ජනමත විචාරණයකින් විධායකය අහෝසි කිරීමට ගෝඨාභයගේ කැමැත්ත පළවීම, 21 වෙනි සංශෝධන කෙටුම්පත පිළිබද පක්ෂ නායක රැස්වීමට ජවිපෙය
සහ ද්‍රවිඪ ජාතික සංධානය නොපැමිණීම සහ ලාල්කාන්ත මැතිවරණයයක් නොලැබේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ගමට යාමට ඉඩ නොතබන බවට තර්ජනය කිරීම ගිය සතියේ එකට පෙළ ගැසිය හැකි සිද්ධි කිහිපයකි.
මැයි 9 වෙනිදා තිරිසන් ප්‍රහාරය සැලසුම් කළ මහින්ද සහ ජොන්ස්ටන් නිදැල්ලේ සිටීමත්, මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වාඩිවී රාජපක්ෂලා වෙනුවෙන් රටේ ආර්ථිකයට ගිනි තැබුවාය කියන මහ බැංකුවේ 15 වෙනි අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ප්‍රකට ව්‍යාපාරික සමන්ත කුමාරසිංහ කැදවා බැංකු නිලධාරින් කරන ප්‍රකාශවල වලංගු භාවය විමසීමට පාඨලී සහ හර්ෂ මුල් විය යුතුවේ.
නව මුදල් නීති සම්මත කිරීමට සපත කර සිටින අගමැතිවරයා, ආචාර්ය ආර්.සමරතුංග යටතේ රටේ ආර්ථීකය හැසිරවීමට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහද ඇතුළත් කොට පත් කළ 12 පුද්ගල කමිටුව රටට විවෘත සංවාදයක් විය යුතුවේ.
රටේ ආර්ථික මර්මස්ථානයකවූ මහ බැංකුවට මින් මතු කිසිදාක කබ්රාල්, අර්ජුන් මහේන්ද්‍රන්, ලක්ෂ්මන් වැනි පිටස්තර කාලකන්නින්ට ඇතුල් විය නොහැකි ලෙසද, ලක්ෂ ගණන් පඩි කන මහ බැංකු නිලධාරින්ට විනාසය සිදුවූ පසුව විත්ති වාචක කීමට ඇති ඉඩකඩ හසුරණ නෛතික රෙගුලාසි කඩිනමින් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකය බල කළ යුතුවේ.
ශෂී වීරවංශලා සනත් නිශාන්තලා වැලිකඩ සිමෙන්ති පොළොවේ නිදා ගැනීමත්, මහින්ද රාජපක්ෂ ඇතුලු මැයි 9 වෙනිදා රට ලේ විලක් කිරීමට කුමන්ත්‍රණය කළ ජන ඝාතකයන් මානව හිමිකම් කොමිෂම වෙත කැදවීමත් ගෝඨාගෝගම ලබාදුන් ජයග්‍රහණ වෙති.
පොලිස්පති පඹයෙකු වී ජන මතයට තවත් වෙට්ටු දමයි නම් වික්‍රමරත්නගේ ඉරණම ජනතාව තීරණය කරනු ඇත. වරක් රටේ ජනාධිපතිට එරෙහි පෙළපාලියක් නියාමනය කිරීමට පොලිස්පති විධායක ජනාධිපතිවරියගේ අංගාරක්ෂක කරුණාරත්න නම් පොලිස් නිලධාරියාගෙන් දුර කතනයෙන් උපදෙස් ගත් රහසක් නොවේ. කට ඇර ඒ ටික නොකියන නෝන්ජල් රත්න තවත් මහින්ද බාලසුරිය කෙනෙකි.
රනිල් වික්‍රමසිංහ පුරාවෘතයක් වී හමාරය :
මේ එක් මන්ත්‍රි අසුනකට හැකිලී තිබියදීත් බිද වැටුණ ආර්ථීකය කෙළින් කිරීමට භාර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ පුරාවෘතයක් වී හමාරය.
