2022-09-04 අනිද්දා පුවත් පතේ අරගලය මර්ධනය හා ආරක්ෂාව නමින් මා නමින් පළ වූ ලිපියේ ඔබ ගැන  මෙසේ  සඳහන් විය.



ආරම්භයේ අරගලයට පහසුකම් සලසමින් සිටි කලා ශිල්පිනී දමිතා අබේරත්න යම් අවස්ථාවක අරගලයේ ප්‍රකාශිකාවක් වූවා ය. රනිල් අගමැතිවූ පසුව සජබය කෝ ඩොලර් කියා සමච්චල් කරද්දී දමිතා අරගල භූමියේ සිට, රනිල්ට යම් කාලයක් අවශ්‍ය බව කීවාය. ඒ සතියේ දමිතාගේ ප්‍රකාශය ගැන මා අනිද්දාට සැපයූ ලිපියේද සඳහන් විය.  සතියක් ගෙවීමට පෙර අර දමිතා අබේරත්නත් මහ හඬින් එක දිගට රනිල් ගෙදර පලයන් කියා කෑ මොර දුන්නාය. අත් අඩංගුවට පත්ව ඇප ලබා ගෙදර යන අතර, උසාවිය ළඟ කලබල කරන්න එපා කියන්න ගිය තමන්ද අත් අඩංගුවට පත්වූ දමිතා කියා සිටියාය. අරගලයටත් දමිතාටත් සිද්ධ වුණේ බල්ලන් සමග ලැග්ග එකාට සිද්ධ වෙච්ච දේය. වසන්ත මුදලිගේට අත් අඩංගුවට පත්වීම ලකුණු වැටීමකි. දමිතලාගේ සමාජ වටිනාකම් ඊට වෙනස් බව මගේ මිතුරා විශ්වාස කරයි.

දෙවන වර ඇප ලබා පැමිණි රනිල්ට  තර්ජනය කළා ඔබ රට දන්නේ රංග ශිල්පිනියක ලෙස ය. රනිල් ජනාධිපති  තනතුරට පත් වන්නේ අඩ සියවසක ආසන්න කාලයක් සිය ආර්ථික හා දේශපාලන දැනුම  රටේ යහපතට දායාද කළ  සක්‍රිය දේශපාලනඥයෙකු ලෙස ශක්තිමත්ව සිටි නිසාය. මේ කියන්නේ ඔබ කරන තර්ජනය කියවීම් ගණනාවකට යටත් විය යුතු බවය.

රට දැන සිටි අරගලය ජූලි 9 වෙනිදා තෙක් රාජ්‍ය මර්ධනයේ ගොදුරක්  නොවීය. මැයි 9 වෙනිදා ප්‍රහාරය පාරා වලල්ලක් වී මහින්දට අගමැතිකම අහිමි වීමත් අරගලයේ සද්භාවයට සාක්ෂියකි. ජූලි 9 වෙනිදාට පසුව සිය පේස් බුක් ගිණුමේ අරගලය මුවහත් කළ තරුණයෙකුගේ නිහඬතාව ගැන විමසූ විට  “අපේ අරගලය දැන් භුමියෙහි නැත. එය ඉබාගාතේ යමින් ඇතැයි කළ ප්‍රකාශය අනුව දමිතා සිය පෙනී සිටිම තේරුම් ගත යුතුවේ. 

 

රටේ සිස්ටම් එක අවභාවිතා කළ ගොඨා රටින් පැන ගියේත් රනිල් ජනාධිපති වුණේත් ආදරයේ අරගලය නිසාය. ජනාධිපති රනිල් අනන්ත වාරයක් අරගල කරුවන්ද, විපක්ෂයද තමන් වෙත කැඳවමින් ජයග්‍රහණය බෙදා ගැනීමට උත්සාහ කළේය. එහෙත් කිසිවෙකු ඊට එකඟ නොවීමෙන් රනිල් පාර්ලිමේන්තු බහුතරයේ සිරකාරයෙකු විය.

 

ජූලි 14 වෙනිදා ළහිරු වීරසේකරලා අත්පත් කරගත් රාජ්‍ය දේපල වලින් ඉවත්ව පොදු ගොඩනැගිලි අල්ලා ගෙන සිටීම අරගලය නො වන බව කීය. එය රටේ පවත්නා නිතීයට සහ පාලනයට අනුගත වීමකි.

