මෑතකදී ඡායාරූප කිහිපයක් ගන්නට මංගල සමරවීරගේ නිවසට ගියෙමි.



මංගලට උයා පිහා දී මංගලව පෝෂණය ඔහුගේ අරක්කැමියා වන රමේෂ් විසින් අප හට පිළියෙල කර දුන් දිවා ආහාර වේල රසවිඳින්නට මට අවස්ථාව ලැබිණි.

මිනිස්සුන්ට රහට කන්න බොන්න දෙන්නට ප්‍රිය කළ මංගල සමරවීරගේ කෑම මේසයේ රසවත්බව සහ විවිධත්වය ගැන මංගල සමග කෑමට හිඳගත් සියල්ලෝ සාක්ෂි දරයි.

රමේෂ් විසින් අපට පිස දුන් මංගල සිටි කාලයේදී ඔහුගේ මේසයෙන් දැනුන රස නිසා මට මංගල ජීවතුන් අතර නැති බව මොහොතකට අමතක විය.

ආහාරයෙන් පසුව මංගලගේ ගෘහ අලංකරණ රසය සහ මංගලගේ දිනපොත බඳු ඔහුගේ නිර්මාණ සහ මතක සැමරුම් එකතුව බලන්නටද මා උත්සුක වූයේ මංගල නම් වූ සංචාරකයා ගැන මා හොඳ හැටි තතු දැන සිටි නිසාවෙනි.

 ඇත්තටම මංගල තරම් සංචාරය කළ දේශපාලකයෙකු මා දන්නේ නැත. ඔහු නමට පමණක් සංචාරකයෙක් නොවූ අතර ඔහු ලොව වටා කළසංචාරයන් වලදී ගෙන ආ කලා නිර්මාණ ගැන ඕනෑම විටෙක විමසුවහොත් එහි ඉතිහාසය, සංස්කෘතික වටිනාකම, සහ සංකේතාත්මක වටිනාකම ගැන ඉතා ගැඹුරු වූත් රසවත් වූත් විස්තර කියන්නට ඔහුට හැකි වූයේ ඔහුගේ සංචාරයේ අවංකභාවය නිසාමය.



ලන්ඩනයේ විලාසිතා නිර්මාණ කලාව උගත් මංගල පසුකලෙක දේශපාලන බිමේ නිර්මාණ ශිල්පියා වූයේ නිතරඟයෙන්මය. අදටත්, මංගල තරම් නිර්මාණාත්මක දේශපාලඥයෙක් අපේ පරම්පරාවෙන් හොයාගන්නට අපහසුය. ඔහුගේ නිර්මා ණාත්මක ඉව ඔහුව අද්විතීය දේශපාලන සන්නිවේදන උපක්‍රම විශේෂඥයෙක් වීමේ මූලික සාධකය බව මගේ පුද්ගලික අදහසයි.

2005 දී මංගල, බලයට පත් කරන්නට කැපවී වැඩ කළ ආණ්ඩුවට එරෙහිව යමින්, පුද්ගලිකව කෙතරම් අවාසි දායක වූවත් තමන්ගේ ප්‍රතිපත්ති සහ ඒ වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නට ඔහුට තිබූ හැකියාව මංගලගේ දේශපාලන ජීවිතයයේ සුවිෂේශී හැඩතලයක් බව මගේ අදහසයි.

 

පසුකලෙක වුවත්, සෘජුව කතා කිරීම නිසාම මංගල සමාජයේ විවිධ ස්ථාරයන්ගේ සහ ප්‍රතිවාදීන්ගේ වෛරයට ලක් වුවත්, එකඟ විය නොහැකි තැන්වලදී පවා ඔහුගේ සෘජු බව පක්ෂ විපක්ෂ සියලුම දේශපාඥයන්ගේ ගෞරවයට පාත්‍ර විය. එය කළ හැක්කේ මංගටම පමණි.

 

80 දශකයේ අගභාගයේ මහින්ද රාපක්ෂ  සමග මව්වරුන්ගේ පෙරමුණ නිර්මාණය කරමින් සටන් කිරන්නට පටන් ගත් මංගල සිය ජීවිතයේ අවසාන දවස දක්වාම ප්‍රතිවාදීන් තිගැස්මට ලක් කරන සටන් කරුවෙක් වූ බවට සැකයක් නැත.

මංගල තමන්ගේ පැත්තේ සිටින හැමෝටම ඔහුගේ පෙනීසිටීමම ජවයක් එක් කළේය. මංගල තමන් නොදන්නා විෂයයන් දන්නා බව පිළි ගැනීමට තරම් නිහතමානී වීම නිසාම ඔහු නිතරම විවිධ වෘත්තීය දක්ෂයින් සහ විශේෂඥයින් පිරිවරාගෙන සිටියේය. දක්ෂතාවයට මිස, ඔවුන්ගේ වයස, ජාතිය, ආගම, කුළය, පංතිය ඔහුට අදාළ නොවීය.

 

මංගල දක්ෂ ප්‍රශ්න අසන්නෙකි. ඔහු තීරණයක් ගැනීමට පෙර හෝ ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම උපදෙස් සහ අදහස් විමසීමට පුරුදු වී සිටි අයෙකි. මංගලගේ නිවසේ බිත්ති දෙකක් පුරවා එල්ලා ඇති ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික මිතුරන්ගේ ඡායාරූප පෙළ දුටු අයෙකුට, අපේ රටේ අපේ පොලෝවේ මිනිහෙක්, ලෝකයේ මෙතරම් ගෞරවයට පාත්‍රවීම පිළිබඳව දැනෙනු ඇත්තේ ආඩම්බරයකි.

 

මංගලට ඒ තරම් රාජ්‍යතාන්ත්‍රික මිතුරන් පිරිසක් සිටියා පමණක් නොව ඔවුන් මංගලට සැබැවින් ආදරය කළෝය.

මංගලගේ දේශපාලන දිවියේ 30 වසරක සැමරුමට ඇමරිකානු රාජ්‍ය ලේකම් සමන්තා පවර් මහත්මිය සිය සියලු] වැඩ පසෙකලා පැමිණීම ඒ සඳහා කදීම සාක්කියකි.



 මංගල මිය ගිය බව අදහන්නට මගේ හිත තාමත් මැලිකමක් දක්වයි. ඊට ලොකුම හේතුව වන්නේ මංගල කවදාවත් වයසට නොගි මිනිසෙකු වූ බැවිනි. ඇඳුම පැළඳමේ සිට රසවිඳින සංගීතය, මිතුරු මිතුරියෝ දක්වා මංගල තමන් සදාකිලික තරුණයෙක් බව ඔප්පු කළේය. ඔහුට තරම් වසයින් අඩු මිතුරන් සිටින අපේ යුගයේ දේශපාලකයෙක් නැත.

මංගල පළමු වතාවට හමුවෙන ඕනෙම කෙනෙකුට ”මට සර් කියන්න එපා මංගල කියන්න යැයි කීවේ” ඒ තරුණකම නිසාම බව මගේ විශ්වාසයයි.



naraka(නරක වනිගසේකර)
Call For Action Collective

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

1


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්