රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පොදුවේ ඇත්තේ එතරම් යහපත් ආකල්යක් නොවේ.

එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රාජ්‍ය සේවයේ බොහෝ කරුණු කාරණා ඉතා යල් පැන ගිය නීතියක් යටතේ ක්‍රියාත්මකවීමත්, බහුතරයක් රාජ්‍ය සේවාවන් නිසි පරිදි විධිමත් නොවීමත්ය.


පසුගිය කාලයේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් හුවමාරු වූ අතර, ඒහිදී වැඩි ජනප්‍රියත්වයක් ලැබූ අදහසක් වන්නේ රාජ්‍ය සේවයේ උදාන පාඨය වන්නේ “ඒ මිස් අද නෑ, හෙට එන්න” යන්නයි. රාජ්‍ය සේවයේ අත්දැකීම් ලැබූ බහුතරයකගෙන් අදහස් විමසුව හොත් මේ සම්බන්ධ අත්දැකීම් අනන්ත ප්‍රමාණයක් ඒක් කර ගැනීමට හැකිය.

තාක්ෂණය හා එක්ව සියලු අංශ ඉතා වේගයෙන් ඉදිරියට යද්දී රාජ්‍ය සේවය පමණත් එක තැන පල්වන සේවයක් බවට පත්ව ඇත. පුද්ගලික සේවාවන් සම්බන්ධයෙන් ධනාත්මන අදහස් සමාජගත වද්දී රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් සමාජගත වන්නේ මෙම මන්දගාමී, යාවත්කාලීන නොවන සේවයක් රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක වන නිසාවෙනි.

 
රාජ්‍ය සේවයේ මෙම මන්දගාමීත්වයට ප්‍රධානතම හේතු අතරින් ප්‍රමුඛ හේතුව ලෙස දැක්විය හැක්කේ රාජ්‍ය සේවයේ යාවත්කාලීන නොවූ නීති පද්ධතියක් මත කටයුතු කිරීම බව දැක්විය හැකිය. රාජ්‍ය සේවය තුළ ප්‍රධානතම නීති පද්ධතීන් දෙකක් ඇත. එනම් ආයතන සංග්‍රහය හා මූල්‍ය රෙගුලාසි ය.මෙම ආයතන සංග්‍රහය හා මූල්‍ය රෙගුලාසි සම්බන්ධ ප්‍රචලිත පොදු වචනයක් නම් “නෑ පොතයි - බෑ පොතයි” යන්නයි.
 

රාජ්‍ය සේවය තුළ ප්‍රධානතම නීති පද්ධතීන් දෙකක් ඇත. එනම් ආයතන සංග්‍රහය හා මූල්‍ය රෙගුලාසි ය. මෙම ආයතන සංග්‍රහය හා මූල්‍ය රෙගුලාසි සම්බන්ධ ප්‍රචලිත පොදු වචනයක් නම් “නෑ පොතයි - බෑ පොතයි” යන්නයි. ඒනම් රාජ්‍ය සේවයේ මෙම මූලික නීති පද්ධතිය හඳුන්වා දී ඇත්තේම සෘණාත්මක ක්‍රියාකාරීත්වයක් සහිතව කටයුතු කිරීම බව පොදු අදහසයි.
 
රාජ්‍ය සේවයේ පොදු ක්‍රියාකාරකම් ආයතන සංග්‍රහය මත පදනම්ව ක්‍රියාත්මක කෙරෙන අතර, රාජ්‍ය මූල්‍ය මූල්‍ය සංග්‍රය පදනම් කර ක්‍රියාත්ක වෙයි. ආයතන සංග්‍රහය සම්බන්ධයෙන් විග්‍රහය වන්නේ “ආයතන සංග්‍රහය අමාත්‍ය මණ්ඩල අනුමතිය මත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන අතර එහි සඳහන් විධිවිධාන සංශෝධනය කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මඟින් සිදු කරනු ලැබේ.” යන්නයි.
 
මෙම ආයතන සංග්‍රහය මගින් නිකුත් කර ඇති විධි විධානයන්ට කලින් කලට වන වෙනස්කම් සිදු කරනු ලබන්නේ චක්‍රලේක මගිනි.

