හුඟක් අය හිරුනිකාගේ 'කඩා පැනීමේ ක්‍රියාව' දිහා බලන්නේ උත්ප්‍රාසයෙන්.
මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting).
පිරිමි අය තෙල් පෝලිම් වලට හුරු වෙමින් ඒවායේ දන්සැල් දෙනකොට, ගහමරා ගන්නකොට, වැඩි ගාණට විකුණන්න තෙල් අදිනකොට, හමුදාවේ උන්ට කික් බොක්සිං ගහන්න බොඩි එක දෙනකොට ගැහැණියක් හැටියට හිරුණිකා ඉන්නේ දේශපාලන වශයෙන් සෑහෙන්න ඉස්සරහින්.
පවත්නා පිළිවෙලට අනුගත වෙමින් යන 'අක්‍රීය පිරිමි ලෝකෙක' ගැහැණියක් හැටියට හිරුනිකා ගේන 'උමතු දේශපාලනය' අර සොම්බී ගතිය පලවා හරින්න උදව් වෙනවා (zombie existence).
පිළිවෙලට පිරිත් කියනවා වගේ සටන් පාඨ බේත් සීට්ටු වල ලියාගෙන වමේ වෘත්තීය සමිති කොළඹ එනකොට හිරුණිකා අරගලයේ 'අනපේක්ෂිත අපරිණත මොහොත' (contingent moment) ප්‍රයෝජනයට ගන්නවා. ගින්න අවුලනවා.
ගෝඨා-රනිල් නරුම විදියට හිනා වේවි අපේ අසරණ කමට වංචා කරනකොට එකෙ වාඩුව ගන්න හිරුනිකා ඉදිරිපත් වෙනවා. අන්න ඒකයි හිරුනිකා ගිණි අවුලන සුළුයි කියන්නේ.
එයා විප්ලවයේ බිහිදොර අබියසට ඇවිල්ලා ඉන්නේ. දැන් පුළුවන් අනික් අයට ඒ මහා ගින්න අවුළුවන්න.
මම හිතන්නේ නැහැ හිරුනිකා තනිකරම එයාගේ පක්ෂයේ අරමුණු, ක්‍රියාමාර්ග සහ විනය රාමුව එක්ක ඉන්නවා කියල. ගොඩක් වෙලාවට පක්ෂ විනය රාමුවෙන් පිට එයා වැඩ කරනවා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට එයා යම් නිදහසක් භුක්ති විඳින බව පේනවා. ඒක වැදගත්.
අරගලය නිර් පාක්ෂික නම් කළහැකි රැඩිකල්ම දෙය පක්ෂය විසුරුවා හරින එක. අරගලය ඇතුලේ පක්ෂය කියන ඝන වූ දෙය දියකර හරින එක. අරගලය විකසිත වෙන විදියට විකසිත වෙලා අලුත් යමක් ඒ තුලින් බිහි කර ගන්න එක.
ඔබේ ගුරුවරයා ලෙනින් කර ගන්න. හැබැයි විසි එක් වන සියවසේ අරගලය ඇතුලේ ලෙනින් ගෙන් ගොඩක් ඉදිරියට යන්න.
අද 'උමතු හිරුනිකා' මුහුණු පොතට එකතු කරලා තියන මේ ඉමේජ් එක දැක්කම මට මතක් උනේ සබුද්ධික හරිනි අමරසුරිය.
(Hirunika at the Gates යන්න Revolution at the Gates බලා නැවත ලියන ලදී.(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප
ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ, ජනධිපතිවරයාට එරෙහිවයි.
කොළඹ , කොටුව ජනපති නිල නිවෙස ඉදිරිපිට අද (ජූලි 6) විරෝධතාවක් පැවැත්වූ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ උප සභාපති රෙහාන් ජයවික්‍රම, සමගි කාන්තා බලවේගයේ ලේකම්වරිය, උපසභාපතිනිය ද සිටිති. අත්අඩංගුවට පත්වූ බහුතරය කාන්තාවන්ය.
පිරිස ජනාධිපති මන්ධිරය ඉදිරියට රැස්ව තිබුණේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට විඳවීමට සිදුව ඇති දුෂ්කරතාවන්ට එරෙහි විරෝධය පෑමට ය.
මන්දිරයෙන් පිටතට පැමිණ තමා හමුවට එන්නැයි හිටපු මන්ත්‍රිනී ප්‍රේමචන්ද්‍ර ජනපතිට අභියෝග කළාය.
"රට කාපු පරයට, ළමයින්ට කන්න බොන්න නැතිකරපු පරයට, රටේ මිනිස්සුන්ට මහපාරේ පෝලිම්වල මැරිලා ඇදවැටෙනකොටත් පාර්ලිමේන්තුවේ ගිහින් බක බක ගගා හිනාවෙලා ඉන්න පරයට එන්න කියපන්!" ඇය ජනපති මන්දිර භූමියේ සිටි නිලධාරීන් හමුවේ පවසා සිටියා ය.
"යුද්දේ කරපු මහලොකු විරුවට එන්න කියපන් එළියට!" හිරුණීකා ප්‍රේමචන්ද්‍ර හඬ නඟන අයුරු වීඩියෝවල දක්නට ලැබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසට මෙන්ම, අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යන 'ඤාණා අක්කා "නමින් ප්‍රසිද්ධි කාන්තාවගේ නිවස අසලද හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට පෙර විරෝධතා පැවත්වූහ.
එහිදී ද පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට නිවස දෙසට ඇතුලුවීම අවහර කළහ. අද දහවල් ජනාධීපති මන්ධිරය ඉදිරිපිට විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින්, පිරිසගේ විරෝධය නොතකා ප්‍රේමචන්ද්‍රගේ දුරකථනය තම සන්තකයට ගැනීමට කටයුතු කළ අයුරු රෙහාන් ජයවික්‍රම සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝවල දක්නට තිබේ.
"මහත්තයෝ කල්පනා කරලා බලන්න ගෙදර කන්න බොන්න තියෙනවා ද කියලා, අපිව උස්සන් එන්නේ පර බල්ලොයි කියලා." අත්අඩංගුවට පත් පිරිස අතර සිටි අයෙකු ප්‍රකාශ කළේ ය.
බස් රථය ජනපති නිල නිවෙස අසලින් පිටත්වන අවස්ථාවේ දී පිරිස පොලීසිය දෙසට හූ තැබීය.

මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සංවිධානය කරනු ලැබූ තවත් විරෝධතාවයක් අලුත්කඩේ සිට චැතම් වීදිය දක්වා පැමිණ තිබූ අතර පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග එම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
පොලිස් ස්ථානයේ සිට රෙහාන් ජයවික්‍රම සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝවක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පොලිස් ස්ථානයට පැමිණ සිටින අයුරු දැක්වුණ ද, මේ වන විට එම වීඩියෝව ඉවත්කොට තිබේ.
(BBC සිංහල සේවය)
ජනපති ගෝටාභය රාජපක්ෂගේ මිරිහාන නිවාස ඉදිරියේ ද උද්ඝෝෂණ කිරීමට පෙරමුණ ගත්තේ හිටපු මන්ත්‍රිනී ප්‍රේමචන්ද්‍ර ය.
ඇය පසුගිය දා කොටුව ප්‍රදේශයට ගිය අවස්ථාවක ද පොලීසිය මාර්ග බාධක දමා පොදු මාර්ගය අවහිර කරනු ලැබූ බවට සමාජ ක්‍රියාකාරීන් චෝදනා නැගීය.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.