ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවො මේ පදවැල් ලියන්න ඇත්තෙ අවංකව ම වෙන්න පුළුවන්. ඒ කියන්නෙ උන්වහන්සේ ලියල තියෙන්නෙ ‘‘ජාතිය රන් විමනක් වේ’’ කියල. හැබැයි උන්වහන්සේ මේ ‘ජාතිය’ කියන එක විග්‍රහ කරල නැහැ. බෞද්ධ භික්ෂුවක් විදියට ඇත්තට ම මේ වචනයෙන් උන්වහන්සේ අදහස් කරන්න ඇත්තෙ කිසියම් රටක වෙසෙන මිනිස් කොට්ඨාසයක් (උන් වහන්සෙ ඒ වෙද්දි වැඩ සිටියෙ ලංකාවෙ නිසා ශ්‍රී ලාංකික ජාතිය වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් එවකට ශ්‍රී ලංකාවෙ ඉපදුණු, ශ්‍රී ලංකාවෙ හිටපු ) වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ එහෙම ලිව්වට අපේ රටේ මිනිස්සු මේක විග්‍රහ කරගත්තෙ කොහොම ද...?
විශේෂයෙන් ම එදා මෙදා තුර අපේ රට පාලනය කරපු හුඟක් පාලකයො මේ ‘‘ජාතිය’’ කියන වචනෙට ඉස්රහින් ‘‘සිංහල’’ කියන වචනය දැම්ම නේද...? එහෙම දාල රකින්න ඕන ‘‘සිංහල ජාතිය’’ විතරයි වගේ අදහසක් අපේ රටේ මිනිස්සුන්ගෙ ඔළුව ඇතුළෙ පැළ කරා නේද...? එහෙම පැළ කරල තමන්ගෙ බලය ගොඩනගා ගත්ත නේද...? බලය ගොඩනගා ගෙන මොකද්ද කරේ...? ඒ බලය තහවුරු කරගන්න ඕන නිසා මේ කියපු ‘‘ජාතිය’’ කියන සංකල්පයට ‘‘සිංහල’’ කෑල්ල එකතු කරල ‘‘සිංහල ජාතිය රන් විමනකක් වේ’’ හරි එහෙමත් නැත්නම් ‘‘සිංහල ජාතිය ලොව උතුම්ම ජාතිය’’ වගේ සංකල්පයක් ගෙනල්ල ඒ සංකල්පය ‘‘සිංහල’’ කියන මිනිස්සුන්ගෙ ඔළුව ඇතුළට දාල, ඒකට: වතුර, පොහොර වගේ ම තව විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය එකතු කරල මහා ගහක් හැදුව නේද...? ඊට පස්සෙ මේ රටේ හිටපු අනෙක් ජනවර්ග (විශේෂයෙන් ම වෙනත් භාෂා කතා කරන) ‘‘සිංහල’’ කියන මහා වෘක්ෂය යට හැදෙන, කවදාවත් ‘‘සිංහල’’ කියන මහා වෘක්ෂයට වඩා ඉහළට නොවැඩෙන, ‘‘සිංහල’’ කියන මහා වෘක්ෂයට බිය විය යුතුයි වගේ අදහසක් ගම්‍ය කරන ජන වර්ග බවට පත් කරා නේද...?

‘‘ජාතිවාදය’’ අවුස්සල රටක් ගිනි තියන එක හරි ද...?
අපි හිතමු මේ රට ආක්‍රමණය කරල, මේ රටේ මිනිස්සු තමන්ගෙ යටත් වැසියො විදියට සලකපු සුදු අධිරාජ්‍යවාදින්ට එරෙහිව සටන් කරල ඒ අය මේ රටෙන් එළවන්න අවශ්‍ය කටයුතු කරපු එක සාධාරණයි කියල. ඒත් මේ රටේ ඉපදිලා, මේ රටේ හැදුණ වැඩුණ, වෙනත් භාෂාවක් කතා කරන, වෙනත් ආගමක් අදහන මිනිස්සුට එරෙහිව කටයුතු කරන්න ඕන කියල ‘‘සිංහල’’ කියන ජනතාව පොලඹවපු එක හරි ද...? එහෙම පොලඹවල ‘‘සිංහල ජාතිය රැකගන්න පුළුවන් අපිට විතරයි හරි මට විතරයි’’ හරි කියල පසඟ පිහිටුවල පොළොවට වැඳල පාලන බලය ලබාගන්න එක හරි ද...? එහෙම ලබාගත්තු බලය තව දුරටත් රැකගන්න ඕන නිසා තව තවත් ‘‘ජාතිවාදය’’ අවුස්සල රටක් ගිනි තියන එක හරි ද...?


