නියඟ ගංවතුරු වැනි කාලීන ස්වභාවික ආපදාවලට අමතරව බොරු කාරයන්ට රැවටීමෙන් සාපලත් දේශයක් වී හමාරය.



නිදහසින් පසු දසක දෙකකට ආසන්න කාලයක් යහපත් ආර්ථිකයක් සහ ශක්තිමත් රාජ්‍ය සේවයක් හේතුවෙන් ලංකාව, දකුණු ආසියාවේ විශිෂ්ඨ රටක්ව පැවතිණ.

වී. නල්ලයියා ජී.ජී. පොන්නම්බලම් එස්. නඩේසන් ආදි උතුරේ ද්‍රවිඪ මන්ත්‍රීන් නියෝජනය කළ කැබිනට් මණ්ඩලයකින් නික්ම පාලක එජාපයෙන් බිඳී ශ්‍රීලනිපය පිහිටුවා ගත් බණ්ඩාරනායක 1952දී ආසන නවයකට සීමාවීමෙන් ජනතාවට අලුත් පාලනයක් අවශ්‍ය නොවූ බව තහවුරු විය.

 

කොහොඹ කළය හිස තබා ගෙයින් ගෙට ගිය හින්දු බැතිමතුන්ට කතරගමට වෙන් කළ පඬුරු කාසි භාර දෙන තරමට බැඳුණ ජන වාර්ගික සහෝදරත්වය එක් රැයෙන් විනාසව දමිළ කිරි දරුවන් පැහෙන තාර පීප්පවලට විසි කරවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොවේ.  56දී  ජාති ආගම් වාද ඇවිස්සූ ත්‍රෛයිනිකායික භික්‍ෂු පෙරමුණට කැළනි පංසලේ ආදායම් වැය කළ බුද්ධරක්ඛිත, බණ්ඩාරනායක භික්‍ෂුවක ලවා ඝාතනය කිරීමෙන් බොරුකාර බණ්ඩා ඇද වැටී බෝසත් බණ්ඩාරනායක ඉස්මතුව භික්‍ෂුවකට පාරක බැස ගමන් කළ නොහැකි විය.

 

ඒ කැළනි පංසල නාග ලොවින් නයි වඩම්මවීම සහ පාස්කු ප්‍රහාරය යන ඒකාබද්ධ දේශපාලන ව්‍යාපෘති යළි හිස් එසවූ රාජපක්‍ෂ පවුල පිළිබඳව රට මෙන්ම  සිරිසේනලා විරවංශලාද වෛරයෙන් පසුවේ.

වහා සංවේදීව රැවටිලි කාරයන් පසුපස යාමේ සිංහල බෞද්ධ ජානමය අසරණභාවය 1954දී වාර්තාවූ (අ) තාපස නිකා සිද්ධිය හා (2) වදකහ සුදිය යන නිර්දේශපාලනික සිද්ධින් දෙකක් හරහා තේරුම්ගත හැකිය.  

ගමේ සොහොනේ රැය පහන් කළ චීවරධාරින් රහතුන් ලෙස සලකා ආරාමික භික්‍ෂුන් දුසිලුන් සේ හංවඩු ගසන තරමට, දකුණේ ජනතාව මුග්ධව සිටියහ. ඒ තාපස නිකා කෝළම හිස මුඩු කොට සිවුරක් පොරවා මිටි මුට්ටියක් පාත්‍රයක් අතින් ගත් ගම්පහ නෑබඩ පිස්සෙකුගේ ප්‍රාතිහාර්යක් බව දෙසතියකින් හෙළි විය.

1954 දෙසැම්බරයේ දර්ශණයවූ පූර්ණ සූර්යග්‍රහණ නැකතට වදකහ බීමෙන් රුව වැඩිකරගත හැකි බවට පැනි වෙදෙකු දුන් ලංනුව කෑ ලංකාදීප පත්‍රය නිසා වමනය පාචනය වැළඳුන දහස් ගණනක් රොහල් කරා ගියහ. ඒ හේතුවෙන් ලංකාදීප පත්‍රය ගෙදරක බත් එතීමටවත් නොගන්නා තැනට පත් විය.

