20 වැනි සංශෝධනය මගින් සිදුකළ විනාශය ආපසු හැරවීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගැසට් කරනු ලැබ ඇත.



එය 19 වැනි සංශෝධනයට වඩා පසුපසින් තිබෙන බව පෙනෙන්නට තිබේ. හානිය අවසන් කිරීමට නම් කමිටු අවස්ථාවේ තවත් සංශෝධන සඳහා බලපෑම් කිරීමට සිදුවනු ඇත.

19 වැනි සංශෝධනය යටතේ අමාත්‍යංශ තබාගැනීමට ජනාධිපතිට ඉඩ දී නොතිබිණි. සංශෝධනය අනුමත කරන කාලයේ බලයේ සිටි සිරිසේන ජනාධිපතිවරයාට අන්තර්කාල විධිවිධාන මගින් ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය සම්බන්ධ විෂයයන් සහ කාර්යයන් තබා ගැනීමට ඉඩ දී තිබිණි. ඔහුගෙන් පසු පත්වන ජනාධිපතිවරයකුට කිසිදු විෂයයක් හෝ කාර්යයක් තමන්ට පවරා ගත නොහැකි විය.

දේශපාලන සහ ආර්ථික ස්ථාවරභාවය නැවත ඇතිකිරීම සඳහා නීතිඥ සංගමය 2022 අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළ සහ වෙනත් බොහෝ දෙනා පිළිගත් යෝජනා මාලාවේ නියම කර තිබුණේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් නියම කර තිබු පරිදි ජනාධිපතිවරයා කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරිය යුතු බවයි.

කෙසේ වෙතත්, ජුනි 27 දා කැබිනට මණ්ඩලය අනුමත කළ 22 වැනි සංශෝධනයට අනුව පෙනී යන්නේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ එකක් හෝ වැඩි ගණනක් (අඩු තරමින් ආරක්ෂක අමාත්‍යාංශය) තබා ගැනීමට ඉඩ දී ඇති බව යි.


ජනාධිපතිට අමාත්‍යාංශ අවශ්‍ය නැත


සේනාධිනායක ලෙස ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති කාර්යභාරය අනුව ඔහු ආරක්ෂක ඇමති ලෙස ද කටයුතු කිරීම අවශ්‍ය බවට වන තර්කය ව්‍යාජයකි. එය එසේ නම්, ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරිය නොහැකි බව සඳහන් වූ 19 වැනි සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි නොවනු ඇත.

ලෝකයේ සිටින වඩාත් ම බලවත් සේනාධිනායකයා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ය. එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයකු (ඇමැතිවරයකු එරට හඳුන්වනුයේ එලෙසය) සිටින බව කවුරුත් දන්නා කාරණයකි.

 

එසේ වුව දල මැදුම් සම්මුතියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය නිසා ජනාධිපතිට අමාත්‍ය ධුරයක් ලබාදීමට ඉඩ දුන්න යයි සිතමු. එසේ වුව ද, පහත පෙන්වා දී ඇති අන්දමට තමන් දරන අමාත්‍යංශයට විවිධාකාර විෂයයන් සහ ආයතන ඇතුළත් කර ගැනීමට ඔහුට ඉඩ නොලැබෙන පරිදි පුර්ව ආරක්ෂක පියවර ගත යුතු ය.

 

නොහැකියාව පිලිබඳ සාක්ෂි !


pg1 6

අමාත්‍යංශවලට විෂයයන් සහ කාර්යයන් තර්කානුකුල ලෙස බෙදා දීමට ඔහුගේ නොහැකියාව ඔහු විසින් නැවත නැවත ඔප්පු කොට තිබේ. මෑතම උදාහරණය වන්නේ පියවර තුනකින් නව ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයාට අදාළ විෂයයන් සහ කාර්යයන් පැවරීමයි.


1. පළමුවන පියවරේ දී, මැයි 27 දාතම දරන 2281ර/41 ගැසට් නිවේදනය මගින් ආරක්ෂාවට කිසිදු සම්බන්ධයක් නැති සෑම වර්ගයක ම අහඹු විෂයන් සහ කාර්යයන් ආරක්ෂක අමාත්‍යංශයට පවරනු ලැබීය. 



අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී විවිධ ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරනු ලැබී ය.