Army soldiers remove the anti government banners from the site of a protest camp outside the Presidential Secretariat in Colombo, Sri Lanka, Friday, July 22, 2022. (AP Photo/Rafiq Maqbool)

දමිතලා අද පෙනී සිටින  මර්ධනයට එරෙහි සටන් පාඨය නිර්මානය වන්නේ ජූලි 20 වෙනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලැග සිටි පිරිසක් පළවා හැරීම නිසාය.

එදා එහි සිටියේ සැබෑ අරගල කරුවන්දැයි  ජූලි 24 මා විසින් ආදරයේ අරගලය අනන්‍යතාව අහිමි වෙලාද යනුවෙන් අනිද්දා පත්‍රයට සැපයූ ලිපියෙන්ද විමසා ඇත.  

අරගලය යනු ළහිරු වීරසේකරලා නම් 20 වෙනිදා රාත්‍රියේ පහර දී පළවා හැරිය කණ්ඩායමේ වතගොත පොදු දේපල සහ පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් හඳුනා ගැනීම රාජ්‍යයේ වගකීම වේ.

මේ සිද්ධ වෙන්නේ එයයි. එය මර්ධනයක් නොව, ජූලි 14 වෙනිදා ළහිරු විරසේකරලාද පිළිගත් යථාර්ථය වේ.

 

රනිල් රාජපක්ෂලා වෙතට තල්ලු කළ අරගලය රනිල් පොදු හතුරා කර ගැනීමත්, මැයි 9 ප්‍රහාරයට මුල්වූ සනත් නිශාන්තලා යළි ශක්තිමත් වීමත් දැන් සිදු වෙමින් නොපවතීද ? 

 

ව්‍යවස්ථාවෙන් පරිබාහිරව, හැට අට ලක්ෂයක ජන වරම නිෂේධ කරමින් විධායක ගෝඨා පළවා හැරීමට අරගලය සමත් වුවද, පාර්ලිමේන්තුවට ලැබුණ ජන වරම නිෂේධ වී නැත. ගෝඨා ඉවත් වීමෙන් පසු, රනිල් විධායක ජනාධිපති ලෙස පත් කළේ පාර්ලිමේන්තුව විසිනි.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට  ගිනි තැබුවත් පාර්ලිමේන්තුව ගිනි ගන්නේ නැත. එය කොතන හෝ සක්‍රියව පවතිනු ඇත.

 රටේ නීතිය යනු අරගලය බව කියමින් යටපත් කොට, පොල්දූව හන්දියේදී පාර්ලිමේන්තු මන්ත්‍රින්ට කළ තර්ජනය හේතුවෙන් හැට අට ලක්ෂයක ජන වරම මෙන්ම අරගලයද නිෂේධ වී හමාර බව ඔබ තේරුම් ගත යුතුවේ.

damitha s

අත් අඩංගුවේ සිටි ඔබ හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළේ දේශපාලන රඟපෑමකි.

 

අත් අඩංගුවේ සිටි ඔබ හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළේ දේශපාලන රඟපෑමකි. ලාල් කාන්තලා, කුමාර්  ගුණරත්නම්ලා, පොල්දූව හන්දියේදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට කළ තර්ජනය වෙනුවෙන් නියෝජිත ප්‍රජාන්ත්‍රවාදය රැකීමට දිවුරා ප්‍රතිඥා දී නීතියෙන් බැඳි සිටින සජිත් ප්‍රේමදාස, පෙනී සිටින්නේ නැත.

නීතිය සහ අරගලය එකට ඇතිල්ලෙන විට බෙහෙවින් උණුසුම් ය. මාධ්‍යවේදී, රංග ශීල්පී රිචඩ් සොයිසාගේ මිනිය, වෙරළට ගොඩ ගැසුවේ රස්සාවට මුහුදු ගිය නිසා  නොවේ. 89 අරගල කාලයේ සජිත්ගේ පියා ජනාධිපතිව සිටි නිසාය.

