දැවැන්ත සමාජ, ආර්ථික හෝ ආගමික පීඩනයක් තියෙන වෙලාවක, මහා හොඳක් සිද්ධ වෙන්න හැකි ඉඩක් පවතිනව කියල සමාජයේ මිනිස්සු අතර අදහසක් තියෙනව. අපි බලමු ඕෂෝ ඒ ගැන දරන්නේ මොන වගේ අදහසක් ද කියල.
ඕෂෝ -
ඔව්, අර්බුදයක් තියෙන මොහොත හරිම වටිනව තමයි. හැම දෙයක් ම හොඳින් ස්ථාවරවෙලා කිසි ම අර්බුදයක් නැතිකොට හැම දේක ම හරි ම ඇල්මැරුණු ගතියක් තමයි තියෙන්නේ. කිසි ම දෙයක් වෙනස් වෙන්නේ නැති නම්, පරිපූර්ණව ලෙස ම සිද්ධ වෙන්නේ පරණ දේවල් අල්ලාගෙන සිටිම ම යි.
ඒත් හැම දෙයක් ම වියවුල් වෙලා තියෙන වෙලාවක් කියන්නේ, කිසි ම දෙයක් ස්ථාවර නැති, කිසිම දේක ආරක්ෂාවක් නැති, ඊළඟ මොහොතේ මොනව වෙන්න යනවද කියල කවුරුවත් දන්නේ නැති නිමේෂයක්.
ඉතිං මේ වගේ වියවුල් වෙලාවක දී ඔයාලා ඉන්නේ නිදහසේ. ඉතිං ඔයාට වෙනස් වෙන්න පුළුවනි. එතකොට ඔයාට ඔයාගේ භාවාන්තරයේ හෙවත් ඇතුළාන්තයේ ඇතුළ් ම මදය කරා ගොස් එය අත්කරගන්නට පුළුවනි.
මේක හරියට හිර ගෙදරක ඉන්නව වගේ වැඩක්. හැම දෙයක් ම ස්ථාවර විදිහට තියෙනකොට හිරකරුවෙකුට හිරෙන් පැනල එළියට යන එක කරන්න අසීරු දෙයක්.
ඒත් ටිකක් මෙහෙම හිතන්න!
භූමිකම්පාවක් වෙලා අවට හැම දෙයක් ම බාධාවට පැමිණුන මොහොතෙක් ගැන සිතන්න!
කවුරුත් දන්නේ නැහැ මුකරුවෝ ඉන්නේ කොහෙද කියල. කුවුරුවත් දන්නේ නැහැ ජේලර්ලා ඉන්නේ කොහෙද කියල. හැම ආකරයක ම නීති රීති විසුරුවා හැරිල. ඉතිං හැමෝම දුවන්නේ තම තමන්ට ඕන අහක. ඒ වගේ වෙලාවක හිරකාරයෙකු පොඩ්ඩක් සිහිකල්පනාවෙන් හිටිය නම්, එයාට හරි ලේසියෙන් පැනල යන්න පුළුවන්. ඒ හිරකාරයා මෝඩයි නම්, එයාට මේ අහඹු අවස්ථාව මගහැරෙනව.
සමාජය කැළඹිලා ඉන්න වෙලාවක, හැම දෙයක් ම අර්බුදකට ගිහිං තියෙන වෙලාවක, වියවුල්බව පැතිරී යමින් තියෙන මොහොතක, ඒ තමයි සිරගෙයින් පැනල යන්නට ඔයාට ලැබෙන හොඳම මොහොත. හැබැයි ඒ ඔයාට එහෙම පැනල යනන්න උවමනාවක් තියෙනව නම් විතරයි.
