විතැන්ව සී සීකඩ විසිර ගිය අරගලයේ ශුද්ධවූ අභිලාෂයන් ත්‍රිත්වයකි.



ගෝඨා ගෝ හෝම්, සිස්ටම් චේන්ජ් සහ කඩිනම් කෙටි කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රති සංස්කරණයන්ය.

ගෝඨා රටෙන් පිටුවහල් කළේ, තෙල් පොහොර ගෑස් ඩොලර් අර්බුදය පමණක් නොවේ.

කොවිඩ් වසංගතය මැඩීමට ලෝකයම නවීන විද්‍යාත්මක ක්‍රම භාවිතා කරද්දී කැලෑ කොළ ඉස්ම පොවා කොවිඩ් මැඩීමට ගත් තීන්දුව නිසා ලංකාවේ මිනිසුන්ට ඇති වූ මරණ බිය හරහා ගෝඨාට එරෙහි වෛරය නිර්මානය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලාගේ ඒජන්තයෙකැයි කියන්නෝ කොවිඩ් වසංගත මොහොතේ මන්ත්‍රි වරයෙකු හෝ නොවූ එජාප නායකයා,  රාජපක්ෂලාගේ තකතීරු අමනෝඥ ක්‍රම වේද  ප්‍රසිද්ධියේ විවේචනය කළ බව අරගලයට මතක නැත.

 

රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරුන් වඩාත් බලවත් කළ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගී සිටි ප්‍රවීන දේශපාලනඥයෙකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ  18 සහ 20 යන සංශෝධනවලට රනිල් එරෙහි වුණා පමණක් නොවේ. 17 සහ 19 සහ සංශෝධන හරහා විධායක බලයේ තටු කැපීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පුරෝගාමියෙකි. තම පැවැත්ම උදෙසා රාජපක්ෂලාගේ වාසියට අත් ඔසවා පාරාජිකාවූ ජී.එල්. පීරිස්ලා, ඩලස් අලහප්පෙරුමලා, රනිල්ට සාපේක්ෂව රූකඩ පමණකි.

 

ජනතාව පිටුවහල් කළ ගෝඨාට ලංකාවට ඒමට ඉඩ දීමට එරෙහිවීමේ ශක්තිමක් ඩලස්ලාට, ජී.ඇල්.ලාට, චරිත හේරත්ලාට නාලක ගොඩහේවලාට නැත.  

රටේ පාලකයාවී දෙ සතියක් ඉක්මීමට පෙර, ජන ජීවිතය සන්සුන් කරමින් මූලික අවශ්‍යතා හිඟයකින් තොරව සැපයීමට රනිල් ක්‍රියා කළේය.

ශක්තිමත් ආර්ථික වැඩ පිළිවෙළක් සහ සිස්ටම් චේන්ජ් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක එකමුතුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරමින් සිටියි.

එය කඩා කප්පල් කිරීම රටට හූනියමක් මිස අරගලයක් හපන්කමක් නොවේ.

 සැබෑ අරගලය වන්නේ රට වෙනුවෙන් රනිල් ශක්තිමත් කිරීම බව 9 වෙනිදා අරගලය ගෙදර යාමෙන් තහවුරු විය.

FZZl16CaQAE9tpO

සැබෑ අරගලය වන්නේ රට වෙනුවෙන් රනිල් ශක්තිමත් කිරීම බව 9 වෙනිදා අරගලය ගෙදර යාමෙන් තහවුරු විය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගෝස්තු 3 වෙනිදා පාර්ලිමේන්තුවේදී  ''..අපේ රටේ ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යා යුතුද?  රටට වඩාත් ගැලපෙන ක්‍රමය කුමක්ද? ආණ්ඩු ක්‍රමය අවරාකාරයෙන් ප්‍රතිසංස්කරණයන්ට ලක් විය යුතුද? මේ ආදි සියලු කාරණා ජන සභාව මගින් සාකච්ඡාවට භාජනය කරනවා. අදහස් විමසනවා.  රටට වඩාත්ම ගැලපෙන ක්‍රමය පිළිබඳ ජාතික එකඟත්වයකට එළැඹීමෙන් පසු ඒ ක්‍රමය ව්‍යවස්ථාපිත කර ක්‍රියාවට නංවනවා.

