ජූලි 20 වෙනි බදාදා ලංකවේ අටවෙනි විධායක ජනාධිපති තෝරා පත් කර ගැනීමට නියමිතව තිබිණ.
ඊට අදාළ ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන අනුව සිදුවිය යුතු ඒ ක්‍රියාවලිය මහා විනාසයක් කැඳවතී යයි රටේ බහුතරය තුළ මහා තිගැස්මක් ඇති කළද, 1977 ජූලි 21 දින පාර්ලිමේන්තුවට පත්ව වසර 44ක් පිරීමට එක් දිනයක් තිබියදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තේරී පත්වීම ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතාපවත් සංසිද්ධියක් විය.
සත්තකින්ම 20 වෙනිදා සිදුවුණේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට් වාදය අවසාන නිමේෂයේ උනුන් මගහැර යාමකි.
රනිල් තේරී පත්වූ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව අමතා කතා කළ අනුර කුමාර දිසානායක නවසිය අසූ අටේ විජේවීර අනුගමනය කළ මහ පාරේ අරගලය වෙනත් වචන වලින් සිහිපත් කළ බව කිසිවෙකු අමතක කළ යුතු නැත. එය හරියටම අන්තරේ නම් ක්‍රියාදාමය, සකල විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය නො කිරීම වැනි සාමකාමි රටේ අබ්බගාත විකෘතියකි.
ගිය සතියේ ලාල් කාන්තලා හඳුන්නෙත්තිලා පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තුවට ඇඟිල්ල දිගු කොට කෑ ගසා කීවේත් අනුර කුමාර 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී කියා සිටි දේමය.
මහා අසරණකමකට මැදිව සිටි ලංකාවේ ජනතාවට සහාය වීමේ කැමැත්තෙන් සිටි ලෝකයා මේ සිද්ධීන් මහත් විමසිල්ලෙන් බලා සිටියාය. හේතුව මහා වෙනසකට මූලික වූ ආදරයේ අරගලය ලේ ගංගංවකින් දුර්වර්ණ කිරීමට ගත් විවිධ උත්සාහයන් නිසාය.
තමන් නියෝජනය කරන වර්තමාන පාර්ලිමේන්තුවට ජන වරමක් නැත යන්න අනුර කුමාර දිසානායක විවිධාකාරයෙන් පුනරුච්ඡාරණය කළේ ය. භූමියේ ජන මතය පාර්ලිමේන්තුව තුළින් නියෝජනය නොවන බව ඔහුගේ දැඩි ස්ථාවරය විය. කුමාර් ගුණරත්නම් කීවේ රටේ නීතිය අරගලය බවය. මේ කතා සමහරුන්ට සනීප වුණාට රටේ බහුතරය බලා සිටියේ තැති ගැන්මෙනි.
එතෙක් ආදරයේ අරගල කරුවන් වෙනුවෙන් පෙනී සිටි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියල්ල නීතියට ඉහළින් පවත්නා බවට කළ බරපතල ප්‍රකාශය අරගල භූමිය භූමිය මැනවින් තේරුම් ගැනීම නිසා තත්වය සමනය විය.
ගෝඨාභය රාජපක්ෂ නික්ම යාමෙන් හිස්වූ ජනාධිපති තනතුර සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ප්‍රතිපලය ඩලස් අලහප්පපෙරුමට වඩා රනිල වික්‍රමසිංහ ඡන්ද දෙකක් ඉදිරියෙන් සිටි තත්වයක් වාර්තා වුණා නම්, ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහණය වැළකී යාමේ සකල වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරෙනවාය.
එවැන්නක් සිදු වී නම් ගමේ තේක්ක ගස් වට ප්‍රමාණය අනුව මන්ත්‍රින් අලෙවි වුණා කී කතාව මහා උජාරුවෙන් කී කියන්නට තබා හිට ගන්නවත් අවකාශයක් අනුර කුමාර දිසානායකට නො ලැබෙනවා පමණක් නොවේ. භුමියේ අභිලාභය, අපේක්ෂාව උවමනාවෙන් විනාශ කළ පාහරයන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතා වෛරයට ලක් වෙනවාය.
