ජනාධිපතිගේ පොරොන්දුව ඉටුවන ලෙස 22වන සංශෝධනය සැකසීම
මැයි 11දා ජාතිය අමතා කළ සිය කතාවේ දී ජනාධිපතිතුමා ''දහනව වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි, ව්‍යවස්ථා සංශෝධනය කිරීමට මා කටයුතු කරනවා '' යනුවෙන් පොරොන්දු වුනේය.
ඒ වන විට, අරගලකරුවන්ගේ අධිෂ්ඨානය මෙන් ම රට පුරා එයට ඇති සහය ද ගැන ඔහුට මනා අවබෝධයක් ලැබී තිබිණි.
රටේ පැවැත්මට අවශ්‍ය ඉන්ධන සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉක්මන් ආධාර නොලැබෙන බවත්, වෙනත් මුලාශ්‍රවලින් අන්තර්කාල මුල්‍යකරණය ලබාගැනීම දුෂ්කර වනු ඇති බවත්, හිටපු මුදල ඇමති අලි සබ්‍රි ඔහුට කරුණු දක්වන්නට ඇති බව අනුමාන කිරීම සාධාරණ ය.
හිටපු අගමැතිගේ අනුගාමිකයින් විසින් ගෝඨාගෝගමට කළ ප්‍රහාරයේ අසාර්ථකත්වයෙන් සහ එදිනම කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් දින දෙකකට පසු කල මෙම කතාවෙන් ඉහත කී පොරොන්දුව මෙම ප්‍රශ්නවලට විසඳුම් වශයෙන් ඉදිරිපත් කළ බව නිගමනය කල හැක.
එම කතාවෙන් සති හයකට පසුව 22 වැනි සංශෝධනයේ නිළ පිටපත ප්‍රකාශයට පත්කොට තිබේ.
එසේ වුව ද, අවම වශයෙන් 22වන සංශෝධනයට වෙනස් කම් තුනක් කිරීමෙන් ජනාධිපතිතුමාගේ පොරොන්දුව ඉටුකල හැකි වන්නේය.
01. ජනාධිපතිට අමාත්‍ය ධුර දැරිය නොහැකි ය:
19 වැනි සංශෝධනයේ දී ජනාධිපතිට කිසිදු අමාත්‍ය ධුරයක් දැරීමට ඉඩ දී නොතිබිණි. ආරක්ෂාව, මහවැලි සංවර්ධනය, සහ පරිසරය සම්බන්ධ විෂයයන් සහ කාර්යයන් තමාට පවරාගැනීමට, එවකට සිටි ජනාධිපතිට අන්තර්කාල විධිවිධාන මගින් ඉඩ දී තිබිණි.
සේනාධිනායක ලෙස ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති කාර්යභාරය අනුව ඔහු ආරක්ෂක ඇමති ලෙස ද කටයුතු කිරීම අවශ්‍ය වන්නේ නැත.
02. ජනාධිපතිගේ අන්තර්වාර බලතල ඉවත් කිරීම:
20 වැනි සංශෝධනයෙන් සංශෝධනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි වගන්තිය අනුව, ඇමතිවරුන් පත්කිරීමේ, ඔවුන්ගේ විෂයයන් සහ කාර්යයන් පැවරීමේ, සහ ඔවුන් ඉවත්කිරීමේ බලය ජනාධිපතිට පමණක් දී තිබේ. අගමැතිගේ උපදෙස් ලබාගත යුත්තේ අවශ්‍ය වුවහොත් පමණකි. අගමැතිට සැබෑ බලයක් නැත.
44 වන වගන්තියේ බලය ක්‍රියාත්මක කිරීම “අගමැතිගේ උපදෙස් මත” විය යුතු බව 22 වැනි සංශෝධනය මගින් යෝජනා කොට ඇත. එය හොඳ ය.
කෙසේ වෙතත්, මෙම පැසසිය යුතු වෙනස්කම්, වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ක්‍රියාත්මක වන ලෙස අනාගතයට කල් දමා ඇත්තේ එම කාලය තුළ අගමැති සමග සාකච්ඡා කර (අගමැතිගේ උපදෙස් මත නොවේ) ජනාධිපති මෙම සියලු තීරණ ගනු ඇතැයි සඳහන් කරමිනි.