රටේ ජනාධිපතිවරණ බොහෝමයකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු දී බලයට පැමිණි කිසිවෙකු  විධායක ක්‍රමය අහෝසි කළේ නෑ. අනෙක් අතට කෙනෙක් විධායක ක්‍රමය අහෝසි කළත්, ඊළඟට බලයට පත්වන පක්ෂයට යළිත් එය වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා තමයි ජන සභාව මගින් එකඟත්වයකට එළැඹීම අවශ්‍ය වන්නේ.. '' යනුවෙන් අරගලයේ ශුද්ධවූ අරමුණ යථාර්ථයක් කිරීමට දුන් පොරොන්දුව සමග රටම පෙළ ගැසිය යුතුව ඇත.


ගෑස් තෙල් පැට්‍රල් පෝලිම් තුනී වී යාමෙන් සන්සුන් වෙමින් පවත්නා ජන සමාජය ලබන සතුට ගැන විවිධ න්‍යාය පත්‍ර අතැති අනුර කුමාරලා, කුමාර් ගුණරත්නම්ලා පොන්සේකාලා සංවේදි නැත. ලංකවේ ආර්ථීකය ගොඩ ගැනීමට ජාත්‍යන්තරය සමග සිදු කරන කතාබහ යනු ජාතික කර්තව්‍යයකි.

රටේ ස්ථාවරත්වය තහවුරු කිරීම, අරගලයට ආශීර්වාද කිරීම සහ සිස්ටම් චේන්ජ් එක සඳහා පාර්ලිමේන්තු බහුතරය පෙළ ගැස්වීමට දේශ හිතෛශීන්ට පැවරෙන ජාතික වගකීමකි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ... “අල්ලස දූෂණය හා වංචාව  මේ සමාජයෙන් මුළුමනින්ම තුරන් කිරීමත් අනිවාර්ය කාරණයක්. අල්ලස් හා දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා. මේ සම්බන්ධයෙන් නව නිති-රීති හා අණපනත් අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරමින් පවතිනවා. ඒ වාගේම  මූල්‍ය අරමුදල සමගත් දූෂණ මැඩලීම පිළිබඳව එකඟතාවකට එළඹෙනවා.” යනුවෙන් දුන් ප්‍රතිඥාව අගෝස්තු 9 වෙනිදා නිදහස් චතුරශ්‍රයේත් ඉල්ලීම  විය.


එදා කිසිවෙකු රනිල්ට ගෙදර පලයන් කීවේ නම් නැත. සිස්ටම් චේන්ජ් යනු නාස්තියට දූෂණයට හොරකමට පවත්නා ඉඩකඩ අහුරා කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරිමය. නිදහස්  ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව, 2019-22 තෙක් එක දිගටම  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව බොහෝ ප්‍රතිලාභ අත්පත් කර ගත්හ.  

වංචා දූෂණ වළකා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන දැඩි කොන්දේසි නිසා රාජපක්ෂලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ක්‍රියා කළේ නැත. රනිල් හැමදාම කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ලෙසය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කොන්දේසි වලට එකඟ නොවේ නම් තම විකල්ප ඉදිරිපත් කරන්නැයි කළ ප්‍රකාශය හරහා ජනාධිපති වික්‍රමසිංහ, සිය සම්මුතිකාමි අභිලාෂය මෙන්ම විවෘත භාවයද තහවුරු කිරීමකි. 

 

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙන්ම, කැබිනට් ක්‍රමයට රට පාලනය කළ යුතු බවත් අවධාරණය කරමින් ඍජුව සහ වක්‍රව රාජපක්ෂ පාලනය හෙලා දුටුවේය.  