චේම්බ්ලේන් අත හැර දැමූ බ්‍රිතාන්‍යය භාර ගෙන දෙවන ලෝක යුද්ධයට සාර්ථකව මුහුණ දී මව්බිම ආරක්ෂා කළ වින්ස්ටන් චර්චිල් ප්‍රතික්ෂේප කළ සාමකාමි බ්‍රිතාන්‍යයට 1945දී ක්ලෙමන්ට් ඇට්ලි අවශ්‍ය විය.
1951දී යලි බ්‍රිතාන්‍යය තෝරාගත් 77 හැවිරිදි අපරාජිත චර්චිල් 1953දී නොබෙල් ත්‍යාගයටද හිමිකම් කීය.
Sir Winston Churchill and Clement (by then Earl) Attlee at an event at the Dorchester hotel in 1959. Photograph: Keystone Press
ඉතිහාසය යනු ප්‍රත්‍යක්ෂ ඍෂි භාෂිතයකි. හැට නව ලක්ෂයක ජනතාව තේරු පාලකයන් අසාර්ථකවූ තැන පස් වරක් රටේ අගමැතිවූ රනිල් වික්‍රමසිංහ හයවෙනි වරටත් යළි කැදවීම ආශිර්වාදයක් මිස කුමන්ත්‍රණයක් නොවේ. රනිල් දරන උත්සාහය ශක්තිමත් කරනු මිස කිසිවෙකු අඩපන නොකළ යුතුවේ.
රනිල් නායකයෙකු ලෙස අගය කළ ශානක්කයන් රාසමානික්කම්ගේ හඩ පටයක් ගිය සතියේ පාඨකයෙකු මා වෙත එවා තිබිණ. ඔහුට අවශ්‍ය වුණේ රනිල් විශිෂ්ඨයෙකු ලෙස දුටු රාසමානික්කම්ගේ මැයි 20 දා හැසිරීම ප්‍රශ්න කිරීමය.
වාසියට නිරුවත්ව ගැහැනුන් ලවා ස්නානය කරවා ගත් විධායක ජනාධිපතිවරු දෙදෙනෙකු ගැන කියැවෙන රටේ රාසමානික්කම්ගේ දේශපාලන ලජ්ජා බය ප්‍රශ්න කළ යුතු නැත. රාසමානික්කම්ගේ පළමු නායකයා මහින්ද රාජපක්ෂ ය.
නායකයන් ප්‍රතික්ෂේප වෙති. යළි තෝරා ගැනෙති. වින්ස්ටන් චර්චිල් චරිතය ඊට නිදසුනකි. රටක් නාකි මයිනා කියන්නේ 'යුද්ධය දිනූ අප්පච්චි'ටය. අදත් රට විනාස කළ බැසිල් නම් අවලස්සන අමෙරිකානුවා රකින පාර්ලිමේන්තුවේ ඔල්මාද කාරයන් ප්‍රසිද්ධ හතරමං හන්දිවලදී කෝටු මස් කරන දිනය අත ළගය.
පොල්ලට ලොකු වළං කවදාවත් තිබිලාම නැත. රටට අවශ්‍ය විසදුම් මිස චරිත නොවේ. හැට අට ලක්ෂයක් තේරු නායකත්වය 113කුට මුවා වී සිටියි.
පක්ෂ නායකයන්ගේ අදහස් මුදුන් පමුණුවා ගැනීමට යාමෙන් රටට යහපතක් නොවන බව මන්ත්‍රිනි රෝහිණි විජේරත්න කළ ප්‍රකාශයක් මැයි 29 වෙනි ඉරිදා ලංකාදීපයේ පළ විය. ඇය අදහස් කරන්නේ රටේ ප්‍රශ්න ගැන නායකයන් උනන්දු නැති බවය. තනතුරු අපේක්ෂා නොකර අතුරු පාලනයකට සජිත් උදව් කළ යුතු බවද ඇය අවධාරණය කරන්නීය.
තනි රනිල් වටා සර්ව පාක්ෂික කවයක් නිර්මානය කිරීම...