'‘මං බලයට පත්වෙලා පැය 24ක් ඇතුළත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනව’’
ඒ වෙද්දි අර කලින් පැළවේගෙන එන ජාතිය සහ ආගම කියන ගස් සෙවණෙ හිටපු දේශපාළුවොයි සඝ ගණයයි මේකට එරෙහිව අරගල කරන්න පටන්ගත්ත. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වුණා ‘‘නෑ නෑ... එකම රාජ්‍ය භාෂාව ‘සිංහල’ පමණයි’’ කියල දකුණෙ හිටපු ජාතිවාදින්ටයි ආගම්වාදින්ටයි කියන්න. මෙන්න මේ වෙලාවෙ තමයි බණ්ඩාරනායක මේක ප්‍රයෝජනයට අරගෙන 1951 දි එයාම කියපු එයාම පොරොන්දු වෙච්ච දෙමළ භෂාවටත් රාජ්‍ය භාෂා තත්ත්වය දෙනව කියපු එක එකපාරට ම වෙනස් කරල ‘‘මං බලයට පත්වෙලා පැය 24ක් ඇතුළත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනව’’ කියල පොරොන්දු වුණේ. ඒ වෙලාවෙ ඇත්තට ම මේකට විරුද්ධ වුණේ ලංකා සම සමාජ පක්ෂෙ විතරයි. ඒත් බණ්ඩාරනායක සම සමාජ පක්ෂෙ විරෝධතාව මායිම් කරේ නෑ. අවසානෙදි ඒකෙ ප්‍රතිඵලය වුණේ මොකක් ද...? ඒකෙ ප්‍රතිඵලය වුණේ ෆෙඩරල් පක්ෂෙ නායකය වෙලා හිටපු එස්. ජේ. වී. චෙල්වනායගම් බණඩාරනායකගෙ ප්‍රකාශයට එරෙහිව සත්‍යග්‍රහයක් කැඳවීම.
මෙන්න මෙතනදි ආයෙත් බණ්ඩාරනායක එයාගෙ ප්‍රකාශය ඉල්ලල අස්කරගෙන චෙල්වනායගම් එක්ක 1957 ජුලි 26 ගිවිසුමක් අත්සන් කරනව. ඒක නම් කරේ ‘බණඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම’ කියල. ඊට පස්සෙ මොකද වෙන්නෙ...? ඊට පස්සෙ ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂෙ මේ ගිවිසුමට විරුද්ධව කොළඹ ඉඳල නුවරට විරෝධතා පා ගමනක් යනව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 1958 අප්‍රේල් නව වෙනිද බෞද්ධ යයි කියාගන්න සඝ ගණය රොස්මිඩ් පෙදෙසෙ තිබුණ බණ්ඩාරනායකගෙ ගේ ඉස්සරහ වාඩිවෙලා විරෝධාවක් කරනව. අනේ... මෙන්න මහා ලොකු වීරය වෙච්ච බණ්ඩාරනායක, ‘බණඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම’ (මේ ගිවිසුමේ අන්තර්ගතවෙච්ච දේවල් මේ වෙලාවෙ ලියන්නෙ නෑ.) ඉරල දානව.

