මේ පින්තුරයේ ඉන්නේ කෞශල්‍යා. ඔය ඇය ගොඩක් ලපටි තරුණ කාලේ ...
මගේ කල්පනාවේ හැටියට ඇය තමයි අයිරාංගනී සේරසිංහගෙන් පස්සේ ලංකාවේ හොඳම නිළිය....
එත් ඇයගේ හම කළු පැහැතියි ....
ඒ නිසා වේදිකාවේ ඇය පෙනී සිටින වාර ගණන සාමාන්‍ය අගයක් වුන ද, සිනමාවේ ඇය පෙනී සිටින වාර ගණන බොහොම අඩු වුනා.
ඇයට සමකාලීනව සහ සමාන්තරව සිනමා රංගනයට ආපු සංගීතා වීරරත්න සහ යශෝදා විමලදර්ම යන නිළියන්ට වැඩි ඉඩක් ලැබුනා තරුණ කාලේ...
ඒකට අවිඥානික හේතුව මේ නිලියන් දෙන්නාගේ පොත්ත කෞශිට වඩා සාපේක්ෂව සුදු වීම. එහෙම නැතුව ඒ දෙන්නාගේ රංගන දක්ෂතාව කෞශල්‍යා තරම් අතිනිපුන හින්ද නෙවෙයි ඒ.
ඉතින් 80 දශකය පහුවෙනකොට වින්දනවාදී සිනමාව සම්භාව්‍ය සිනමාව පරයාගෙන තොරොම්බෝල් ආකාරයකින් පොරොප්ප වගේ ඉහල එනකොට, සුදු හම නිළි-වෙළඳ-භාණ්ඩයක හුවමාරු වටිනාකමක් බවට පත්උනා....
එකෙන් අතිනිපුනතාවය අතිදක්ෂතාවයක් කරා මෙහෙයවගන්නට කෞශිට රංගන අවස්ථා හමු උනේ හරිම අඩුවෙන්...
ඇයගේ තරුණ කාලේ රටේ සිනමාව තුළ ඇගේ මේ අතිනිපුනතාවයෙන් වැඩ ගත්තා බොහොම මදි....
එකට හේතුව ඇගේ අදක්ෂතාවයක් හෝ ඇය අවලස්සන හින්දා නෙවෙයි ....
අයගේ සමේ වර්ණයට සලකපු විදිහයි ඒ ....
කෞශල්‍යා ප්‍රනාන්දු
ලංකාව වසර 500ක් අල්ලාගන සිටියේ සුදු යුරෝපියානුවන්. ඒ අල්ලාගත් දින පටන් අපේ මිනිස්සු බහුතරයක් සුදුහම ගැන ලොකු හීනමානයකින් පෙලෙන්න ගත්තා. ඈත ගම්මාන වල හම්බානක කළු පාට දරුවන්ට පවා සුදූ කියන්න, සුදු පුතා, සුදු දුව කියන්න පටන් ගත්තා. සුද්දා කියන්නත් පටන් ගත්තා.
බැරිවෙලාවත් ලංකා දූපත අවුරුදු 500ක් අල්ලාගෙන හිටියේ අප්‍රිකානු ජාතිකයින් නම්, කෞශල්‍යාට අම්බානක රඟපෑමේ අවස්ථා ලැබෙනවා සහතිකයි...
එනිසා කෞශල්යාගේ හැකියාවෙන් වැඩක් නොගත්තාට ලංකාවේ 80දශකයේ සිට පැවතුන අවිඥානිකව සුදු හැම ගැති රූපලාවනය කතිකාවෙන් හික්මිලා සිනමා පටවල කාස්ටින් කරපු අධ්‍යක්ෂවරු හා සහාය-අධ්‍යක්ෂවරු ලජ්ජා වෙන්න ඕන, සුදු බයස් කලාවක නියලුනාට.
එත් මට අනුව නම් 80දශකයේ ලංකාවේ බිහිවෙච්ච් රුවන් සම නිලියන් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තුසිතා ජයසුන්දර. අනික් කෙනා කෞශල්‍යා ප්‍රනාන්දු.
තුසිතාව ලංකාව දන්නෙම නැහැ. එකට භේතුව ඇය කුඩා කල සිට ඉංග්‍රීසි බසින් පමණක් ගනුදෙනු කළ උසස් මධ්‍යම පන්තික නිළියක් වීම. ඇයට අයිරාංගනී වගේ ලංකාවේ සිංහල-ඉංග්‍රීසි භාෂා දෙකම සමාන්තරව හසුරුවාගන්න බැරි උනා. ඒ නිසා ඇය ගිහින් නැවතුනේ යුරෝපයේ.
එත් කෞශල්යාට තුසිතට සාපේක්ෂව රටේ බිම් මට්ටමේ අත්දැකීම හසුකරගනීමේ සහ සිංහල භාෂාව හසුරුවාගැනීමේ සහ අවම තරමින් භාෂා දෙකකින් වැඩකිරීමේ පුළුවන්කම තිබුනා.
ඒ නිසාත්, තවත් ගොඩක් ප්‍රතිභාමය හේතු නිසාත් ඈ තමයි රටේ හොඳම නිළිය. මමත් ඇගේ රසිකයෙක්...
එත් නිලියක් ලෙස වන ඇගේ වෘත්තීය ජීවිතය අතිබහුතර ප්‍රේක්ෂකත්වයක් තුළින් ඉහළට මතුවී නොඒම පසුපස අවිඥානික වර්ණබේදවාදයක් පවතිනවා.
අන්තිමේ දී සංගීත වීරරත්න සහ යසෝදා විමලදර්ම යන දෙන්නා කරපු මහා දේකුත් නැහැ. එක්කෙනෙක් රට ගියා, තව එක්කෙනෙක් මේ ලඟදි ජීවිතේ නිස්සාරතාව උලුප්පන ධර්මයකට ආසක්ත උනා.
කෞශල්‍යා විතරක් සියල්ල දරාගෙන නිස්සරනද්යාශයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා.
ඇය ගැන සවිඥානික වෙනකම් නිළිකම තුළ රටේ බහුතරයකගේ සමේ වර්ණය නියෝජනය වෙන්නෙත් නැහැ. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙත් නැහැ.
ඒ නිසා නොදැන හෝ කෞශල්යාට වැරැද්දක් සිද්ධ උනා.
ඒ වෙච්ච වරදට ඇය වෘත්තීය ජීවිතයෙන් වන්දි ගෙව්වා.
රටේ කලා සංස්කෘතික සමාජයේ කළු නිලියන් අදටත් ඒ වන්දිය දිගටම ගෙවමින් පවතිනවා.
අපේ කලා සංස්කෘතික සමාජය මේ ගැන ලජ්ජා විය යුතුයි.

නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.