 

හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ බුද්ධාගම පල්ලියෙන් බේරා ගැනීමට ශ්‍රී විෂ්ණු දෙවියන් ජප කළ නිල් සාටකයක් බණ්ඩාරනායකගේ කරේ එල්ලූ  බවට  කළ ප්‍රකාශය, වදකහ සුදියෙන් සල්ලන්වූ ලංකාදීප පත්‍රය නව ජවයකින් විසුරුවා පත්‍රයේ අලෙවිය වැඩිකර ගත්තා පමණක් නොව, වදකහ නමින් උපහාසාත්මක කොළමක් පළ දිනමිණ ඇතුළු ලේක්හවුස් පත්තර ඡන්ද ව්‍යාපාරයේ කොටසක් ලෙස භික්‍ෂුන් ලවා ප්‍රසිද්ධියේ ගිනි තැබ්බවීය.

 

එකල ලංකාදීපය උතුරේ සංගරපිල්ලේ කෙනෙකුටද, ලේක් හවුසිය දකුණේ සිංහල බෞද්ධ ඩී.ආර්.විජයවර්ධනලාටද හිමිව පැවතීමෙන් සිංහල බෞද්ධයන්ගේ අමන අසරණකම තේරුම් ගත යුතුවේ.

පිහියක් අතේ තියාගෙන නිදාගන්නවා කියන එකයි... යුක්රේනය නේටෝ එකට එකතු වෙනවා  කියන එකයි ‌සමානද? — Kubiyo News

1956 ආරම්භවූ ඒ තක්කඩි දේශපාලනය නව ආරකින් යළිත් ශ්‍රීලනිපයම මුල්වී පසුගිය මාර්තු දෙවෙනිදා, “ මුළු රටම හරි මඟට'' නමින් දොට්ට දමා ඇත.

 

ප්‍රජාතන්ත්‍රවාදි රටක ආණ්ඩු පක්‍ෂයේ පිරිස් විපක්‍ෂයට එක්වීම සාමාන්‍ය තත්වයකි. සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරයට ශ්‍රීලනිපයේ සිරිසේන 2014දී රිංගා ගත්තේ එහෙමය. එහෙත් සිරිසේනද සම්බන්ධ 'රටම හරි මඟට.. 'සෙල්ලම ඊට වෙනස්ය.

සාධාරණ සමාජයක් ව්‍යාපරයට පින් සිද්ධ වෙන්න රටේ විධායක ජනාධිපති ධුරයට පත් වූ (නිකමා යනුවෙන් වාචාල විරවංශ මහා ජන ප්‍රීති ගෝඝා මධ්‍යයේ ඇමතූ) මෛත්‍රිපාල සිරිසේන 'මුළු රටම හරි මගට' කර ගැනීම යනු, කඩ මණ්ඩියකදීවත් ප්‍රසිද්ධියේ කිව නොහැකි තිත්ත කුණුහරුපයකි.

 

සිවිල් සමාජය මේ පෙළ ගැස්ම දකින්නේ මහින්දගේ උවමනාවට බැසිල් කපා නාමල් කෙළින් කිරීමට සිරිසේන විරවංශ පරයාට අන්දවන සොකරි නාඩගමක් හැටියට බව බොහෝ දෙනා සැක කරති.

 

දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සැක කරන පාස්කු ප්‍රහාරයට පහසුකම් සහ යටිතල පහසුකම් සැපයුණේ සිරිසේන විධායක ජනාධිපතිව සිටියදීය. ඉතිහාසය යනු එකම දේ යළි යළි සිදුවීමකි කීවේ පිස්සෙක් නොවිය යුතුවේ.

යම් පරිත්‍යාගයක් කැප කිරීමක් වෙනුවෙන් ඕනෑම වරදකට සමාවක් දිය හැකිය. මේ රට පවත්නා තත්වයෙන් මුදා ගත හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමෙන් පමණකි.  

සිරිසේන විරවංශ පූට්ටුවට අනුව මුළු රටම හරි මගට ගන්නේ විධායකය අහෝසි කරලාද නැද්ද  ? මේ ප්‍රශ්නයෙන් මගහැර යන කොයි සිඤ්ඤෝත් ගමකට වැද්ද නොගත යුතු පල් හොරෙකි. මං ජනාධිපතිවී පොළොන්නරුවේ සිට රට පාලනය කරමී කී සිරිසේන කොළඹ හතේ ආණ්ඩුවේ ගෙවල් දෙකක් අනෛතිකව අත්පත් කර ගැනීම යනු තක්කඩිකමට වඩා යමක් නොවේ.  

ලංකාවේ අල්ලස් නීතිය යටතේ මුලින්ම වැරදි කරුවන්වූ බහුතර දේශපාලනඥයන් සිරිසේන මෙහෙයවන ශ්‍රීලනිප සාමාජිකයන්ය. 