මෙන්න මේ මොහොතෙ ඉඳන් 1987 ඉන්දු - ලංකා ගිවිසුමට එනතුරු ම මේ සිංහල සහ දෙමළ භාෂාව කතා කරන ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයො විවිධ ගිවිසුම් අත්සන් කරනව. අවසානෙ මේ ගිවිසුම් සෙල්ලම කෙළවර වෙන්නෙ අවුරුදු තිහක් පුරා පැවති යුද්ධයකින්. මේ යුද්ධෙන් උතුරෙයි දකුණෙයි රටේ වෙනත් පළාත්වලයි ජීවිත දහස් ගණනක් රටට අහිමි වෙනව. ඉතිං මහින්ද හාමුදුරුවො සඳහන් කරපු ‘‘ජාතිය’’ කියන සංකල්පය ‘‘රන් විමනක්’’කරන්න අපි මාර ට්‍රයි එකක් දෙනව. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ. මේ වෙද්දි ‘‘ජාතිය’’ රන් විමනක් වෙලා ද...? නෑ...

‘‘ජාතිය’’ කියන්නෙ රටේ ම ඉන්න ජනතාව නෙවෙයි ‘‘සිංහල’’ කියන මිනිස්සු කොට්ඨාසය විතරයි කියල හිතල රටේ මිනිස්සුන්ගෙ ඔළු අවුල් කරපු දේශපාළුවො සැපසේ ජීවත්වෙද්දි රටේ ඉන්න ඇත්ත ම ‘‘ජාතිය’’ ඒ කියන්නෙ ‘‘ශ්‍රී ලාංකික ජාතිය’’ ම අද: අන්ත අසරණ, දුක්ඛිත, පීඩිත තත්ත්වයට පත්වෙලා. අද ඒ හැම කෙනෙක් ම ජාති භේදයකින්, ආගම් භේදයකින්, කුල භේදයකින් තොරව ආත්මාර්ථකාමින් බවට පත්වෙලා;
රජයේ සේවකයො සහ පෞද්ගලික සේවකයො කියල බෙදිල; රාජ්‍ය සේවක සේවිකාවොත් ඒ ඒ වෘත්තිවලට අනුව තමන්ට තමයි ප්‍රමුඛත්වය ඕන කියල බෙදිල. අත්‍යවශ්‍ය සේවය/සේවකයො අත්‍යශවශ්‍ය නොවන සේවය/සේවකයො හරි කියල බෙදිල; තමන්ගෙ: ප්‍රදේශයේ, ගමේ මිනිහෙක් නොවන මිනිහෙකුට ගැස් ටැංකියක් සල්ලි දීල ගන්න බැරි තත්ත්වයට බෙදිල. අහවල් තැන ගැස් බෙදනව කියල අල්ලපු ගෙදර මනුස්සයට නොකියන්න තරමට බෙදිල. ඉන්ධන පෝලිමේ ඉන්න මනුස්සයගෙ ගම අදාළ ඉන්ධන බෙදන තැනට අදාළ නොවෙනව නම් ‘‘ඇයි ඔයා මෙහේ ආවෙ...? ඔයාලගෙ ෂෙඩ් එකේ තෙල් නැද්ද...? දැං අපි එනවද ඔයාලගෙ පැත්තෙ ෂෙඩ් එකෙන් තෙල් ගහන්න...?’’ කියල අහන තත්ත්වෙට පත් වෙලා. එතකොට අර මහින්ද හාමුදුරුවො දෙසපු ‘‘ජාතිය’’ කියන සංකල්පය ‘‘රන් විමනක්’’ කරන්න පුළුවන් ද...?
ඊළඟට මහින්ද හාමුදුරුවො ලියනව ‘‘ආගම මිණි පහනක් වේ’’ කියල. ඇත්තට ම උන්වහන්සේ එහෙම ලියන්න ඇත්තෙ මොන ‘‘ආගම’’ ගැනද...? මොකද උන්වහන්සේ බුද්ධාගමේ වුණාට එහෙම ලියන කාලෙත් අපේ රටේ ‘‘ආගම්’’ වර්ග කීපයක් ම ඇදහුව නෙ... උන්වහන්සේ මේ කියපු ‘‘ආගම’’ බුද්ධාගම විතර ද...? අනිත් ආගම් ඒකට අයිති නැද්ද... එහෙම අයිති නැහැ කියල උන්වහන්සේ අදහස් කරා නම් ඒ අදහස බුදුන් වහන්සේගෙ: මතයට, අදහසට, දර්ශනයට මොන තරම් පරස්පර ද...? උන්වහන්සේ ලියපු ඒ වචන හතර අපේ රටේ මිනිස්සු මොන තරම් පහත් විදියට භාවිත කරල තියෙනව ද...? උන්වහන්සේ ලියපු දේ පැහැදිලිව නොලියපු නිසා මේ රටේ ජීවිත කීයක් අපිට අහිමි වුණා ද...?