බලන්න ඒ වෙලාවෙ වැඩේ හරි ලේසියි. මොකද ඔයාට රැකවල් දාන්න කුවරුවත් නැති නිසා. ඔයා පස්සෙන කවුරුවත් පන්නගෙන එන්නේ නැති නාසා. ඒ වගේ වෙලාවක ඔයාව අතහැරල දාලයි තියෙන්නේ. මේ වගේ තත්වයකට පත්වෙලා ඉන්න වෙලාවක, හැම කෙනෙක් ම හිත කරදර කරගන්නේ තම තමන්ගෙ කටයුතු-පලහිලව් ගැන විතරයි. කවුරුවත් ඔයා දිහා හැරිල බලන්නෙවත් නැහැ.
එතරම් වූ ඥානාවලෝකනයක් සිද්ධ වෙන්නේ මහා අර්බුද පරිච්චේදයක දී විතරයි. සමාජය ස්ථාපිතවෙලා හැම දෙයක් ම ස්ථාවරව පවතිනකොට කැරලි ගැසීම හෝ ඒ සමාජය ඉක්මවා යාම හෝ නීති රීති අනුගමනය නොකර ඉඳිම හෝ කරන්න බැරි දෙයක්.
සමාජය තනි පුදගලත්වයන්ට කැමැති නැහැ. සමාජයේ ඉන්නේ පුද්ගලත්වයන් තියෙනව වගේ පෙන්වන රොබෝවරු. ඒත් එයාලා පුද්ගලත්වයන් නෙවෙයි. සමාජය අව්‍යාජ භවයන් සහිත උදවියට කැමැති නැහැ. සමාජය කැමති වෙස්මුහුණුකාරයින්ට, මවා පෙන්නන අයට සහ කුහකයින්ට මිසක් සැබෑ මිනිසුන්ට නෙවෙයි.
මොකද සැබෑ මනුස්සයෙක් හැම වෙලාවෙ ම සමාජයට කරදරයක්.
සැබෑ මිනිසා හැමවිට ම නිදහස් මිනිසෙක්. දේවල් කරන්නැයි කියා එයාට බල කරන්නට ඔයාලට බැහැ. එයා ඇසුරින් හිරකාරයෙක් හදාවඩා ගන්නටත් ඔයාලට බැහැ. එයාව වහලෙක් කරගන්නටත් ඔයාලට බැහැ. එයා තම ජීවිතය නැතිකරගත්තත් නිදහස නැතිකර ගන්න කෙනෙක් නෙවෙයි. මොකද, ඒ වගේ කෙනෙකුට ජීවිතයටත් වඩා නිදහස ගොඩක් වටින නිසයි ඒ.
අන්න ඒකයි ඉන්දියාවෙදී අපිට නිර්වාන සහ මෝක්ෂ කියන උත්රීතර ගුණ දකින්න ලැබෙන්නේ. මේ වචන වල තේරුම “නිදහස” කියන එකයි. “සම්පූර්ණ ම නිදහස” කියන එකයි. “පරම නිදහස” කියන එකයි.
ඒ නිසා සමාජය වියවුලක පවතින විට ඒක ප්‍රයෝජනයට ගන්න!
හැම කෙනෙක් ම තම තමන්ගේ කටයුතු-පලහිලව් වල නියුතුවෙලා ඉන්න වෙලාවක තමයි මෙය අත්පත් කරගන්නට පුළුවන් වන්නේත්. පලා යන්න පුළුවනුත් ඒ වෙලාවට විතරයිනේ.
හරියට අවුරුද්දක් අවසානයේ දේශගුණ චක්‍රය සම්පූර්ණ වෙලා ගිම්හාන කාලය එනව වගේ ම දෙයක් තමයි මේක. ඉතිං අවුරුද්දකින් එක් චක්‍රයකට පස්සෙ ආයෙමත් ගිම්හාන කාලය ඇවිල්ලා.
ඉතිං ශතවර්ෂ 25ක් තරම් විශාල චක්‍රයකුත් තියෙනව. ශතවර්ෂ 25ක් පසුවී එළඹෙන හැම කාලයක දී ම පරණ පදනම් දියවෙලා යනව. ඉතිං ඒ සමාජයට අලුත් පදනම් පිරි-සැලසුම්කරගෙන ස්ථාපිත කරගන්නට සිද්ධ වෙනව. පරණ ගොඩනැගිල්ල වැඩකට නැති එකක් බවට පත් වෙනව.
