ජන අරගලයක් හමුවේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසිය ගත යුතු නිත්‍යානුකූල පියවර ගණනාවක් තියෙනවා.

ඒ සියල්ල පසෙක ලා නීති විරෝධී ලෙස ජනතාවට තුවක්කු එල්ල කළ අවස්ථා සහ එමගින් මිනිස් ජීවිත හානි වුණු අවස්ථා ඉතිහාසයේ දකින්නට තියෙනවා.

එසේ අනීතික ලෙස නියෝග දුන් සහ ඒ නියෝග පිළිපැදි නිලධාරීන්ට මොකද වුණේ?

මෙවැනි සිදුවීම් නිසා තනතුර හැර යන්නට සිදුවූ පොලිස්පතිවරු කවුද?

ලංකාවේ දේශපාලන උද්‍ඝෝෂණ කලාවේ පිකාසෝ සේ සැලකෙන මහින්ද රජපක්ෂ විපක්ෂයේ සිටියදී කළ උද්ඝෝෂණ්‍යක් සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව මොකද්ද?

පොලිසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීම උදෙසා ගත යුතු පියවර මොනවාද?

බුද්ධි අංශ මේ සා දුර්වල තලයකට වැටුණේ ඇයි?

මේ වගේ හුඟක් දේ ගැන නොදන්නා දේ දැනගන්න.

අරගලයක නෛතික පසුබිම ගැන දැනුම්වත් වෙන්න.

විධායකය සහ ව්‍යවස්ථාදායකය වැනෙන යුගයක අධිකරණය ස්ථාවරව සිටීමෙන් රටට සිදුවන යහපත අවබෝධ කරගන්න.

සිය වෘත්තීය ජීවිතය තුළ සිදුවූ හරි වැරදි සියල්ල ආවර්ජනය කරමින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දක්වන අදහස් අහන්න. බලන්න.
 

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්