මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා.



‘මචං උඹ දන්නවද අර ගමකට කලවැද්දො ප්‍රශ්නයක් ඇවිත් වෙච්ච දේ?’

ඌ ළගදි මගෙන් ඇහුවා.

‘නෑ බං’ ඌ දන්න කතා ගොඩ මං දැනගන්න විදිහක් නෑනෙ.


‘ඔන්න ගමකට කලවැද්දන්ගෙන් ප්‍රශ්නයක් ආවලු. හැම ගෙදරකම සීලිමේ කලවැද්දො. ඉතින් ගමේ කට්ටිය එකතු වෙලා කලවැදි ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න සමිතියක් පටන් ගත්තලු. කලවැද්දන් පන්නා දැමීමේ සංසදය කියල නමකුත් දාගත්තලු. දැන් මේ ගොල්ලො නිතර මුනගැහෙනවා. කතාබහ කරනවා. ඊට පස්සෙ එක එක්කෙනාගෙ ගෙවල්වල පාර්ටි දාන්නත්, ට්‍රිප් යන්නත් පටන් ගත්තලු. දැන් කලවැද්දන්ගේ සංසදය නැගලම යනවා. හැබැයි අර කලවැද්දො ටික තාම සීලිම උඩ. කාටවත් ඕන නෑ අර කලවැද්දන්ගෙ ප්‍රශ්නෙ විසඳන්න. මොකද ඒක විසඳුවොත් සංසදය නැති වෙනවා. මේ සංසදය තමයි උන් ජීවිතේ දැකලා තියෙන ආතල්ම දේ. ...


''ඉතිං මචං දැන් අරගලයත් ඔන්න ඔය වගේ වෙලා තියෙන්නෙ. අරගලකාමීන් කැමති නෑ රටේ ප්‍රශ්න විසදෙනවට. එහෙම වුනොත් උන් නිර්මාණය කරපු අරගලේ නැති වෙනවා. උන්ගෙ සංගීත සංදර්ශන, චිත්‍ර පංති, පුස්තකාල පවත්වගෙන යන්න අරගලේ ඕන.  ඒක හින්ද පාර්ලිමේන්තුවෙන් එලියෙ වගේ කරන්න බැරි කතා කිය කිය සදාතනික අරගලයක් පවත්වාගෙන යන්න තමයි අරගල සංසදේ අයට ඕන. ඒක නරක දෙයක් නෙමෙයි.''

ඒ තමයි යාලුවා කියපු කතාව.



අරගලය විසින් දිනා දීපු ගොඩක් හොඳ තත්වයන් තිබියදීත් මේ වෙද්දි අරගලකාමීත්වය විසින් සියල්ල නැවත රටට හානිකර තත්වයට පෙරලමින් ඉන්නවා. අපි ගොඩක් වෙලාවට නරකම වැඩ කරන්නෙ හොඳ ස්ථාපිත කිරීමේ අරමුනෙන්. නමුත් ගමනාන්තය නෙමෙයි ගමන විසිනුයි අවසාන ප්‍රතිඵල තීරණය කරන්නෙ.



මේ වෙද්දි කවුරු හරි ෆේස්බුක් ෆීඩ් එකක් දිහා උවමනාවෙන් බැලුවොත් දකින්න පුළුවන් එකම දේ තමයි වෛරය. පලයව්, පන්නව්, අරූ හොරා, මූ හොරා, අරූව හිරේ දාපිය, මූව නිදහස් කරපිය, මෙයාකාරයේ බැණවැදීම් සහ තගදැමීම් නිව්ස්ෆීඩ් පුරවනවා. යම් හෝ ප්‍රතිවාදී අදහසක් නැගෙන සැණින් මොබ් සංස්කෘතිය ක්‍රියාත්මක වෙනවා.

මේ දේවල් කරන්නෙ අරගලය ආරක්ෂා කිරීම වෙනුවෙන්. ජනතාව වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ මේ විදිහටම දේවල් කළා දේශප්‍රේමය වෙනුවෙන්. ඒ කාලෙ අපි දේශද්‍රෝහීන්.

 රටක් ඉතාම අසීරු තත්වයක් පසු කරද්දි ඊට යම් සහායක් දෙනවා වෙනුවට සියල්ල කඩාකප්පල් කරන, අරාජිකවාදී මනසක් නිර්මාණය කිරීම තමයි කළ හැකි බරපතලම හානිය.



