මෙය දැන් දැවෙන ගැටලුවකි. අර්බුදයක් වීමට පෙර විසඳිය යුතුය. සරලව විසඳිය හැකිය.



QR එක හරහා ආණ්ඩුව කළේ තියෙන තෙල් ටික උපරිම කාලයක් බොහෝ අයට බෙදා දීමයි. එය හොඳය. Well done!

නමුත් එහි එක පරහක් තිබේ.

එනම් කාර්වලට දෙන ලීටර් 20 න් සාමාන්‍ය වශයෙන් 200 km ක් යා හැකි වුවත් ත්‍රිරෝද රථයට දෙන ලීටර් 5 න් යා හැක්කේ 100 km ක් පමණී. එනම් හරි අඩකි. එය අසාධාරණය.



දෙන තෙල් ප්‍රමාණය නිර්ණය කළ යුත්තේ “සැමට සමාන දුරක්” යා හැකි පදනම මතය. එනම් කාර් එකකට යා හැකි දුර හා සමානම දුරක් ත්‍රිරෝද රථයටද යා හැකි විය යුතුය. පදනම විය යුත්තේ සමානත්වයයි (Equity). එවිට කාටවත් ඤරු ඤුරු ගාන්නට බැරිය.



දැන් මෙය කළ හැකිද? හැකිය.

දැනටමත් හැම කාරයකටම සතියට ලීටර් 20 ක් ගහන්නේ නැත.

මගේ පුද්ගලික අත්දැකීම නම් 8L ගැහුවත් SMS එක එන්නේ 20L ගැහුවා කියාය. එනම් ඉතුරු 12L කවුරු හෝ ගහගන්නවා විය හැකිය.

ත්‍රිරෝද රථ රියදුරන් කියන්නේ ෂෙඩ් එකට වැඩිපුර මුදලක් ගෙවා දැනටමත් ඔවුන් තෙල් ගහගන්නා බවයි.

එනම් ඇති පමණ තෙල් තිබේ.



අවශ්‍ය කරන්නේ ආණ්ඩුව විසින් පනවා ඇති ලීටර පහේ සීමාව ලීටර දහයක් කිරීමයි. එවිට ත්‍රිරෝද රථ රියදුරා ෂෙඩ් එකට අල්ලසක් දීමට අවශ්‍ය නොවේ. අනෙකා යා හැකි දුරම තමාටත් යා හැකි නිසා අහිතකුත් නැත.




ඒ දවස්වල තෙල් එකතු කළා වැනි කතා දැන් කියා වැඩක් නැත. හැම ත්‍රිරෝද රථ රියදුරාම එහෙම කළා යැයි කීමද වැරදිය.

අතීතයේ වැරදි කිය කියා සිටීමෙන් ඵලක් නැත. මේ මොහොතේ කළ යුත්තේ නිවැරදි දෙයයි. නැතිනම් මේවා අනවශ්‍ය අර්බුද බවට පත්වේ.

හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනම ඉස්පිරිතාලෙකට ඇරලවන්න ඉන්නෙත් හිතවත් ත්‍රිරෝද රථ රියදුරා පමණී.

සැමට සමාන දුරක්!

ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022 සැප්තැම්බර් 4

 


 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්