පසුගිය 7 වෙනි සෙනසුරාදා මහින්ද රාජපක්ෂ තනතුරෙන් ඉවත් වන බවට මෙන්ම ජනාධිපති ගෝඨා පාලනය භාර ගන්නා ලෙස සජබ නායක සජිත්
ප්‍රේමදාසට කළ ඇරයුම සජබය පිළිගත් බවටත් මාධ්‍ය වාර්තා පළ විය.
දැන් සජිත්ට ගෝඨාභය බලයේ හිටියාට කමක් නැත. සජිත්ගේ නිවෙස ඉදිරිපිටත් කැමති එකක් තෝරා ගැනීමට ස්ත්‍රීපුරුෂ යට ඇදුම් එල්ලා සුදුසු එකක් තෝරා ගැනීමට සජිත්ට කතා කළ යුතුවේ.
සජබ සහ ගෝඨාභය සන්ධානය සියඹලාපිටියට ආණ්ඩු පක්ෂ සහාය ලබා දෙන බවට එල්.පීරිස් ලවා ඇති කළ කුමන්ත්‍රණයේ කොටසකි. මේ හදිසි දේශපාලන සමෝධානය රාජපක්ෂලාගේ අලුත්ම වික්‍රමය වේ. හෙවත් දූෂීත පාලනය එසේම පවත්වා ගෙන යාමට තැනෙන නව සේද මාවත වේ.
විධායක පාලන ක්‍රමය යටතේ ජනතාව සතු සම්පත් වත්කම් උපරිමයෙන් සිය පරිභෝජනයට අත්පත් කර ගත් පක්ෂ දේශපාලනය පවත්නා ක්‍රමය වෙනස් කිරිමට ඉඩ නොදී තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ නව කතිකාව මෙය වේ.
සත්තකින්ම නියෝජ්‍ය කතානායක තේරිමේදී සිදුවුණේ පැහැදිලි කුමන්ත්‍රණයකි. දින ගණනාවක් සකල විපක්ෂය සියඹලාපිටියගේ අපේක්ෂකත්වය අනුමත කර තිබිණ. සියඹලාපිටිය ඒකමතිකව පත්වුණා නම් ඒ හරහා ආණ්ඩු පක්ෂයට බහුතරය නැති බව ඡන්දයක් නොතියාම තහවුරු වුණා නම් එය රාජපක්ෂලාගේ පරාජයකි. එය වැළකුණා නොවේ. වළක්වා ගත්හ.
එකී නිලවරණයට තමන් අපේකෂකයෙකු ඉදිරිපත් නොකරන බව පොහොට්ටුවේ සභාපති ලෙස ජි.එල්.පීරිස් කළ ප්‍රකාශයේ අරමුණ, අපි අපේක්ෂකයෙක් දාන්නේ නැත. අපි මේ අපේක්ෂකයාට උදව් කරනවා වැනි අදහසකි. එය තේරුම් ගැනිමට තරම් මුහුකුරා ගිය දේශපාලන දැනුමක් සජබයට තිබුණේ නැත.
විනාඩි ගණනක් තුළ ඉම්තියාස්ගේ නම ඉදිරිපත් කර ඔහු වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයක් දියත් කීරීමේ අවකාශයක් නො ලැබෙන බව නොදැන සිටියා නොවේ. වාර්තාවූ පැහැදිලි පරාජයේ හානිය ආණ්ඩු පක්ෂයේ ස්වාධිනවූ කණ්ඩායම් වලට බැර කිරීම අවශ්‍ය උවමනව විය. හේතුව ස්වාධීන කණ්ඩායම් පෙළ ගැසුණා නම් සජබ ආණ්ඩුවක් නැත. එසේම එය රාජපක්ෂලාට එරෙහි වන්නකි.
මෙසේ ආණ්ඩුව තුළ ගොනු වෙමින් පැවති රාජපක්ෂ විරෝධය හැකිලී ආපස්සට හැරවීම බැසිල් රාජපක්ෂ සිදු කළ කුමන්ත්‍රණයකි. එහි ප්‍රතිපලය ක්‍රමක්ද? පොහොට්ටුව තුළ බිද වැටෙමින් පැවති රාජපක්ෂලා ශක්තිමත් වීම ය. එහි ප්‍රතිපලය ගෝ ගෝඨා යටපත්ව, සජිත්ට ආණ්ඩුව භාර ගැනිමට ආරාධනා කිරීමට රාජපක්ෂලා ශක්තිමත් වීමය.
සජබ ආණ්ඩුව පිහිටුවා මේ නව උගුල ගැස්සුණොත් පොහොට්ටුව එක් මසක් තුළ අන්තර් කාලීන ආණඩුව පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් සමතලා කරනු ඇත. කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩ නො ලැබෙනු ඇත. නාමල් රාජපක්ෂ විපක්ෂ නායක කොට රාජපක්ෂ ප්‍රවර්ධනයේ ඊළග ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.
