හයිජැක් කරනවා කියන එකට ඩික්ෂනරියෙ තියෙන තේරුම යමක් අනීතිකව පැහැර ගැනීම හෝ කාගේ හෝ උවමනාවට යායුතු තැන වෙනුවට වෙනත් ගමනාන්තයක් කරා ගෙන යාමයි.



මේක බහුලව අරගලය ඇතුලෙන් ඇහෙන කතාවක්.

හයිජැක් කරනවා කියල අරගලයට සම්බන්ධ විවිධ අයව විවිධ ‍හේතු දක්වමින් පන්නලා දානවා.

ගොඩක් වෙලාවට යම් යම් හොරකම් ආදිය ගැන කතා මේ පසුබිමෙන් කියනවා.

කොහොමත් ලංකාවෙ ඕනම සල්ලි ටිකක් තියෙන මිනිහෙක් ගැන සාමාන්‍ය ජනතාව කියන්නෙ කුඩු සල්ලි හෝ තවත් එවැනි ජාවාරම් සල්ලි කියලයි. ඒ අපේ මානසිකත්වය.

මේ හින්දම ඕනම තමන් අකමැති කෙනෙකුට hora කියල ලේබල් ගහන්න ශ්‍රී ලාංකිකයා පැකිලෙන්නෙ නෑ. අනිත් පැත්තට මේ හින්දම ඇත්ත horeක් සළකුනු කරගන්න පුළුවන්කමකුත් නෑ.



74ක් තිස්සෙ රට කෑවා කියන ප්‍රවාදය !

හොඳම උදාහරණය අවුරුදු 74ක් තිස්සෙ රට කෑවා කියන ප්‍රවාදය. මේ කතාව ඇතුලෙ ඇත්තක් කියවෙනවට වඩා ඇත්තක් යට යනවා.

ඒ කියන්නෙ රාජපක්ෂලා විසින් කරන ලද අසමසම රට කෑම අනිත් සියලු අය අතරෙ බෙදලා දානවා. අනිත් සියල්ලන්ගේම අඩුපාඩු තිබිය හැකි නමුත් ඒක රාජපක්ෂලා සමග එකට තබා කතා කරන්න පුළුවන් මට්ටමක දේවල් නෙමෙයි.

කොහොම වුනත් මේ හයිජැක් කිරීමේ කතාවත් එක්කම එන කතාවක් තමයි හොරකම් කළා කියන එක. අරගලය ඇතුලෙන් නැගෙන ප්‍රවාදය එක පේලියකට ගත්තොත් අපිට ඇහෙන්නෙ මෙහෙමයි. ‘රාජපක්ෂ hora, මෝටිවේසන් ‍hora, විෂ්නු වාසු hora, පැතුම් කර්නර් hora…. ආදී වශයෙන්. එතකොට මේ අරගලයත් නිකංම විහිලුවක් බවට පත්වෙනවා කියල තේරුම් ගන්න අරගලකාමීන්ට බැරි වෙලා තියෙනවා.




sinila Abesekaraසුනිලා අබේසේකර



මේ හයිජැක් කිරීමේ කතාව දේශපාලනයෙදි හරි රසවත් එකක්. එක කාලෙකදි චාල්ස් අබේසේකරගෙ දුව සුනිලා අබේසේකර ජවිපෙට එකතු වුනාම ඒ සාමාජිකයො කැළඹුනෙ සුනිලා විසින් ජවිපෙ හයිජැක් කරනවා කියලයි. විජේවීරව අල්ලගන්න අධිරාජ්‍යවාදීන් විසින් දමන ලද ඇම කෙලී සේනානායක විසින් ගිල දැම්මා කියලත් කිව්වා. ඒ කියන්නෙ සුනිලා අධිරාජ්‍යවාදීන් විසින් දාපු ඇමක්. පස්සෙ බිකිනියක් ඇඳගෙන හිටියා කියන චෝදනාව මත සුනිලාව ජවිපෙන් එලවලා දානවා. ජවිපෙ සාමාජිකයන් බයවුනේ ඉහළ පාංතික සුනිලා විසින් ව්‍යාපාරය හයිජැක් කරනවා කියලයි.


