රනිල් අතුරු අයවැය කතාව කළා. ඒ කතාව පටන් ගත්තෙ අවුරුදු 74ක් රට විනාස කළා කියල හැමතැනම ඇහෙන සටන්පාඨයට ටොක්කක් අනිමින්.



අවුරුදු 74ක් රට ආපස්සට අරන් ගියා කියන අයම තමයි යටත්විජිත කාලෙ රට විනාස වුනා කියලා බැන බැන ඇවිද්දෙත්, රනිල් කිව්වා.

ඒක ඇත්තක්. අවුරුදු 74ක් පාලනය කරපු අය මේ රට විනාස කළා කියන කතාව අති බොළඳ කතාවක්.

 

රටක් පාලනය කිරීම ගැන වගකීම පැවරෙන්නෙ ආණ්ඩුවට විතරක් නෙමෙයි. විපක්ෂයට සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලට වගේම පුරවැසියන්ටත් ඒ වගකීම පැවරෙනවා.

 

උදා විදිහට යුද්ධය පැවති අවුරුදු 30ක වගකීම ආණ්ඩුවට වගේම ප්‍රභාකරන්ටත් පැවරෙනවා. 88,89 කාලෙ වගකීම ජවිපෙටත් පැවරෙනවා.

රට පාලනය කරන ආණ්ඩුව සියල්ලට වගකිව යුතුයි කියන සිතීමම තමයි අපි අද වැටිලා ඉන්න තත්වෙට මුලත්. ආණ්ඩුව උවමනාවට වඩා අධිතක්සේරු කිරීම. රට වෙනුවෙන් සියල්ල කළ හැක්කේ ආණ්ඩුවටයි කියල විශ්වාස කිරීම.

 

රනිල් තමන්ගේ කතාවෙදි තවත් ඇත්තක් කිව්වා. ඒ තමයි මේ තරම් කාලයක් රටට අවැඩදායී ප්‍රතිපත්ති සියල්ල ගෙනාවෙ ජනතාව වෙනුවෙන් යැයි කියමින් බව. දේශපාලකයො ජනතාව වෙනුවෙන් කියල විවිධ විනාශකාරී ප්‍රතිපත්ති ගෙනාපු අතර ජනතාවත් කිසිම විචාරයක් නැතුව ඒ ප්‍රතිපත්ති කරේ තියාගත්තා. ජනතාව වෙනුවෙන් කියන පෙනී සිටීම හැම වෙලාවකම වැඩකරන්නෙ ව්‍යාජයක් විදිහට. ඒ ජනතාව යනු කවුද කියන එක ගැන නිශ්චිත අදහසක් කාටවත් නෑ. 

 

රටේ කර්මාන්තශාලා රජයට පවරාගත්තෙත් ජනසතු කරනවා කියල. රජයේ කර්මාන්ත ජනතාවට අයිති වෙන්නෙ කොහොමද කියල කවුරුවත් ප්‍රශ්න කලේ නෑ. රටේ සම්පත් රකිනවා කියල කිසිම වැඩකට නැතුව ඒවා එකතැන පල්කරමින් හිටි වගත් රනිල් මතක් කරනවා.

ලෝකයේ ආර්තිකයත් එක්ක අපේ සම්පත් විතරක් නෙමෙයි සංස්කෘතිය වුනත් ආයෝජනය කරන්න ‍දන්නෙ නැත්නම් ඒ සම්පත් රැකීම බහිරවයාට ගියා හා සමානයි.


රනිල් එයාගෙ කතාවෙ කියන්නෙ සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ගවලින් රට ගොඩදාන්න උනන්දු වෙනවා කියල. ලංකාවෙ අලුත්, වෙනස් වගේ වචන පාවිච්චි කරලම ඒවා සාම්ප්‍රදායික වෙලයි තියෙන්නෙ. සාමාන්‍යයෙන් අපේ රටේ අලුත් කියන්නෙ පරණ එකට. සටන්පාඨ වලින් හෝ හැගීම්වලින් නැතුව ප්‍රායෝගිකව අර්බුදයෙන් ගොඩඑන්න ඕන කියලත් රනිල් කියනවා. හැබැයි එහෙම ප්‍රායෝගිකත්වයක් ලංකාවෙ මිනිස්සු දන්නවද කියන එක ප්‍රශ්නයක්.