ඒ හින්ද ඒ පරණ ගොඩනැගිල්ල කඩා බිඳදමන්නට සිද්ධ වෙනව. ඒ වගේ වෙලාවක එතෙක් පැවතුන ආර්ථික, සමාජීය, දේශපාලනික ක්‍රම-පද්ධතිය බාධාවට සහ අවහිරයට ලක්වෙලයි පවතින්නේ. ඉතිං මොනව හරි අලුත් දෙයක් උපදින්න ම අවශ්‍ය යි. මේක හරියට ප්‍රසූත වේදනාවක් වගේ දෙයක්.
ඉතිං වියහැකිතා දෙකක් තියෙනව.
එක විය හැකි තාවයක් තමයි, පරණ ඇදගෙන වැටෙව ව්‍යුහය ඔයා විසින් ආපහු සවිකරන්නට උත්සහ කිරීම. ඒකෙන් ඔයාට පවතින ක්‍රමයේ මෙහෙකරුවෙක් බවට පත් වෙන්නට පුළුවනි. ඔයා හැම දෙයක් ම වඩා ස්ථාවර බවට පත් කරන්නට උත්සහ ගනීවි.
ඒත් එහෙම කරන්න ගියොත් ඔයාට අහිමි වෙනව.
මොකද කරන්න පුළුවන් දෙයක් ඇත්තෙ නැහැ.
සමාජය මිය යමිනුයි පවතින්නේ.
හැම සමාජයකට ම ජීවිත කලායක් තියෙනව. හැම සංස්කෘතයකටමත් ජීවිත කාලයක් තියෙනව.
දරුවක් ඉපදෙනකොට ම අපි දන්නව, ඒ දරුවා ඒ තරුණ වෙනව, ඊට පස්සෙ මහළු වෙනව, ඊට පස්සෙ මැරෙනව කියල. අවරුදු හැත්තෑවක් අසූවක්, වැඩිම වුණොත් අවුරුදු සීයක් ඉඳීවි.
ඒ වගේ ම හැම සමාජයකටමත් ඉපදෙන්නට, තරුණ වෙන්නට, වයසක වී මිය යන්නට සිදුවෙනවා. හැම ශිෂ්ටාචාරයටමත් ඉපදෙන්නට සහ මිය යන්නට සිද්ධ වෙනව.
මේ වියවුල් වාතාරණයන් කියන්නේ අතීතය සහ පරණ දේවල් මියන්නට නියමිත වාතාවරණයන්. ඒ කියන්නේ අලුත් දෙයක් ඉපදෙන්නට නියමිත වාතාවරණයක්. ඒ නිසා ඔයාලා හිත කලබලකරගන්නට උවමනා නැහැ. ඉතිං පරණ ව්‍යූහයට උපකාර කරන්ට පටන්ගත නොයුතුයි. මොකද පරණ ව්‍යූහය මැරෙන්නයි යන්නේ.
ඔයා පරණ ව්‍යූහයට උදව් දුන්නොතින් ඔයාටත් වෙන්නේ ඒ ව්‍යූහය මත්තේ තැලී පොඩිපට්ටම් වෙන්න විතරයි. ඒක එක වියහැකිතාවක්. ඒ කියන්නේ ඔයා පවතින ව්‍යූහයට උපාකාර උදව් දීම. ඒකෙන් වැඩක් සිද්ද වෙන්නේ නැහැ. ඔයාට ලැබිච්ච අවස්ථාවත් අහිමිවෙලා යන එකයි වෙන්නේ.
ඉතිං ඊට පස්සෙ තවත් වියහැකිතාවයක් පවතිනව.
