අළුතින් පත්වන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සහ අරගලකරුවන් අතර අඛණ්ඩ සංවාදයක් පවත්වා ගෙන යෑම සඳහා  යාන්ත්‍රණයක් ලෙස “අරගලයේ

මහජන සභාවක්” පිහිටුවිය යුතු බවට සමහර අරගලකරුවන්ගෙන් යෝජනා වී ඇත.

ඇත්තෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මගින් මහජනතාව නියෝජනය වීම අසම්පූර්ණ බවත් එයට සමාන්තරව ජනතාව හා පාර්ලිමේන්තු අතර අඛණ්ඩ සංවාදයක අවශ්‍යතාවයක් ඇති බවටත් ලොව පුරා නොයෙකුත් අත්හදා  බැලීම් කෙරෙමින් තිබෙන කාලයකි මේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අප මූණ පා සිටින දරුණු හා දීර්ඝ කාලීන ආර්ථික අර්බූදයේ චූදිතයන් වන රාජපක්ෂවරුන් ඉවත් කිරීමේ අරගලයේ සිටි අයට (හෝ කෙටියෙන් අරගලයට) පශ්චාත් රාජපක්ෂ අන්තර්වාර ආණ්ඩුවක යම් භූමිකාවක් අනිවාර්යෙන් ලැබිය යුතුය. නමුත්  එම භූමිකාව ජනතාව හා පාර්ලිමේන්තුව අතර අඛණ්ඩ සංවාදය යන පුළුල් සංකල්පය තුල  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේදයකට සිදු කිරීම සඳහා  මෙහිදී අප විසින් සැලකිය යුතු කරුණු කිහිපයකි.

 

2022 7largeimg 214881735


“අරගලයේ මහජන  සභාවක්” ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකිද යන්න විමර්ශනය විය යුතුයි.


මහජන සභාවක් යනු මහජනයාගේ හෝ අදාල ජනගහනයේ නියෝජනයකි. මෙය ජූරි ක්‍රමයට හෝ  ඡන්දයකින් හෝ පාරදෘශ්‍ය බඳවා ගැනීමේ පටිපාටියක් තුලින් කළ හැක. නමුත් කොයි දේටත් අදාල ජනගහනය නිශ්චිතව හඳුනා ගත යුතුමය. අරගලයේ මහජන සභාවක පිළිබඳව විසදීමට අමාරු ප්‍රශ්නය වන්නේ අරගලය ලෙස නිශ්චිත කණ්ඩායමක් හඳුන්වා ගැනීම නොහැකි වීමය.


කෙටි කාලීනව, පාර්ලිමේන්තු කමිටු වලට සක්‍රිය තරුණ තරුණියන් බඳවා ගැනීම වහාම කළ යුතුය.  


ජූලි හය  වැනි දින පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලද ආංශික අධීක්ෂණ  කාරක සභා දහසයක් සක්‍රිය කර යෝජිත ලෙස ඒවාට  ක්‍රියාකාරී තරුණ තරුණියන් හතර දෙනා බැගින් බඳවා ගැනීම  වහාම සිදු කළ යුතුය.


මධ්‍ය කාලීනව, ඉදිරියට එන මැතිවරණයට අරගලයේ තරුණ තරුණියන්ට ඉඩ ප්‍රස්තා ඇති කළ යුතුය.


දැනට ඇති පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමය හෝ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය නිසා පාර්ලිමේන්තුවට තරුණ අලුත් මුහුණු  එක් කිරීමට  ඇති බාධා මොනවාද යන්න පිළිබඳ විමර්ශනයක් කර අවශ්‍ය වෙනස් කම් සිදු කළ යුතුය.


දිගු කාලීනව, නියෝජිතයින් හා ජනතාව  අතර අඛණ්ඩ සංවාදයක් සඳහා පුළුල් යාන්ත්‍රණයක් ඇති කළ යුතුය.


පළාත් පාලන ආයතන, පළාත් සභා, හා පාර්ලිමේන්තුව සදහා පත්වන නියෝජිතයින් හා ජනතාව අතර අඛණ්ඩ සංවාදයක් සඳහා ග්‍රාම නිලධාරී මට්ටමේ සිට ඉහලට යන යාන්ත්‍රණයක් පිළිබඳව අවධානය යොමු විය යුතුයි.

එම අදහස් තව දුරටත් විස්තරාත්මකව  විමසා බලමු.