රාජපක්ෂවරු  තම  වාසිය මිස රටේ යහපත මහජන සුරක්ෂිතභාවයට ප්‍රමුඛත්වය නො දීමෙන් රටට කෙටි කාලීනව බරපතල විපාක විඳිමට සිදුවන බවට රනිල් පළ කළ  අනාවැකි තහවුරු කරමින්, ලංකාව  ආර්ථීක සාමාජික හා දේශපාලනිකව මහා ව්‍යසනයකට මැදිව, එතෙක් ඉතිහාසයේ අත් නොවිඳි බොහෝ දුෂ්කරතාවන්ට  මුහුණ දුන්නාය.

 

තනි මන්ත්‍රිවරයෙකු ලෙස රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කළ රනිල් වික්‍රමසිංහට අරගලයේ අභිලාෂ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි යයි කිසිවෙකු කිව හැකිද?

 

දිගු කලක් රටේ ප්‍රමුඛ දේශපාලන  ධාරාව ලෙස පිළිගැනුණ එක්සත් ජාතික පක්ෂය මුල්ව  ක්‍රියාත්මකවූ 2015-2019 යහ පාලනය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු එකට එක අඩු විය. වැටුප් වැඩි විය. සාධාරණත්වය  නීතියේ ආධිපත්‍යය මානව අයිතිවාසිකම්  තහවුරු කෙරිණ. ඔන් ලයින් ක්‍රමයට අවශ්‍ය ලැප්ටොප්  දරුවන්ට ලබා දීමේ අධ්‍යාපන ව්‍යාපෘතිය මහා හොරකමක් ලෙස හුවා දක්වා කඩා කප්පල්  කළද වර්තමානයේ ශිෂ්‍ය ප්‍රජාව රනිල්ගේ ඉසිවර දැක්ම තේරුම් ගෙන සිටිති.

රෝගී ජනතාව වෙනුවෙන් යහ පාලන යුගයේ ආරම්භ කළ සුවසැරිය මරාලයක් කියා ජනතාව බිය වැද්දුවේ රාජපක්ෂ අනුගාමික රජයේ වෛද්‍ය සංගමය විසිනි.

යහ පාලන යුගයේ මිල සූත්‍රය කීවාම වීරවංශලා දෙකොනින් සිනාසිණ. අද ගෑස් සඳහා මාසික මිල සූත්‍රයක් ක්‍රියාත්මක වේ.

 යහ පාලන යුගයේ රාජ්‍ය භීෂණයක් නොවීය. පොලිස් අත් අඩංගුවේදී කිසිවෙකු වෙඩි කෑවේ නැත. පාස්කු ප්‍රහාරය යනු යහ පාලනය බිඳ වට්ටවා රාජපක්ෂලා ඉස්මතු කිරීමට සැකසූ ඍජු ප්‍රහාරයක් බව ලෝකයම දනිති.  

මේ සියලු හේතු කාරණා නිසා 2020දී එජාපට හිමිවූ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය රනිල් වික්‍රමසිංහ 14 මසක් වැනි කෙටි කාලයක් තුළ රටේ අගමැති සහ විධායක ජනාධිපති ලෙස ව්‍යවස්ථානුකූලව තේරී පත්වීම ස්වභාව ධර්මයා මැදිහත් වූ අනපේක්ෂිත මෙන්ම, කිසිවෙකුට ඇදහිය නො හැකි විශ්මිත අත්දැකීමක් මිස රාජපක්ෂ උගුලක් නොවේ.

rw 22.7.21

ස්වභාව ධර්මයා මැදිහත් වූ අනපේක්ෂිත මෙන්ම, කිසිවෙකුට ඇදහිය නො හැකි විශ්මිත අත්දැකීමක් මිස රාජපක්ෂ උගුලක් නොවේ.

 

අරගලයේ පීඩනය හේතුවෙන් විධායක ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ 136 පොහොට්ටුවේ පාර්ලිමේන්තු බහුතර බලය අමතක කොට සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේද අරගලයේ අභිලාශයන් ඉටු කිරීම සඳහාය.  

අරගලයේ  අරමුණු ඉටු කරනවාද යන්න නිරීක්ෂණය කරමින් ජනාධිපති වික්‍රමසිංහට යම් විරාමයක් ලබාදීමට විපක්ෂ දේශපාලනඥයන්ට ජනතාව නිහඬ පණිවිඩ නිකුත් කරමින් සිටිති.