ඔයාට පුළුවනි, අලුත් එකක් ගෙන ඒම සඳහා සමාජ විප්ලයක් සිද්ධකරන්න පටන් ගන්න.
ඒත් ඒ පාරත් ඔයාට වෙන්නේ වාසිසහගත අවස්ථාව අහිමි වෙලා යන එකයි. මොකද අලුත් දේ කොහොමත් පැමිණෙනන්නටයි යන්නේ. ඔයා මැදිහත්වෙලා ඒක අරන්දෙන්න ඕනි නැහැ. අලුත් දේ මේ වෙනකොටත් එමින් තමයි තියෙන්නේ.
ඔයා ඒගැන කරදර වෙන්න එපා! ඔයා නිරපාරාදෙ විප්ලවකාරයෙක් වෙන්න හදන්න එපා! අලුත් දේ පැමිණේවි. පරණ දේ යන්න ගිහින් නම්, ඉතිං කිසි කෙනෙකුට බැහැනේ ආපහු පරණ දේට ඉන්න කියන්න.
අලුත් දෙය පවතිනව නම්, කාලය ලංවලා නම්, දරුවා ගැබ ඇතුළේ මොරලා නම්, ඒ දරුවා ඉපදෙන්න ම තමයි යන්නේ. ඔයා නිකං පැනල සිසේරියන් සැත්කමක් කරන්න උවමනාවක් නැහැනේ. දරුවා කොහොමත් ඉපදෙන්නනෙ යන්නේ? ඒ ගැන හිත කරදර කරගන්න එපා! විප්ලවය කියන්නේ එය විසින් ම සිදුකරගන්නා දෙයක්. ඒක ස්වභාවික ප්‍රපංචයක්. කිසි ම විප්ලවකාරයෙක් ඕනි නැහැ ඒකට.
විප්ලවය වෙනුවෙන්ය කියල කිසි කෙනෙකුව මරාදමන්න උවමනත් නැහැ. තිබුණ දේ ස්වේච්චාවෙයන් ම මිය යන්නට යි යන්නේ. ඉතිං ඒ වෙලේ ඔයා සමාජ විප්ලයක් වෙනුවෙන් වැඩකරන්නට පටං ගත්තෝතින් ඔයාව කොමියුනිස්ට්වරයෙක්, සමාජවාදියෙක් බවට පත්වේවි.
ඒත් ඔයාට තවමත් අහිමි වෙලා!
ඔයා විසින් අහිමිකරගන්නට ඉඩ ඇති අහඹු ප්‍රස්ථාවන් දෙකක් තියෙනව. ඒ තමයි මේ කිව්වෙ.
ඒත් ඔයාට මේ අර්බුද අවස්ථාව පාවිච්චි කරල ඔයාට තමන්ව ම පරිවර්තනය කරගන්නත් පුළුවනි.
ඉතිං මේ වියවුල ඔයාගේ පුද්ගලත්වයේ වර්ධනය වෙනුවෙන් යොදාගන්න!
ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් තරම් වන තවත් දෙයක් ඇත්තේ නැහැ. හැම දෙයක් ම ආතතියට පත් වෙලා, හැම දෙයක්ම දැඩි වෙලා, හැම දෙයක් ම අවසන් මොහොතකට ඇවිත් ඇති මොහොතක, හැම දෙයක් ම උපරිමයකට ඇවිත් ඇති මොහොතක තමයි රෝදය හැරවී කරකැවෙන්නේ.
ඒ විවරවෙන දොර පාවිච්චියට ගන්න!
ඒ විවර වන අහුඹු ප්‍රස්ථාව පාවිච්චියට ගන්න! ඒකෙන් පරිවර්තනයකට ලක්වෙන්න!
මගේ අවදාරණය පුද්ගලත්ව විප්ලයක් කියල මං කියන්නේ අන්න ඒ නිසයි.
භගවාන් ශ්‍රී රාජිනීෂ්
පරිවර්තනය - අරවින්ද
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.