මනෝවිශ්ලේෂණ අර්ථයෙන් ෆැන්ටසිය යනු, කිසිසේත් ‘යථාර්ථයේ’ විරුද්ධ පැත්ත නොවේ. ෆැන්ටසිය යනු, යථාර්ථය ගොඩනඟන්නට උදව් කරන ආධාරකය යි.


උදාහරණයක් ලෙස, මේ දිනවල ‘දේශපාලකයන්’ පොන්නයන් බවට පත් වී ඇතැයි හැමතැනින්ම චෝදනා නැගේ. 2009 අවසන් යුද්ධයේ දී, දෙමළ වර්ගය විනාශ කිරීමට යාමේ දී ගෝඨාභය රාජපක්ෂ ‘එක්සත් ජාතීන්ට’ නොව ඇමරිකා එක්සත් ජනපදයට ද බිය නොවුණේ ය. කොටින්ම, නෝර්වේ සහතිකය මත සුදු කොඩි ඔසවාගෙන පැමිණි සියලුම LTTE නායකයන් ඝාතනය කරන්නට ද එවකට පැවති රෙජීමය කිසිසේත් බිය නොවී ය.

නමුත්, එදා එසේ කළ ගෝඨාභය රාජපක්ෂ අද පවතින තත්ත්වයට පත් වූයේ කෙසේ ද? එය, හුදු පුද්ගලික මට්ටමේ දුර්වලතාවයක් ද? මේ ගැටලුවට පිළිතුරක් කිසිවෙකු අත නැත.

එම නිසාම, සියලු දෙනාටම ඇත්තේ, ‘බාහිර යථාර්ථය’ පිළිබඳ දෙවන ෆැන්ටසිය යි. ඔවුහු තම තමන්ගේ යථෙන් ගැලවීමට ප්‍රබන්ධයක් ලෙස යථාර්ථය මවනවා මිස, තමන්ට බාහිරින් පවතින සංකේත ප්‍රබන්ධය පරීක්ෂා කරනවා නොවේ.



ෆැන්ටසිය නම් කාසියට දෙපැත්තක් ඇත. එක පැත්තක ඇත්තේ, සංකේත ප්‍රබන්ධය යි. ඉන් අදහස් වන්නේ, යථාර්ථයට හිමි ප්‍රබන්ධ මානය යි. එපරිදිම, මෙම ප්‍රබන්ධ මානය බිහිසුණු ලෙස විනාශ කරන අවතාරීය මානයක් ද ඇත. ෆැන්ටසියේ දයලෙක්තික මානය මෙලෙස විග්‍රහ කළ හැකි ය. ෆැන්ටසියේ කේන්ද්‍රය තුළට අප යන විට දී හමු වන්නේ, එහි පරස්පරය යි.



sdtry

ගම්පෙරළිය නවකතාවේ පියල් ෆැන්ටසිකරණය කරන්නේ, පොහොසත් නන්දාව ය. නමුත්, නන්දාව ඔහුට විවාහයේ දී අභිමුඛ වූ වහාම ඇයගේ ආශාවේ ප්‍රහේලිකාමය ස්වභාවය හමු වෙයි. TITANIC චිත්‍රපටයේ කම්කරුවා වන ජැක් මධ්‍යම-පන්තික රෝස්ට භක්තිමත් වෙයි. එය අවසන් වන්නේ, අත්ලාන්තික් සාගරයේ නීල ගැඹුරට මළමිනියක් ලෙස ගිලී යාමෙනි.


එම නිසා, ෆැන්ටසියට හිමි ප්‍රබන්ධ මානය අවසන් වන්නේ, භීමත්වය නම් යථෙහි ගැටීමෙනි. සරලව කිවහොත්, ෆැන්ටසියේ හරය තුළම එහි විනාශය ද ඇත. යම් පතන වස්තුවක් හිමිකර ගත් වහාම එහි අගය නැති වී යන්නේ මේ නිසා ය. මේ තත්ත්වය, ෆැන්ටසියේ මදය යි. ෆැන්ටසිය සතුව හීලෑ කරන මානයක් සේම මුරණ්ඩු මානයක් ද ඇත.

 


එක පැත්තකින්, මිනිසාට ජීවත් වීමට මායාවන් අවශ්‍යය. අප ජීවත් වන මේ යුගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, මෙම මායාවන් අපට අහිමි වී යාමයි. මායාවන්ගෙන් තොරව අපට ජීවත් වීමට බල කෙරී ඇත.