 

විදේශ කුමන්ත්‍රණ මත යැපෙන වීරවංශ වඩාත් වෛර කරන්නේ අමෙරිකාවට සහ එක්සත් ජාතින්ගේ සංවිධානයටය. මානව හිමිකම් ගැන කතා කිරීම විරවංශට නයාට අඳුකොළ වාගේ නිසා විය හැකිය.

 

ඊයේ පෙරේදා අපෙන් වෙන්වූ සුනිල් මාධව ප්‍රේමතිලක සහායෙන් මාධ්‍යට එක්වූ  ඩලස් වීරවංශ දෙදෙනා දැක්මෙන් තාර්කික නම් පැවැත්මෙන් අවංක නම් මුළු රටම හරි මගට ගත හැකි  ක්‍රමය අප ඔවුන්ට කියා දිය යුතු නැත.

සුනිල් ඇසුරු කළ ජනරංජන සිටින්නේ මුළු රටම හරි මගට ගත යුතු තැනය. ඉතිහාසය මඟ හැර ගිය කිසිවෙකුට වගතුවක් වී නැත.

Abraham Lincoln Biography - Facts, Childhood, Family Life & Achievements

ඒබ්‍රහම් ලින්කන්

 

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානොත්සවයකට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂට උත්සව ශාලාවට පිවිසි සැනින් යක්‍ෂවේශ විය.

“කවුද මේක සැළසුම් කළේ. මෙතන වැඩ කරන මිනිසුන්ට මොළේ නැද්ද? ලංකාවේ කොච්චර උපදේශ පොත්පත් ලියවිලා තියෙනවාද ? තමුසෙලා සුභාෂිතය කියවලා නැද්ද?  මොකාගේද මේ පණ්ඩිත වාක්‍ය? මේකා අමෙරිකන් කාරයෙක්. කවුද මේක තේරුවේ? ජනාධිපති රාජපක්‍ෂ පරලවූ හේතුව... උත්සව ශාලාවේ  බිත්ති ඒබ්‍රහම් ලින්කන් සිය පුතාගේ ගුරුවරයාට ලියු ප්‍රකට ලිපියේ පහත දැක්වෙන ප්‍රකට උදෘත වලින් සරසා තිබීමය.


(අ) තම දරුවා හොඳ මිනිසෙකු කර දීම,
(ආ) හැම මිනිසෙකුම සාධාරණ සහ සත්‍ය වාදි නොවන බව,
(ඇ) හැම අධමයෙකුටම වීරයෙක් ඇති බව,
(ඈ) හැම ආත්මාර්ථකාමි දේශපාලනඥයෙකුටම කැපවූ නායකයෙකු විය යුතු  බව,
(ඉ) හැම හතුරෙකුටම මිතුරෙකු ඇති බව
(ඊ) ඉබේ ලැබෙන ඩොලර් පහට වඩා තමන් උපයන තනි ඩොලරය වටිනා බව , ...ආදි ලින්කන් විශ්වාස කළ චින්තනය දැකීමෙන් මහින්දට යකා වැහුණ බව තේරුම් ගත් උත්සවයට පැමිණ සිටියෝ මුහුණෙන් මුහුණ බලා ගත්හ.

කිසිවෙකු සිනාසුණේ හෝ නැත. ඒ  පරාණ බිය නිසාය. 2005දී ප්‍රභාකරන්ගේ පිහිටෙන් ජයගෙන 2019 පාස්කු ප්‍රහාරයෙන් වැර ගැන්වී අදටත් රට බිය ගන්වන රාජපක්‍ෂ පැවැත්ම එවැන්නකි.

ලින්කන් උපන් දේශය හේතුවෙන් අමෙරිකන් කාරයෙකි.  සියවස් ගණනාවක් ඒබ්‍රහම් ලින්කන් යනු මනුෂ්‍යත්වය පිළිබඳ පූර්විකාවකි. අමනයන්ට “අමෙරිකන් කාරයෙකි.”

එදා සිසූන් වෙතින් ප්‍රතික්‍ෂෙප වූ මහින්ද රාජපක්‍ෂ 2015දී රටෙන් ප්‍රතික්‍ෂේප විය. විරවංශට සැපදායි සුළඟක් වූ ඒ මහින්ද යහ පාලනය යටතේම යළි අගමැති කරවීමට තැත් නොකළා නම් සිරිසේන තවමත් රටේ ජනාධිපතිය.

