ණය ආපසු ගෙවීමට සුදානම් කල හැකි දේශපාලන ආර්ථිකයක් අපට නැත!
මුහුන දෙමින් සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා වන ක්‍රියාවලියද එකී ක්‍රියාවලියේ අවසාන ප්‍රතිපලයද ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායක මත ගොඩනැංවිය යුතුව තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු වියුක්ත සංකල්පයක් නොවේ. එය ජනතාව විසින් තම නියෝජිතයන් තෝරාපත් කරගන්නා අවස්තාවට පමනක් භාවිතා කල යුතු විධි ක්‍රමයක් පමනක්ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසාගේ අභිමානය රැකගනු පිනිස මිනිසා තම ජීවිතයට ඇති අයිතිය මෙන්ම තම ජීවිකාව ගෙනයාමට ඇති අයිතිය සාක්ෂාත් කරගැනීම පිනිස ක්‍රියාත්මක වන ආර්ථික, දේශපාලනික, සමාජීය,සංස්කෟතික හා තාක්ෂනික අවකාෂය තම සමාජ ඉදිරිගාමී සංචලනයට (social mobility) උපකාරීවන ලෙස සානුබල සපයන විධික්‍රමය වන්නේය.
ලංකාව මේ වන විට දරුනු ආර්ථික අර්බුදයකට මුහුන දෙමින් සිටී. ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් නොවේ. දිගු කලක් තිස්සේ ආර්ථික අභියෝග පිළිබඳව දැන සිටියද ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි වීම රටේ පාලන ක්‍රමය, එනම් ආණ්ඩුකණයේ අර්බුදයකි. (Sri Lanka’s crisis is not an economic crisis, it’s a governance crisis).
ඒ අතරින් අපගේ ජාතික තීන්දු තීරන අන්තර්ග්‍රාහී (inclusive) ලෙස දේශපාලනික හා ආර්ථික තීන්දු වගවීමක් හා පාරදෟෂ්‍යභාවයක් නොමැතිව ගැනීම ආන්ඩු කරනයේ හා ආර්ථිකයේ අර්බුදය තීව්ර කිරීමට හේතුවී තිබේ.
ආණ්ඩුකරනයේ අර්බුදය ගැඹුරින් විශ්ලේශනය කරන කල්හි එය මෙරටේ ආර්ථික, දේශපාලනික, සමාජීය,සංස්කෟතික හා තාක්ෂනික අවකාෂය ප්‍රජාතන්ත්‍රකරනයට ලක් කිරීමට වු නොහැකියාව ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.
එනමුදු ඉහත ආකාරවු සියලු අවකාෂයන් ප්‍රජාතන්ත්‍රීකරනයට ලක් කිරීම මෙරටේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරනය මත රඳා පවතින්නේය. මක් නිසාද යත් දේශපාලන බලය සැමවිටම ආර්ථික බලය මත රඳා පවතින හෙයිනි.
මුහුන දෙමින් සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා වන ක්‍රියාවලියද එකී ක්‍රියාවලියේ අවසාන ප්‍රතිපලයද ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායක මත ගොඩනැංවිය යුතුව තිබෙන්නේ නම් අප මුහුන දී තිබෙන අර්බුදය තුල පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව පිලිබඳවත් එම අර්බුදයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් සහ එවැනිවු විකල්පයක් හඹා යාමට අවැසි මාර්ග සිතියම පිලිබඳව ඒකමිතියක් ඇති කර ගැනීම අවශ්‍යවී තිබේ.
මක් නිසාද යත් වර්ථමාන අර්බුදය, ඉන් මිදීමේ මග හා විසඳුම යෝජනා කල හැකි වෙනත් සංකල්පද පවතී.
