ඇතැමුන් කියනවා ලංකාවේ තේ නිෂ්පාදනය අඩු වෙලා කියා. ඔවුන් තවදුරටත් කියන්නේ 2020 වසරේදී කෘත්‍රිම පොහොර ආනයනය නතර කළ නිසා

එහෙම නිෂ්පාදනය අඩු වුණා කියලයි.

දැන් මේ කතාව ඇත්තද? දත්ත සහ තොරතුරු මත අපි මෙය විමසා බලමු.

පසුගිය වසරේ එනම් 2021 වසරේ ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනය සටහන් වුණේ කිලෝග්‍රෑම් මිලියන 299 ලෙසයි. ඊට පෙර වසරේ එනම් 2020 වසරේ අපි කොච්චර තේ නිෂ්පාදනය කළාද? කිලෝග්‍රෑම් මිලියන 278 යි. ඒ කියන්නේ 2020 වසරට වඩා කිලෝග්‍රෑම් මිලියන 20 ක් තේ, වැඩිපුර නිෂ්පාදනය කර තිබෙනවා පසුගිය වසරේ.

2020 වසරේ කොරෝනා වසංගතය දරුණුවටම පැවති නිසා නිෂ්පාදන කටයුතු තරමක් අඩාළ වුණා කියා කෙනෙකුට සාධාරණව හිතන්න පුළුවන්. ඒ නිසා අපි බලමු පසුගිය වසර 10 තුළ ලංකාවේ තේ නිෂ්පාදනයට මොකද වෙලා තියෙන්නේ කියා. එතකොට අපට වඩාත් පැහැදිලි අදහසක් ගන්න පුළුවන්.

image

මේ ප්‍රස්ථාරය බලන්න. 2012 ඉඳලා 2021 වෙනකල් ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනය වසරින් වසර වෙනස් වූ ආකාරය තමයි මේකෙන් පෙන්වන්නේ. මොකද වෙලා තියෙන්නේ. එන්න එන්න අඩු වෙලා නේද!

මේ කාලය තුල වැඩිම තේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ 2013 වසරේ. ඒ කිලෝග්‍රෑම් මිලියන 340 ක් පමණ.

ඊට පසුව දිගටම ලංකාවේ තේ නිෂ්පාදනය අඩු වෙලා. වසංගතය නිසා 2020 වර්ෂය අතහැරියොත් ලංකාවේ අඩුම තේ නිෂ්පාදනය වාර්තා වෙලා තිබෙන්නේ 2016 වසරේ එනම් යහපාලන ආණ්ඩුව කාලයේ.

රතුපාට රේඛාවෙන් පෙන්වන්නේ තේ නිෂ්පාදනය අඩු වීමේ ප්‍රවණතාවය. එහෙනම් මොකක්ද අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්?

 

පළමු කාරණාව තමයි 2021 වසරේ සෑහෙන කාලයක් කෘත්‍රිම පොහොර දැම්මේ නැති වුණත් තේ නිෂ්පාදනය අඩු වෙලා නැහැ. ඇත්තටම තරමක් වැඩි වෙලා. 2019 වසරේ නිෂ්පාදනය කළ ප්‍රමාණයටම තියෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඒ අනුව කෘත්‍රිම පොහොර නැති වූ නිසා තේ නිෂ්පාදනය අඩු වුණාය කියන ප්‍රකාශය අතාර්කිකව බිඳ වැටෙනවා.

 

sustainable නැහැ....


දෙවන කාරණාව තමයි ඉවක් බවක් නැතිව කෘත්‍රිම පොහොර භාවිතා කළත් ලංකාවේ තේ නිෂ්පාදනය පසුගිය වසර 10 පුරා දිගින් දිගටම අඩු වෙලා. අන්න ඒකට තමයි කියන්නේ “unsustainable” කියලා. Sustainable නැහැ. Sustainable කියන වචනයේ හරිම අර්ථය තමයි දීර්ඝ කාලයක් පවත්වා ගැනීම.

ඒක තව ටිකක් අර්ථාන්විතව කියනවා තිරසාර පැවැත්ම කියලා. තිර - ස්ථිරව; සාර - හොඳින් පවත්වා ගැනීම. අපේ තේ නිෂ්පාදනය මේ යන විදිහට sustainable නැහැ කියන එක තමයි මේ වසරින් වසර නිෂ්පාදනය අඩු වීමෙන් පෙන්වන්නේ.

ලංකාවේ තේ නිෂ්පාදනය වසරින් වසර අඩු වෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පවත්වා ගැනීම ප්‍රශ්නයක් වෙලා. රාජ්‍යයක් කරනවා කියන්නේ අද තියෙන ගැටලු කොහොම හරි විසඳන එක විතරක් නොවෙයි. රාජ්‍යයේ හැමදෙයක්ම අනාගතයේ සාර්ථකව කරගෙන යා හැකි ආකාරයට නිරන්තරයෙන් සකස් කිරීමත් ඉතාම වැදගත්.

 

තේ නිෂ්පාදනය මේ ආකාරයට වසරින් වසර අඩු වීමට හේතු මොනවාද? එකක් තමයි තිරසාර නැති එනම් අතිර අසාර තේ වගාව. Unsustainable Tea Farming.

 

ඔබ දන්නවා අපේ රටේ කඳුකරයේ තේ වැවීම සියවස් ගණනාවක් තිස්සේ කරන්නේ එකම විදිහට. පහත් බිම්වලත් එතරම් වෙනසක් නැහැ. ඒ නිසා පසේ පෝෂණය ක්‍රමයෙන් නැති වෙලා යන එක තමයි ඔය නිෂ්පාදනය අඩු වීමෙන් පෙන්නුම් කරන්නේ.

වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඇති වී තිබෙන දේශගුණික විපර්යාසයත් මේ තේ නිෂ්පාදනයේ අඩු වීමට හේතුවක්.

වර්ෂාව අඩු වීම සහ අක්‍රමවත් වීම නිසා තේ කොල වර්ධනයට බලපෑම් ඇති වෙනවා. ඒ වගේම විශාල ජල කඳක් එකවර ඇදහැලීම නිසා පස සෝදාපාලුවට ලක්වෙනවා.

එයට වගකියන්න ඕනා වායුගෝලයට විශාල වශයෙන් කාබන්ඩයොක්සයිඩ් එකතු කරන ගල්අඟුරු, ඛනිජ තෙල්, ගෑස් මහාපරිමාණයෙන් දහනය කරන රටවල් සහ හරිතාගාර විස වායුන් වායුගෝලයට එකතු කරන මහාපරිමාණයෙන් මස් සහ කිරි කර්මාන්ත කරන රටවල්. ඒක තමයි ඇත්ත කතාව.

 

ලෙහෙසියට පොහොර කන්ටේනර් ගණන් ගෙන්නලා පසට ඉහලා දැම්මට වැඩක් නැහැ. ඒවා වැස්සත් එක්ක හේදිලා යනවා. ඕනෑම වගාවක් දීර්ඝ කාලයක් කරන්න නම් ඒ පස විද්‍යාත්මකව සංරක්ෂණය කරගන්න ඕනා. එකම බෝගය පමණක් දිගටම වගා නොකර අතරින් පතර වෙනත් බෝග වගා කරන්න ඕනා. ස්වභාවිකව පොහොර හදන ජීවින් ආරක්ෂා කරගන්න ඕනා. වසවිස දාලා පසේ ඉන්න ජීවින් මරාගත්තම ඒක කරන්න බැහැ.

 

දැන් ලංකාවේ තේ නිෂ්පාදනය වැඩිපුර කරන්නේ කුඩා තේ වතු අයිතිකරුවන්. ඔවුන් බොහෝ දෙනෙකුට මේ ගැන අවබෝධයක් නැහැ. ඔවුන් හිතන්නේ දශක ගණනාවක් තිස්සේ හැදෙන තේ ගස් එහෙමම තියාගෙන හැමදාම පොහොර ඉහ ඉහ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් කියලයි. නමුත් එහෙම කරන්න බැරි බව දත්ත වලින්ම අපට පේනවා. වැඩිපුර තේ නිෂ්පාදනය කරන්න ගිහිල්ලා අන්තිමට තියෙන ටිකත් නැති වෙන්න පුළුවන්.

අලුතෙන් තේ පැල හිටවන්න ඕනා. පසේ සංයුතිය ගැන විද්‍යාත්මකව පරික්ෂා කරන්න ඕනා. ස්වභාවික පොහොර භාවිතා කරන්න ඕනා. මහපොළොවට දරාගත හැකි මට්ටමක නිෂ්පාදන කටයුතු කරන්න ඕනා.

 

2021 වසරේ තේ අපනයනයෙන් ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක් උපයා තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් රුපියල් 725 ක් ලෙස වාර්තා වුණා. ඒ තමයි එතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම මිල.

 

මේ අතර රුපියල අවප්‍රමාණය වීම නිසා ලංකාවේ තේ නිෂ්පාදකයන්ට ලැබෙන ආදායම වැඩි වී තිබෙනවා. තේ අපනයනකරුවන්ගේ සංගමය වාර්තා කරන ආකාරයට මාර්තු මාසයේ තේ කිලෝග්‍රෑමයක වෙන්දේසි වටිනාකම රුපියල් 50 ත් 70 ත් අතර ප්‍රමාණයක් ඉහල ගොස් තිබෙනවා. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වීම නිසා තේ නිෂ්පාදකයාගේ අතට වැඩිපුර ලාභයක් ලැබිලා. https://teasrilanka.org/week-market-reports


 122362931 gettyimages 641126262

Lankan tea exports earned $ 1.3 Bn in 2021

 

ඒ වගේම සමහරු කියනවා කෙන්යාවේ වගේ අපේ රටේ තේ නිෂ්පාදනය වැඩි කළ යුතුය කියා. නමුත් ඔබ දන්නවද කෙන්යාවේ තේ කිලෝග්‍රෑම් එකක් විකිණෙන්නේ ඇමරිකානු ඩොලර් දෙකකට අඩුවෙන්. ලංකාවේ තේ කිලෝග්‍රෑමයක් විකිණෙන්නේ ඇමරිකානු ඩොලර් තුනකට වැඩියෙන්.

ලෝකයේ "මිලෙන් වැඩිම තේ" විකුණන්නේ ලංකාව. ඒ වගේම කෙන්යාවේ තේ නිෂ්පාදකයන්ට වඩා වැඩි ආදායමක් ලංකාවේ තේ නිෂ්පාදකයන් උපයනවා. මේක තමයි ඇත්ත කතාව.


ධර්මය අපට මග වේවා!


ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ ග්‍රන්ථ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
2022 සැප්තැම්බර් 8


තවත් මූලාශ්‍ර:

Sri Lanka Tea :Statistics

SRI LANKA TEA PRODUCTION JULY 2022

Sri Lankan tea industry boosted in January 2021 by higher y-o-y production and export prices

Sri Lanka tea prices hit record in Feb 2022,


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්