ගෝඨා වෙනුවට සජිත් ජනාධිපති වුණා නම් ඔබටත් ආර්.ප්‍රේමදාස ක්‍රමයේ යහ ගුණ අත්දැකිය හැකිව තිබිණ.


33 1


රිචඩ් සොයිසාට නො තිබුණාට දමිතා අබේරත්නට  නඩුව කියන්න අධිකරණයක් තිබේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නො පවතීදැයි මම දමිතාගෙන් අසමි.  

ඔබ මුලින්ම අත් අඩංගුවට ගත්තේ අධිකරණ භූමියේ උද්ඝෝෂණය කළ වරදටය. දැන් වීඩියෝ පට බලමින් කැරැට්ටුව විමසනවාය.

1971දීත් 1988-89දීත් අරගලයේ නාමයෙන් සිදු කළ ඝාතන ගිනි තැබීම් ගැන දන්නා ජනතාව රටේ පාර්ලිමේන්තු බලය කුමාර් ගුණරත්නම්ලාට අනුර කුමාරලාට ලබා දෙන්නේ නැති බවද ඔබ වටහා ගත යුතුවේ.

අද මැතිවරණ ඉල්ලමින් ඔබට නායකත්වය දෙන, උදවිය, 1988දී ඡන්ද පොළට පළමුව, යන 10 දෙනාට වෙඩි තබන බවට කළ තර්ජනයට හෝ ජනතාව බිය නොවීය. සජිත්ලා, අනුරලා, ගුණරත්නම්ලාගේ ඒ අතීත වාර්තා ඔබ හැදෑරිය යුතුවේ.

 

අතුරු අයවැය  පරාජය කළා නම්, පාර්ලිමේන්තු ජන වරම ව්‍යවස්ථානුකූලව මැතිවරණයකට පැවැත්වේ. එහෙත් සජිත් ප්‍රේමදාස විපක්ෂය ඒකරාශි කොට අයවැය යෝජනා පරාද කිරීමට කිසිවක් කළේ නැත.

 

මාර්තු 31වෙනිදා සිට මැයි 9 වෙනිදා තෙක් අරගලය තුළ  කිසිවෙකු කඩු කිණිසි පොලු අතැතිව නො සිටියහ.

මැයි 9 වෙනිදා තමන් වට කර මහින්දලා පහර දෙද්දී අල්පෙනෙත්තක් හෝ පාවිච්චි නොකර පීඩාව දරා සිටීමට, ආදරයේ අරගලය සමත් වුවද, එ දින ගොල්පේස් පිටියේදී සජිත්ට පහර දුන්නේත්, රට පුරා ගම් වැදී ගෙවල් ගිනි තැබූවේත් මන්ත්‍රි අතුකෝරාළ මහ මගදී නිරුවත් කෙට මර දැමුවේත්, තවත් දවසක වසන්ත සමරසිංහට අරගල භූමියේදී තඩි බෑවේත් ඓතිහාසිකව 71, 88, 89 කඩු තුවක්කු අතට ගත් කල්ලිවාදි කැරළි කාරයන් නොවේද?

මේ සක්‍රිය වන්නේ සජිත්ලා, අනුරලා, ගුණරත්නම්ලා උනුන් ඇන කොටා ගැනීම මිස,  රට වෙනුවෙන් පෙළ ගැසුණ ආදරයේ අරගලය අර්ථවත් කිරීමක් නොවේ. 

 

ජූනි 9 වෙනිදා ජනාධිපති මන්දිරයෙන් විස්කි බෝතලයක් ගෙන යාම අරගලය නොවේ. එය කොලුකම විය හැකිය. එහෙත් සොරා ගත් කෞතුක භාණ්ඩ  විකුණා අසුවී පොලිසියට කොටුවීම රාජ්‍ය මර්ධනයක්  වන්නේ කෙසේද? අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවෙසට ගිනි තැබීම අපරාධයක් මිස, අරගලය නොවේ.

 

ජන ජීවිතය, පුරවැසි දේපල ආරක්ෂාව වෙනුවෙන් හැම විටෙකම නීතිය ක්‍රියාත්මක වේ.  ගෙවල් ගිනි තැබීම මිනි මැරීම මෙන්ම විස්කි බෝතලයක් උස්සා ගෙන යාමට මුල් වුණේ අරගල කරුවන් නොවන බව තහවුරු කළ හැක්කේ අධිකරණය ඉදිරියේ පමණි.

