අන්තර්කරණය පිළිබඳ ලෝක දේශපාලනය තුළ මෑතකාලීන ඕනෑ තරම් උදාහරණ තිබේ.

ඇමරිකාවේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස්ගේ දේශපාලන ආගමනය,  නවසීලන්තයේ ජසින්ඩා ආඩන්ගේ ඇමති මණ්ඩලය තුළ ඇති වාර්ගික මෙන්ම ආදීවාසී ස්ත්‍රීන්ගේ සංකලනය ද අන්තර්කරණය පිළිබඳව මෑතකාලීන ලෝක ආදර්ශ වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික දේශපාලන අර්බුදය තුළ ලෝක ආදර්ශ ලබා දීමට තිබූ අවස්ථාවන් අප විසින් මඟ හැර තිබේ.  

උප කථානායකවරිය ද ජනාධිපති හෝ අගමැතිවරියකු ලෙස කාන්තාවකට පත්වීමට තිබූ අවස්ථාවන් කැත දේශපාලන ගණුදෙණු නිසා ගිලීහී ගොස් ඇත.

 ලංකාවේ පවතින දේශපාලන සංකීර්ණත්වය තුළ දේහපාලන ශක්‍යතාවයක් තිබෙන කාන්තාවකට වුවත් මෙවැනි තනතුරු සඳහා ලඟාවීමට පහසු නොවේ. සැවොම එකතු වී එම පරිසරය ගොඩනැඟය යුතුයි.

ඒ නිසා ලංකාවට ආවේණීක පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ හර පද්ධතිය කුණු කර ඔජස් ගලන තත්ත්වයකට අද පත් කර ඇත. ප්‍රභූ දේශපාලන දවටනය තුළ ක්‍රියාත්මක වන පාදඩ දේශපාලනය විසින් සියලු සාධනීය අවස්ථා උදුරා දමා ඇත.  



 ලංකාවේ දේශපාලන දිශානතීය පිළිබඳ උකටලී වි සිටින මොහොතක ඉන්දියාව දෙසින් ඇසෙන අන්තර්කරණ දේශපාලනය (Inclusion Politics) පිළිබඳ  සුබවාදී ආරංචිය ඉවත දැමිය නොහැකිය.

 


ද්‍රොරපති මුර්මුගේ ජනතා තේරීම සුළුවට තැකිය නොහැකිය

fgrtrt

පද්ධති වෙනසක් ගැන කතා කරන ලංකාවේ දේශපලානයෙහි විවිධත්වය නියෝජනය කරන ප්‍රජාවන් අන්තර්කරණය සිදු කිරීමට නොහැකි යන මිථ්‍යාවෙන් ද  බැහැරව සිතා බැලීමට අවස්ථාවක් ඉන්දීය දේශපාලන සන්සිද්ධිය මඟින් ලැබෙන බැවිනි.

ඉන්දීය අගමැති නරේද්‍ර මෝදීගේ ජාතිවාදී, පුරුෂාධීපත්‍ය දේශපාලන භාවිතය පිළිබඳ බොහෝ විවේචන තිබේ.

ඉන්දියාවේ ජනාධිපති තනතුරේ අධීකාරී බලයක් නොතිබුණත් ආදීවාසී නියෝජනයක් සහිත කාන්තාවක් ශ්‍රේෂ්ඨත්වයට ලඟා කර වීමට පරිසරය සකස් කිරීම පිළිබඳව ඉදිරිගාමී දේශපාලන භාවිතයන් පිළිබඳ විශ්වාස කරන ප්‍රගිතිශීලින්ට සතුටු විය හැකිය.  

ඉන්දීය මාධ්‍ය දක්වන ආකාරයට දේශපාලන ගේම් මෙහි කොතෙකුත් තිබිය හැකිය. ඉන්දීයාවේ ප්‍රබල පක්ෂ වන භාරතීය ජනතා පක්ෂයත් ක්‍රොන්ග්‍රස් පක්ෂයත් ආදීවාසී අනන්‍යතා සහිත ප්‍රජාවන් අන්තර්කරණ දේශපාලනය පිළිබඳ විශාල නැමියාවක් වර්තමානයේ දක්නට තිබේ. එම තරඟය නිසා ද  නිදහසින් පසු දොරපතී මුර්මු වැනි ආදීවාසී කාන්තාවකට ජාතික දේශපාලනය තුළ ජනාධිපතිවීමට අවස්ථා සැලසුණා ද විය හැකියි.  