ඊළඟට මහින්ද හාමුදුරුවො ලියනව ‘‘ආගම මිණි පහනක් වේ’’ කියල. ඇත්තට ම උන්වහන්සේ එහෙම ලියන්න ඇත්තෙ මොන ‘‘ආගම’’ ගැනද...? මොකද උන්වහන්සේ බුද්ධාගමේ වුණාට එහෙම ලියන කාලෙත් අපේ රටේ ‘‘ආගම්’’ වර්ග කීපයක් ම ඇදහුව නෙ... උන්වහන්සේ මේ කියපු ‘‘ආගම’’ බුද්ධාගම විතර ද...? අනිත් ආගම් ඒකට අයිති නැද්ද... එහෙම අයිති නැහැ කියල උන්වහන්සේ අදහස් කරා නම් ඒ අදහස බුදුන් වහන්සේගෙ: මතයට, අදහසට, දර්ශනයට මොන තරම් පරස්පර ද...? උන්වහන්සේ ලියපු ඒ වචන හතර අපේ රටේ මිනිස්සු මොන තරම් පහත් විදියට භාවිත කරල තියෙනව ද...? උන්වහන්සේ ලියපු දේ පැහැදිලිව නොලියපු නිසා මේ රටේ ජීවිත කීයක් අපිට අහිමි වුණා ද...?
‘‘බුද්ධාගම තමයි උතුම්ම ආගම, අනිත් ආගම් පහත්’’ කියන සංකල්පය වපුරල, විවිධ ආගමික ප්‍රජාව ඝාතනය කරල, ඒ අයගෙ දේපොළ විනාශ කරල දේශපාළුවන්ට බලය අරගෙන දීපු හැම ආගමික පාර්ශ්වයක ම නායකකාරාදියො අද කෝ...? ‘‘ආණ්ඩුව නොමග යනව නම් කනෙන් ඇදල ‘හරි මගට’ ගන්නව’’ කියපු ඇල්ලේ ගුණවංශ හාමුරුවො ඇතුළු ඒ හාමුදුරුවරු අද කෝ....? අඩුම ගානෙ තම තමන්ගෙ බෙන්ස් කාර්වලට පෙට්‍රල් ගහන්න තමන්ගෙ රියදුරා යද්දි ඒ අය එක්ක ගිහින් ඉන්ධන පෝලිම් දිහා බලාගෙන ඉන්නවත් යනවද...? කිසිදු ආගම්, ජාති, පංති, කුල භේදයකින් තොරව දුක් විදින රටේ ජනතාව වෙනුවෙන් මේ එක ආගමික නායක ප්‍රජාවක් පෙනී සිටිනව ද...?
දැන් කවුරු හරි අහන්න පුළුවන් ‘‘ඇයි අර හාමුදුරුවො ඉන්නෙ, අහවල් හාමුදුරුවො හිරේටත් ගිහින් ඉන්නෙ...?’’ කියල. ඇත්ත... හැබැයි මේ සමහර හාමුදුරුවරුත් ජාතිවාදයට උඩගෙඩි දුන්න, ආගම්වාදයට උඩගෙඩි දුන්න. ඇතැම් හාමුදුරුවරු නියෝජනය කරන දේශපාලන පක්ෂ යුද්ධයට ආවැඩුව; නිල මිනීමරුවන්ට, දූසකයන්ට, භීෂකයන්ට නිල් මහනෙල් පැලැන්දුව. මං හිතන්නෙ ඒක මේ රටේ ප්‍රගතිශිලි මිනිස්සුන්ට අමතක වෙන්න විදියක් නෑ. අද සර්ව සුබවාදි විදියට පෙනී ඉන්න හාමුදුරුවරු විතරක් නෙවෙයි වෙනත් ආගමික නායකකාරාදියොත් එක් දේශපාලක පාර්ශ්වයක් පරාජය කරල තවත් දේශපාලක පාර්ශ්වයක් බලයට පත් කරන්න හුඟක් වෙහෙසුණා. වෙහෙසුණා කියන්නෙ ඇත්තට ම ජනතාව ගොනාට ඇන්දුව. තවමත් අන්දමින් ඉන්නව. එහෙව් ආගමික නායකයො ඉද්දි මොන ආගම ද මිණි පහනක් වෙන්නෙ...?