RANIL

ඉදිරි මාස කීපය තුල 40%කින් ඉන්ධන මිළ ඉහල යනවලු. ඉදිරි සති තුනක කාලයේ ඉන්ධන සහ ගෑස් පාවිච්චිය තවත් දුෂ්කර වෙනවලු. මේ විදිහට තෙල් ගෑස් පාවිච්චිය අපිට කරගෙන යන්න පුළුවන්ද?

 

මේක පරිභෝජනයේ රැඩිකල් වෙනසක් ඉල්ලා සිටින මොහොතක්. ඒක සිද්ද වෙන්න ඕන පරිභෝජන සංස්කෘතියෙ. රනිල් හැමදාම සංස්කෘතිය කියන කොටසට අවධානයක් දෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආර්තික වෙනස්කම් ක්‍රියාවට නගන්න බැරිවෙන එකයි.

 

වැදගත්ම කාරණය වෙන්නෙ මේ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අදාලව සමාජය හැඩගස්වන නව සිතීමේ මානයක්, නව සංස්කෘතියක් නිර්මාණය කරන්න උනන්දු වීමයි. ඒක ආණ්ඩුවකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ආණ්ඩුවක් එහෙම එකක අවශ්‍යතාවය ගැන දැනුවත් වීම වැදගත්.

හැමදාම අත්හැර දැමිය යුතු යැයි සැලකූ කෘෂිකර්මාන්තය ගැන ආපහු උනන්දු වෙන්න අපිට සිද්ද වෙනවා. මේ අර්බුදය එක්ක අපිට ආහාර ආනයනය කරන්න බැරි වෙනවා. නැවත අපේ වගාවන් ගැන හිතන්න වෙනවා. ඒත් පරණ විදිහටම ආපහු කෘෂිකර්මයට ගිහින් අපිට ඕන කරන ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයිද?


රනිල් කියනවා අපි අපනයන ආර්තිකයකට යන්න ඕන කියල. වියට්නාමෙ වගේ වෙන්න ඕන කියල. ඒ කියන්නෙ එකතු කළ අගයන් සහිත නිෂ්පාදන වැඩි කිරීම. මේ කතාව අපේ කෘෂිකර්මාන්තයටත් අදාල වෙන්න ඕන. පරණ වියදම්කාරී, රජයේ සහනාධාර මත යැපෙන කෘෂිකර්මාන්තය වෙනුවට අපි නව කෘෂි ආර්තිකයක් ගැන කල්පනා කරන්න ඕන.  


දළ දේශීය නිෂ්පාදිතය යන්නෙ ඍණ. යුක්රේන් යුද්දෙ හින්ද ඉස්සරහ අවුරුදු දෙක ලෝකෙමත් මෙහෙමලු. ඒ අතරෙ තමයි මේ ගමන යන්න වෙන්නෙ.

රනිල් කියන විදිහට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරගන්න වැඩ කරන එක හොඳයි. ඒත් මේ වගේ වෙලාවක අපි පරණ පුරුදු වර්ධනයේ ආර්ථිකයටම ආපහු යනවා වෙනුවට අපිට බැරිද විසිඑක්වෙනි සියවසේ ‍ඩෝනට් ආර්තිකයක් ගැන හිතන්න.