තනි රනිල් වටා සර්ව පාක්ෂික කවයක් නිර්මානය කොට ජනතා අපේක්ෂා ශක්තිමත් කිරීමේ වගකීම පාර්ලිමේන්තුව නියෝජනය කරන රෝහිණි විජේරත්නලා වෙත පැවරෙන නිර්දේශපාලනික වගකීමකි. රනිල් තනිව ගොස් අගමැතිකම භාර ගත්තේ පක්ෂ නායකයන් ගිනි ගත් රැවුලෙන් සුරැට්ටු පත්තු කිරීමට යාම නිසාය.
ජවිපෙය, ද්‍රවිඪ ජාතික සංධානය මෙන්ම සජබයද අවශ්‍ය ක්ෂණික මහ මැතිවරණයකට මිස, කඩිනම් විසදුම් ලබාදෙන ආර්ථීක වැඩ පිළිවෙලකට එකග නැත. කඩිනම් මහ මැතිවරණයකට එකග නොවේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ආපසු ගමට යාමට ඉඩ නොදෙන බවට තර්ජනය කරන ලාල් කාන්තගේ නායකයා 21 සංශෝධනය ගැන කැදවූ පක්ෂ නායක සාකච්ඡාවටවත් ගියේ නැත.
තමන් සතු අත්දැකීම් හා ශක්තිය යොදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෝඨාභයද එකග පරිදි ජනමත විචාරයක් සදහා පාර්ලිමේන්තුවට බල කිරීමට ජවිපෙය සූදානම් නැත. ඒ ජවිපෙයද විධායක ක්‍රමයට කැමති නිසාය. මුදල් රෙගුලාසි කඩිනමින් අලුත් කිරීමට ජවිපෙට අවශ්‍ය නැත. සාගින්නෙන් විලාප දෙමින් විප්ලවයක් ඉල්ලන ජනතාවක් මිස සතුටෙන් පිරුණ රටක් ජවිපෙය අපේක්ෂා නොකරති.
1935 ආරම්භ කළ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වසර හතළිස් දෙකකට පසුව, එක පොදියකට ගැට ගසා විසි කිරීමට 1977දී රටේ ජනතාවට සිදුවිය. ඊට සාපේක්ෂව වසර (1971-2022) පනස් එකක් පැරණි ජවිපෙය නම් ලංකාවේ දෙවන වාමාංශික කුඩු මුලද, කල් ඉකුත්ව හමාරය. 2004දී 36ක් වූ පාර්ලිමේන්තු ශක්තිය 2020දී 3 බවට හැකිලීම වීම එක් උදාහරණයක් පමණකි.
පෙරටුගාමින් මෙන්ම ජවිපෙයද හැමදාම කළේ සිය අඛණ්ඩ මනෝමූලික අරගලය නඩත්තු කිරීම පමණකි. ගමේ සති පොලේ බල්ටි විසිල්වලට වඩා හරවත් යමක් අඩ සිය වසක් පුරා රට ඉදිරියේ තැබීමට ජවිපෙය සමත් වී නැත. ඔවුන් අරගල වෙනුවෙන් කොපමණ තරුණ වැඩිහිටි ගිහි පැවිදි ජීවිත මෙන්ම පොදු දේපල විනාස කළෙහිද?
තුනෙන් දෙකක ජන කැමැත්තෙන් බලයට පත් පළමු අගමැතිනිය අත් අඩංගුවට ගැනීමට 1971 අප්‍රේල් 06 වෙනිදා සන්නද්ධ ජනතා විමුක්ති පෙරමුණ තැත් කිරීමේ සිට 2022 මැයි 09 වෙනිදා ගෝටාගෝගමට අප්‍රේල් 9 වෙනිදා රැස්වූ බලවේගය එක් මසක් ගෙවුණ මැයි 09දා තුනෙන් දෙකක බලයෙන් සන්නද්ධව සිටි මහින්ද රාජපක්ෂ පළවා හැරීමේ ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීම තෙක් වසර පනස් එකකුත් එක් මාසයක් සහ දින හතරක් ජනතා විමුක්ති පෙරමුණ ගමන් කර ඇත්තේ වනු ගා ගෙන මිස නොන්ඩි ගසමින්වත් නොවේ.
