රාජපක්ෂලා විසින් ශ්‍රී ලංකාව ඇද දමා ඇති අන්තරාදායක සහ ගැඹුරු තත්වය ජනතාව විවිධ ආකාරයෙන් විරෝධතා දැක්වීමට ඇති අයිතිය භාවිතා

කිරීමට හේතු වී ඇත.

දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතා හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල අසල වැසියන් එක්ව සිදුකල විරෝධතා ඇති වී තිබේ.

මෙසේ විරෝධතා දැක්වීමට අයිතිය ජනතාව පාවිච්චි කිරීම ඉතා යහපත් වර්ධනයකි .



ඒ අතරම, රට පුරා සිටින ජනතාව නිශ්චිත වේලාවක රැස්වී විරෝධතා දක්වන ලෙස නිර්නාමික කණ්ඩායම්වලින් ඉල්ලීම් මත්වී තිබේ.

යහපත් චේතනා ඇතිව එක් වන ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවා විරෝධතා මොට කිරීමට මෙන්ම ඒවා පාලනය කිරීමට හෝ නීති විරෝධී කිරීමට පවා එසේ නිර්මාණය කරන ලද තත්වයන් ආණ්ඩුව විසින් පාවිච්චි කිරීමේ අනතුර සෑම විටම පවතී.

අන්තවාදී කණ්ඩායම් එවැනි තත්ත්වයන් තම පරම අරමුණු සඳහා යොදා ගැනීමට ද ඉඩ ඇත.

 

අරාබි වසන්තයේ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලින් අප ඉගෙන ගත යුතුය. අරාබි ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව ඒකාධිපතිත්වයට එරෙහිව වීදි බැස ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටියහ. එහෙත් විවිධ දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් අතර නිසි නායකත්වයක් නොමැති වීම සහ කල්ලිවාදය ද නිසා විවිධ ස්වරූපවලින් යළි හිස ඔසවන්නට අධිකාරීවාදයට හැකි විය.

 

විරෝධතා දැක්වීමේ නීත්‍යානුකූල අයිතිය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි විරෝධතා කැඳවීමට පෙරමුණ ගන්නා අය තමන්ව හඳුනාගත යුතුය. මුහුණු නැති නායකයන් සිටිය නොහැක.

එසේම, එවැනි විරෝධතා වලදී භාවිතා කළ යුතු සටන් පාඨ සහ ඉල්ලීම් පිළිබඳව ඔවුන් ජනතාව දැනුවත් කළ යුතුය.

තවද, විරෝධතා මොට කිරීමට ආණ්ඩුවට ඉඩ හරින තත්වයන් නිර්මාණය නොවන බවට ඔවුන් වග බලාගත යුතුය.


(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්