සිරිසේන ජනාධිපතිවරයා මෙන් නොව මෙම ජනාධිපතිවරයා පත්ව ඇත්තේ 19 වැනි සංශෝධනය මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම ප්‍රමාද කිරීම සහ පොහොර සහ කෘෂි රසායනික තහනම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ තීරණ වැරදි බවත්, ඔහු අසාර්ථක ජනාධිපති කෙනෙක් බවත්, ඔහුම පිළිගෙන ඇත. පසුගිය වසර 2.5 පුරා ඔහුගේ ක්‍රියාවන් හේතුවෙන් මහමග දුක් විඳින ජනයාට අති විශාල හානියක් ඔහු සිදුකර ඇත. තවත් වැරදි තීරණ ගැනීමට සහ තවත් හානි සිදු කිරීමට හැකිවන පරිදි ඔහුට අන්තර්කාල බලතල ලබාදීමට කිසිදු හේතුවක් නැත.
මෙම අන්තර්කාල විධිවිධාන තබාගැනීම මගින්, මැයි 11 දා කතාවෙන් අදහස් කළ පරිදි, මහජනයාගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් සංනිවේදනය කිරීමට අසමත් වනු ඇත.
විසඳුම වන්නේ අන්තර්කාල විධිවිධාන ඉවත් කිරීම සහ එමගින් මැයි 11 දා පැහැදිලිව පොරොන්දු වූ ආකාරයට 19 වැනි සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම යි.
03. පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමේ අභිමතය ඉවත් කිරීම :
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය සංශෝධනය කරමින් වසර දෙක හමාරකට පසු ජනාධිපතිගේ තනි අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලබා දී ඇත.
මෙම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් 2023 පෙබරවාරියෙන් පසුව, එනම් අද සිට මාස අටක් පමණක් ගත වූ විට එම හැකියාව ලැබෙයි.
2018 දී ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය අවස්ථාවේ මෙම ප්‍රතිපාදන පැවතියේ නම් කතානායකවරයාගේ සහ ජනතාවගේ ප්‍රතිපත්තිමය ප්‍රතිරෝධය මෙම බලය මගින් පහසුවෙන් නිශේද කිරීමට හැකියාව තිබිණි. පාර්ලිමේන්තුවේ 225 දෙනකුගේ ජනවරම යටපත් කිරීමට එක පුද්ගලයකුට නොගැළපෙන බලයක් තිබීම වැරදි ය.
අවසන් වශයෙන් .....

තමන් කරන බවට මැයි 11 දා පොරොන්දු වූ දේ ජනාධිපතිතුමා නොකළහොත්, ඔහු කරන්නේ විශ්වාසය පළුදු වීම තවත් වර්ධනය කිරීම පමණකි.
2019 දී ඔහු බලයට පත්වන විට ඔහුට තිබු බලයට ආපසු යාමට ජනාධිපති අකමැති නම් සහ පාර්ලිමේන්තුවට ඉහළින් බලය රඳවා ගැනීමට තවමත් උත්සාහ දරන්නේ නම්, එයින් පෙනී යන්නේ ඔහු කළ විනාශයට කිසිදු වගකීමක් භාරගැනීම ඔහු ප්‍රතික්ෂේප කරන බව යි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොමැතිව, අන්තර්කාල මුල්‍යකරණයක් නොමැතිව, විරෝධතා ඉදිරියට යනු ඇත. ඉන්ධන නැතිව, අත්‍යවශ්‍ය බෙහෙත් හේත් නැතිව, ජනතාව දුකින් දුකට පත්වනු ඇත. තත්ත්වය පුපුරා යන්නේ කවදාද, කොහෙන්ද, කුමන අවස්ථාවේ ද යන්න පුරෝකථනය කිරීම දුෂ්කර ය.
ගෞරවනීය ලෙස නික්ම යාමට අවශ්‍ය නම්, මෙම අවම වෙනස්කම්වලට එකඟවී, ඒ අනුව සංශෝධිත 22 වැනි සංශෝධනයට අවශ්‍ය ඡන්ද 150 ලබා ගැනීමට ක්‍රියාකිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් ජනාධිපතිවරයාට නැත.

දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.