උදාහරනයක් ලෙස ගතහොත් අද අප මුහනදී ඇති අර් බුදය ලංකාව තුල ක්‍රියාත්මක වන ධනවාදයේ අර්බුදයක් ලෙසත් අපගේ ධනේෂ්වර ආර්ථිකය සංවෟත අවස්තාවකට පත්ව ඇති හෙයින් මාක්ස් සිය කොමියුනිස්ට් ප්‍රකාශය මගින් යෝජනා කොට තිබු පරිදිම ලංකාවේ මෙම ක්‍රමය පෙරලා නව පාලන ක්‍රමයක් බිහිකිරීම සඳහා වාස්තවික තත්වයක් නිර්මානයවී ඇතැයි තර්ක කල හැකි අතර එය ප්‍රබල දේශපාලනික තර්කයක් ලෙසද ගෙන හැර දැක්විය හැකිව තිබේ.
කෙසේ නමුත් අර්බුදයෙන් මිදීමට මඟක් හා විකල්පයක් සොයා යන ගමනේදී සංවාදය ප්‍රාථමික වන්නේය. එහිලා මුලික වන්නේ මුහුනදී ඇති අර්බුදයට හේතු සහ එකි හේතු න්‍යායිකව විස්තර කර ගැනීමයි.
ඒ අනුව බලන කල පහත සඳහන් හේතු එසේත් නැති නම් අර්බුද මුලයන් අපට ලයිස්තුගත කල හැකිව තිබේ. එකී ලයිස්තුව පුර්ව අර්බුද වකවානුවට අදාල හේතුන් ලෙස මෙන්ම අර්බුදය විසින් අර්බුදය තීව්ර කිරීමට පාදකවන හේතු ලෙස දෙආකාර වර්ගීකරනයකට ලක් කල හැකිව තිබේ.
පුර්ව අර්බුද වකවානුවට අදාල හේතුන්:
# ලංකාවේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රකරනයට ලක් නොවීම,
# ලංකාවේ රාජ්‍ය බලය භාන්ඩ හා සේවා සැපයීම සඳහා බලපත්‍ර ලබා දෙන්නාවු ඒකාධිකාරියක් බවට පත්වීම,
# ලංකාවේ ප්‍රාග්ධන සමුච්ඡකරනය දේශපාලනීකරනයවීම,
# කෙතරම් කම්කරු නීති පැවතුනද ජනතාවගේ ශ්‍රමය වියදමක් මිස වටිනාකමක් ලෙස නොසැලකීම,
# රට තුල පවතින ආර්ථික හා සමාජමය අවස්තා සඳහා සමබිමක් නිර්මානය නොවීම
# ඉදිරිගාමී සමාජ සංචලනය සමාන අධ්‍යාපන අවස්තා තුලින් ඇරඹුනද එය තවදුරටත් ඉදිරියට යාම දේශපාලන බලය මත තීරනය වීම,
# සමාජය හා පුරවැසියා කෙසේ හෝ ධනය ඉපයීම කේන්ද්‍රීය ජීවන අරමුන බවට පත් කරගැනීම හා ඒතුලින් අතාර්කික අධි පරිභෝජන ජීවන රටාවකට හැඩගැසුනු ජන කන්ඩායමක් බිහිවීම,
# මුල්‍ය ගෝලීය කරනයට පින් සිදුවන්නට හඳුන්වාදුන් ගෝලීය මුල්‍ය මෙවලම් හරහා පුද්ගල නයගැති භාවය ඉහලයැම හා ඒ තුල රටට නොඋසුලන පාරිභෝගික වාදයක් පවත්වාගෙන යාම සඳහා වන ආනයන ආර්ථිකයක් පවත්වාගෙන යාම.