මුළු රටම හරි මගට ගැනීමට නම් විශ්ව පුරවැසියන්වූ ලින්කන්ලා, සියැටෙල්ලා තේරුම් ගත හැකි මිනිසුන් අවශ්‍ය වේ.

83 මානව හිමිකම් කඩවීම පිළිබඳ ජිනීවා ගිය අමිර්තලිංගම්ලාට මුහුණ දීමට ලංකා ආණ්ඩුවේ ඇමතීන් වෙනුවට නීතිපති සුනිල් සිල්වාත් විදේශ අමාත්‍යාංශයේ  නිතිඥ රොහාන් පෙරේරා යවා ප්‍රශ්න ගොඩ දා ගත්තේ ලින්කන්ලා තේරුම් ගත් නායකයන් විසිනි.

89 ජිනීවා ගිය මහින්දලා වාසුලා 83 වෙනුවෙන් පෙනී නොසිටියේ පාර්ලිමේන්තුවේ නොසිටි නිසාද? මානව හිතවාදි නොවූ නිසාද? රාජපක්‍ෂලා චීනය හරහා ලෝකය මිස ලෝකය හරහා දකින චීනය දකින්නෝ නොවෙති.

එක් රාජ්‍ය සේවකයෙකු 1993 අප්‍රේල් 26 සඳුදා ලලිත් ඇතුලත්මුදලිගේ මළ ගෙදර ගියෙමි. යනුවෙන් ද 1993 මැයි මස 03 සඳුදා රණසිංහ ප්‍රේමදාසගේ මළ ගෙදර නොගියෙමි. යනුවෙන්ද ලියා තිබිණ.

image 1473361267 354c221111

“සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම යනු ලංකාව ලෝකයෙහි අතරමං කිරීම”ක් බව 1943දී ඩී.එස්. සේනානායක තුළ පැවති අවබෝධය, බණ්ඩාරනායකට තිබුණා නම්, ලංකාවට මෙහෙම වෙන්නේ නැත.


මහින්ද හරහා ලෝකය දුටු  ඩී.එස්.ලා ටයිකෝට් බව හිතන අසා ඇති 1970දී  උපන් වීරවංශලා උපන් දිනය වෙනස් කිරීමෙන් තරුණ වියහැකි බව විශ්වාස කරන තරමට ලාමක ය.  

“අපට මහතිර් මොහොමඩ් කෙනෙකු සහ ලී ක්වාන් යූ වැනි දෙදෙනෙකුම ලැබී ඇතැයි වීරවංශ ආඩම්බරයෙන් කී කතාව ඇසු අට වසරේ දැරියක ඒ අංකල් ප්‍රජාචාරය ඉතිහාසය දෙකම දන්නේ නැතැයි සිනාසෙමින් කී කතාවත් මෙහිදී සටහන් කළ යුතුවේ.

ඒ වීරවංශ 2018 ජූනි 24 වෙනි ඉරිදා දින බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රයේදී විමල් වීරවංශ ඇමතූ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ සම්මන්ත්‍රණය  සල්ලාල ආණ්ඩුව සහ කෙළෙසෙනා ලක්මව යනුවෙන් හැඳින්වීය.

19 වෙනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව යාම තහනම් කිරීම සහ ආර්ථීක ඝාතකයා ජනාධිපති ලේකම් කළ පොහොර නැවෙන්ද ගසා කෑ ගෝඨාභය පාලනය ගැන වීරවංශ තවමත් විග්‍රහයක් කර නැත.  

බැසිල් නම් අවලස්සන අමෙරිකානුවාගේ උවමනාවට මේකි පිස්සු ගැහැනියක් යයි රටේ අගවිනිසුරුවරියට කළ අපහාසයෙන් වීරවංශ යනු ජානගත මුග්ධ භාවයෙන් පෙළෙන තවත් සිංහල බෞද්ධයෙක් බව තහවුරු වේ. එහෙත් රටම හරි මගට ගැනීමේදී මේ රටේ අධිකරණයට ලැබෙන තැන වීරවංශලා තහවුරු කළ  යුතුවේ.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර, ලසන්ත වික්‍රමතුංග මැරුම් කෑවේ, දැරියයන් සිය ගණන් කෙළෙසා සාද පැවැත්තුවේ ජේ.ආර්.ගේ කාලයේ නොවීම තුළ විධායක ක්‍රමය පිළිබඳ නිවැරදි කියැවීම 2015 ජයග්‍රහණයෙ රහස වේ. ඒ නිසා රට හරි මගට ගැනීමට නම් විධායක ජනාධිපති පාලනය අවසන් කළ යුතුවේ.