ජවිපෙය දේශපාලනික පැවැත්ම පෙර වැරදි සහිත අයිආර්සී කාරයෙකු වඩා යමක් නොවේ. බල තන්හාවෙන් පාලක රෙජිමය සැලසුම් කළ මැයි 9 වෙනිදා භීෂණයේ කුණුරොඩු කැත කුණු බාල්දිය ජවිපෙ ඔලුවට හැලීමට රාජපක්ෂලා සමත් විය. රටේ හැම පවුල් දහයකට එක් පවුලක්ම ජවිපෙය වෛර කරති. ගහන්න එපා යන ඉල්ලීම ආත්මීය තේමාව කරගත් නිරායුධ ගෝඨාගෝගමට පොලු මුගුරැ රැගෙන ආවේ මහින්ද රාජපක්ෂගේ තක්කඩින් පමණක් නොවේ.
ගෝටාගෝගම තරුණ ව්‍යාපාරය ජන අරගල ඉතිහාසයට ‘ගහන්ඩ එපා කවුද කියලා බලා ගන්න‘ යනුවෙන් සාරාංශ කළ හැකි කෙටි ව්‍යාකරණයක් හදුන්වා දීමෙන් විශ්ව කීර්තියට පත්ව සිටිති.
දින තිහක කෙටි සටන් ව්‍යාපාරය තුළ ආරක්ෂක අංශ ආකර්ශණය කරමින් ගෝටාගෝගම ක්‍රියාකාරින් දියත් කළ සදාචාර සම්පන්න විනයගරුක අරගලය රටේ හමුදාපතිද පාලකයන්ට එපාවන තරමට ජවාධික විය.
අඩ සියවසක් පැරණි ජනතා විමුක්ති පෙරමුණත් එහි පැටවෙකු වූ පෙරමුගාමින්ද මේ අත්දැකීම් හමුවේ ලජ්ජා විය යුතුවේ.
ගෝඨා ගෝ හෝම් කීවාට තවමත් ගෝඨාභය ඉවත්ව ගොස් නැත. මහින්ද වෙනුවට රනිල් පැමිණියේ රාජපක්ෂලා වෙනුවෙන් කීම ඒ පොදුජන ජයග්‍රහණය තැබූ පියවර හෑල්ලු කිරීමකි. ලැබුණ යකාගේ පාට විමසනවාට වඩා රටේ ආරවුල ආවේගශීලිය. කෙටි කාලයක් තුළ නිශ්චිත විසදුමක් නො ලැබුණොත් රටේ ඇතිවිය හැකි තත්වය ගැන සිතීමටත් බිය උපදවන තරම්ය. පීඩනය, බඩගින්න යනු වහා ගිනිගෙන ඇවිලෙන සුලුය. එය සටන් පාඨ වලින් මැඩිය නොහැකිය.
බැසිල්ලා, රාජපක්ෂලා විනාස කළ ආර්ථිකය ගොඩ දැමීමට මිස ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩ දෙන්නේ නැත. විපක්ෂයේ සජිත් අනුර සහ පෙරටුගාමින් ඉල්ලන්නේ මැතිවරණයකි. එහි තේරුම රටේ තිරසාර විසදුමකට ඔවුන් තුළ පවත්නා අකමැත්තය. ජාති ආගම් කුල පක්ෂ පළාත් වාදයෙන් ඇස් නිලංකාරව සිටින දේශපාලනඥයන්ට රටම තල්ලුවී සිටින අවදානම් බිම් කඩ හදුනා ගැනීමට සිදුවන්නේ තිරිසනුන් සේ කටයුතු කිරීමෙන් පමණකි.
තිස්ස අත්තනායකම පිළි ගෙන ඇති ආකාරයට, ලක්ෂ ගණනක හොර නෝට්ටු අතැතිව සිට හසුවූ දුලාංජලී ප්‍රේමදාස නීතියෙන් බේරුවේ ජාතියට හොරකම දූෂණය පුරුදු කළ විධායක ජනාධිපතියෙකි.