මේ කවියෙ ම අවසන් පද දෙක ගැනත් පොඩ්ඩක් විතර ලියන්න අවසර දෙන්න. ඒ පද දෙකෙන් කියන්නෙ රන් විමනක් වගේ ජාතිය යි, මිණි පහන වගේ ආගම යි රැක ගන්න සමත් වුනොත් උඹ තමයි පුතා (මෙතන මේ ‘‘පුතා’’ කියන වචනෙ පුරුෂාර්ථෙන් ම විතරක් ගන්න එපා) කියල. මහින්ද හාමුදුරුවො මේක ලියපු දවෙස ඉඳල මේ වෙනතුරු එහෙම පුත්තු බිහිවෙලා තියෙනව ද...? එහෙම බිහි වුණා නම් ඒ කවුද...? එහෙම බිහි නොවුණා නම් ඒ ඇයි...? ඒ වැරැද්ද මහින්ද හාමුදුරුවන්ගෙ ද, එහෙම නැත්නම් හාමුදුරුවො ලියපු දේ හරියට වටහගත්තු නැති මේ රටේ මිනිස්සු ද...?
තනි ලිපියකින් මහින්ද හාමුදුරුවන්ගෙ හැම කවියක් ම විස්තර කරන්න බෑ. ඒත් මේ ලිපිය මේ විදියට අවසන් කරන්න මං කැමතියි.
මේ කවියෙ ම අවසන් පද දෙක ගැනත් පොඩ්ඩක් විතර ලියන්න අවසර දෙන්න. ඒ පද දෙකෙන් කියන්නෙ රන් විමනක් වගේ ජාතිය යි, මිණි පහන වගේ ආගම යි රැක ගන්න සමත් වුනොත් උඹ තමයි පුතා (මෙතන මේ ‘‘පුතා’’ කියන වචනෙ පුරුෂාර්ථෙන් ම විතරක් ගන්න එපා) කියල. මහින්ද හාමුදුරුවො මේක ලියපු දවෙස ඉඳල මේ වෙනතුරු එහෙම පුත්තු බිහිවෙලා තියෙනව ද...? එහෙම බිහි වුණා නම් ඒ කවුද...? එහෙම බිහි නොවුණා නම් ඒ ඇයි...? ඒ වැරැද්ද මහින්ද හාමුදුරුවන්ගෙ ද, එහෙම නැත්නම් හාමුදුරුවො ලියපු දේ හරියට වටහගත්තු නැති මේ රටේ මිනිස්සු ද...?
තනි ලිපියකින් මහින්ද හාමුදුරුවන්ගෙ හැම කවියක් ම විස්තර කරන්න බෑ. ඒත් මේ ලිපිය මේ විදියට අවසන් කරන්න මං කැමතියි.
එක්කො මහින්ද හාමුදුරුවන්ට වැරදුණා. එහෙම නැත්නම් මහින්ද හාමුදුරුවො ලියපු මේ වචන කිහිපය (තව වචන හුඟාක් තියනව. ඒ ගැන පසුවට ලියන්නම්) අපේ රටේ පාලකයොයි පාලිතයොයි හරියට තේරුම් ගත්තෙ නෑ. එහෙම හරියට තේරුම් ගත්ත නම් තිස් වසරක යුද්ධය, වඳ පෙති, වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර්, වඳ යතුරුපැදි ෂීට් කවර වගේ ම වඳ සැත්කම් යනාදි ව්‍යසන අපේ රටේ ඇතිවෙන් විදියක් නැහැ නේද...? මේ තරමට ම රට අගාධයට යන්න විදියකුත් නැහැ නෙ නේද...?