රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකි බවට යෝජනා කළ ඩයනා ගමගේ රටට

ඩොලර් ගෙන ඒම සඳහා ඉදිරිපත් කරන අලුත්ම යෝජනා වන්නේ නයිට්ලයිෆ් ආරම්භ කිරීමයි.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ඇය කියා සිටියේ රාත්‍රී ආර්ථිකයක් (නයිට් ඉකොනොමි) ආරම්භ කිරීම තුළින් රටට ඩොලර් උත්පාදනය කළ හැකි බවයි.

ඇයගේ මෙම යෝජනවාට මේවන විටත් සමාජයේ මිශ්‍ර ප්‍රතිචාර පළවෙමින් තිබේ.

"සංචාරකයෝ එන්නේ නයිට් ක්ලබ් යන්න, කන්න බොන්න, විනෝද වෙන්න. ඒ වගේ එන්ටටේන්මන්ට්වලට. අද අපේ රටේ ඒක ඇත්තටම හරිම අඩුයි. රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ , අපිටත් පේනවානේ රෑ 10න් පස්සේ ගියාම කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියෙනවා. වියදම් කරන්න තැනක් නැහැ." ඩයනා ගමගේ පැවසුවාය.

මේ සඳහා අවස්ථා රට තුළ නිර්මාණය කළ යුතු බවද ඇය කියා සිටියාය.

nt 1

"එන සංචාරකයින්ගෙන් බලෙන් සල්ලි ගන්න බැහැ. ගහලා සල්ලි ගන්න බැහැනේ. අපි ඒගොල්ලන්ට වියදම් කරන්න ඔපර්චුනිටි එකක් දෙන්න ඕනේ. මේ ඔපර්චුනිටීස් හදන්න ඕනේ අපි. මොකද ඒකට තමයි නයිට් ලයිෆ් කියන්නේ, නයිට් ඉකොනොමි කියලා කියන්නේ."

"සංචාරකයෝ කිව්වම මෙතුවක් කාලයකට අපි කරලා තියෙන්නේ, සමාන්‍ය සංචාරකයෝ.... සංචාරකයෝ එච්චරයි. හැබැයි ලංකාවේ තියෙනවා විශාල වශයෙන් විකුණනන්න පුළුවන් දේවල්. මොකද මේක දිවයිනක්. විවිධ කොටස්වලට බෙදන්න පුලුවන්. එන්ටටේන්මන්ට් ටුවරිසම්, මෙඩිකල් ටුවරිසම්, කල්චරල් ටුවරිසම්, ඇග්‍රෝ ටුවරිසම්, එඩියුකේෂන් ටුවරිසම් තියෙනවා අපිට දියුණු කරන්න පුලුවන්."

nt 2

තමා භාරගත් අමාත්‍ය ධුරය විශාල අභියෝගයක් බවත්, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අනිවාර්යෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත් ඇය පැවසුවාය.

පළමුව ගුවන් තොටුපලළේදීම සංචාරකයින් ආකාර්ශනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ද ඇය පැහැදිලි කළාය.

"ගුවන් තොටුපලේ ඇතැම් නිලධාරීන්, ඔවුන් සංචාරකයින්ට කතා කරන විලාසය, ඔවුන්ගේ ඇටිටියුඩ් පිළිගන්න බැහැ. සමහර අයට ඔවුන්ව වදයක් වෙලා. සංචාරකයින්ව හොඳින් පිළිගන්න ඕනේ. එතන අපි වෙනස් කරන්න ඕනේ. මුදල් වියදම් කරන්න එන සංචාරකයින්ව අපි ආදරයෙන් පිළිගන්න ඕනේ."

ඩයනා ගමගේ අවධාරණය කළේ "මේ රටට ඩොලර් ගෙනාවේ නැත්නම් මතක තියා ගන්න 225 වන අපිටත් ගෑස් ගෙදර හදන්න බැහැ. ඉන්ධන හදන්න බැහැ."


පුළුල් සාකච්ඡාවකට බඳුන් විය යුතුයි

LIFF P 03 11 21 TAS 5

නීතිඥ ලිහිණි ප්‍රනාන්දු

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, සමාජ ක්‍රියාකාරිණියක මෙන්ම නීතිඥවරියක වන ලිහිණි ප්‍රනාන්දු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කතිකාවතක් ඇති විය යුතු බවයි.