සත්තකින්ම ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියේ ගෝල්පෙස් අරගලයට පාදක වූ රටේ ජනතා අභිලාෂයන් වෙනුවෙන් නම්, රනිල් වික්‍රමසිංහට හෝ ප්‍රතික්ෂේපවූ රාජපක්ෂලාට එරෙහිව රටේ සියලුදෙනා එක පේළියට පෙළ ගැසී එක් අපෙක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුව තිබිණ. එසේ නොවුණේ අපේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් ජනතාවාදි නොවේය යන ඓතිහාසික සත්‍යය යළි තහවුරු කරමිනි. එහෙත් ඔවුන් අරගලයට මුවා වී රනිල් වික්‍රමසිංහ පමණක් කොටු කිරීමට තැත් කළහ.
තෙල් පෝලිමේ කී දෙනෙක්දෝ මැරී වැටිණ. ආචාර්ය හර්ෂ ද සිල්වා ආධාර දීමට තරම් සුදුසු ආණ්ඩුවක් ලංකාවේ නැත යන පණිවිඩය ජාත්‍යන්තරයට එක දිගට නිකුත් කරමින් කාලකන්නි සතුටක් ලැබීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට අවශ්‍ය වුණේ රටේ පාලකයා වීමට මිස පීඩාවෙන් රට මුදවා ගැනිමට සහාය වීම නොවේ. ඔහු තුළ පැවති ආසයි බයයි ප්‍රතිපත්තිය නිසා මේ මහා ජනතා දුක් කන්දරාව මතින් රට මැතිවරණයකට රට යොමු කොට, පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමට තැත් කළේය. මේ හැසිරීම් සමගි ජන බලවේගයේ අනාගත දේශපාලනය කෙරෙහි සිදු කරන බලපෑම සුළුපටු නොවනු ඇත.
ඩලස් පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශයේ තුළින් ඉස්මතු වුණේ අරගලය නියෝජනය කිරිමක් නොවේ. ඔහු තුළ පැවති දේශපාලනික මමත්වයයි. ඩලස් තම බුලත් විට කෑ විදුහල්පති පියා සිහිපත් කරමින් තමන් ලද පරාජය රටේ සාමාන්‍ය මිනිසාගේ පරාජයකට හිලව් කළේය. ඒ සමග ඩලස්ගේ ආගමනයට එරෙහිව පැස්කුවල් මන්ත්‍රිවරයා කළ ප්‍රකාශය මෙන්ම, තවමත් බුලත් විට කන අම්පාරේ විමලවීර දිසානායක ද සිහිපත්වේ.
එසේම අරගලයේ ජාතික න්‍යාය පත්‍රය වෙනුවට පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයන්ට මුල් තැන දෙමින් ව්‍යවස්ථා සංශෝධන කරමින් පවත්වා ගනිමින් රටේ පැවති වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සඳහා එළියේ නැගෙන විලාපයට දැන්වත් ඇහුම්කන් දෙන්නැයි ඩලස් විලාප දුන්නේ 2001 ඔක්තෝබර් 03 වෙනිදා 17 වෙනි සංශෝධනය අනුමත කිරීමේ සිට 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තෙක් හැම ව්‍යවස්ථා සංශෝධනයකටම දෑතම ඔසවමින් රාජපක්ෂලා සමග වසර විසි දෙකක් එක පතේ කෑ ඩලස් අලහප්පෙරුම නොවේද?
ඒ ඩලස් ජූලි 20 වෙනිදා සිට ගත්තේ වරක් තරුණ අරගලයක් මහ පාරේ මිනී කඳු බවට පත් කළ ආර්.ප්‍රේමදාසගේ පුතා සමග බව ඉතිහාසය ලියා තබනු ඇත.
ඩලස් ජූලි 20 වෙනිදා සිට ගත්තේ වරක් තරුණ අරගලයක් මහ පාරේ මිනී කඳු බවට පත් කළ ආර්.ප්‍රේමදාසගේ පුතා සමග බව ඉතිහාසය ලියා තබනු ඇත.