ෆැන්ටසියෙන් තොර ලිංගික සබඳතා යනු, පරාරෝපණයකි. මේ හේතුව නිසා, අනෙක් පසින් අපව බලහත්කාරයෙන් රවටන ප්‍රේක්ෂාවන් අවශ්‍යය. මින් අදහස් වන්නේ, ෆැන්ටසියේ දෙකොන වැසීමට අපට ආත්මීයත්වයක් අවශ්‍ය බවයි. නූතන දේශපාලනයට ‘මහජනයා’ අවශ්‍ය වන්නේ, මේ නිසා ය.



ඉහත විග්‍රහය සත්‍ය නම්, අපගේ දැනුම ලැබෙන ක්‍රමය නැතහොත්, ඥාණ-විභාගය ප්‍රබන්ධයක් සහ ධනාත්මක එකක් වනු ඇත. අනෙක් පසින්, අපගේ ආත්මීය උවමනාවන් සද්භාවවේදී ය. එය, යථක් සහ නිශේධනාත්මක එකකි. අපගේ යථාර්ථය පිළිබඳ අවබෝධය සංඥාවක් නම්, මෙහි එක පැත්තක අර්ථය ඇති අතර එහි අනෙක් පැත්තේ සංකල්පය නැතහොත්, විද්‍යාමාණය ඇත.




මීට මාස එකහමාරකට පමණ පෙර මහජනයා එක්වරම රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බසින ලදී. අප සහ තවත් සුළුතරයක් හැර, ඉතිරි දේශපාලන සංවිධාන සියල්ල එය ධනාත්මක ලෙස භාර ගත්තේය.

 එතැනින් නතර නොවී, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර, කුමාර් ගුණරත්නම්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැනි සංවිධාන තම අනාගත ෆැන්ටසිය බවට මේ පාරට බට අරගලකරුවන්ව ස්වකීයකරණය කරන ලදී. ඊට අනුව, තම සංවිධානවල කාඩර්වරුන්ව මෙහෙය වන ලදී.

මැයි 9 වන දා සමාජ විප්ලවයකට ආසන්න සිදුවීම් ජාලයක් ද සිදු වුණි. ඉහත කී එකදු නායකයෙකුවත් මනෝවිශ්ලේෂණය නම් විෂය පිළිබඳව කිසිවක් දන්නේ නැති අය යි. එම නිසා, ඔවුන් ජීවත් වන්නේ ප්‍රබන්ධ බුබුලක් තුළ ය.


සිදුවීම දිගට විග්‍රහ නොකර, අපි දැන් එය මෙලෙස සාරාංශගත කරමු. සිදුවීමක් සිදු විය. අපේක්ෂිත ප්‍රතිඵල ආවේ නැත. අන්තිමට, ධම්මික පෙරේරා මිස රැට්ටා ඉදිරියට ආවේ නැත. රෝස් නිව්යෝර්ක් නගරයට සේන්දු වූ අතර ජැක් නම් කම්කරුවා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ ය. අප මේ යෝජනා කරන්නේ, මෙවැනි අදහසක් නොවේ : ‘අපි කලින්ම දැනගෙන හිටියා ඔහොම දෙයක් වේවි කියලා’. අපගේ අදහස ඊට වඩා කෲර ය. ඔබ නිසා, අප උගත් විද්‍යාවන් තහවුරු කර ගැනීමට අපට හැකි විය.


අපට බාහිරින් ඇති ‘වාස්තවික යථාර්ථය’ යනුවෙන් අදහස් වන දෙය වෙනත් සාධකයක් මත පරායත්ත බව වැටහී ගියහොත් කුමක් වේද? එනම්, මේ කියන වාස්තවික යථාර්ථය රඳා පවතින්නේ, අපගේ ආත්මමූලික ෆැන්ටසි, විශ්වාසයන්, පරමාදර්ශයන් මත යැයි තේරුම් ගතහොත්, අප යථාර්ථය යැයි විශ්වාස කරන දෙය රඳා පවතින්නේ ෆැන්ටසි මානයක් තුළ ය.