අරගලය ජනතාවගේ  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් මාර්ග අවහිර කිරීමක් යයි පාලකයාට කල්පනා කළොත් එය ජුගුප්සාව කලා නිර්මානයක් හරහා ජනතාව දැනුවත් කරනු මිස, අත් අඩංගුවට පත්වීමෙන් සජිත්ලා චූන් කිරීම ඔබේ කාර්ය නො විය යුතුවේ.  

දමිතා අබේරත්න සතු අරගල කිරීමේ ව්‍යවස්ථාපිත අයිතියට, අධිකරණ භූමියකට අරගලය ගෙන යාමට නීතියෙන් අවසර නැත. කෙනෙකු හැරමිටියේ වාරුවෙන් පාරේ ගමන් කළ හැකිය. ඒ හැරමිටියේ කෙළවර තවකෙකුගේ නාසයේ ගැටුණොත් හැරමිටිය ලෙලවීමේ පරමාධිත්‍ය හමාර වන බව පීටර් අල්මේදාට කියා දෙන්න.

594938bc8833422f923fcbee7874f957
එක්සත් ජාතින්ගේ අරමුදලේ ප්‍රධානි සමන්තා පවර් දිවයිනට පැමිණ, පළමුව ගියේ කුඹුරු යායකට මිස, සජිත් මෙන් දමිතා අබේරත්නගේ දුක සැප බැලීමට  නොවේ. බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත සමන්තා බත් කන මිනිසුන්ගේ අරගලය හඳුනා ගත් නිසාය.


රටට ඩොලර් නැත. ගොවීන්ට පෙහොර නැත. රෝගින්ට බෙහෙත් නැත. ගමනාගමනයට ඉන්ධන නැත. ආහාර පිසීමට ගෑස් නැත.

ගෝඨා බලයේ සිටියා නම් සමන්තා හෝ අයිඑම්එෆ් ලංකාවට එන්නේ නැත.

2015 යහ පලන සමයේ ලංකාවට පැමිණ අගමැති රනිල් හමු වූ සමන්තා පවර් ලංකාව කෙටි කලත් තුළ රටක් ලෙස වෙනස්ව ඇති බව මෙන්ම, මෙවර රාජ්‍ය නායකයන්ට පළමුව ගොවීන් හමුවී අපට ඩොලර් කෝටි හයක් ලබා දෙන බවට කළ ප්‍රකාශය අරගල දෘෂ්ඨීයෙන් තක්සේරු කළ යුතුවේ.

 

ක්‍රමයෙන් සන්සුන් වෙමින් පවත්නා රටේ තත්වය ලෝකයෙන් වසන් කිරීමට, සජිත්ලා, අනුරලා, ගුණරත්නම්ලා දමිතා අබේරත්නලා යොදා කුමන්ත්‍රණ නො කරතී යයි ඔබ නො සිතන්නේද? 

 

ඔබට නො තේරුණාට සිස්ටම් චේන්ස් අවශ්‍ය පරිසරය රට තුළ නිර්මානය වෙමින් පවතී. හැට නව ලක්ෂයක් තේරූ ගොබ්බයාගේ අනුප්‍රාප්තිකයා ලෙස  පාර්ලිමේන්තු බහුරතය, සජිත්, අනුර හෝ ඩලස් වෙනුවට, පෙළපතින් මෙන්ම, දේශපාලන දර්ශනයෙන්ද රාජපක්ෂලාට වෙනස්  ආර්ථික හා දේශපාලන මතවාදි පෞරුෂයක් තෝරා ගැනිණ.  

රාජපක්ෂ පාලනය කඩා ඉහිර වූ රට යළි ගොඩ නැගීමට විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගනිමින් සිටියි. දැන් පවත්නේ ලබා ගතහැකි ප්‍රමාණයන් සහ මිල පිළිබඳ ගැටළුවකි.