මේ ඩලස්ලා අනුරලා සජිත්ලා ගුණරත්නම්ලා රනිල් වික්‍රමසිංහගේ පැටිකිරිය පමණක් අති පවිත්‍ර විය යුතු යයි විශ්වාස කිරීමත් මෙහිලා වැදගත්ය. වඩා යහපත් නොව වඩාත් අවස්ථානුකූලව වඩාත් පලදායි දේශපාලනඥයා කවුදැයි පාර්ලිමේන්තුව තෝරා පත් කර හමාරය. තම වගකීම් ඉටු කොට රටේ ජනතාවට සාධාරණයක් කිරීමේ වගකීම නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇත.
අනුර කුමාර දිසානායක පසුගිය සතියේ එක් අවස්තාවක, අනාගත බල ව්‍යාපෘතියකට නොයන දෙදෙනෙකු ජනාධිපති අගමැති තනතුරු භාර ගෙන රටේ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වන්නේ නම් තමාත් එකී කැබිනට් මණ්ඩලයට හවුල් වන බව අනුර කුමාර ප්‍රකාශ කළේය.
උක්ත තනතුරු දෙක අනුරට සහ කුමාර ගුණරත්නම් දෙදෙනාට දෙනවා නම් ඔවුන් අටට අවශ්‍ය දේ සිදු කොට දේශපාලනයෙන් ඉවත් වීමට කැමැත්තෙන් සිටින බව කීවා නම් සමස්ථ රටාවාසින් කෙසේ වෙතත්, අරගලයේ නියුක්ත සියල්ලන් ඊට සතුටු වෙනවාය. එවැනි කැප කිරීමකට අනුරලා සූදානම්ව නොසිටියා විය හැකිය. ඒ කොන්දේසියට තමන් එකඟ යයි සජිත් කීවේත් නැත. ඩලස් කීවේත් නැත.
ඊට හේතුව පැන නැගුණ පීඩනය තුළ ජනතා කැමැත්ත පික් පොකට් ගැසීමේ යටි අරමුණෙන් මේ හැම එකාම තනි තනිව තම තුරුම්පු සඟවා සෙල්ලම් කළා මිස රටේ පීඩාව ගැන කල්පනා කළේ නැත.
මෙහිදී රනිල් තනතුරෙන් අස්වී ගෙදර යා යුතු බව සමාජ මාධ්‍ය හරහා කියමින් සිටි මිතුරෙකු සිහිපත් වේ. රනිල් අස්වී ගෙදර යා යුත්තේ ඇයිදැයි කළ විමසීමට ලැබුණ පිළිතුර රටේ මිනිස්සු රනිල්ට කැමති නැත යන්නය. නැවත ඔබ රනිල්ට අකමැති ඇයිදැයි කෙනෙකු විමසීය. නැවත පළ වුණේද මිනිස්සු යන්ට කියනවා යන කතාවමය.
දැඩි විරෝධය මැද ගෝඨාභය මාස ගණනක් ඉල්ලා අස් නොවී කල් මැරීය. 1965 මැතිවරණයෙන් පැරදුණ බණ්ඩාරනායක මැතිනිය සතියක් අගමැතිකම භාර නොදුන් අතීතය සිහිපත් කොට, ගෝඨා රනිල් පමණක් නොව, බලයේ සිටින කිසිවෙකු ඉල්ලා අස්වන්නේදැයි විමසූ විට ඔහු නිරුත්තර විය.
ඉල්ලා අස් නොවන රනිල් හමුවී කිසිවෙකු නැවත දේශපාලනය නොකරන ජනතා විමුක්ති පෙරමුණේ කොන්දේසිය ඉදිරිපත් කළේ නැත. හේතුව රනිල් ඊට එකඟ වී නම් රනිල්ට ගෙදර යාමට යම් කාලයක් ලැබෙන නිසාය.