"රාත්‍රියේ ක්‍රියාත්මක වන ආර්ථික කලාපයන් පිළිබද කතිකාවක් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතුයි හැගෙන පැති රාශීයක් තිබෙනවා. විශේෂයෙන් එහි නීතිමය රාමුව වගේම එය ක්‍රියාත්මක වන ආකාරය සහ නියාමනයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරයෙක් හෝ වරියක් යම් අදහසක් දක්වනවානම් ඒ පිළිබද පුළුල් අධ්‍යයනයක් කළ යුතුයි කියලා විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසා සිදුකරනු ලබන ප්‍රකාශවලින් සිදුවන බලපෑම විශාලයි." ඇය පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ, ආර්ථිකයේ යම් යම් පසුබැසීම් පැවතීම සත්‍ය මුත් එයින් ක්ෂණිකව ගොඩ ඒමට දරන උත්සාහයේදි ක්‍රියාත්මක කිරිමට යෝජිත 'නයිට් ලයිෆ් ආර්ථිකය' ශ්‍රී ලංකාව තුළ කොතරම් බලපෑමක් සමාජයට කරනවාද යන්න පිළිබදව පුර්ව අවබෝධයක් තිබිය යුතු බවයි.

විශේෂයෙන් සංස්කෘතික හා ආගමික පරිසරය අමතක කර ආර්ථිකය පිළිබදව පමණක් සිතිය නොහැකි බවත්, සංස්කෘතියේ ඇති සංවේදි තැන් පිළිබදව අවධානය යොමුකර එයට ගැලපෙන ලෙස දේශීය වැඩපිළිවෙලක් සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ වී ක්‍රියාත්මක කරන්නේ නම් සංස්කෘතික සහ සමාජිය වශයෙන් රාත්‍රි ආර්ථික කලාපයන් පිළිබඳ වැඩපිළිවෙලට ආරම්භයේදිම විරෝධයක් එල්ල විය හැකි බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

a085dec4 4787 4e46 a233 45d138d1c1d3
"තායිලන්තය ගත්තොත් නයිට් ලයිෆ් ඒක ඒ කල්චර් එකට ඒකාබද්ධයි. ඒවා සාමාන්‍යයෙන් නගර වලින් වෙනම තියෙන්නේ. ඒගොල්ලන්ගේ සම්ප්‍රදායට බාධාවක් නොවන විදිහට ඒක වෙනම තැනක තමා ෆන්ෂන් වෙන්නේ."


 "හිතවත් කිහිප දෙනෙකුට බාර් හෝ සමාජශාලා බලපත්‍ර ලබා දීමෙන් රාත්‍රි ආර්ථිකයක් ගොඩනැංවිය නොහැකියි. එයට විවිධ අංශයන් නියෝජනය වන ලෙස විධිමත් ක්‍රමවත් නියාමන වැඩපිලිවෙලක් අවශ්‍යයි. ඒසේ සිදු නොවන්නේ නම් සිදු වන්නේ වැරදි තැනින් වැරදි දේ ග්‍රහණය කර ගැනිමෙන් ආර්ථිකය පමණක් නොව සමාජීය ලෙසද දැවැන්ත පරිහානියක් කරා රට ගමන් කිරිමයි. ආර්ථිකය ගොඩගන්න ගිහින් අවසානයේ මුළු සමාජයම සදාචාරාත්මක වැටීම හමුවේ ගොඩගැනීමට සිදු විය හැකියි." නීතිඥ ලිහිණි ප්‍රනාන්දු තවදුරටත් පැවසුවාය.

"යමක් කරනවා නම් ඒ දේ දිහා හැම පැත්තක්ම බලලා ලංකාවේ තියෙන අපේ සම්ප්‍රදායට හානි නොවන විදිහට ආර්ථිකය දියුණු කරන්න ඕනේ. අපේ දේශපාලනඥයෝ එතන නැහැ." ඇය අවධාරණය කළාය.