2786 28 2 2022 9 40 14 2 PY28AUROVILLEFOUNDINGDAY2

ඉන්දියාවේ පොන්ඩිචෙරිහි අවුරෝවිල් ප්‍රජාව

 

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සමාන්තරව  මහජන සභා ස්ථාපිත කිරීම ලෝක ප්‍රවනතාවයකි. මහජන සභාවක් යනු රටක ජනගහනය නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට යම් යම් මාතෘකා පිළිබඳව මහජන මතය දැනුම් දීම සඳහා එම මාතෘකාවන් පිළිබඳව ඉගෙන ගැනීමෙන්  හා සාකච්ඡා කිරීමෙන්  අනතුරුව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කරන ලද  කණ්ඩායමකි. එම සභා ඒවායේ පරිසමාප්ත අර්ථයෙන් රටේ ජනතාවගේ පූර්ණ නියෝජනයක් සඳහා ජූරි තෝරාගන්න ක්‍රමයට නැතිනම් අහඹු නියැදි ක්‍රමයට දියුණු රටවල ක්‍රියාත්මක වූවත්, මා දන්නා තරමට දියුණු වෙමින් පවතින රටක එලෙස මහජන සභාවක් ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ පොන්ඩිචෙරිහි අවුරෝවිල් ප්‍රජාවේ පමණකි.

යුරෝපීය රටවල මෙම මහජන සභාවන් පාර්ලිමේන්තු ක්‍රමයේම අංගයක් ලෙස ව්‍යවස්තාපිත කර අවශ්‍ය සම්පත් ආණ්ඩුවෙන්ම ලබා දෙයි. පාර්ලිමේන්තුවෙන් නොව ස්වාධීන කණ්ඩායමක් මෙහෙයවන මහජන සභා කැදවීමක් ගැන අහම්බෙන් වාර්තා වන්නේ අයිස්ලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව කැඳවූ බැංකු ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන සභාවකි. බෙල්ජියමේ ජර්මන් භාෂා පාර්ලිමේන්තුවේ නිත්‍ය මහජන සභාවක් පැවතෙන බව වාර්තා වේ. අනිත් රටවල මහජන සභා අවස්ථානුකූලව රජය මගින් කැඳවේ.

 

56508773 401

ප්‍රංශය විසින් මෑතකදී දේශගුණ විපර්යාස වල මුහුණ දීමට විසදුම් යෝජනා කිරීම සඳහා ඉතා සාර්ථක ලෙස මහජන සභාවක් යොදා ගන්න ලදී.

 

අයර්ලන්ත පාර්ලිමේන්තුව මේ වන විට මහජන සභා කිහිපයක්ම සාර්ථකව ක්‍රියාත්මක කර අළුතින් කිහිපයක්ද පත් කර ඇත.



පුරවැසි කණ්ඩායම්, හෝ ශ්‍රී ලංකාවේ මේ අවස්ථාවේදී වැදගත් වන ජන සමූහය වන අරගලයේ තරුණ තරුණියන්, පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කෙසේ සම්බන්ධ කර ගනිමුද?



මහජන සභාවක් සඳහා අදාල ජන කොටස නිශ්චිතව හඳුනා ගත යුතුය.

 

අරගලය ලෙස යම් නිශ්චිත තරුණ ජනගහනයක් හඳුනා ගත හැකිනම් තෙයාකාරයකින් එම ජනගහනය සඳහා නියෝජිතයින් තෝරා ගත හැක - එනම් (1) ජූරි තේරීමේ ක්‍රමයට හෝ අහඹු ලෙස, (2) සාධාරණ හා විවෘත ඡන්දයකින්, හෝ (3) සාධාරණ  හා විවෘත බඳවා ගැනීමේ පටිපාටියකින්.

 

ශ්‍රී ලංකාවේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා තෝරා ගැනීමට යෝජිත ක්‍රමය වූයේ 165 දෙනෙකු 14,000+ වන ග්‍රාම නිලධාරී වසම් වල පවතින තරුණ සමාජවලින් වන තෝරා පත් කර එවීම තවත් 65ක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජනගහනයෙන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගැනීමයි. දැනට එම තෝරා ගැනීම්  තරුණ ජනගහනයේ සියළු තරුණ තරුණියන්ට විවෘත බව පැවසේ. සුදුසුකම් ලබන ජනගහනය  කෙසේ නිර්වචනය කළත් වැදගත් වන්නේ  තරුණ පාර්ලිමේන්තුවේ පාර්ශවකරුවන් ලෙස නිශ්චිත ජන කොට්ඨාසයක් නිර්වචනයක් කිරීමට හැකි වීමය.

අරගලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස  නියෝජිතයින් තෝරා ගැනීමට නම්  ‘අරගල ජනගහණය’ නිර්වචනය කර එම ජනගහණයෙන් අහඹු ලෙස, ඡන්දයකින්, හෝ බදවා ගැනීමේ පටිපාටියකින් විනිවිද පෙනෙන ආකාරයෙන් නියැදියක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුතුය. නමුත් කිසිම රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් එසේ නිර්වචනයක් කිරීමට ඉදිරිපත් වේ යයි සිතීමට අපහසුය..