 

විපක්ෂය කඩිනම් මැතිවරණ ඉල්ලන්නේ රටේ යහපත වෙනුවෙන් නොව ජනතා ප්‍රශ්න විසඳුන විට තමන් ප්‍රතික්ෂේප වේය යන බියෙනි. ගෝඨාගෙන් හිස්වූ ඇබෑර්තුවට රනිල් වික්‍රමසිංහ පත් කිරීම යනු ගෝඨාගේ ඉවත්වීම පාර්ලිමේන්තු බහුතරය විසින් තහවුරු කිරීමකි.

 

ඩලස්ද ඉල්ලා සිටියේ ගෝඨා දමා ගිය ජනාධිපති තනතතුරමය. 2019දී ගෝඨාගේ තෝරා පත්වීම ප්‍රතික්ෂේප වුණාට 2020දී ජනතාව පත් කළ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප වන්නේ නැත. පලයන් කීවාම ගෝඨා ගියාට රනිල් යා යුතු නොවේ. අගෝස්තු 9 වෙනිදා අරගලය විතැන් වුණේ ඒ නිසාය.


අබුකාසීම්ගේ සෙරෙප්පුව ....



රනිල් යනු අබුකාසිම්ගේ සෙරෙප්පුව මෙන් කිසි විටෙකත් බැහැර කළ නො හැකි දේශපාලන ප්‍රපංචයක් බව අවධාරණය කරමින් මේ ලේඛකයා කළ විග්‍රහයක් 2020 අප්‍රේල් මුල් සතියේ අනිද්දා වෙබ් පිටුවේ පළවිය. ඒ ලිපිය කියවූ පාඨකයෙකු රනිල් යනු වැඩකට නැති තනි සපත්තුවක් බවට සමච්චල් කරමින් මා රනිල්ට කඩේ යතී යයි චෝදනා කළේය.

මා අබුකාසීම්ගේ සෙරෙප්පුව හරහා 2020 අප්‍රේල් මාසයේ කළ විග්‍රහය, 2022 ජූලි 20 වෙනිදා යථාර්ථයක් වී හමාරය.

 

2022 මැයි 12 වෙනි දින මහින්දට අහිමි වූ අගමැති තනතුරට රනිල් පත්වීමත් 2018 ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපති සිරිසේන යහ පාලන ආණ්ඩුවේ අගමැති රනිල් නෙරපා මහින්ද අගමැති ලෙස පත් කිරීමත් සජිත්ලා කියන ජන මත විකෘතියට උදාහරණයකි. එදා මහින්දට පාර්ලිමේන්තු අනුමැතිය නො ලැබිණ. මෙදා රනිල් ජනාධිපති වුණේ පාර්ලිමේන්තු බහුතරයෙනි.

 

2019දී යහ පාලනයට අභියෝග කළ මහින්ද, ගෝඨා සහ සිරිසේන තිදෙනාම සිතියමෙන් මැකී අවසන්ය. 2022 මැයි 12 වෙනිදා සජිත් හෝ අනුර කුමාර මහින්දගේ අනුප්‍රාප්තිකයා නොවූයේ අබුකාසිම්ට සෙරෙප්පු දෙකක් නො තිබුණ නිසාය. දෙවෙනි සෙරෙප්පුවක් අබුකාසිම්ට නො තිබුණා මෙන්ම,  රනිල් ජනාධිපති වුණේ ලංකාවේ රනිල්ලා දෙදෙනෙකු නොවූ නිසාය.

සමාජය ගමන් කරන දිසාවට පිටුපා කරන විමර්ශන විග්‍රහ හෝ නිරීක්ෂණවලට දැක්මක් පැවැත්මක් නැත.  අද පොහොට්ටුවෝ රනිල් හමුවේ දන ගසා සිටින්නේ රාජපක්ෂලා ප්‍රතික්ෂේප කළ දිසානතියට අභියෝග කළ නොහැකිවූ නිසාය.