"ගණිකා වෘත්තියේ නියලෙන කාන්තාවන් මෙන්ම සමරිසි කණ්ඩායම් විවිධ හිරිහැරවලට ලක්වෙනවා. එය ඔවුන්ට මානසික මෙන්ම ශාරීරකවද සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ජීවිත මරණයෙන් කෙළවර වු අවස්ථාවන් වාර්තා වි තිබෙනවා. එම නිසා නයිට් ආර්ථික වැඩපිලිවෙලක් යටතේ මෙවැනි තත්වයන් නොසලකා හැරිය නොහැකියි. ගැටළු හදුනාගෙන පොදු යාන්ත්‍රණයක් එකාබද්ධව ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් තනි තනි ඒකකයන් ලෙස හදුනාගෙන ඒ ඒ ගැටලුවට පිළිතුරු ලබා දෙන විට තවත් එවැනි ගැටලු රාශීයක් පැනනැගිය හැකියි. එය ආර්ථික සමාජිය හා දේශපාලනික ප්‍රශ්න ලෙස අවසානයේ නැවතත් සමාජයටම පැමිණෙයි." ලිහිණි ප්‍රනාන්දු පෙන්වා දුන්නාය.

පක්ෂ පාට දේශපාලනයෙන් තොරව ජාතික වැඩපිලිවෙලක් අනුව යම් යම් තීරණවලට එලඹ එය ක්‍රියාත්මක කළ යුතු බවත් එය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වනවා වෙනුවට රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වැඩපිලිවෙල ක්‍රියාත්මක විය යුතු බවත් පැවසූ ඇය සඳහන් කරන්නේ ඒ සදහා නිවැරදි අධ්‍යයනයක් මෙන්ම විදේශීය රටවල අත්දැකිම් අපගේ රටට ගැලපෙන ලෙස වෙනස්කර නව්‍ය ලෙස ඉදිරිපත් කළ හැකි බවයි.

ඇය අවධාරණය කළේ, "අඩුම ගානේ ලංකාවේ සංචාරක ආයතනයක් ලියාපදිංචි කරන එක කොච්චර අමාරුද? හරිම යල්පැන ගිය ඒවනේ. ඒ අමාත්‍යංශ ප්‍රතිව්‍යුහගත කරලා, නිලධාරින්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ."

"අඩුම තරමින් නයිට් ඉකොනොමි හදන්න ඉස්සෙල්ලා අමාත්‍යංශ වැඩ කරන්න පුළුවන් නම් 24/7. එහෙම බලන්න පුළුවන් නම්, කොහොමද මේක කාර්යක්ෂම කරන්නේ කියලා ඒක වැදගත්" ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


මන්නාරම මැකාව් වගේ සංවර්ධනය කළ යුතුයි

nt 3

ඩයනා ගමගේ යෝජනා කර සිටියේ මන්නාරම දූපත මැකාව් දිවයින මෙන් ඩොලර් වලින් පමණක් ව්‍යාපාර කරන දිවයිනක් ලෙස සංවර්ධනය කළ හැකි බවයි.

"මන්නාරම දූපත අපිට සම්පූර්ණයෙන් හදන්න පුලුවන් එන්ටටේන්මන්ට්වලට. මැකාව් රාජ්‍යය වගේ. ඩොලර් වලින් පමණක් බිස්නස් කරන. රුපියල් නැහැ".

ඇය පෙන්වා දුන්නේ "පුංචි කාලේ අපිව බය කරන්නේ මන්නාරමේ ගිහින් දානවා මන්නාරමේ කරෝල වේලන්න කියලා. මේ රටට දැන් කරෝල වේලලා ද හරියන්නේ. කරෝල වේලන්නේ මොකටද මන්නාරමේ මෙච්ර වැඩක් කරලා ඩොලර් හම්බ කරන්න පුලුවන්කම තියෙද්දි. මේ රටේ මොනාද කරන්න බැරි. කරන්න ඉස්සෙල්ලාම ඕනේ වුවමනාව, අදහස් එච්චරයි."

රටේ පවතින වර්තමාන ආර්ථික අර්බූදය මේ වන විට සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපා ඇති බවට සංචාරක කේෂ්ත්‍රයේ නියුතු විශේෂඥයින් පවසයි.