 
චක‍්‍රලේඛ යනු, රාජ්‍ය පරිපාලනයට අදාළ විවිධ විෂය කාරණා අරභයා නිකුත් කෙරෙන ලිඛිත නියමයන් ය. රාජ්‍ය නිලධාරීන් මේ චක‍්‍රලේඛ අනුව රාජකාරී කරන බවට නීතියෙන් බැඳී සිටී. රාජ්‍ය නිලධාරීන්ට මෙම ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි හා චක්‍රලේකයන්ට පිටින් කිසිදු කටයුත්තක් සිදු කළ නොහැක.
 

කළින් කලට මෙම චක්‍රලේක සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රධානීන් විවිධ ප්‍රකාශ සිදු කළ අතර, ඒ සම්බන්ධයෙන් විවිධ කතිකාවත් සමාජය තුළ ගොඩ නැගුණි.

2017 වර්ෂයේදී කළුතර ප්‍රදේශයේ ගංවතුරින් ආපදාවට ලක් වූ පිරිස් වෙත සහන සැලසීමේ රැස්වීමකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ “සේවාවන් සැපයීමේදී කිසිසේත්ම යම් යම් නීති රීති හෝ චක්‍රලේක සම්බන්දයෙන් යම් ගැටළු ඇති වුනොත් ඒ්ව නොසලකා කටයුතු කළ යුතුයි කියන එක පැහැදිළිවම සියලුම ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනවා.” යනුවෙනි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය අවස්ථාවේදී ද විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් චක්‍රලේක නොසලකා කටයුතු කරන ලෙස මහජනාව හා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය. මෙය මීතොටමුල්ල සහන ක්‍රියාවලියේදී ඉතා බරපතල තත්වයක් ඇති කළේය. ජනතාව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් ප්‍රාදේශීය ලේකම් ඇතුළු සහන නිලධාරීන්ගෙන් සහන ඉල්ලා සිටි නමුත් ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් බලවත් අපහසුතාවය ලක් වූයේ අදාල සහන ලබා දීමේදී පවතින චක්‍රලේක හරස් වීම නිසාය.

අදාල චක්‍රලේක හා පරිපාලන ක්‍රමවේද මායිම් නොකොට රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කළ නොහැක. උදාහරණයකට ගත හැකි ප්‍රකට සිදුවීම වන්නේ “සුදු රෙදි නඩුව”යි. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපතිවරයෙකු රාජ්‍ය මුදල් අවභාවිත කොට මැතිවරණයක් එල්ල කරගනිමින් සිල්රෙදි බෙදාදීම ගැන වැරදිකරුවන් වී හිරේට නියම වුණේ, පරිපාලන ක‍්‍රමවේද අනුගමනය නොකොට කටයුතු කිරීම හේතුවෙනි. එහිදී අදාල නිලධාරියා දේශපාලන බලය භාවිත කොට පරිපාලන ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කළ ද, ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය.

මීතොටමුල්ල සිදුවීම වැනි සිදුවීමක් 2020 වසරේදී ද සිදු විය. එනම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනකදී පැවසුවේ රාජ්‍ය නිලධාරීන් චක්‍රලේක නොසලකා කටයුතු කරන ලෙසත්, විධායක ජනාධිපතිවරයාගේ කට වචනයක් චක්‍රලේකයක් වන බවයි.

මැටි කැපීමට අදාලව බලපත්‍ර නිකුත් නොකිරීමේ සිදුවීමක් පාදක කර ගනිමින් මෙම සංවාදය මතු වූ අතර, එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජනතාව, මාධ්‍ය හා රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ පැවසුවේ “ජනාධිපතිවරයා කිවුවට පස්සේ ඒ්ක තමයි චක්‍රලේකනය. තේරුණාද? පාවෙන ජනාධිපති කෙනෙක් නෙමෙයි මම. ඒහෙම නොකොළොත් නිලධාරියාට විරුද්ධව මම වැඩ කරනවා. මේක මම ප්‍රසිද්ධියේ කියන්නේ, ඒ්ක අද ලියාගන්න. මෙන්න මේ චක්‍රලේකනය ජනාධිපතිවරයා විසින් අහවල් දවසේ අහවල් වෙලාවට නිකුත් කලා. චක්‍රලේකනය කියන්නෙ ජනාධිපතිවරයා කියන දේට. ඊට ඒහා කොහෙන්ද? විධායක ජනාධිපති කියන්නෙ ඒ්කනේ.” යනුවෙනි.