මේ පවත්නා ක්‍රමය වෙනස් කිරීමට තවමත් නොනිමි භූමියෙහි ඇවිලෙන අරගලය සෝදා හැරීමේ අලුත්ම උත්සාහය මෙයයි. මෙතෙක් කල් ගොඨා යන තෙක් කිසිදු වගකිමක් භාර නො ගන්නා බව කී සජිත් මෙසේ එක් රැයකින් වෙනස් වුණේ ඇයි? සිරිසේනත් සජබ ආණ්ඩුවකට සහාය පළ කරන්නේ රාජපක්ෂලා වෙනුවෙනි.
සමාජ මාධ්‍ය පලවී ඇති පොස්ටුවක්
සජිත් මාධ්‍ය ප්‍රකාශයක් හරහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාවලිය අනුව වැඩ කිරීමට තමන් කැමති බවට නිකුත් කළ මාධ්‍ය නිවේදනය යනු ගෝඨා සජිත් කුමන්ත්‍රණයේ කොටසකි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පටලවා ගත්තේ ඇයි ? ආණ්ඩුවේ මර්ධනයෙන් පවත්නා අරගලය ආරක්ෂා කර ගැනීමට නීතිඥ ප්‍රජාව සිදු කරන අනවරත කැපවීම කෙරෙහි ගොඩනැගුණ නිර්දේශපාලන ගෞරවය අවභාවිතා කිරිමකි.
මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කිසිවෙකුට කඩේ යා යුතු නැත. නීතිඥ ප්‍රජාව අනෙකුත් සිවිල් සංවිධාන සමග අරගල භූමියට සම්බන්ධ වෙමින් ජනතා වෛරයට ලක්ව පාරට බැසිය නොහැකිව පාර්ලිමේන්තුවේ කොටුවී සිටින තක්කඩි දේශපාලනය රටේ යහපත පිණිස හැසිරවීමට ක්‍රියා කළ යුතුව තිබේ.
දුලාංජලී ප්‍රෙමදාස හොර සල්ලි නෝට්ටු පෙට්ටියක් සමග හසුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ රටටම කීය. එක් නිමේෂයකින් එකී නඩු අවසන්ව දුමින්ද මෙන් ප්‍රෙමදාස දුව ගෙදර ගියේ රාජපක්ෂලාගේ කරුණාවෙනි.
ලංකාවේ පවත්නා දේශපාලනය එහෙමය. රනිල් වීරවංශ බේරුවේත් එහෙමය. තම වාසියට ඕනැම බල්ලෙකු සමග ලැගීමට සමත් ගැහැනුන් සමග නිදි වදින කිසිවෙකු මේ රටේ අනාගතය තීරණය කිරීමට තෝරාගත යුතු නැත.
රාජපක්ෂ පවුලේ පැවැත්ම සදහා රනිල් සජිත් පාඨලී වැනි අධිකරණය විසින් විනිශ්චය කළ යුතු අය සමග පාලන බලය හුවමාරු කරගත යුතුවේ. රනිල් නිරාවරණය වී අහවරය. පාඨලීගේ නඩු විභාග වෙමින් පවතී. ප්‍රේමදාස පවුලේ කිසිවෙකු උසාවි නොගියේ රාජපක්ෂලාගේ පිහිටෙනි. රාජපක්ෂලා මතු ආරක්ෂාවට ඒවා සුරක්ෂීතව තබාගෙන ඇත.
මුල්කිරිගල ඓතිහාසික චිත්‍රය ලන්ඩනයේදී විකුණූ බිල්පතද රාජපක්ෂ එකතුවේ ඇත. දුලාන්ජලීගේ හොර සල්ලි මගඩිය අලුත්ම එකය. වාහන අනතුරකදී තමන් රියැදුරාව සිටි බව චේතනාන්විතව සගවා ගත් බවට චෝදනා ලත් අධිකරණයේ නඩුවක් පවතින චුදිතයෙකුව සිටින පාඨලී චම්පික මේ සුද්ධවූ මොහොතේ වගකීම් ඉල්ලීමද ලජ්ජා නැති කමකි.
පාරාජිකවූ දේශපාලන පක්ෂ හා නායකයන්ට මේ අවස්ථාව පැහැර ගැනීමට ඉඩදිය යුතු නැත. මෙවැනි අවස්ථාවක අසල්වාසි ඉන්දියාවේ ලෝක් සභාව තොරා ගත්තේ සුලුතර පක්ෂක සාමාජිකයෙකි. මේ දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා නිතිඥ සංගමය මූලිකව භූමියේ අරගලකරුවන් සහ පාර්ලිමේන්තුව අතර යම් විධිමත් පාලමක් ඉදි කළ යුතුවේ.