# නිදහස් වෙළඳ පල ආර්ථිකය මෙන්ම නිර්භාදකරනය වැනි සංකල්ප රටේ නවෝත්පාදනය පදනම් කරගත් නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවට රටේ එක පංතියක පරිභෝජන අවශ්‍යතා මත ගොඩනැගුනු පරිභෝජනවාදයක් මත රාජ්‍ය ආර්ථිකය මෙහෙයවීම,
# නිසි දේශපාලන සංස්කෟතියක් මත පිහිටුවනු නොලැබු දේශපාලන බල සමුච්ඡකරනය
අර්බුදය විසින් අර්බුදය තීව්ර කිරීමට පාදක වන හේතුන්:
# රාජ්‍යට පොදු යහපත හා පොදු සුභසාධනයට හැකියාවක් නොමැතිවීම,
# පොදු යහපත හා පොදු සුභ සාධන වියදම් දැරීම සඳහා මුදල් නෝට්ටු අච්චු ගැසීමට සිදුවීම,
# මුදල් නෝට්ටු අච්ඡු ගැසීම නිසි Wage- price spiral එකක් ගොඩ නැගීම හා ඒ තුල stagnation එකක් බිහිවීම,
# සමාජ අපේක්ෂාභංගත්වය,
# අරාජිකවාදී ප්‍රවනතාවය,
# ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් හා විකල්ප පිලිබඳව පවතින දැඩි අවිස්වාසය.
ඉහත සඳහන් කරනු ලැබු විවිධාකාර හේතුන් හි පැවැත්ම න්‍යායිකව විස්තර කොට ගැනීම විකල්ප විසඳුමක් සොයායන ගමනට අත්‍යාවශ්‍ය දැනුමක් වන්නේය.
එලෙසට වු න්‍යායික විශ්ලේශනයක් සඳහා අවැසි විය හැකි ලාංකීය දේශපාලන ආර්ථිකය තුල පවතින ප්‍රමුඛ ආර්ථික පංතීන් හා එම පංතීන් හා දේශපාලනික සමාජය අතර පවතින සබඳතාවය හා එකී පංතීන් තුල දක්නට ලැබෙන පංතිමය ගථිකයන් මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් කරමු.
ලාංකික දේශපාලන ආර්ථිකයේ ස්වරුපය;
එම ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා පවතින ආන්ඩුව හා මෙම පංතිය අතර අනුශාසක- අනුග්‍රාහක (patron-client )සබඳතාවයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලාංකික දේශපාලන සමාජය උත්සුකවී තිබේ.
1977 පසුව හඳුන්වාදුන් ඡන්ද ක්‍රමය මෙන්ම රාජ්‍ය තීරන ගැනීමේ දී අදාල වන ප්‍රසම්පාදන ක්‍රියාවලියන්, විවිධ ආකාරයේ බලපත්‍ර ලබා දීම මෙම ආර්ථික පංතියෙහි පැවැත්මට හා වර්ධනයට හේතුවී තිබේ. එනම් පවතින ආන්ඩුව යටතේ ඉඩම්, සුරාසැල්, ගල් වැලි පස් ලබා දීමේ සිට ආයෝජන හා ආනයන කේෂේත්‍ර තුල සිදු කෙරෙන විවිධාකාරවු ධන උත්පාදන ක්‍රියාවලියන් සඳහා මෙම පංතිය දේශපාලනික අනුග්‍රහය ලබති. ඒ අනුව මෙරට දේශපාලන සමාජය හා ඉහත කී ජාවම්කාර අතරමැදි පංතියේ ග්‍රහනයට ලක්වීම හෝ දේශපාලන පංතියම එකී අතරමැදි ජාවරම්කරනයට ආයෝජනය කිරීම ලාංකික දේශපාලන ආර්ථිකයේ ප්‍රකට ලක්ෂනයක් වී තිබේ.
ඒ අනුව මෙරට තුල ප්‍රාග්ධන හිමිකාරීත්වය දරන දේශපාලන පංතියක් සහ රටේ නිශ්පාදන ආර්ථිකයට කිසිදු දායකත්වයක් හෝ සම්බන්දතාවයක් නොදරන අතර මැදි පංතියක් බිහිවී තිබේ. මෙම පංතිමය සබඳතාවය සමාන කල හැකිව තිබෙන්නේ 19 සියවස තුල ක්‍රියාත්මකවු රාජාන්ඩුවකට හා ඒතුල ක්‍රියාත්මකවු වංශාධිපතියන්ටය.