හයිජැක් කිරීමේ දේශපාලනය

මේ හයිජැක් කිරීමේ දේශපාලනය මේකයි. යම් කිසි පිරිසක් දියාරු විදිහට, අකාර්යක්ෂමව යමක් කරගෙන යනවා. හැමෝටම එකතු වෙන්න කියලත් කියනවා. ඉතින්  කවුරු හරි තරමක කැපී පෙනෙන පසුබිමක් ඇති කෙනෙක් එකතු වෙනවා. එයා දිහාවට විශාල පිරිසක අවධානය එනවා. මේක අනිත් දුප්පත් පිරිස පීඩාවට ලක්කරන හේතුවක් වෙනවා. ‘අනේ අපි මෙච්චර වැඩ කරනවා, ඇයි එයා දිහාම හැමෝම බලන්නෙ’ කියල හිතෙනවා.

කොට ඇඳපු අලි සහ පෙරහැරේ යන අලි උපමා රූපක සබැ‍දෙනවා. එතකොට නැගෙන චෝදනාව තමයි හයිජැක් කිරීම කියන එක. මේක පිටිපස්සෙ තියෙන වේදනාව අතිශයින් පුද්ගලික එකක්. ඒත් ඒක වරනැගෙන්නෙ දේශපාලන වචන ඇතුලෙ. ඒක අනවශ්‍ය දේශපාලන අර්ථකතනවලින් පැහැදිලි කරන්න හදනවා. නමුත් පොදු උවමනාව වෙන්නෙ තමන්ට ලැබිය යුතු අවධානය වෙන කෙනෙක් විසින් ලබාගැනීම.

අරගලයේ කවුරු හෝ පිරිසක් යම් එකගතා මාලාවක් හෝ යෝජනා මාලාවක් එලියට දාපු ගමන් මේ හයිජැක් විරෝධය අපිට අහන්න ලැබෙනවා.

පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අබිමුව එකඟතාවයක් ඇති කරගැනීමේ අසමත්කමට චෝදනා කරන අරගලකරුවන් අතරත් එකඟතාවයක් නෑ. එක පිරිසක් කාට හෝ පිලිගන්වන යෝජනාවලියක් පිටිපස්සෙ තව පිරිසක් හයිජැක් චෝදනාව දමා ගහනවා. හයිජැක් කළා කියල අහගන්න බයට බොහෝ පිරිස් නිශ්ශබ්ද වෙනවා.

හයිජැක් චෝදනාවට බය නැති ඇතැම් පක්ෂවල පිරිස් තමන්ගේ වැඩේ දිගටම කරගෙන යනවා. එතකොට එලියෙ ඉන්න අයට පේන්න ගන්නවා අරගලය පක්ෂයක් විසින් හයිජැක් කරලා කියල.

dfgrtrc

මේ අරගලය දැන් පවතින ව්‍යූහය ‍තේරුම් ගන්න නම් ඒක ගැන තියෙන රොමාන්තික එල්බගැනීම් පැත්තකින් තියල ඒක විසංයෝජනය කරන්න වෙනවා. මේ විසංයෝජනයට බොහෝ අය බයයි.

උදා විදිහට දවස් තිහක් විතර අරගලයේ ඉන්න පුළුවන් කාටද කියලා සරලව තේරුම් ගැනීමෙන් මේක පටන් ගන්න පුළුවන්. කිසියම් වූ රස්සාවක් කරන පිරිසකට මේක කරන්න බෑ. අරගලය වෙනුවෙන් රස්සා අතෑරලා මිනිස්සු ‍එනවා නම් ඒක අද අපි ඉන්න දුර්වල ආර්තිකයට හොඳ තත්වයක් නෙමෙයි. මේ වෙලාවෙ මොන ක්‍රමයකින් හෝ ආර්තිකය දුවවන එකත් අරගලයක්.

මගේ නිරීක්ෂණයේ හැටියට අරගලයේ පදිංචිකාරයො විදිහට පාක්ෂික සහ නිර්පාක්ෂික කියල කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක එක පක්ෂවල ෆුල් ටයිමර්ස්ලා අරගලය ඇතුලෙ ඉන්නවා. ඒ අය කොහොමත් රැකියා කරන අය නෙමෙයි. පක්ෂෙන් බලාගන්න අය. ඒ අයට තියෙන්නෙ අරගලය ඇතුලෙ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය කරන්න.

නිර්පාක්ෂික කියන අයගෙ ඉන්නවා රැකියා අහිමි වුනු සුලුතරයක්. නැත්තං රැකියාවක් කොහොමත් නොකරන බහුතරයක්. මේ දෙවෙනි කාණ්ඩය සමාජයේ සිදුවෙන යම් ක්‍රියාකාරකමක් මත ජීවත් වෙන අයයි. කාලෙකට ගස් හිටුවනවා, කාලෙකට ගංවතුරට බහිනවා, තව කාලෙකට කුඹුරු අස්වද්දනවා ආදී වශයෙන් මේ අය විවිධ ප්‍රොජෙක්ට්වලට එකතු වෙනවා. ඒ ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතය පවත්වාගන්නවා. මේ සමහර අය පක්ෂයකට බැදෙන්නෙ නැත්තෙත් එහෙම වුනොත් ව්‍යාපෘති සීමා වෙන නිසා වෙන්න පුළුවන්.

මීට අමතරව යූටියුබර්ස්ලා කීපදෙනෙක් එහෙම ඉන්නවා. (නිර්මාණාත්මක දක්ෂ පුද්ගලයන් ඉතා සුළුතරයක් අරගලයෙ ඉන්නවා කියන එකත් පිළිගන්න ඕන)



මේක කොහෙත්ම නරක හෝ පිටුදැකිය යුතු දෙයක් නෙමෙයි. විවිධාකාර වූ ආර්තික ධාරාවන් එක්කයි සමාජය පවතින්නෙ. අරගලය කියන්නෙත් ආර්තිකයක්. ආර්තිකයක් ඇති තැන විතරයි හොරා කියන එක අහගන්න පුළුවන් වෙන්නෙ.  



අපිට හයිජැක් කිරීමේ ප්‍රවාදය තේරුම් ගන්න මේ පිරිස් ගැන අවබෝධය වැදගත් වෙනවා. දේශපාලන පක්ෂවල අයට තමන්ගේ පක්ෂ ස්ලෝගන් එකෙන් එහාට අරගලය ගියොත් ඒක හයිජැක් කිරීමක් විදිහට දැනෙනවා. ඒ වෙනුවට ඒ ගොල්ලො ස්ලෝගන් තමන්ට හයිජැක් කරගන්න ට්‍රයි කරනවා.

නිර්පාක්ෂික ෆුල් ටයිමර්ස්ලට තමන් අභිභවා යන ඕන කෙනෙක් අරගලය හයිජැක් කරන්නෙක් විදිහට පේනවා. වැඩිපුර කැමරා එල්ලවෙන, කතාබහට ලක්වෙන ඕනම කෙනෙකුට විරුද්දව සංවිධානාත්මකව මේ නි.පා. ෆුල්ටයිමර්ස්ලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්.


zseweපැතුම් කර්නර්



වෙන වෙනම ව්‍යාපෘති කරගෙන යද්දි වගේ නෙමෙයි එකම බිමක ගොඩක් අය එක්ක ව්‍යාපෘති කරගෙන යන්න වෙද්දි. ඒ අය නිතරම තර්ජනයට ලක්වෙයි කියන බයෙන් ඉන්නෙ.