මිනිසුන් තම විරෝධය දැක්වීමට මහ පාරට පැමිණි විගස, වාමාංශිකයන් බහුතර දෙනෙක් ගියේ මෙවැනි ආකල්පයකට ය : “මෙතෙක් අපව වෙලාගෙන සිටි ධනවාදී මහා අනෙකාට අනුව, මහජනයා ඊට විරුද්ධව පාරට බසින්නේ නැත. උතුරු-නැගෙනහිර මිස අප එවැන්නක් 80 දශකයට පසු අත්දැක නැත. නමුත්, දැන් මිනිසුන් ප්‍රමාණාත්මකව විශාල ලෙස එළියට බසින්නේ නම් ඉන් අදහස් වන්නේ, ‘ධනවාදී-මහා අනෙකා’ (දෙවියන් මිය ගියා වැනි අදහසක්) මිය ගොස් ඇති බවයි. එබැවින්, අප සිතූ දෙය ඉටු වී ඇත. වස්තුව සහ ආත්මය අතර පරතරය අවශෝෂණය වෙමින් පවතියි. අපට ඇත්තේ, මේ මිනිසුන්ව එක දිශාවකට පැන්නීමට ය. එනම්, ඡන්දයකින් හෝ ඉන් තොරව රාජ්‍ය බලය අතට ගත යුතු ය. (ඊජිප්තුවේ දී, මුස්ලිම් සහෝදරත්වය මේ පියවරට පවා ළඟා විය.) මේ සඳහා, අපගේ තනි ව්‍යාපාර වෙන වෙනම තරග කළ යුතු ය”.



 නමුත්, මෙවැනි අර්බුදයක දී ලෙනින් හැසිරුණේ කෙසේ ද? ‘ඇලන් බදියු’ නම් ප්‍රංශ දාර්ශනිකයා ලෙනින් මෙවන් අවස්ථාවක දී ක්‍රියා කරන ආකාරය වතුර මෙන් මෙලෙස පැහැදිලි කරන ලදී.

 “ ලෙනින්ට අනුව, අපගේ නායකත්වයන් අතර යකඩ විනයක් නොමැතිව සාර්ථක විය නොහැකි ය. එයට හේතුව, මෙපරිදි ය. අප අතර ධනාත්මක සහ සංවිධිත ඒකත්වයක්, එක්සත්කමක් නැතිනම් ඒ වහාම අප අතර ඇති දුහුල් සම්බන්ධයේ නිශේධනාත්මක අවයව එකිනෙකින් ලිහෙන්නට පටන් ගනියි. ඉන්පසු, එම නිශේධනාත්මක එකමුතුව කැඩෙන්නට සහ බෙදෙන්නට පටන්ගෙන සෑම අතටම විසිරෙන්නට පටන් ගනියි.”

awewe333rtTranssexual


ගාලුමෝදර අරගලයට අදාළව අප ලෙනින් ගැන කතා කළ යුතු නැත. නමුත්, මිනිස් ශිෂ්ටාචාරයේ සත්‍යයේ දේශපාලනය අපට කියා දුන් විප්ලවවාදියා වන්නේ, ලෙනින් ය.

අරගලය තුළ දී සිදු විය යුතුව තිබුණේ, නිර්නාමික මහජනයාට ප්‍රකාශ වීමට ඉඩ දීම නොව (FACEBOOK තුල රෝග ලක්ෂණාත්මක ආත්මරාගීන් පමණක් බිහි වන්නේ, මේ නිසා ය.) වාමාංශික නායකයන් අතර බන්ධනය තීව්‍ර කර ගැනීමයි. ලෙනින් ධනාත්මක ප්‍රපංචය යැයි කියන්නේ, එයට යි. නිශ්මිගේ පාර යනු, ලෙනින්ගේ පාර නොව මෝඩ චණ්ඩීන්ගේ මාවත යි. නිශ්මි මඟින් 21 වැනි සියවසේ මුල නිරූපණය වන්නේ, පහළ-මැද පාන්තික පුද්ගල අහංකාරත්වය යි.


නමුත් සිදු වූයේ, ලෙනින් පෙන්වා දුන් නිශේධනාත්මක බන්ධනය යි. එහි දී ආචරණය වූයේ, නිර්නාමික ජනයාට ”නම්” දීමට වාමාංශික පක්ෂ සහ නායකයන් රංචුවක් ඉදිරිපත් වී රහසින් එකිනෙකා කා කොටා ගැනීමයි. එවිට, අරගලය ක්‍රමිකව දිය වී ගිය අතර මධ්‍යම පන්තික පාත්තයන් අස්මීමානයෙන් යුතුව බේරේ බේසම මත නර්තන ඉදිරිපත් කර එය සංස්කෘතික උත්සවයක් බවට පරිවර්තනය කරන ලදී.