විකල්පයක් ලෙස ‘අරගලයේ’ තරුණ තරුණයන්ටම ප්‍රචණ්ඩත්වයෙන් හෝ අසමගියකින් තොරව එකට වැඩකර තමන්ගේ ම සභාවක් පවත්වා ගන්න හැකි නම් හොඳයි, නමුත් එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ අඩුය.

anthar1

අරගලයේ යම් කොටස් පමණක් මහජන සභාවකට එක් කරගැනීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අවිශිබම) යන කණ්ඩායම් දෙක  මැයි 09 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමටත්, ජූලි 09 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලවා හැරීමටත් සාධක වූ විරෝධතා මෙහෙයවීම් වලදී වඩාත් කැපී පෙනුණි.

මෙහිදී  සංවිධානාත්මක විරෝධතා සම්බන්ධයෙන් පෙසප සහ අවිශිබම  සතු පළපුරුද්ද හා හැකියාව පැහැදිලිවම මෙම ප්‍රයත්නයන්ගේ සාර්ථකත්වයට හේතුව විය. එහෙත් අරගලය යනු මෙම ගැටුම්වලට නායකත්වය දුන් අයට ලඝු කිරීම වැරදිය. ගැටුම් වලදී පිටුපස බලකාය ලෙස ශක්තිය දෙමින් දින සියයකට ආසන්න  කාලයක් පුරා  විවිධ ආකාරයෙන් අරගලය පවත්වා ගෙන ගිය තරුණ හා වැඩිහිටි මෙනම් විවිධ වූ විශාල පුද්ගල සමූහයද අරගලයට අයත් වේ.

ක්‍රියාකාරී තරුණ තරුණයින් පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකත්වයට බඳවා ගැනීම වහාම ක්‍රියාත්මක කළ යුතුය.


පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා (ආ.අ.කා.ස.) පුනර්ජීවනය කිරීම සඳහා වූ යෝජනාවක් ජුලි 5 වන දින අග්‍රාමාත්‍යවරයා විසින් සභාගත කරන ලද අතර, එම යෝජිත කාරක සභා දහසයෙන් එක් එකට තරුණ සාමාජිකයින් හතර දෙනෙකු බැගින් ඇතුළත් කිරීමේ ප්‍රතිපාදනද  එහි ඇතුළත් විය. මෙය ආ.අ.කා.ස පිළිබඳව  පවතින ස්ථාවර රීති #111 හි සරල වෙනස් කිරීමක් ලෙස සිදු කිරීමට නියමිතව තිබුණි. වෙනත් තැනක සඳහන් කර ඇති පරිදි, මෙම ප්‍රතිපාදනයේ පරමාර්ථය වන්නේ පාර්ලිමේන්තු ක්‍රියාවලීන් සඳහා අරගලයේ තරුණ තරුණියන් සහභාගී කරවා ගැනීමයි.



අවුරුදු 18-35 අතර තරුණයින් හතර දෙනෙකු පාර්ලිමේන්තුවේ ආ.අ.කා.ස. වල "මන්ත‍්‍රී නොවන සාමාජිකයින්" ලෙස බඳවා ගැනීමට යෝජිත ක්‍රියාවලිය පහත පරිදි වේ.



# මන්ත්‍රී නොවන සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද භුක්ති විඳීමට නොහැකි බව පැහැදිලි කරමින් බඳවා ගැනීමේ නිර්ණායක සහ චර්යාධර්ම පද්ධතියක් මහලේකම්වරයා විසින් සැපයිය යුතුය


# මන්ත‍්‍රී-නොවන සාමාජිකයින්ට" උපරිම වසර දෙකක කාලයක් ගරු පදනමෙන් සේවය කළ හැකිය.


# රට පුරා සිටින තරුණ සාමාජිකයින්ගේ සහභාගීත්වය ලබා ගැනීම  සඳහා හැකි ඉක්මනින් ද්විත්ව මාදිලියේ රැස්වීම් සඳහා ආ.අ.කා.ස. රැස්වීම් කාමරවල ඉන්ටර්නෙට් පහසුකම් සැලසිය යුතුය.