රන්ජන් රාමනායකට දුන් කොන්දේසි සහිත සමාව යනු අධිකරණයේ දඬුවම් ලැබූවන්ට ජනාධිපති සමාව දීම පිළිබඳ නව කියවීමකි.  

මහමද්දහනේ මිනි මරා එල්ලුම් ගස් ගිය දුමින්ද සිල්වා නිදහස් කොට රාජ්‍ය ආයතනයක් භාර දීමත් දැරියකගේ හිස බිත්තියක ගසා මරා දඬුවම් ලැබ සිටි පුද්ගලයාට සමාව දීමත් සමග මේ ජනාධිපති සමාව සමග හැදෑරිය යුතුවේ. එයද  සිස්ටම් චේන්ස් එකකි.  

සමාව යනු අනුකම්පා කිරීමක් මිස නඩු ඇසූ අධිකරණය හෝ අපහසුවට පත් වූවන් ගැරහිමක් නොවිය යුතුවේ. දුමින්ද සිල්වා යළි හිර ගෙදරට යාමෙන් වින්දිතයන්ගේ පීඩාව තේරුම් ගත යුතුවේ.

548 mandela bars

නෙල්සන් මැන්ඩේලා

 

ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට නියමව සිටි මැන්ඩේලාට රොබෙන් හිර ගෙදරදී වගාවක් කරන්නට බිම් තීරුවක පස දෑතින් බුරුල් කරනු දුටු පාලකයන් ලබා දුන් උපකරණ යොදා පෙරළු පස් අතරින් මතු වූ මිනිස් ඇටකටු මතු විය. ඔහු ඒ ඇටකටු කුඩු කර සිය වගාවට අවශ්‍ය පොහොර ලෙස යොදනු දුටු දුටු පාලකයන් ඔහුට පොහොර ලබා දුන්නේය.

වසර විසි හත් වසරක් ගිය තැන නව චින්තනය හරහා මැන්ඩේලා තම වර්ගයාගේ නිජබිම නිදහස් කර ගැනීමේදී සුද්දන් සමග ඒකරාශි විය. සමන්තා පවර්, 2015දී පිබිදෙමින් පැවති රටේ වර්තමාන ඇද වැටීමත් මැන්ඩේලාගේ සිරගත වීමත් එකක් සේ සලකයි නම් අප නැගී සිටීමට සටනට වඩා ශක්තිමත් අවි සොයා ගැනීමට සිදුවේ.

විදුලි කැපීම් ගැස් ඖෂධ ආහාර හිඟය මැද ජීවත්වූ යාපනේ තර්ජනී ශිවලිංගම් ඇතුළු අපේ  නෙට්බෝල් කණ්ඩායම ආසියාව ජය ගත් කතාව අසන රංග ශීල්පිනියක වන ඔබට සිතෙන්නේ කුමක්ද?  එයද මැන්ඩේලා දෑතින් පොළොව හෑරුවා මෙන් මතුවූ ඇට කටු පොහොරට ගත්තා මෙන් කටුක එහෙත් ඓතිහාසික අත්දැකීමක් වනු ඇත.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කිරීමත් ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමත්, විපක්ෂයට කාලකන්නි සතුටක් කර ගැනීමට ඉඩ දිය යුතුද? මර්ධනය නිර්මානය වන්නේ ගෝඨා එළවීම නිසා නොවේ. අරගලයට මුවා වී රජයේ නිවෙසකින් විස්කි සොරකම් කළාටය. ගෙවල් ගිනි තිබ්බාටය. මන්ත්‍රි වරයෙකු මග මග නිරුවත් කොට මරා දැමුවාටය. පොලිසිය එසේ ක්‍රියා කිරිම නීතියට එකඟය.

 

ඇප ලැබීමේදී නියම කළ ඇප කොන්දේසි කඩ කිරිමත් වරදකි. අරගලයේ අපේක්ෂාවන් දිනා ගැනීමට ජනතාව වෙනුවෙන් මැන්ඩේලා ක්‍රමය අනුගමනය කිරීමට සජිත්ලා, අනුරලා, ගුණරත්නම්ලා අරගලකරුවෙකු ලෙස දමිතා අබේරත්නට හැකි දැයි අසනු කැමැත්තෙමි.



අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්