 

ඩෝනට් ඉකොනොමි කියන්නෙ කේට් රේවර්ත් කියන ආර්ථික විද්‍යාඥවරිය ඉදිරිපත් කරන රිජෙනරෙටිව් ඩිස්ට්‍රිබියුටිව් ඉකොනොමික් මොඩ්ල් එකක්. ඒ කියන්නෙ වඩා විමධ්‍යගත වූ මෙන්ම පරිසරය ගැන සවිඥානකව ගොඩනැගෙන ආර්තිකයක්. මිනිසාගේත් පරිසරයේත් සමෘද්ධිය ඉලක්ක කරගත් සංවර්ධනයක්.

 

මෙතනදි වර්ධනය වෙනුවට සතුටේ නිෂ්පාදනය වැඩි කරන දර්ශක ගැන උනන්දු වෙන එකයි වැඩියෙන් වැදගත්.

අපේ වර්ධනය ඉලක්ක වන්නේ මොන අරමුණු කරාද කියන එක එතනදි වැදගත් වෙනවා.

 ඒ වර්ධනය ඇත්තටම මේ පුංචි දූපතක් වුනු අපේ රටේ මිනිස් ජීවිත වඩා සතුටින් තබන විදිහෙ එකක්ද නැත්නම් තවත් ආතතියෙන් පුරවන හෝ නාස්තිකාර එකක්ද කියන එක ගැන සවිඥානකව හිතන්න අපිට මේ අමුතු වෙලාවෙදි පුළුවන්.

ආපහු විසිවෙනි සියවසේ වර්ධනයක් අත්පත් කරගන්නවා වෙනුවට අපි උත්සාහ කරන්න ඕන 21 වෙනි සියවසේ අනාගත වර්ධනයන්ට යොමු වෙන්න.

ලංකාවෙ පවුල්වලින් 75%ක් පමණ තමන්ගේ ආහාර වේල් අතපසු කරන්න පටන් අරගෙන කියලත් වාර්තා වෙනවලු. ඒ කියන්නෙ අපි මන්දපෝෂණය පැත්තෙනුත් සෑහෙන්න ඉදිරියට යමින් ඉන්නවා.

ලංකාව කොහොමත් පෝෂණය අතින් සතුටු විය හැකි මට්ටමක තිබුනෙ නෑ.

 ඒ අතරෙ තමයි දොස්තරලා ඇවිත් කිරිපිටි ටිකත් ඕන නෑ කියල බයිලා ගැහුවෙ. මිනිස්සුන්ට මොනවා කරලා හරි තුන්වේල කන්න දෙමු කියල රනිල් යෝජනා කරනවා. එතනදි පක්ෂ අමතක කරලා මිනිස්සුන්ගෙ බඩගින්න වෙනුවෙන් එකතු වෙන්න ආරාධනා කරනවා.


රනිල් ජනාධිපති වීම ගැන මං කැමති කාරණයක් මෙතනදි මතුවෙනවා. ඒ තමයි රනිල්ට පක්ෂයක් නැති එක. එක්සත් ජාතික පක්ෂෙ තිබුනත් ඒකෙ ඉන්නෙ රනිල් විතරයි. හැම වෙලාවකම නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් ඉල්ලපු අයට නොහිතූ ‍නොපැතූ  නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් ඇවිත් ඉන්නවා. එයාට පාර්ලිමේන්තුවෙ පක්ෂ බලයක් නෑ. සමහරුන්ට අනුව එයා පොහොට්ටුවෙ. ඒත් පොහොට්ටුවෙ සමහරුන්ට  රනිල් පන්නන්න ඕන.  තනි මිනිහෙක් ඇවිත් තමන්ගේ ප්‍රතිවාදී පක්ෂයේ බලයෙන් ඉතිහාසෙ දරුණුම ප්‍රතිසංස්කරණ ටික කරන්න යන එක අමුතුම මොහොතක්.

 

පාඩු ලබන රාජ්‍ය ආයතන විකිනීම ගැනත්, රාජ්‍ය කළමනාකාරීත්වය කාර්යක්ෂම කිරීම ගැනත් රනිල් කතා කරනවා. සුනිල් හඳුන්නෙත්ති විසින් පවා මේ වෙද්දි රජය තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙමෙයි කියල ප්‍රකාශ කරලා තියෙනවා. ජවිපෙ පවා වෙනස් වෙමින් ඉන්න වෙලාවක්.

