(මැරිච්ච මංගල සහ ජීවමාන ඩලස් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසින් ලියා පළකරන ලද ලිපිය සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ විසින් සිය මුහුණු පොතේ පළකර තිබූ සටහනකි.)
 

මේ මගේ සිරුර
ශ්‍රී ශරීරයක් නොවේ,
කුනුකයක් පමණයි.
සංසිදේනම් කුසගින්න
එන්න වලදන්න.
මංගල


Leader web අඩවියට දීර්ඝ රචනාවක් කරමින් චන්ද්‍රසිරි සෙනෙවිරත්න නැමැත්තෙකු මංගල වෙනුවෙන් ඩලස් ගැන දොඩමළු වී ඇත.

"අපරාදෙ ඒ තරම් වචන තොගයක්"
මට නම් පේලි දෙකයි
මංගල ටොයියෙක්
ඩලස් බයියෙක්

ඩලස් බයියෙක් වන්නේ ගමේ උපන් නිසා නොව, ඔහු පහුගිය දශක දෙකක් රාජපක්ෂවාදය රැකගැනීම වෙනුවෙන් නිහඩව සිට ඇති හෙයිනි.
 
 
ඩලස් බයියෙක් වන්නේ ගමේ උපන් නිසා නොව, 
ඔහු පහුගිය දශක දෙකක් රාජපක්ෂවාදය රැකගැනීම වෙනුවෙන් නිහඩව සිට ඇති හෙයිනි.
 
 
අවංකයන් කට අරී එනිසාම උන් මරණීය තුවාල කරගනී. 
තක්කඩීන් නිහඩව, සුරැකිව සිටී.
 
උන් තක්කඩීන් මිස ට්‍රෝජන් අශ්වයා තුල සැගවී සිට නුවර මැදටම ආ අපේ එකා නම් නොවේ.

මංගල කට ඇරිය හැමවිටම මරණීය තුවාල කරගත්තද යලි උට්ථානය වූයේ අනාගතවාදී සුභාරංචියක් සමගිනි.
 
mangala s
 
 
මංගල කට ඇරිය හැමවිටම මරණීය තුවාල කරගත්තද
යලි උට්ථානය වූයේ අනාගතවාදී සුභාරංචියක් සමගිනි.
ඩලස්ලා නිහඩව රැක ගත්තේ තමන්ගේ සිරුර පමණක් නොව
රාජපක්ෂවාදයේ කුනයි,
හෙටත් කරනුයේ එයමයි.
 

මංගල අද සිටියානම් මේ දැනුත් රාජපක්ෂලාගෙන්ද ගාලුමුවදොරින්ද ප්‍රහාරයට ලක්වෙමින් සිටිනු ඇත්තේ අලුත් යෝජනාවක් ඔසවාගෙනය.
 
එනිසා ඔහු යලි මරාදමන්න එපා කියා මා කියන්නේ නැහැ. ඔහු යලි යලි මරාදැමිය යුත්තේ ඒ සිරුරතලා හෙට වෙනුවෙන් යමක් ගැනීමට පමනි.
 
 
ජීවත්වූ මංගල ඔබගේ විය හැක
අප ඔහුට ආදරේ කලා පමණි.
ඒත් මියගිය මංගල අපි හැමෝගෙම...
(බස් එකේ ගෝල්පේස් එනගමන්...)
 
 
warunaවරුණ රාජපක්ෂ
දේශපාලන විශ්ලේෂක/ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
 

 

 

 

 

සබැඳි පුවත - 

මැරිච්ච මංගල සහ ජීවමාන ඩලස් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්