කැබිනට් මණ්ඩලයට අලුතින් පත්වන අයෙකුට ලබාදීමට හැකි වන ලෙස එම ආයතන තබා ගැනීම ඔහුගේ අවශ්‍යතාවය වුයේ නම්, ඔහුට කරන්නට තිබුණේ ඒවා ලැයිස්තුවෙන් ඉවත්කර තැබීම පමණකි. උදාහරණයක් ලෙස මේ වනවිටත් දත්ත සුරැකීමේ පනත කිසිවකුට පවරා නැත. එසේ නොකර, මෙම ප්‍රඥප්ති සහ ආයතන ආරක්ෂක අමාත්‍යංශයට පවරනු ලැබී ය.



2. දෙවන පියවර ලෙස සති දෙකකටත් අඩු කාලයක් තුලල එනම් ජුනි 9 දා මුල් විෂයයන් බෙදීම සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් (2283/34) නිකුත් කරනු ලැබී ය. එමගින් පහත සඳහන් පනත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත්කොට තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරනු ලැබී ය.


අ )- ආගමන විගමන පනත, 1948 අංක 20

ආ )- පුරවැසි පනත , 1948 අංක 18

ඇ )- ඉන්දියානු සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ලබාදීමේ පනත, 2003 අංක 35

ඈ )- පුරවැසිභාවය නොමැති තැනැත්තන්ට පුරවැසිභාවය ලබාදීමේ පනත, 1986 අංක 5

ඉ )- පුරවැසිභාවය නොමැති තැනැත්තන්ට පුරවැසිභාවය ලබාදීමේ (විශේෂ විධිවිධාන) පනත, 1988 අංක 39

ඊ )- ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත, 1991 අංක 25

එ )- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත, 2003 අංක 27

ඒ )-  ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත, 2006 අංක 19

ඔ )- විද්‍යා සහ තාක්ෂණ සංවර්ධන පනත, 1994 අංක 11

ඕ )- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත, 1984 අංක 6

උ )- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත , 1968 අංක 32

ඌ )-මහ කොළඹ ආර්ථික කොමිසන් සභා නීතිය (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියල 1978 අංක 4)

ක )- කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත, 2021 අංක 21


මෙම ලැයිස්තුවේ අවුල පළමු පියවරේ දීට වඩා අඩු වුව ද, පුරවැසිභාවය සම්බන්ධ 1948 තරම් ඈත කාලයේ පනතක් තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට පවර ඇත්තේ කුමක් නිසාද යන්න කෙනෙකු විමතියට පත්කරනු ඇත.

තාක්ෂණය කේන්ද්‍ර කරගත් ඒකාග්‍ර හඳුනාගැනීමේ ක්‍රමවේදයකට ලබාදෙන වැදගත්කම හේතුවෙන්, පුද්ගලයින් ලියාපදිංචි කිරීම සහ දේශ සීමා පාලනය සම්බන්ධ කාරණා තාක්ෂණය යටතේ පැවතීමට දුර්වල තර්කයක් ඇත.


3. තෙවැනි පියවර ලෙස ඉහත සංශෝධිත ගැසට් පත්‍රය ජුනි 27 දා 2286/12 දරන ගැසට් පත්‍රයෙන් තවදුරටත් සංශෝධනය කරනු ලැබී ය.


දැන් පහත කාර්යයන් සඳහා තවත් අමාත්‍යාංශයක් (ඇමැතිවරයකු නොමැතිව) සකස් කොට ඇත:

“ණසෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකුලව සහ රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්ති මත පිහිටා ආයෝජන ප්‍රවර්ධන විෂයයට සහ ii තීරුවෙහි දැක්වෙන දෙපාර්තමේන්තුල ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ ව්‍යාපෘති, සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම සහ ඇගයීම.”


මෙයින් පෙනී යන්නේ අලුතින් පත්කළ ජාතික ලැයිස්තු ඇමැතිවරයාට ඉතිරි වන්නේ ආයෝජන ප්‍රවර්ධනය පමණක් බව යි. එසේ වුව ද, අලුත් ම ගැසට් නිවේදනයට අනුව ඩිජිටල් ආණ්ඩුකරන උපායමාර්ග සැකසීම, තාක්ෂණ උද්‍යාන පිහිටුවීම, සහ ඩිජිටල් තාක්ෂණික ව්‍යාපාර ප්‍රවර්ධනයට අදාළ කටයුතු පිළිබඳව ක්‍රියාකිරීමද ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයාට පවරා ඇත. එනමුත්, අදාළ පනත් සහ ආයතන ඔහු වෙත පවරා නැත.


 රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ යන දෙකෙහි ම ඩිජිටල් උපායමාර්ග සංවර්ධනයට සහය වීමට බලය පවරා ඇති තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, තවමත් පත්කොට නැති තාක්ෂණ ඇමතිවරයා වෙත පවරා ඇත. ඒ අතර ම, එම අමාත්‍යාංශයෙන් සිදුවිය යුතු ප්‍රධාන කාර්යයන් ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයාට පවරා ඇත.


විසඳුම:


ඉහත විග්‍රහයෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිතුමාගේ නොහැකියාවයි. මේ වැරදි වලට තමන්ගේ කාර්ය මණ්ඩලයට වගකීම පටවන්නට ඔහු උත්සාහ කරන්නේ නම් එබඳු අදක්ෂ නිලධාරීන් පත් කිරීමට සහ තබා ගැනීමට ඔහු කටයුතු කළේ කුමක් නිසාද? යනුවෙනි. ඔහු තනතුරට නුසුදුසු බවට මෙයතවත් එක සාක්ෂියකි.

විසඳුම වන්නේ අභිමතය අනුව විෂයයන් සහ කාර්යයන් බෙදීමේ බලය ඉවත් කිරීමයි. කාලයක් තිස්සේ බොහෝ දෙනා තර්ක කළ පරිදි අපගේ කැබිනට් තනතුරු බෙදීමේ ක්‍රමවේදය අසාර්ථකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියට අනුව “ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ පාලනය පිලිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය”.

එනමුත් සිදු වී ඇත්තේ ඵලදායි ආණ්ඩුකරණය දෙවෙන තැනට දමා, පුද්ගලයින්ගේ සහ දේශපාලන පක්ෂවල පුද්ගලික අභිලාෂයන්ට ප්‍රමුඛත්වය දෙමින් කැබිනට් මණ්ඩල පත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස නිසි ලෙස පාලනය මෙහෙයවීමක් හෝ පාලනයක් නොමැති ආණ්ඩු බිහි වී ඇත. අද අප ගොදුරු වී සිටින ආකාරයේ පෙර නොවූ සහ බහු විධ අර්බුදයේ මූල බීජ ඇත්තේ මෙතැනය.
 
 
හොඳම විසඳුම වන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට (හෝ ඊටත් වඩා කෙටි කාලයන් තුල) වෙනස්වන අමාත්‍යාංශය වෙනුවට ස්ථිර අමාත්‍යාංශ 15ක් වැනි සුළු සංඛ්‍යාවක් ස්ථාපනය කිරීමය. ආර්ථික වශයෙන් සාර්ථක එමෙන්ම ජනතාවට කාර්යක්‍ෂම ලෙස සේවය සපයන රටවල පවතින්නේ මෙම ආකෘතියයි.
 
 
එවිට නිලධාරීන්ට කරන්නට තිබෙන්නේ කලාතුරකින් සිදුවන දෙපාර්තමේන්තු සහ ආයතන වසා දැමීම් සහ නීති පොතෙන් ඉවත් කරන පනත් ලැයිස්තු වලින් ඉවත් කර, අලුතින් ඇතිකළ ඒවා ඇතුළත් කිරීම පමණි. ඒ ටික කර ගැනීමට ඔවුන්ට කළ හැකි විය යුතු ය.

එසේ කළ හොත් ජනාධිපතිවරයාගේ (20 සංශෝධනය යටතේ) සහ අගමැතිවරයාගේ (19 සංශෝධනය යටතේ සහ ඇතැම් විට 22 වැනි සංශෝධනය යටතේ) අභිමතානුසාරී බලය අඩු වෙයි.

වෙනසක් කිරීම අවශ්‍ය වන්නේ නම් දෙපාර්තමේන්තුවක් (අපගේ භාවිතය අනුව අමාත්‍යාංශයක්) පිහිටුවීමේ දී එක්සත් ජනපදයේ දක්නට ලැබෙන ආකාරයේ දෘඩ ක්‍රියා පටිපාටි නිශ්චිත ලෙස සඳහන් කළ යුතු ය. එමගින් ආණ්ඩුවේ මෙහෙයුම්වල අඛණ්ඩභාවය රැකෙන අතර වඩා හොඳ ආණ්ඩුකරණයක් ද බලාපොරොත්තු විය හැකි ය.■


මංගල : මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? -මහාචාර්ය රොහාන් සමරජීව(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(anidda.lk - July 1, 2022 )
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්