ජනාධිපතිවරයා මෙසේ පැවසුව ද රාජ්‍ය නිලධාරීන්ට නිසි පරිදි නිකුත් කළ චක්‍රලේකයක් නොමැතිව කටයුතු කිරීමට නොහැකිය. එය නීති විරෝධී කටයුත්තකි. රාජ්‍ය නිලධාරීන්ට කිසි සේත්ම මානුෂකත්වය, හැඟීම් ආදියට මූලිකත්වය ලබා දී කටයුතු කළ නොහැකි අතර, ඔවුන් නිරන්තරයෙන්ම ආයතන සංග්‍රහ, මූල්‍ය රෙගුලාසි හා චක්‍රලේකවලට යටත්ව කටයුතු කළ යුතුය.

තත්වය ඒසේ පවතිද්දී රාජ්‍ය සේවාව  වෙත මෙතෙක් නිකුත් කර ඇති චක්‍රලේක සම්බන්ධයෙන් පවතින්නේ ද යහපත් ප්‍රතිචාරයක් නොවේ. අදාල චක්‍රලේක හරහා කටයුතු සිදු කිරීමට වඩා කටයුත්ත සිදු නොකොට සිටින්නේ කෙසේ ද යන්නට අනුබලයක් ලබා දෙයි.

උදාහරණයක් ලෙස ආපදා විෂය සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේක නිකුත් කර ඇත්තේම ආපදා සහන සැලසීමට නොවේ. උදාහරණයක් ලෙස යම් පිරිසක් ආපදාවට ලක් වූ විට අදාල කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම්ගේ මැදිහත්වීමෙන් ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී හා ආපදා සහන සේවා නිලධාරී ඇතුළු පිරිස අදාල ආපදාවට ලක් වූ පිරිසට අහාර ලබා දීම සිදු කරයි. ඒ් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාට අදාල චක්‍රලේක මගින් නියෝග කර ඇත්තේ එක් පුද්ගලයෙකු වෙනුවෙන් ආහාර සඳහා දවසකට වෙන් කළ හැක්කේ රුපියල් 450.00ක් පමණක් බවයි. මෙම රු. 450.00 යටතේ අදාල පුද්ගලයාට තුන් වේලක් ආහාර සැපයිය යුතු අතර, එහිදී පවතින වෙළඳපොළ මිළ ගණන්, ගෑස් පිරිවැය, ප්‍රවාහන පිරිවැය ආදී සියල්ල සපුරා ගත යුතුය. සාමාන්‍යයෙන් වර්තමානයේ පවතින ආහාර මිළ ගණන් සැසඳීමේදී ඉහත සියලු වියදම් සපුරා ගනිමින් රු. 450.00ක් වැනි මුදලකට පුද්ගලයෙකුට වේල් තුනක් ආහාර සැපයිය නොහැකි වුවත් චක්‍රලේක අනුව වෙන කළ හැක්කක් නැත.

එමෙන්ම නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් චක්‍රලේකයක් නිකුත් කර නොමැති අතර, ඇත්තේ මාර්ගෝපදේශයක් පමණි. එය තම තම නැණ පමණින් දැන කටයුතු කළ යුත්තකි. එමෙන්ම අධි අවධානම් ප්‍රදේශ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේකයට අදාලව අධි අවධානම් කලාපයක් ලෙස හඳුනා ගෙන ඇති ප්‍රදේශ අදාල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අත්පත් කර ගත යුතු බවට නියෝගයක් නිකුත් කර ඇතත්, අදාල ක්‍රියාවලිය සිදු කිරීමට අදාල චක්‍රලේකයක් මෙතෙක් නිකුත් වී නොමැත.

එනම් එම ප්‍රදේශය අත්පත් කර ගන්නේ කෙසේද?, අත්පත් කර ගන්නා ප්‍රදේශයේ දැනට පදිංචි පුද්ගලයින් ඉවත් කරන්නේ කෙසේද? ඉවත් කරන්නෙ කිනම් ප්‍රදේශයකටද? ඉවත් කරන්නේ නම් අදාල පුද්ගලයින් හිමිකම් කියනා දේපල තක්සේරු කරන්නේ කෙසේද? ඒ් සඳහා වන්දි ගෙවන්නේද? නැද්ද? වන්දි ගෙවන්නේ නම් ඒ් කුමන පදනමක් යටතේද? කිනම් තක්සේරුවක් යටතේද? මේ කිසිවකට උත්තර නැත.