සියලු විනෝදාස්වාද තත්වයන්, සමාජ කතිකාවන් අහෝසිවන පරිසරයක අරගලයට පුළුවන්කම තිබුණා ඒ මිනිස් වේදිකාව බවට පත්වෙන්න. ඒත් ඒක කල්ට් ආගමිකකරණයට ලක්වීමෙන් සියල්ල දෙස නිශේධනාත්මකව බලන, ඩිප්‍රෙසිව් මනසක් නිර්මාණය කරන ක්‍රියාවලියක් වෙලා තියෙනවා.


ksdjf
මේ වෙද්දි අරගලකාමීන්ගෙන් බැහැර මහා සමාජයේ යම් ආකාරයක ස්ථාපිත තත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැදගත් පණත් පාර්ලිමේන්තුව ඇතුලෙ ඉක්මන් සාකච්ඡාවන්ට ගැනෙනවා. 

 
ගෑස් තෙල් විදුලිය ආදී ප්‍රශ්නවලටත් අවශ්‍ය ණය ප්‍රතිපාදන ලබාගන්නත් රජයක් විදිහට කඩිණමින් වැඩ කරන බව පේනවා. රජයක වගකීමක් මිනිස්සුන්ට දැනෙනවා.

කවර හෝ රජයක් යටතේ මේ විශ්වාසය නැවත ස්ථාපිත කරන්න පුළුවන් වීම මේ වෙලාවෙ ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම දුමින්ද සිල්වා ආදීන්ගේ විධායකයේ සමා තීන්දු පවා යළි හරවන අධිකරණ බලයක් නිර්මාණය වෙමින් තියෙනවා. 
 
නීතිඥ සංගමය විසින් කළ ප්‍රබල මැදිහත්වීම් හරහා නීතිය යනු පුරවැසියන් වෙනුවෙන් සාධාරණය සහ යුක්තිය උදෙසා පවතින ක්‍රමවේදයක් බව කාලෙකට පස්සෙ තහවුරු වෙමින් තියෙනවා.

මේවා සුවිසල් ජයග්‍රහණ.


අපි බිඳවැටෙන රාජ්‍යයක් යළිත් අසීරුවෙන් එකතු කරන වෑයමක ඉන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ වැඩක් කළ හැකි, කාර්යශූර මන්ත්‍රීවරුන් අවදානමක් අරගෙන ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න එකතු වෙනවා. එහෙම එකතු වෙන්න බැරි අය ආණ්ඩුවට වැඩකරගෙන යන්න සහයෝගය දෙමින් නිහඩ වෙනවා. පාර්ලිමේන්තුව තුල යම් යම් සාධනීය වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. මේ බලාපොරොත්තු සුන්විය යුතු කාලයක් නෙමෙයි. බලාපොරොත්තුව වැදගත්ම කාලයක්.


ඒ වගේම අපිට දකින්න තියෙන නරක තත්වයක් වෙන්නෙ සමාජය‍ෙ සියල්ලෝම දැඩි ආරක්ෂණවාදී තත්වයන්ට ඉක්මනට පසුබැසීමයි. කන්න නැති වෙනවා, බොන්න නැති වෙනවා, අරක නැති වෙනවා, වවාගනිල්ලා වගේ කතන්දර වලින් අපි කොහොම හරි කන්න ටිකක් හොයාගැනීමේ මානසිකත්වයකට ගොදුරු වෙනවා.

අපි ඉන්නෙ දුෂ්කරතාවයක බව ඇත්ත. ඒත් අපිට සිද්ද වෙනවා ඒකට මුහුණ දෙන නිර්මාණශීලී ක්‍රමවේද හොයාගන්න. ආර්තිකය සංකෝචනය වීම ඇතුලෙ අපි ආපහු ගොඩගන්න බැරි අමාරුවක වැටෙනවා.


මේ වෙලාවෙ අවශ්‍යම වෙන්නෙ නව අදහස් ඇති ව්‍යවසායකයො. ඒ අය රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ක එකතු වෙලා විවිධාකාරයේ ව්‍යාපෘති පටන්ගන්න වෙනවා. වෙනත් රටවල අපිත් එක්ක එකතු වෙන්න කැමති පිරිස් එකතු කරගන්න වෙනවා. වැදගත්ම කාරණයක් විදිහට මං දකින්නෙ බටහිර රටවල විකල්ප සිතීමේ ක්‍රියාවලීන් අපේ රටට විවෘත කරගන්න එකයි.


අර්බුදය ඇතුලෙ ඉන්න අපි පුළුවන් තරම් බලන්නෙ හැකිලෙන්න. අපේ මනස ටිකෙන් ටික ආරක්ෂණ යාන්ත්‍රණයන්ට නතු වෙනවා. ඒ හින්ද අපිට ඕන වෙනවා ‍විවෘත මනසකින් පිට ඉඳන් බලන්න පුළුවන්, උදව් කරන්න කැමති පිරිස්. එහෙම විකල්ප නිර්මාණශීලී සමාජ ව්‍යාපෘති ගැන අදහස් ඇති තනි තනි පුද්ගලයන් වුනත් මේ වෙලාවෙ අපිට ලොකු ආයෝජනයක්.