ලංකාව තුල ක්‍රියාත්මක වන ආර්ථික පංතින්ගේ චින්තනය, ප්‍රතිසංස්කරන ක්‍රියාවලියේ පැවැත්ම හෝ නොපැවැත්ම තීරනය කරනු ලබන ප්‍රධාන සාධක වන්නේය. එම නිසා එම පංතීන්හි ගථිකයන් වෙන්ව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන්නේය.
ඒ අතරින් අපට හඳුනාගත හැකි ප්‍රධාන පංති වර්ග දෙකකි. එනම් අපනයන ආර්ථිකය හා දේශීය ආර්ථිකය හා බද්ධවු දේශීය නිශ්පාදක පංතිය හා ආන්ඩුවේ ආර්ථික වරප්‍රසාද මත යැපෙන ආනයන ආර්ථිකය, සේවා ආර්ථිකය හා දේශීය සැපයුම් දාමයන් මත යැපෙන අතරමැද පංතිය යන දෙවැදෑරුම් ආකරයක් ගන්නා ආර්ථික පංතීන් වන්නේය.
ආන්ඩුවේ ආර්ථික වරප්‍රසාද මත යැපෙන මෙම අතරමැදි පංතියද කොටස් දෙකකින් යුක්තවන අතර ආනයනය හා සේවා ආර්ථිකයට බද්ධවු නාගරික පංතිය හා දේශීය නිශ්පාදන දාමයන් පස්, ගල්, වැලි සපයන, මධ්‍යසාර වෙලඳාම, මහජන සේවා ලෙස හෝටල් හා උත්සව ශාලා, ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන අර්ධ නාගරික/ ග්‍රාමීය පංතියයි.
මෙම පංතිවල ප්‍රධාන ලක්ෂනය වන්නේ තම ඉදිරිගාමී සමාජ සංචලනය කෙසේ හෝ ධනය ඉපයීම මත පදනම්වු greediness, ප්‍රදර්ශණකාමය සහ අධිපරිභෝජනවාදය මත පිහිටා කටයුතු කිරීමයි.
එසේම ඔවුන්ගේ ප්‍රාග්ධන අතිරික්තය බොහෝවිට දේශපාලන සමාජයේ අවශ්‍යතා සඳහා වක්‍රව හෝ සෟජුව ආයෝජනය කරනු ලබයි.
මෙම පංති ස්වරුපය හේතුවෙන් සමාජය තුල විශම දේශපාලන-ආර්ථික සබඳතාවයක් ඇති කොට තිබෙන අතර එය හරයාත්මක ලෙස සමාජය ප්‍රතිසංස්කරනය කිරීමට භාදකයක් ලෙස කටයුතු කරනු සැම විටම පෙනෙන්ට පවතින යතාර්ථයකි.
එලෙසට සිදුකරන දුෂිත ක්‍රියාකාරකම් හරහා උපයා ගන්නා ධනය ආදයම් බදු හරහා නැවතත් සමාජයට උකහා ගැනීමේ අවකාෂය නැතීවී යන්නේ එම පංතියට නීතිය මඟ හැරීම සඳහා සක්‍රීය දායකත්වයක් දේශපාලන සමාජය විසින් ලබා දීමේ හේතුවෙනි.
රටේ දේශපාලනික ආර්ථිකයේ සැබෑ ස්වරූපය එලෙසට තිබියදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගන්නා ගිවිසුමක් තුලින් රාජ්‍ය වියදම් අඩු කිරීම හා ආදායම් ඉහල දමා ගැනීම හරහා සැබෑ ලෙස ණය ආපසු ගෙවීමේ ස්ථායීකරන වැඩපිලිවක් අපට ගොඩනගාගත හැකි යයි සිතීම මිත්‍යාවක් වන්නේය.

සමාජ ක්‍රියාකාරික හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(ශිරාල් ලක්තිලකගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපි:
මෙරටින් සොරාගත් වත්කම් ආපසු ලබාගන්නේ කෙසේද ?
ජීවිතයක් තියෙන රටක් - හදන අලුත් සම්මුතියක් - (සුමිත් චාමින්ද)
රාජ්‍යය පුද්ගලික බූදලයක් වීමේ ආනිශංස - (ධම්ම දිසානායක)