එහෙත් පවත්නා හදිසි තත්වයට පිළියම් ලබාගත නාස්තිය වළකා ගැනීම අන්තර් පාලනයේ මුඛ්‍ය වගකීම විය යුතුවේ. යෝජිත 18 මාසයක අන්තර් පාලන කාලයේ ජනතාව පත් කළ නියේජිතයන්ගෙන් සැදුම් ලත් ආයතනවල මහජන නියෝජිතයන්ට මෙතෙක් ගෙවූ දීමනා තාවකාලිකව අත්හිටුවිය යුතුවේ. ඔවුන් සහභාගි දිනයකට යම් ගෙවීමක් පමණක් කළ යුතුවේ.
උදාහරණ ලෙස පාර්ලිමේන්තුවේ එක් දිනයක සහභාගිත්වය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් මුදලක් හෝ සාධාරණ වටිනාකමක් හැර අනෙක් සියලු දීමනා නතර කළ යුතුවේ. මේ අත්හදා බැලීම හරහා ඉතිරි වන්නේ රටේ ආදායම බව තේරුම් ගැනීම වැනි සක්‍රිය සහභාගිත්වයකට අන්තර් පාලන වගකීම භාරදිය යුතුවේ.
මේ කුඩා රටේ සියලු මහජන ආයතනවල වර්තමාන සංයුතියෙන් තුනෙන් එකක් කපා හැරිය යුතුවේ. එසේ වූ විට පාර්ලිමේන්තු මන්ත්‍රින් සංඛ්‍යාව 150-160 අතර පුද්ගල සංඛ්‍යාවකට සීමා වේ. අනෙක් පළාත්පාලන ආයතන නියෝජිත සංඛ්‍යාව 20,000ක් නම් එය 12500කට සීමාවේ. රටට වැය බරක් වී ඇත්තේ ජනතාව නොවේ. දේශපාලකයන් නඩත්තු කිරිමය.
තිරුබදු රහිත වාහන බලපත් දීමනා නතර කළ යුතුවේ. දේශපාලකයන් මුල්වූ රැකියා දීම් අත්හිටුවිය යුතුවේ. දේශපාලන බලපෑම් මත දිළිදු සහන සුදුසුකම් විමසිය යුතුවේ. මෙවැනි සාධනීය යෝජනා යථාර්ථයක් කීරීමට පක්ෂ දේශපාලනයෙන් නඩත්තු වෙමින් ආත්මය කිළිටි කරගත් කිසිදු පුද්ගලයෙකුට හැකියාවක් නැත.
මධ්‍යම සංස්කෘතික අරමුදල අවභාවිතා කිරීමත්, සිල් රෙදි බෙදිමත් දෙකම ජනාධිපති මැතිවරණ ආසන්නයේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු තම පුද්ගල ප්‍රවර්ධනය සදහා කෝටි ගණනක් මහජන මුදල් අවභාවිතා කිරීම් බව තේරුම් ගත හැකි සහභාගිත්වයක් අන්තර් පාලනය සදහා අවශ්‍ය වේ.
රටේ ප්‍රගමනයට යෝජනා අතැති බොහෝ පුද්ගලයන් සහ සංවිධාන නිදහස් වෘත්තිකයන්ට බලපෑම් කළ හැකි සංයුතියක් මිස, හෙට දවසේ දේශපාලනය වෙනුවෙන් අන්තර් පාලන ප්‍රයත්නයට වෛර කරන දේශපාලනඥයන් අතට මේ මොහොත බිලි කළ යුතු නැත.
මේ ජනතා ව්‍යාපාරය මර්ධනය කිරීමට රාජපක්ෂලා ඇටවූ සියලු උගුල් ව්‍යර්ථ කිරීමට නීතිඥ ප්‍රජාව මැදිහත්ව කළේ මහා කැප කිරීමකි. එකී අවස්ථාවන්හී රටේ අධිකරණ පද්ධතිය නීතිය හැර වෙන කිසිවක් සලකා නොබැලූ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුවේ. එක් අවස්ථාවක කඩුවෙල මහේත්ත්‍රාත්වරිය බිය ගැන්වීමට කළ උත්සාහය සුලුවෙන් බැහැර කළ නොහැකිය.
කුරිරු රෙජිමයක් දන ගස්වා ජනතාවගේ අයිතීන් ශක්තිමත් වෙමින් පවත්නා මේ මොහොතේ පටු දේශපාලකයන් ඊට එරෙහිව එකතුවීම අපේක්ෂා කළ යුත්තකි. මේ උදාවී ඇත්තේ අරගලය ආරක්ෂා කරගත යුතු තීරණාත්මක මොහොතය.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.