මගේ දේශපාලන විග්‍රහයන් හැම විටෙකම  යථාර්ථයට සාපේක්‍ෂ මිස, අත්තුක්ඛන්සනයෙන් පරවම්මයෙන් කිසි විටෙකත් විරූප නොවේ. එය තක්කඩිකම ලෙස කෙනෙකු සැලකුවාට දෝෂයක් නැත.

2002 වසරේ සිට රනිල් වික්‍රමසිංහ විවේචනය කළාට, එනම් විධග්ධ දේශපාලනඥයා ගැන මේ ලේඛකයාට ආරවුලක් නොවීය. රනිල් යනු දෛනිකව රාත්‍රියේ නින්දට පෙර පැයක් කියවන පුරුද්දක් ඇත්තෙකි. හෙතෙම විෂය බද්ධව ලෝක ආර්ථිකය, ලෝක දේශපාලනය සමග ලංකාවේ තත්වය නිරතුරු අධ්‍යයනය කරමින් සිටින විමර්ශනශීලි ශාස්ත්‍රවන්තයෙකු ලෙස මගේ ගෞරවයට පාත්‍ර වේ. 

 

2020දී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පසුවද රනිල්  සිය හැදෑරීම අත් හැරියේ නැත. එ නිසාම, ඔහුගේ ආර්ථික හා දේශපාලන ක්‍රමෝපයන් කිසිවෙකුට බැහැර කළ නො හැකිය. තවත් එවන් දේශපාලනඥයෙකු වර්තමාන ශ්‍රී ලංකාවේ ජීවතුන් අතර සිටී නම් පමණක් ඔහු කවුදැයි නම් ප්‍රකාශ කරන තෙක් ජනාධිපති රනිල්,  සිය ධුරයෙන් ඉවත්ව යා යුතු නැත. රනිල්ට යන්න කියන බලවේග අපේක්ෂා කරන්නේ තවත් 225 දෙනෙකු මිස රනිල් වික්‍රමසිංහ කෙනෙකු නොවේ. ප්‍රශ්නය ඇත්තේ එතැනය.

 

යහ පාලනය විසින් මැනවින් කළමනාකරණය කළ ශ්‍රී ලංකාව මේ තත්වයට ඇද වැටුණේ ජනතාව තෝරා පත් කළ පාලකයන් විසිනි.

උතුර දකුණ භේද  කළ 56 පෙරළිය මෙන්ම විධායක ක්‍රමය නිර්මානය කළ 1977 පෙරළියත් ජනතා තීන්දු වෙති.

ආවේශීලි ජනතාව හැරෙන්නේ කොහාටදැයි දන්නේ දෙයියන් පමණකි. ඒ නිසා පවත්නා පාර්ලිමේන්තු බලය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වෙන් කොට  විශ්වාසයෙන් බලා සිටීම හැර වෙන විකල්පයක් අපට ඉතිරිව නැත.

 

රට පවත්නේ කතිරයෙන් ගොඩගත හැකි තැනක නොවේ. සර්ව ජන ඡන්ද බලය භාවිතා කරන තරමට ලාංකිකයන් මුහුකුරා ගොස් නැති බව 1931දී ඩි.එස්. සේනානායක කළ ප්‍රකාශය මෙහිලා පාද සටහනක් ලෙස සැලකේ.

 

රනිල් වික්‍රමසිංහ 2001 බලයට පත්වී  “කඩා වැටුණ ආර්ථිකය යළි ගොඩ ගන්නා තෙක රැකියා සැපයීම අත් හිටුවමි.” ප්‍රකාශ කළේ ආර්ථීක රටාව විද්‍යාත්මකව අධ්‍යයනය කළ නිසාය.

ට්‍රිලියන ගණනක් ණය ගෙවීම, කොවිඩ් එනනත ගෙන්වීම වැනි අභියෝග අතර, ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ උපාධිධාරින් හැට දහසකට රැකියා දීම සමග රනිල්ගේ ඉසිවර දැක්ම, සිල්ලර දේශපාලනඥයන් වෙනස් වන්නේ කෙසේදැයි ජනතාව තේරුම් ගත යුතුය.