අයදුම්පත් 2000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් පසු, එසේ ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් පරීක්ෂා කර, අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු මහලේකම් විසින් නම් කරන වෘත්තීය ආයතනයක සේවය ලබා ගනිමින් අයදුම් කරුවන්ගේ  කෙටි ලැයිස්තුවක් තෝරා ගනු ඇත.. එම කෙටි ලැයිස්තුව එක් එක්  ආ.අ.කා.ස. වල සේවය කිරීමට කැමති තරුණ තරුණියන් එක ආ.අ.කා.සයකට  අවම වශයෙන් 10 දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර,  දිස්ත්‍රික්ක 25 න් අවම වශයෙන් පදිංචිකරුවන් දෙදෙනෙකුගෙන් හා අවම වශයෙන් කාන්තාවන් 33% කින් සමන්විය යුතුය.

එම කෙටි ලැයිස්තුවෙන් මන්ත්‍රී නොවන කාරක සභා සාමාජිකයන් 64 ක් හෝ වැඩි ගණනක් තෝරා  ගැනීම සඳහා සහභාගිත්ව බඳවා ගැනීමේ ක්‍රමයක් භාවිතා කළ හැක.

උදාහරණයක් ලෙස, බල ශක්ති අංශය සඳහා මන්ත්‍රී නොවන කාරක සභා සාමාජිකයන් තේරීමට එම  අංශය  සඳහා කැමැත්තක් ප්‍රකාශ කර නැති හා එම අංශය සඳහා ඉදිරිපත් වී ඇති වෙනත් අයදුම්කරුවෙකු/කරුවන් සමග  ලබැඳියා ගැටුමක්  නැති අයදුම්කරුවන් බල ශක්ති අංශයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක සේවය කිරීමට සුදුසුකම් ලබයි . එම  තෝරාගත් අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ ශිල්පීය ක්‍රම පිළිබඳ කෙටි පුහුණුවක් ලබා දෙනු ලබන අතර, ඉන් පසුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නම් කරන ලද අයෙකු විසින් සම්බන්ධීකරණය කරමින්  එම එක්එක්  මණ්ඩලය ලවා  විසින් එක් එක් ආ.අ.කා.ස. සඳහා මන්ත්‍රී නොවන මන්ත්‍රීවරුන් හතර දෙනෙකු බැගින් තෝරා ගනු ඇත.

මහලේකම්වරයා විසින් තෝරා ගැනීමේ ක්‍රමය, බඳවා ගැනීමේ නිර්ණායක , සහ මන්ත්‍රී නොවන සාමාජිකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය පළමුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු, මහලේකම්වරයා විසින් එම තෝරා ගත්  මන්ත්‍රීවරුන් නොවන  කාරක සභා සාමාජික ලැයිස්තුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය.

තෝරා ගැනීමේ නිර්ණායකයට ප්‍රධාන සුදුසුකමක් ලෙස අරගලයට සහභාගී වීම ඇතුළත් කෙරේ නම්, යමෙක් ඉදිරිපත් කරන ලද සාක්ෂිවල වලංගුභාවය එම එක්  එක්  බඳවා ගැනීමේ මණ්ඩලවලට තීරණය කළ හැකිය.

 

අරගලයේ කණ්ඩායම් වලට ඉදිරියේ එන මැතිවරණයට සහභාගිවීමට බාධා ඇතිනම් ඉවත් කළ යුතුය. අරගලයේ කණ්ඩායම් වලට රාජ්‍ය නොවන සංවිධාන ලෙස එක්වී ඉදිරියේදී සක්‍රිය වීමට ට බාධා නැත. නමුත් මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවට අළුත් තරුණ මුහුණු, විශේෂයෙන් අරගලයෙන් පන්නරය ලැබූ තරුණ මුහුණු, හඳුන්වා දීමය. නමුත් අධික වියදමක් අවශ්‍ය වන වත්මන් මැතිවරණ ක්‍රමය ඊට බාධාවක් විය හැක. ඊ ලඟට  ලඟට පවතින දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තැන තරුණ තරුණියන්ට එම පක්ෂ තුලින් ඉදිරපත් වීමට බාධා තිබය හැක.  මේ ප්‍රශ්න පිළබඳව වහාම අධ්‍යනයක් කර අන පනත් තුලින් විසදුම් සෙවීම අවශ්‍යය.

 

ඊටත් එහා ගොස් ජනතාව හා සෑම මට්ටමේම නියෝජිතයින් අතර අඛණ්ඩ සංවාදයක් සඳහා යාන්ත්‍රණ පිළිබඳව පුළුල් සංවාදයක්ද  ඇති විය යුතුය.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අඩුම කුඩුම හතරක්(ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


Columns:
http://www.ft.lk/sujata-gamage

Blog: sujata.wordpress.com

Skype: sujatagamage
Twitter:@sujatagamage


සබැඳි ලිපිය :
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අඩුම කුඩුම හතරක්


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්