ඔවුන් පවසන්නේ රටේ මේ වන විට පනවා ඇති ආනයන තහනම හේතුවෙන් සංචාරකයින්ට අවශ්‍ය ආහාර වල සිට කර්මාන්තයට අවශ්‍ය වැසිකිලි පෝච්චිය, බෝට්ටු වලට අවශ්‍ය ද්‍රව්‍ය වැනි සියලුම ද්‍රව්‍ය ගෙන්වීම තහනම් කිරීම හරහා සංචාරක කර්මාන්තය නගාසිටුවීම ඉතාමත් අසීරු කාර්යයක් බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ, "මේකේ ඇත්තක් තියෙනවා. මොකද සංචාරකයෝ කැමති නැහැ පෙට්‍රල් නැතිව පාරේ ඉන්නයි. ඒ ලයිෆ් එකට ඒගොල්ලෝ කැමති නැහැ. පහුගිය කාලේ ලංකාවට ආව ටුවරිස්ලා බැලුවම රුසියානු හා යුක්‍රේන. ඔවුන් අඩු වියදමෙන් ඉන්නේ. අපිට ලැබෙන ආදායම අඩුයි. ඒවගේ කට්ටියට නයිට් ලයිෆ් එකක් දෙන්න ඕනේ. හැබැයි ඒක අපිට කොච්චර දුරට කරන්න පුළුවන් වෙයිද?"

ඔහු සඳහන් කළේ, මෙහිදී ඇතැම් නීති රිදී වෙනස් කිරීමට සිදුවිය හැකි බවයි.

"මේක ලංකාවේ බෞද්ධ සමාජය හා කතෝලික සමාජයත් එක්ක කොච්චර ගට්ඨනය වෙයිද කියලා කියන්න බැහැ. ඒක කරන්න පුලුවන් එකම තැන තමා කොළඹ වරාය නගරය. මොකද ඒක වෙනම පරිපාලන ඒකකයක්. එතන නීති හදන්න පුලුවන්."


මැකාව්

nt 4

මැකාවු හි පැවති Global Gaming Expo හි දී 2019 මැයි 21 වන දින සංචාරකයින් කැසිනෝ ක්‍රීඩා කරමින්

 

මැකාව් නිල වශයෙන් මහජන චීන සමූහාණ්ඩුවට අයත් විශේෂ පරිපාලන කලාපයකි. මැකාව් යනු දකුණු චීන මුහුදේ බටහිර පර්ල් ගංගා ඩෙල්ටාවේ පිහිටි චීනයේ නගරයක් සහ විශේෂ පරිපාලන කලාපයකි. 680,000 පමණ ජනගහනයක් සහ 32.9 km2 (වර්ග සැතපුම් 12.7) ක භූමි ප්‍රමාණයකින් යුත් එය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ කලාපය වේ.

මැකාව් හි ධනේශ්වර සේවා ආර්ථිකය බොහෝ දුරට කැසිනෝ ක්‍රීඩා සහ සංචාරක ව්‍යාපාරය මත පදනම් වේ. එහි වටිනාකම දළ වශයෙන් බිලියන 53.9කි. මැකාව් ලෝකයේ 83 වැනි විශාලතම ආර්ථිකය ට හිමිකම් කියයි.

මැකාව්හි ඉහළම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් ඇතත්, එම ප්‍රදේශය ආදායම් බෙදීයාමේ විෂමතාව ඉහළ මට්ටමක පවතී. මැකාව් ක්‍රීඩා කර්මාන්තය ලොව විශාලතම වන අතර එය ඩොලර් බිලියන 24 ඉක්මවන ආදායමක් වන අතර ලාස් වේගාස් වලට වඩා හත් ගුණයකින් විශාල වේ. මැකාවු හි සූදු ආදායම 2018 දී ඩොලර් බිලියන 37 කි.

මැකාව් ආර්ථිකය කැසිනෝ ක්‍රීඩා මත දැඩි ලෙස රඳා පවතී. රජයේ අරමුදල්වලින් අතිමහත් බහුතරයක් (මුළු බදු ආදායමෙන් සියයට 79.6ක්) ලැබෙන්නේ කැසිනෝ ක්‍රීඩාවෙනි. කැසිනෝ අනුග්‍රාහකයින්ගෙන් අතිමහත් බහුතරයක් චීනයේ ප්‍රධාන භූමියෙන් පැමිණෙන සංචාරකයින් වන අතර, එය සියලුම අමුත්තන්ගෙන් සියයට 68ක් වේ.

කැසිනෝ ක්‍රීඩා කිරීම ප්‍රධාන භූමියේ සහ හොංකොං යන දෙඅංශයේම නීති විරෝධී වන අතර, චීනයේ කැසිනෝ කර්මාන්තයේ නීත්‍යානුකූල ඒකාධිකාරයක් මැකාව් රාජ්‍යයට ලබා දෙයි.


(BBC සිංහල සේවය)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා