මේ දිනවල විවිධාකාර උණ රෝග තත්වයන් පැතිරෙමින් පවතින අතර ඉන්ෆ්ලුවෙන්සාව,

ඩෙංගු සහ කොවිඩ් -19 ද යළි හිස ඔසවමින් ඇති බව සෞඛ්‍ය අංශ මෙන්ම සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

ජුලි 28 වැනිදා හඳුනා ගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 131කි. පසුගිය සතිය සමඟ සැසඳීමේදී එය සැලකිය යුතු වැඩි වීමකි.

ජුලි 27 වැනිදා කොවිඩ් මරණ 02ක් වාර්තා විය. ඒ සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 665,400 කි. වෛද්‍ය අධීක්ෂණය හෝ නිවෙස්ගත නිරෝධායනයේ සිටින රෝගීන් සංඛ්‍යාව 707කි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,548කි.



වයස 20ට වැඩි ලක්ෂ 60 ක් බූස්ටර් එන්නත ලබාගෙන නෑ

මෙරට වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යාම හමුවේ මෙය දැඩි අවදානම් තත්ත්වයක් බවයි.

එබැවින් කඩිනමින් කොරෝනා මර්දන එන්නත්කරණයට යොමුවිය යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ අවධාරණය කළේය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් රජයේ ගබඩාවල පවතින බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා රෝහල්වල කොරෝනා මර්දන එන්නත් ලබා ගැනිමට පහසුකම් සලසා ඇති බව ඔහු කියා සිටියේ ය.

විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ, කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් පමණක් ලබා ගත් පුද්ගලයින්ගේ වෛරසය සඳහා පවතින ප්‍රතිශක්තිය හීන වෙමින් පවතින බවයි.

eeee3


ගැබිනියකට උණ හැදුණොත්?

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු සහ කොවිඩ් -19 වැනි නොයෙකුත් රෝග නිසා උණ ඇතිවිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසීය.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එවැනි උණ රෝග තත්වයන් ගැබිණි මවකට වැළඳීම සුබ දායක නොවන බවයි.

ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වල සංකූලතා නිසා 2018 වසරේ පමණක් මාතෘ මරණ 41ක් සිදුව ඇත.

ගැබිණි මවකට කොවිඩ්-19 තත්ත්වය වැළඳුනොත්, අසාධ්‍ය වීමට මෙන්ම කුස තුල සිටින දරුවාට පවා සංකූලතා ඇති වීමට වැඩි ඉඩක් ඇති බව බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙයි.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වී ඇති විට සුලබව ඇතිවන රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, මස් පිඬු/අතපය වේදනාව, හිසරදය සහ ඇතැම් විට වමනය හා පාචනය තත්වයන් දැක්විය හැකිය.

කොවිඩ් - 19 ආසාදනයේදීත් මීට සමාන රෝග ලක්ෂණ ඇතිවෙයි.

මේ නිසා ගර්භණී කාන්තාවකට උණ ඇති වුවහොත් මුලින්ම ගත යුතු වැදගත්ම පියවර වන්නේ, පළමු දිනය තුළ දී ම රෝහලක් වෙත යොමු වී වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඉන්ෆ්ලුවෙන්සාව/කොවිඩ් -19 වැනි ශ්වසන බිඳිති මඟින් බෝවන රෝග වළක්වා ගැනීමට; රෝගලක්ෂණ ඇති විට නිවසේම රැඳීම හා මුහුණු ආවරණ භාවිතය, නිතර අත් පිරිසිදු කරගැනීම සහ කහින/කිවිසින විට ටිෂූ හෝ වැළමිටේ ඇතුල් පැත්තෙන් එය ආවරණය කරගැනීමත් ඉතාම වැදගත් වෙයි.


රෝගී යැයි සිතන්නේ නම්

උණ, කැස්ස, උගුරේ අපහසුතාව, හුස්ම ගැනීමේ අපහසුතාව COVID-19 හි වඩාත් පොදු රෝග ලක්ෂණ වෙයි.

ඇතැම් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය නොවන අතර අසනීප බවක් දැනෙන්නේ නැතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


රෝග ලක්ෂණ ඇතැම් අනුමගමනය කළ යුතු පියවර

# වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න.

# හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න.

# නිවසේ ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් තබා ගන්න

# හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.

# නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න.

# ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.

# තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න.

# කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.

# ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න.

# වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ කොවිඩ් රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.

# 1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැක.

# ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

# අදාළ රෝග ලක්ෂණ සහිත පසුගිය දින 14 ඇතුලත පිට රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් නම් හෝ සැක කරන ලද COVID-19 රෝගියකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වුයේ නම් හෝ එසේ ගමන් හෝ සම්බන්ධතා ඉතිහාසයක් නොමැති වුවත් විශේෂඥ වෛද්‍යවරයකු විසින් තහවුරු කරන ලද උග්‍ර නිව්මෝනියා තත්වයකින් පෙලෙන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා ඉතා ඉක්මනින් ළඟම ඇති රජයේ රෝහල වෙත යොමු වන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය උපදෙස් දී සිටියි.

(BBC සිංහල සේවය )

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්