ඉන්දියාවේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ (2012-2014) ලැබුවෙකු ලෙස මා, ඉන්දියාවේ සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තේරුම් ගන්නේ වඩා හොඳ වගේම වඩා නරක දේවල් ද ඉන්දියාව තුළ නිරන්තරයෙන් සිදුවන භූ කලාපයක් ලෙසයි.

තවමත් අන්ත හින්දු ජාතිවාදී, අන්ත කුලවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟී තිබෙද්දීත් නව ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් තරඟකාරී ලෙස ආරෝපණය කර ගැනීමට ඇති උනන්දුවත් ඔවුන්ගේ නිදහස් ව්‍යාපරයේ සිටම දැකිය හැකිය.

එවැනි සංදර්භයක ඉන්දියාවේ වත්මන් අගමැතිගේ ජාතිවාදී මෙන්ම පුරුෂවාදී දේශපාලන නිර්ණායකයන් ද එම කතිකාවට ඔබ්බට ගොස් ඔහුගේ දේශපාලන භාවිතය ද අලුතින් කියවා ගැනීමට අවස්ථාවක් ද සැලසෙනු ඇත.



ලංකාවේ ජාතිකවාදී යැයි කියා ගන්නා දේශපාලඥයින් ජාතිවාදී මඩගොහුරේ ගිලී හිරිකිත බල ක්‍රීඩා රඟ දක්වන විට එවැනි මොඩලයේ කෙනෙකු වන මෝදි ගේම ගහන්නේ වෙනස් විදිහටයි.

 

ඇගේ ජයග්‍රහණය පිළිබඳව මෝදි අර්ථකථනය කරන්නේ සංවර්ධන ගමන ශක්තිමත් කරන විශිෂ්ට ජනාධිපතිවරියක් වනු නිසැකය."ඇයගේ වාර්තාගත ජයග්‍රහණය අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හොඳ පෙරනිමිත්තක්" යැයි මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

ලංකාවේ පාදඩ ප්‍රභූ දේශපාලනයට ජනතා අපකීර්තියට පත් වී ඇති මොහොතක අඩුම තරමේ ඉන්දීය දේශපාලනය කියවන්න යැයි පොත් කඳු ගොඩගසා ගත් ප්‍රජාතන්ත්‍රාවදී නරුමයන්ට මතක් කර දෙමි.

ඉන්දියාවේ 15 වැනි සහ දෙවනි කාන්තා ජනාධිපතිවරිය ලෙස ද්‍රොරපති මුර්මුගේ චාරිතානූකූලව ජුලි 24 වැනි දා දිව්රුම් දෙනු ඇත.  

ඇය ඒ වන විට හුදු ආදීවාසී කාන්තාවක් නොවන අතර සමස්ත ඉන්දීය ජනතාවගේ ජනාධිපතීනිය ලෙසයි. මෙවැනි ආන්තිකරණයට ලක් වූ ප්‍රජාවන්ට සිදුකළ හැකි ඉහළම ගෞරවාදරය මෙයම නොවේද?


ඇයගේ දේශපාලන ගමන් මඟ විමසන විට හඳුනා ගත හැක්කේ, 1850 ගණන්වල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නැගිටීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ ඉන්දියාවේ පැරණිතම සහ විශාලතම ගෝත්‍රවලින් එකක් වන සන්තාල්හි සාමාජිකාවක් ලෙසයි. ඇය උපර්බෙදගේ ගම් සභාවේ සාමාජිකයෙකු වූ සහල් ගොවියෙකුට දාව උපත ලැබුවෙකි. ඇයගේ පියා මෙන්ම සීයා ද ගම්පතියන් විය.



කුඩා කාලයේ දුෂ්කර ජීවිතයක් ගත කරමින් පාසලට ගොස් රාත්‍රියේ භූමිතෙල් ලාම්පුවෙන් ඉගෙන ගත් තැනැත්තියක් ලෙසයි. පසුකාලයේ කාන්තාවන්ට දේශපාලනය පිවිසීම පිළිබඳව තීබු පිළිගැනීම වැනි සාම්ප්‍රදායික අභියෝගය බිඳ දමමින් 1997 සිට භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට පිවිසි බව ද ඉන්දීය මාධ්‍යයන්හි සඳහන් වේ.