ගෝඨා හැට දහසක් උපාධිධාරින්ට රැකියා දීමට තීරණය, රාජ්‍ය සේවයට පඩි ගෙවීමට මුදල් අච්චු ගැසීමක් ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විග්‍රහ කළේය.

ගොඨා රස්සා දුන්  උපාධිධාරීන්ට හිඳ ගැනීමට මේස පුටු සැපයීමට. ආණ්ඩුව අදටත් අසමත්ය. එසේම ඒ පිරිසට දෙන වැටුපට සරිලන රාජකාරියක් වගකීමක් රාජ්‍ය සේවයෙහි නිර්මානය වී නොමැති වීම හෙවත් අතිරික්ත සේවක සංඛ්‍යාව මෙහිදී අවධාරණය කෙරෙයි.

ලංකාවේ පැවැත්ම රනිල් විෂය බද්ධව දැකීමත්, අනෙක් දේශපාලනඥයන් පුද්ගල බද්ධව දැකීමත් අතර වෙනස වර්තමාන ව්‍යනසනයට හේතු විය. සජබය නම් දේශපාලන බිම්මල මතුවුණේ එජාපයේ බිම මට්ටමට පවා රනිල්  තේරුම් නො ගැනීම නිසාය.

රටේ බහුතරය රනිල් අත හැරියාට, රනිල් කියවීම හෝ රට වෙනුවෙන් සිතීම අත් හැරියේ නැත. තනි රනිල් රටේ ජනාධිපති වීමේ රහස එයයි.

රනිල් වික්‍රමසිංහ, 2001 බලයට පත්ව, වසර දෙකක් යන තෙක් රස්සා නොදෙනවා යයි කීවේ අසිහියෙන් නොවේ. තමන් රටේ පාලකයා භාරකාරයා බව තේරුම් ගැනීමෙනි. ඔහු කොවිඩ් වසංගතය දුටුවේද රාජපක්ෂලා දුටු ආකාරයෙන් නොවේ.

මෙහිදී රාජපක්ෂලාගෙන් රනිල් වෙන් කර දැක්වීමට ගෝඨාභය සිය ධුර කාලය පුරා රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් එක් සතයක් හෝ මුදා හැරීමත්  රනිල් ජනාධිපති වූ වහාම ලෙස එකී අරමුදලේ ප්‍රතිලාභ ජනතාවට සමීප කරවීමත් උපදෙස් දීමත් දැක්විය හැකිය.

කොඩිව් කාලයේ ජනතාව අපේක්ෂා නොකළ රුපියල් 5000ක් ආණ්ඩුව බෙදා හැරියේ මහත් කැමැත්තෙනි. සජිත් ප්‍රේමදාස පන් දහසක් නොව විසි පන් දහසක් දිය යුතු යයි කීවේත් බලයට පැවති කෑදරකම නිසාය. රනිල් ගෝඨාගෙන් සහ සජිත් ගෙන් වෙනස් වන්නේ එහෙමය.

2005දී ජනාධිපති ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ පැරැද්දුවේ ජවිපෙය සහ ප්‍රභාකරන් මිස රටේ ජනතාව නොවේ.

එදා රනිල් ජනාධිපති වුණා නම් ශ්‍රී ලංකාවට මෙහෙම වන්නේ නැත.

 

අදටත් ජවිපෙය ඇතුළු විපක්ෂය හිතන්නේ ඊළඟ මැතිවරණ ප්‍රතිපලය ගැනය. රනිල් හිතන්නේ නිදහස ලබා සිය වසරක් ගෙවුණ තැන ලංකාවට සිද්ධ වන්නේ කුමක්ද කියාය. රනිල් වික්‍රමසිංහ යනු පලයන් කී සැනින් එළවා දැමිය හැකි චරිතයක් නොවේ. රනිල් යන්නේ නැත. රනිල්ට කරන සියලු බාධා අගාධයේ ගිලෙමින් පවත්නා ශ්‍රී ලංකාවට කරන හතුරුකම් මිස දේශ ප්‍රේමය හෝ අරගලය නොවේ.




ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්