මේ නයින් ගත් කළ රාජ්‍ය සේවයේ නීති රීති අණ පණත්වලට අදාල චක්‍රලේක යනු යල් පැන ගිය ක්‍රමවේදයක් වන අතර, අදාල චක්‍රලේක නිකුත් කිරීමේදී ප්‍රායෝගික තලයන් සම්බන්ධයෙන් කිසිදු විධිමත් අධ්‍යයනයක් නොකොට සීත කාමරවල ලගිනා නිලධාරීන් විසින් තමන්ගේ අවබෝධයේ තරමට නිකුත් කරන ලද්දක් බව පැහැදිළිය.

 
මේ අතර මෑතකදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපුරු යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ සංවර්ධනයට බාධාවන චක්‍රලේක ඇත්නම් ඒම චක්‍රලේක කතඩිනමින් සංශෝධනය කරන ලෙසයි. ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට සඳහා පැවැත් සාකච්ඡාවකදීය.
 
 
මෙම රැස්වීමේදී අදාල ප්‍රගතිය පරීක්ෂා කිරීමේදී මෙම වැඩසටහන සඳහා සම්බන්ධව සිටින නිලධාරීන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ රාජ්‍ය සේවයේ මේ වන විට පවතින බොහෝ චක්‍රලේක හේතුවෙන් කඩිනම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බොහෝ අපහසුතා මතු වන බවයි.

අදාල ගැටළු සම්බන්ධයෙන් සමාලෝචනයක් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල බලධාරීන්ට නියෝග කර ඇත්තේ මෙළෙස සංවර්ධනය බාධාවන චක්‍රලේක වහාම සංශෝධනයට පියවර ගන්නා ලෙසයි.

මීට පෙර පැවැති රජයන්වල ජනාධිපවරුන් මාධ්‍ය හා ජනතාව ඉදිරියේ “මම හොඳ මිනිහෙක්” යන ප්‍රතිරූපය ගොඩ නගාගනු පිණිස මාධ්‍ය හරඹ පෑ අතර, ඒයින් බලවත් අපහසුතාවය පත් වූයේ රාජ්‍ය නිලධාරීන්ම ය.

නමුත් වර්තමාන ජනාධිපතිවරයාගේ උපදෙස් සැලකීමේදී එය වඩා සාධනීය ක්‍රියාවක් ලෙස අගය කළ හැකිය. එනම් මාධ්‍ය හා ජනතාව ඉදිරියේ බොරු වීරයෙකු වීම වෙනුවෙන් විවිධ ප්‍රකාශ සිදු කිරීමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික තලයේ ක්‍රියාවලියකට අවතීර්ණ වීමයි. එනම් නිසි බලධාරීන්ට අදාල චක්‍රලේක වහාම සංශෝධන කරන ලෙසට උපදෙස් ලබා දීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම උපදෙස කඩිනමින් සිදු කළ යුතුවාක් මෙන්ම, මෙතෙක් චක්‍රලේක නිකුත් කළ ක්‍රමවේදය වෙනස් කර ප්‍රායෝගික තලයේ සාකච්ඡා මගින් අවශ්‍ය තොරතුරු ලබා ගෙන එම තොරතුරු මත පදනම්ව චක්‍රලේක සංශෝධන කිරීම වඩා වැදගත් වනු ඇත.
 
එවිට යල් පැන ගිය සාම්ප්‍රදායික නෑ පොතෙන් හා බෑ පොතෙන් බැහැරට ගොස් රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කළ හැකි මට්ටමේ නියෝග ඇතුළත් නීති කෙටුම්පත් වනු ඇත. මේ හරහා රාජ්‍ය සේවය සවිමත් වනවා සේම ජනතාව වෙත නිසි සේවයක් ද සැලසෙනු ඇත.

-රිද්ම අනුරාධ ගමගේ
(Chatham Street Jurnal - E පුවත් පතේ පළවූ ලිපියකි.)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්