ගෝඨා ගෝ හෝම් කී විට රටේ අගමැති තනතුර වෙනස් කොට දැන් හරි සිස්ටම් චේන්ජ් කළා ය කියා මන්ද බුද්ධික ලීලාවෙන් සිනාසෙන්නේද අටපහ නොතේරෙන විධායක ජනාධිපතියෙකි.
කොවිඩ් වසංගතයට ලෝකයම කඩිනමින් එන්නත් නිපදවමින් සිටි අතීරණාත්මක මොහොතක එන්නත් අනවශ්‍ය බව ප්‍රසිද්ධියේ කියා රටේ ජනතාවට පැනියක් පෙවීමට සෞඛ්‍ය අංශ මෙහෙයවන ලද්දේද, ජාත්‍යන්තරයට විශ්වාසය තැබිය හැකි සමබර ආණ්ඩුවක් අවශ්‍ය මොහොතක රාජ්‍ය ආයතන 42ක් තම භාරයේ තබාගෙන සිටින්නේත් මන්ද බුද්ධික විධායක ජනාධිපතියෙකි.
ආර්ථීක අවපාතය යනු පාලන ක්‍රමය ඇති කළ විකෘතියක් නොවේ යයි දකුණත ඔසවා සොලවා කියන්නට හැක්කේ කාටද? දුමින්ද සිල්වාට ලැබුණ ජනාධිපති සමාව පිළිබද මූලික අයිතිවාසිකම් නඩුවෙන් පෙනී යන්නේ විධායක ජනාධිපති සිය විධායක ප්‍රතිපාදන පුද්ගල සාධක මත විහිදුවන බවට ජනතාව තුළ පවත්නා සැකයට යම් පදනමක් ඇති බවය. හෙවත් රටේ පවත්නා පාලන ක්‍රමය විකෘතියක්ය බවට ඇති විශ්වාසයයි.
මේ උදාවී ඇත්තේ හොරුන් අල්ලන මොහොත ලෙස කිසිවෙකු සිතයි නම් ඒ තක්කඩියෙකු මන්දබුද්ධිකයෙකු මිස, සබුද්ධික පුරවැසියෙකු නම් විය නොහැකිය.
ගුටි කෑමට නියමිතයි !
රාජ්‍ය සේවය පැත්තෙන් දැකිය හැකි සාධනීය නැඹුරුව විශිෂ්ඨය. මේ මොහොතේ වැටුප් වැඩිකිරීමට කතා කිරීම යනු ආදායමක් නොලබන බහුතර මිනිසුන්ගෙන් තමන් ගුටි කෑමට හේතුවක් බවට රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ කළ ප්‍රකාශය පවත්නා ගැටලුව නිර්දේශපාලනිකව ජනතාවගේ පැත්තෙන් කියවීමකි.
ඔහු කියන්නේ යම් කාලයක් අප කිසිවක් රටෙන් අපේක්ෂා නොකළ යුතු බවය.
මහාමාන්‍ය ඩී.එස්.සේනානායකගේ ආස්ථානයන් දෙකක් මෙහිදී පෙළ ගැස්විය යුතුය.
පළමුවැන්න සර්ව ජන ඡන්ද බලය පිරිනැමුණ මොහොතේ ඔහු කීවේ රටේ බහුතර ජනතාව එවැනි වගකීමක් දරන තරමට සුදුසු තත්වයක නැති බවය. දෙවැන්න නිදහස් ආගමත් රාජ්‍ය පාලනයත් දෙකක් වන අතර, රටේ බදු ආදායම ආගමික උවමනා වෙනුවෙන් වැය නොකළ යුතු බවය. දසක හතක් පුරා රටේ පාලකයන් ඒ ඍෂි දැක්මෙන් බැහැරව සිදු කළ විනාසය රටම අත් විදිති.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )
https://theleader.lk/featured/11913-2022-06-03-05-05-35#sigProIda04a38dc6d