2015-2018 කාලයේ  විධායක ක්‍රමය මුළුමනින්ම ඉවත් නොකළාට තක්කඩි පාලනය අඩපන කළේය. 19 වෙනි සංශෝධනය මුළුමනින්ම ඉවත් කොට සකල පාලන බලය පවුලේ නමට ලියා ගැනීමට රාජපක්‍ෂලාට නොහැකි වුණේ යහ පාලනය භූමියෙහි රොපනය කළ තොරතුරු දැනගැනීමේ පනත වැනි සක්‍රිය සමාජ ප්‍රවේග හේතුවෙනි.

පවත්නා වරද නිවරද කර රටක් ගොඩ නැග හැකිය. රටේ සියයට හතරෙන් ඉහළට විජේවීරගේ ව්‍යාප්ත නොවේ.

 

පාස්කු ප්‍රහාර, කැළනියේ නයි කතා නොවුණා නම් රාජපක්‍ෂලා යළි එන්නේ නැත. ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමග කටුනායකදී රඳවා ගත් වීරවංශ තමා විසින් මුදා හැරිය බව අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය තුළින් රට හරි මගට ගැනීමට ළං කර නොගත යුත්තේ රනිල් මිස වීරවංශ නොවන රටම දනිති.

 

අවශ්‍ය වන්නේ පක්‍ෂ එකතුවක් හෝ කා කොටා ගන්නා නායකයන් නොවේ. වැඩ පිළිවෙලකට අනුගත පෙරමුණකි. වීරවංශලාට ගම්මන්පිලලාට ගහන්න එපා යයි සජිත් ජසබෙට නියෝග කිරීමෙන් අදහස් වන්නේ කුමක්ද? මරණය අසා රට්ටු කිරිබත් කෑ ප්‍රේමදාස ක්‍රමය වෙනුවෙන් වීරවංශලා කැඳවීමට නියමිත බවය.

නවගත්තේගම පාසල් ගුරුවරිය දන ගැස්විම, මීගමුවේ නගරාධිපති පොලිස් නිලධාරියෙකුට පහර දී මහ දවාලේ පොලිස් අධීකාරි කාර්යාලයට ඇදගෙන යාම, නුගේගොඩ අනුලා බාලිකාවේ පාසල් පරිපාලනයට මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අත පෙවිම, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් වරිය ස්ථාන මාරු කිරීම ආදි  සිද්ධීන් සිය ගණනක් ලියා ගෙන ලියාගෙන යන්නට පුළුවන.

එහෙම කළාට රට හරි මගට යොමු නොවේ. ආසන්න වසර හතලිස් ගණනක් රටේ පැවති පාලන ක්‍රමය වෙනස් කළ යුතුවේ.

කැබිතිගොල්ලෑවේදී 2006-06-15 දින පිපුරුණ බස් බෝම්බයයට බිලිවූ තම දරුවාගේ මළසිරුර පෙන්වා වසන්ත නම් තරුණ පියා ජනාධීපති මහින්ද රාජපක්‍ෂගෙන් ඇසූ  “මහින්ද චින්තනය කියන්නේ මේකද සර්” නම් අනුවේදනීය ප්‍රශ්නය දිගු කලක් මහින්ද වාසියට පාවිච්චි  කළේය.

අද වීරවංශටත් බිඳ වැටුණ රට පෙන්නා “මහින්ද චින්තනය කියන්නේ මේකද සර්” කියා ඇසීමට සිදුවී ඇත. හේතුව ද්විත්ව පුරවැසියන් රට විකුණන නිසාය. කොවිඩ් එන්නතෙන් පොහාර නැවෙන්  හොරා කන නිසාය.  අපේ පාලකයන් ලිබියාවේ ගඩාපි මෙන් ඉරණමකට ගොදුරු වෙන්න පෙර මේ රට වෙනස්විය යුතුව තිබේ. එය ඉබේ සිදුවේද? එය අපි අපෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.

 

ලින්කන් ගැරහූ නායකයන් පසුපස ගිය හේතුවෙන් මුළු  රටම බිඳ වැටී හමාරය. මුළු රටම හරි මගට යොමු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙලකි. ලී ක්වාන් යූ සිංග්පපූරුව ගොඩ නැගුවේ ලංකාව බලා ගෙන මිස ඩී.එස්.සේනානායක සිංගප්පූරුවට වඩම්මවා  නොවේ.

 

යහපාලන බිත්තියේ මහින්ද චින්තනය ඇතිල්ලීම - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්