අර්බුදයක් වෙලාවෙදි ඒකට විසඳුම් නිර්මාණය වෙන්න අවශ්‍යම තත්වයක් වෙන්නෙ ධනාත්මක සිතීමේ පරිසරයක්. එහෙම පොසිටිව් හැගීමක් නැතුව වර්ධනාත්මක අදහසකට වැඩෙන්න බෑ. සතුට නිර්මාණය වෙන එකයි වැදගත්. අපේක්ෂාව නිර්මාණය වෙන එකයි වැදගත්. ආර්තිකයක ටැන්ජිබල් නොවෙන මේ කාරණා තමයි සියල්ලෙහි පටන්ගැන්ම වෙන්නෙ.


අරගලය ඇතුලෙ වුනත් අපි කරමින් ඉන්නෙ ගොසිප් දේශපාලනය....

ඒත් අපි මේ වෙද්දි දරුණු කොටුවීමක ඉන්නවා. රනිල් අරයත් එක්ක ඩීල්, මෙයා මෙහෙම ඩීල් යනාදී වශයෙන් කුමන්ත්‍රණවාදී දේශපාලන උපකල්පනවල හිරවෙලා ඒවා වෙනුවෙන් සටන් කරනවා. කාගේ හෝ යටිසිතේ ඇති ඩීල් හොයනවා වෙනුවට ඒ යම් අහිතකර දේශපාලන මොහොතක් ක්‍රියාවට නැගීමේදී ඊට විරුද්ධ වීමේ පැහැදිලි එලිමහන් පුරවැසි භාවිතාවට අපි තාම හුරු නෑ. 
 
අරගලය ඇතුලෙ වුනත් අපි කරමින් ඉන්නෙ ගොසිප් දේශපාලනය.


sertgඑකපාරට ලංකාවම අජිත් කුමාරසිරිගෙ ෆෑන්ස්ලා වුනාද?


මං හැමදාම  විකල්ප ආර්ට් සහ කතිකා එක්ක ගතවෙන කෙනෙක්. මෙතනදි මං දකින දේ ඒ අපි වැඩකරපු විකල්ප වේදිකාව මහා ඉඩකඩක් අල්ලගත්තා කියන එක. අපේ ආර්ට් එක අරගලේ ආර්ට් එක වුනා. ඒක මං සතුටු වෙන කාරණයක්.

ඒත් මහා පොදු ජනප්‍රිය ආර්ට්වලට, කතිකා වලට මොකද වුනේ? ඒවා එක්ක ගතවුනු මිනිස්සු මාස දෙකෙන් තුනෙන් පරිණාමය වුනාද? එකපාරට ලංකාවම අජිත් කුමාරසිරිගෙ ෆෑන්ස්ලා වුනාද? මට හිතෙන්නෙ අරගලය ඇතුලෙ අපි මහා සංස්කෘතිය පිටුවහල් කරලා තියෙනවා කියල. අභියෝගය තියෙන්නෙ ඒ මහා සංස්කෘතිය ඇතුලට අපි යන එක මිස ලොකු අවකාශයක් අත්පත් කරගෙන මහා සංස්කෘතිය පිටමං කරන එක නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. නැත්තං අපි කරන්නෙ සංස්කෘතික ත්‍රස්තවාදයක්.


අරගලය කියන තැනින් දැන් අපි පුරවැසි බලය වගේ තැනකට මාරු වෙන්න ඕන....

අරගලය කියන තැනින් දැන් අපි පුරවැසි බලය වගේ තැනකට මාරු වෙන්න ඕන. පවතින විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ තුනට බැහැරින් ස්ථාවර පුරවැසි බලයේ වේදිකාවක් නිර්මාණය කිරීමයි අරගලයේ ජයග්‍රහණය වෙන්නෙ. ඒකෙ ප්‍රධානම දේ වෙන්නෙ වගකීම බාරගැනීමයි. විවේචනය කියන තැනින් අපි වගකීමක් අරන් වැඩකරන තැනට ඇටිටියුඩ් එක වෙනස් කරගන්න වෙනවා. මිනිස්සු පාරට බස්සන එක නෙමෙයි මේ වෙලාවෙ අවශ්‍යතාවය වෙන්නෙ. පාරට වැටුන මිනිස්සුන්ට ආපහු ගෙවල්වලට යන්න පුළුවන් තත්වයක් නිර්මාණය කරන එකයි.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 

 


නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 

 
රට වෙනුවෙන් එකතුවන්න 
 

 

Leader Whats app

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58