 

ස්වර්ණ භූමි සහ වෙනත් ආකාර ඔප්පු නිසා තමන්ට අයිති වුනත් තමන්ට උවමනා විදිහට විකිනීමක්, ආයෝජනයක් කළ නොහැකි ඉඩම් ඇත්තටම මිනිස්සුන්ට පවරා දෙන්න පියවර ගන්නවා කියල රනිල් කියනවා.

මේකට විරුද්දව කතා කරන අයත් ඉන්නවා. තමන්ගේ කොට්ඨාශයේ මෙහෙම ඉඩම් සින්නක්කරව පවරා දෙන්න එපා නම් ඒකට ලිඛිතව දැනුම් දීමක් කරන්න කියලත් ඒ විරෝධයට පිළිතුරු වශයෙන් රනිල් කියනවා.

 

තමන්‍ට ඇති ඉඩමක්, තමන්ට කැමති මිළකට, තමන් කැමති කෙනෙකුට විකිනීමෙන් තමන්ට උවමනා මුදලක් උපයා ගැනීමේ හැකියාව ජනතාවට ලබාදීම විප්ලවීය පියවරක්. මේ නිසා මිනිස්සු සල්ලි නැතිකමෙන් ඉඩම් විකුණලා අනාථ වෙයි කියල බොරු මානුෂීය මැසිවිලි කියන අය කරන්නෙ ඒ පුංචි මිනිස්සුන්ගෙ වත්කම් පවා රජය සතුව තබාගැනීමට බලකිරීමක්. ඒ මිනිස්සුන්ට ඉඩමක සැබෑ අයිතියවත් ලබා නොදීමක්.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට 'ක්‍රොස් ඕවර්' කිරීමට ඉඩ දිය යුතුයි - නීතිඥ  චන්ද්‍රසිරි සෙනෙවිරත්න

හැමදාම රනිල් මතක් කරන චර්චිල්ව මෙතනදිත් එයා මතක් කරනවා. සුබවාදියා හැම අසීරු අවස්ථාවකමත් යමක් කරන්න ඇති ඉඩක් දකිනවා. අසුබවාදියා හැම ඉඩකමත් කිසිවක් කරන්න බැරි අසීරුතාවයක් හොයනවා.

 

හැම අර්බුදයක්ම එන්නෙ අවස්ථාවක් එක්කයි. අර්බුදය වෙනුවට අවස්ථාව ඩැහැගැනීමයි වැදගත් වෙන්නෙ. ගොඩක් අය ට්‍රයි කරන්නෙ, රනිලුත් ඇතුලුව, අර්බුදයට පෙර පැවති තත්වයට ගමන් කරන්නයි. නමුත් අපි උත්සාහ කළ යුත්තේ අර්බුදය හරහා නව අනාගත තත්වයක් නිර්මාණය කරගන්නයි. අපි මෙතෙක් අනුගමනය කළ අඥාන පිළිවෙත් පරීක්ෂා කිරීමටයි මේ මොහොත. අපි විසින් නිර්මාණය කරගත් රට, පුරවැසියා සහ ජීවිතය කියන කාරණා ගැන වඩාත් ගැඹුරින් සිතන්න, ඒවා යළි නිර්මාණය කරන්නයි මේ විවරය.

 

ඒකට ආර්ථික ප්‍රතිසංස්කරණ වැදගත්. ඒත් ඊට වඩා විශාල සංස්කෘතික සහ සවිඥානකබවේ මෙහෙයුමක් අපිට අවශ්‍ය වෙනවා කියන එකයි ‍මගේ හැගීම.


අරගලය ජයග්‍රහණයකින් අවසන් වුනා. ආතල් වැඩක් කරමු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්