ගුරුවරියක් ලෙස ඇගේ භූමීකාව ද, මෑතක් වන තුරුම ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස ද  මුර්මු මහත්මියගේ දේශපාලනය ගමන් මඟ පිළිබඳව අවධානය යොමු කිරීම මෙම සංසිද්ධිය තුළින් ඉස්මතු වේ.

උපර්බෙඩා ග්‍රාමයේ, ඇය අයත් ප්‍රජාව තවමත් දර යොදා ගනිමින් උයන, අතින් වතුර අඳින, විදුලි බලය ලැබී නැති ගමක් බවත් ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

ඇගේ ජයග්‍රහණය සමඟම ඇගේ ප්‍රජාවගේ බලාපොරොත්තු නම් " පිරිසිදු නළ ජලය, රෝහලක් සහ අපගේ නව ජනාධිපතිවරයාගෙන් දරුවන්ට වඩා හොඳ පාසලක් බලාපොරොත්තු වන බවයි.

එබැවින්  ඉන්දියාවේ ජනගහනයෙන් 10% කට ආසන්න ප්‍රමාණයක් වන සමාජ ආර්ථික වශයෙන් ආන්තික ජනගහනයක් වන රටේ ආදිවාසී ප්‍රජාවන්ගේ පළමුවැන්නා වීමත් ඉන්දීය දේශපාලනය තුළ වැදගත් සලකුණක් සනිටුහන් කරයි.

xxxxer

ඉන්දීය දේශපාලන විද්වතුන් මෙය දේශපාලන නාට්‍යයක් ලෙසද දක්වයි. හින්දු ජාතිකවාදී පක්ෂයක් වන B.J.P. ඔවුන් ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වන ඔඩීෂා වැනි ප්‍රාන්තවල ගෝත්‍රික ඡන්දදායකයින් සමඟ ප්‍රවේශ වීමට වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරයි.

අන්තර්කරණ දේශපාලනය මුවාවෙන් සිදුකරන දේශපාලන ක්‍රීඩාවක් ලෙස ද දක්වනු ලබයි.විශේෂයෙන් පහත් කුල, ආන්තික හා ගෝත්‍රිකයන්ගේ පක්ෂයක් බව, ඔවුන්ට ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය අදහසක් බව යනුවෙන් අනන්‍යතා දේශපාලනය පිළිබඳ විශේෂඥ දිල්ලියේ ජවහර් ලාල් නේරු විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන පිළිබඳ මහාචාර්ය හරීෂ් වන්ඛඩේ පවසයි.

අපේ කලාපයේ ලොකු අයියා වන ඉන්දියාව සමඟ ලාංකීය දේශපාලනය සන්සන්දනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර ආයතන වල ඇති ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. පක්ෂ අතර තරඟකාරීත්වය කොතෙක් තිබුණත් එහි දේශපාලනය හඳුනාගත හැක්කේ, සුදුසු වෙලාවේ සුදුසු වෙනස්කම් සිදුකරන රාජ්‍යයක් ලෙසයි.

එයට කදිම උදාහරණය ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට අබේකාර්ට අවස්ථාව ලබා දීමත් දැක්විය හැකියි.

මෝදී ඇතුළු භාරතීය ජනතා පක්ෂය ඇයව ජනාධිපතිවරණයට නිර්දේශ කිරීමත්, ඇයට එම අවස්ථාවන් උදාකර දීමත් පිළිබඳව පැහැදීමක් මෝදී කෙරෙහි ඇතිවේ. තවමත් කුලය ඇතුළු නොයෙකුත් සංස්කෘතික බෙදීම් ගණනාවක් ඉන්දියාවේ පවත්වාගෙන යද්දි, මෙම සිදුවීම මඟින් අන්තර්කරණය දේශපාලනය පිළිබඳ ඉදිරිගාමී ආදර්ශයක් ඉන්දියාවෙන් සනිටුහන් කරයි.

විරුද්ධ පාර්ශවයන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීට එරෙහිව හඩනගන ප්‍රතිවිරෝධතා වල ගැබ්වී ඇති ජාතිවාදී ලේබලය යම් මට්ටමක ලිහිල් කිරීමටත් මෙය හේතු විය හැකියි.

එසේම  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් කෙරෙහි යොමු වීම කෙරෙහි ප්‍රසංසාවකුත්  ඔවුන් කෙරෙහිත් ගොඩනැඟීමට අවස්ථාවක් ද විවෘත වේ.

chandima J(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(චන්දිමා ජයසේන ෆේස්බුක් පිටුවෙන්...-2022.07.23)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්