පැතුම් කර්නර් සම්බන්ධයෙන් ආපු විරෝධය මේ දුර්වලතාවය හොඳටම මතු කරන තැනක්. මං පැතුම් කර්නර් ෆෑන් කෙනෙක් නොවුනත් තරුණයෙක් විදිහට යම් විනයක් පිලිවෙලක් ඇතුව කර්නර් දේශපාලනයට ආවා. නාකි වෙනුවට තරුණයො ඉල්ලන සෙට් එකම කර්නර්ට විරුද්ධ වුනා. කර්නර් හයිජැක්කාරයෙක් කළා. එයාගෙ හෑෂ්ටැග් එක පවා කොල්ලකන්න පෙළඹුනා.

අරගලයේ වැදගත්ම උරුමය විදිහට සලකන්නෙ රාජපක්ෂලාගෙ මැර ප්‍රහාරයට ලක්වීම. එතන ඒ වෙලාවෙ හිටපු නැති කිසි කෙනෙකුට අරගලය අයිති නෑ කියලයි අරගලකරුවන් ප්‍රකාශ කරන්නෙ. මේ හින්ද යන්තම් ඇගිල්ලක් තැලුනු අයත් ඒ රූප ‍සෝෂල් මීඩියා දමමින් අරගලයේ මූල කොටස්කරුවෙක් වෙන්න මහන්සි වෙන එක සුලබ දසුනක් වුනා (අරගලයට එල්ල වු ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දරුණු තුවාල සිදුවුනු අය නැති බව මෙයින් අදහස් නොවේ)  



ඒ ප්‍රහාරය මුල් කරගෙන එතන තමන්ගේ තරගකරුවන් බොහෝ දෙනෙක් පිටුවහල් කරන්න, නැත්තං සැර බාල කරන්න අරගලයේ විවිධ පාර්ශ්ව  ක්‍රියාත්මක වුනා. අරගලයෙ ඉරි සීමා තීරණාත්මකව ලකුනු වුනේ එතනින්.

රටක මහා ජනතාවක් විසින් උර දීපු අරගලයක් ඒ අය හයිජැක් කරගන්න මුග්ධ උත්සාහයක් දැරුවා. අරගලය මහා ජනතාවගෙන් වෙන්වුනු තැන පටන් අරගලය අවසන් කියන සරල යතාර්ථයවත් මේ හයිජැක් මානසිකත්වයට පෙනුනෙ නෑ.

aw234මේ අරගලයේ ආරම්භය වුනේ ගෑස් විදුලිය ඉන්ධන නැතුව පවතින්න බැරි නාගරික මැද පංතිය.


මේ අරගලයේ ආරම්භය වුනේ ගෑස් විදුලිය ඉන්ධන නැතුව පවතින්න බැරි නාගරික මැද පංතිය. ඒ පංතියේ අරගලයක් දරාගන්න ලංකාවේ දේශපාලනයක් තිබුනෙ නෑ. ඒ අය අලුත් සටන්පාඨ අරන් ආවා. අලුත් විලාසිතා අරන් ආවා. ඒ ගොල්ලො වෙනස් විදිහක අරගලයක් කරගෙන ගියා. හැබැයි අරගලයෙ පදිංචිකාරයො වෙන්න උන්ට වෙලාවක් තිබුනෙ නෑ. උන් කලේ පාර්ට් ටයිම් අරගලයගක්.

පරණ අරගලකාරයො මුලින් මේ පාර්ට් ටයිම් අරගලයටත් වි‍රෝධය දක්වමින් හිටියා. මේ සටන්පාඨවල ලිංගික කතා කියවීම ගැන ඒ අයට ප්‍රශ්න තිබුන. අරගලය තමන් සතු කරගැනීමේ දුප්පත් අරගලයක ඒ අය දිගටම හිටියා.

නාගරික මැද පාංතික අරගලකරුවන් ගෙවල්වලට ගියා. ‍මේ ඉතිරි අයගෙන් පිටස්තර කවුරුන් හෝ අරගලය හයිජැක් කරනවා කියල හිතෙනවා නම් ඒක ලෙඩක්. ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ හයිජැක් කරන්න තරම් තවදුරටත් අරගලය ආකර්ශනීය නොවීමයි.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 


 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්