එයට, කතෝලික පල්ලිය සහ කුමාර සංගක්කාරගේ පල්ලිය ද මැදිහත් විය. අන්තිමට එතැනට, SPA ආදරවන්තියන් පැමිණ පෙරටුගාමීන්ගේ විප්ලවවාදීන්ව අතුරුදහන් කරන ලදී.


දැන්, අරගලය සංකල්ප මගින් බෙදී ඇත. එක පැත්තක, ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ලිබරල්වාදීන් ඇත. ඔවුන්ගේ ආශාව දිශානත වී ඇත්තේ, බටහිර දෙසට ය. අනෙක් පසින් සිටින්නේ, වාමාංශික සහ සමාජවාදීන් ය. ඔවුන් දිශානත වී සිටින්නේ, පෙරදිගවාදය දෙසට ය. මේ කොටස් දෙක, ධනවාදයට සහ පසමිතුරුභාවයන්ට ඇත්තේ ප්‍රතිවිරුද්ධ අදහස්ය. සරලව කිවහොත්, එක පසෙක සාර්වත්‍රික වටිනාකම වෙනුවෙන් සටන් වදින අය සිටින අතර අනෙක් පසින් සිටින්නේ, අනන්‍යතාවය වෙනුවෙන් සටන් වදින්නන්ය.


අරගලය පිළිබඳව ලෙනින්ගේ අදහස වන්නේ, අප දෘෂ්ටිවාදය පාලන අවියක් ලෙස යොදා ගත යුත්තේ නායකත්ව බල රටා අතර මිස මහජනයා අතර නොවේ යන්න ය. මන්දයත්, ධනාත්මකය ඇත්තේ නායකත්ව කවවල මිස මහජනයා අතර නොවන නිසා ය.  මෙහි දී, ලෙනින් ප්‍රජාතන්ත්‍රවාදය සලකන්නේ, රාජ්‍ය පාලන ආකෘතියක් ලෙස මිස සංස්කෘතියක් ලෙසින් නොවේ.

 අප කී දෙය ඔබට පැහැදිලි නම්, ලෙනින්ගේ න්‍යාය ආත්මමූලික ය.[SUBJECTIVE] එය, වාස්තවිකත්වය වටහා ගැනීමට හෝ එය මෙහෙයවන්නට යන න්‍යායක් නොවේ. වම නැවැත්වූ තැනින් ප්‍රාග්ධනයේ නියෝජිතයන් වැඩ පටන් ගෙන ඇත. පළමුවෙන්ම, ඔවුන් අතර තිබූ ප්‍රතිවිරෝධතා ලිහාගෙන එක්සත් විය. එය, ධනාත්මක විය.

 

zdfgretරනිල්ට නැති ඔහුට ඇති වාසිය වන්නේ, ධම්මික ගේ කණ්ඩායම් තේරීම තුළ ‘ලිංගික ආශාවන්’ අපෝහනය කිරීමයි.



මේ වන විට, පෙනෙන්නට තිබෙන්නේ රටේ මුඛ්‍ය අර්බුදය වූ මූල්‍ය ක්ෂේත්‍රයේ සහ සංචාරක/ ඩිජිටල් ක්ෂේත්‍රය ධම්මික පෙරේරාට බාර දීමයි. ඔහු තාක්ෂණවේදීයෙකි. රනිල්ට නැති ඔහුට ඇති වාසිය වන්නේ, ඔහුගේ කණ්ඩායම් තේරීම තුළ ‘ලිංගික ආශාවන්’ අපෝහනය කිරීමයි.

අනෙක් අතට, චීනය මෛත්‍රී දෙසට සහ ඩලස්ලාගේ අලුත් පක්ෂය දෙසට හැරී ඇත.

වාම නායකයන්ගේ කට්ටිවාදය නිසා ඔවුන්ගේ පිරිස බෙදෙමින්, විසිරෙමින් පවතියි.

 දැන් තිබෙන නව තත්ත්වය තුළ, අරගල භූමියෙන් වම අවසන් වී ඇති අතර ගැටුම ශේෂව පවතින්නේ සම්ප්‍රදාය සහ නූතනත්වය අතර ය. මේ අතරින් ජයග්‍රහණය කරන අයට, ඊළඟ ඡන්දයට ඉදිරිපත් විය හැකි ය.


DKG(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(3mana.com)



රට වෙනුවෙන් එකතුවන්න 

 

Leader Whats app

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්