ගෝඨා පමණක් නොව රනිල් වික්‍රමසිංහ පවා, සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මානය කොට, අගමැතිකම භාර ගන්නා ලෙස විපක්ෂයේ කාටත් විවෘත ආරාධනා කළ බව රහසක් නොවේ. එකී සාකච්ඡාවට අනුර පැමිණියේම නැත.
අනුර සිය කතාව අතර, අනෙත් අපේක්ෂකයන් දෙදෙනාගේ නියෝජනය ගැන කතා කළේ උපහාසයෙනි. ඩලස් යෝජනා කළේ සජිත්ය. ස්ථීර කළේ ජී.ඇල්. පීරිස්ය. රනිල්ව යෝජනා කළේ දිනේෂ් ගුණවර්ධනය. ස්ථීර කළේ මනුෂ නානායක්කාරය. සත්තකින්ම ඒ තුළ පැවති විසම්මතික දේශපාලනය සර්ව පාක්ෂික පෙළ ගැස්මකි. ඒ පෙළ ගැස්ම ඉවසා ඩලස්ට සහාය දීමට තරම් හැදිච්චකමක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ නැත.
රනිල්ගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ 'ලේක්හවුස්' පාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හදන අදිසි හස්තය වූ බව ප්‍රකට රහසක් විය.
අනුරට පසුව කතා කළ සභානායක දිනේෂ් ගුණවර්ධන තමන් සහ නව ජනාධිපති වරයාගේ අතීත සමීප ඇසුර සිහිපත් කොට, පස්වෙනි පටු මගේ වික්‍රමසිංහ මහ ගෙදර ගිනි ගිනි බත් කිරීමේ සිද්ධිය සිහි කොට ඒ නිවසේ පුස්තකාලයේ සමහර පොත්, රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ, දෙවන යුද්ධ කාලයේ බෝගම්බර සිර ගෙදර රඳවා සමසමාජ නායකයන්ගේ පරිහරණයට ගෙන ගොස් දුන් බව සිහි කළේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පිළිබඳ ඓතිහාසික සම විසමතා සිහිපත් කරවමිනි.
රටේ ගෙවී ගිය ආසන්න දින සියයක අවිනිශ්චිත කාලයෙහි සමාජ මාධ්‍ය අතර, දිගින් දිගටම රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වී ගෙදර යාමට බල කළ අරගලයේ ආශ්වාදයෙන් පිරි රජයේ සේවකයෙකු යම් අවස්ථාවක “මොකා ආවත් මට කමක් නෑ. ගෑස් සිලින්ඩරය රුපියල් 2000ටත් පැට්රල් ලීටරය රුපියල් 200ටත් ලැබේ නම් ඒ ඇති” යනුවෙන් සටහනක් තැබීය.
දැන් කළ යුත්තේ රනිල්ට යන්න කීම නොවේ. රනිල් වට කොට, අරගල කරුවන්ද අපෙක්ෂා කරන සිස්ටම් චේන්ජ් එක ඉල්ලා සිටීමය.
හැමදාම එකම විදියට කල්පනා කිරීමේ රෝගයෙන් ඔත්පලව සිටින ලංකාවට අර්ථයෙන් සිතීමට මේ හොඳම කාලයයි. වැටුණ තැනින් ගොඩ ඒමට නම් බොහෝ දේ කැප කළ යුතුව තිබේ.

මේ තත්වයට එරෙහිව ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් පෙනී නො සීටීමේ සමාජ අසාධාරණත්වයට එරෙහිවද ආදරයේ අරගලය පෙනී සිටිය යුතුවේ.
වෘත්තිය සමිති සටන් යනු මේ රටේ නොනවතින අරලයකි. වෛද්‍ය වෘත්තිකයන් සුව සැරිය ගිලන් රථ සේවයට එරෙහි වුණේ රාජපක්ෂලා වෙනුවෙන්ය යන කතාව පමණක් හොඳ උදාහරණයකි. අප පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගත යුත්තේ අගමැති ජනාධිපති පත් කිරිමට පමණක් නොවන බව තේරුම්ගත යුතුවේ.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.