සපුගස්කන්ද පිරිපහදුවේ ගොඩ ගැසූ ඔක්ටේන් 80 පෙට්‍රල් ලීටර් ලක්ෂ 90ක් තිබෙන්නේ බාල බොර තෙල් නිසාද?



කිසිදු තාක්ෂණික දැනුමකින් තොරව අහුලා ගත් තොරතුරු ටිකක් සොයා ගෙන මෙසේ පොදි ජනතාව ඉදිරියේ ඔවුන් කුපිත කරන ආකාරයෙන් නිවේදනයන් නිකුත් කිරීම ඉතාමත් පහත් ක්‍රියාවකි.

විශේෂයෙන්ම මේ මොහොතේ පීඩාවෙන් සිටින ජනතාව තවත් අපහසුතාවයට පත් කිරීමෙන් ඔවුන් ලබා ගන්නට සැරසෙන්නේ හුදු පහත් දේශපාලන වාසියක්ම පමණි.

තාක්ෂණික කරුණු අනුව විමසා බෑලීමේදී සාමාන්‍යයෙන් පිරිපහදුව වසා දමා නැවත පණ ගැන්වීමේදී භාවිතා කරන ඕනෑම බොර තෙල් වර්ගයකින් පළමු දින 7 ත් 8ත් කාලයක් ගත වනතුරු නිකුත් වන්නේ සම්මත හා අපේක්ෂිත ප්‍රමිති තත්ත්වයෙන් යුතු ඉන්ධන නොවේ. එය පිරිපහදු ක්‍රියාවලියේ තක්ෂණික ලක්ෂණයක් මිස බොරතෙල් වර්ගයේ හෝ ගෙන්වන සමාගමේ හෝ ඛණිජ තෙල් අමාත්‍යංශයෙ ප්‍රශ්නයක් නොවේ.


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පසුගිය නිෂ්පාදන ක්‍රියාවලි දත්ත වාර්තා විමර්ශනය කර බෑලීමේදී මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙසේ පිරිපහදුව වසා යළි බොරතෙල් ලැබුණු පසු පිරිපහදු ක්‍රියාවලියා ආරම්භ කර මුල් දින කිහිපය ගත වන තෙක් නිෂ්පාදනය වී ඇත්තේ ද මෙවන්ම අපේක්ෂිත අනුමත සම්මත තත්ත්වයේ ඉන්ධන නොවන බව පැහැදිළි වේ.

2021 වර්ෂයෙ දෙසැම්බර් මස දී සපුගස්කන්ද පිරිපහදුව යළි පණ ගැන්වූ පසු පළමු දින කිහිපය තුල නිපැයූ ඔක්ටේන් අගය 80ත් 85ත් අතර පෙට්‍රල් ප්‍රමානය මෙටික් ටොන් 263කි,

එම ආරම්භක තොගයට අමතරව 2022 ජනවාරි මස දී මෙට්‍රික් ටොන් 482ක්ද, පෙබරවාරි මස මෙට්‍රික් ටොන් 448ක් ද, යලිත් අප්‍රේල් මාසයේදී මෙට්‍රික් ටොන් 3317 ලෙසද ගබඩා වූ ඉන්ධන ප්‍රමාණය සටහන්ව ඇත.

පසුගිය ජූනි මාසයේදී පිරිපහදුව වසා යළි පණ ගැන්වීමේදී මෙට්‍රික් ටොන්  2300ක් ද අවසාන වරට පසුගිය අගෝඅස්තු මාසයේ යළි වසා පණ ගන්වන විට මෙට්‍රික් ටොන් 248ක් ප්‍රමාණයකින්ද මෙම අනුමත අපේක්ෂිත සම්මත ප්‍රමිතියට වඩා අඩු ඉන්ධන නිපැයී අතර මේ වන විට එහි සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් 7000කට ආසන්න වෙයි.


නමුත් මෙය ඇතම් කණ්ඩායම් පවසන පරිදි පොදු ජනතා මුදල් විනාශ වීමක් හෝ හොර ගනුදෙනු නිසා විඳින පාඩුවක් ද නොවේ. පිරිපදු ක්‍රමවේදය අනුව විද්‍යාත්මකව හට ගන්නා සාමාන්‍ය තත්ත්වයක් පමණි.

පිරිපහදුවක් වසා දැමීමෙන් පසු යළි පණ ගැන්වීමේදී සිදු වන ක්‍රියාවලියක කොටසක් පමණි.


එම ඔක්ටේන් 80 – 85 පෙට්‍රල් වෙළෙඳපොලට එවනවද?

කොහෙත්ම නැත. පෙට්‍රල් හෝ වෙනත් ඕනෑම වර්ගයක ඉන්ධනයක් අදාල ප්‍රමිතින් හා සම්මත අගයන් ගෙන් යුක්තව නිෂ්පාදනය වන තුරු එය තහවුරු කිරීමෙන් පසු සහතික කිරීමකින් පසුව විනා මේවා වෙළෙඳපොලට නිකුත්වන්නේ නැත.

 මෙම ඉන්ධන ගබඩා කොට තබා ප්‍රමිතියෙන් වඩාත් උසස් වූ ඉන්ධන නිෂ්පාදනයන් සමග අගය එකතු කොට මුහු කොට අනුමත ප්‍රමිති තත්ත්වයන්ට පත් කොට පරිහරණය පිණිස නිකුත් කරන් තෙක් සුරක්ෂිතව පිරිපහදු පරීශ්‍රයේ ගබඩා කොට තබනු ලැබේ.

මෙසේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව පොදු ජනතාව ඉදිරියේ මෙවන් අසත්‍ය ප්‍රකාශ පතුරවන පාර්ශව තේරුම්ගත යුත්තෙ රට තව තවත් අසරණ තත්ත්වයට ඇද දමන්නට මෙවැනි ක්‍රියා සිදු කිරීමේදී මතු වන ඉන්ධන හිඟතාව මත පිරිපහදුව වසා දමන්නට  සිදුවන සැම අවස්ථාවකදීම යළිත් එය පණගන්වන්නට සිදු වූ දිනක යළිත් මෙවන්ම ප්‍රමිතියෙන් අඩු ඉන්ධන වළින් පිරිපහදු ගබඩා පුරවන්නට සිදු වන බවයි.  


(Truth first විශේෂ සටහන්කරු)

[චක්‍රලේඛ නිසා විවෘතව අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ඇති පසුබිමක ඛනිජ තෙල් සංස්ථාවේ අවංක නිලධාරීන් එක්ව මෙසේ හෝ ජනතාව දැනුවත් කළැ යුතු යෑයි සිතා මෙලෙසින් ඇත්ත ජනගත කරන්නට ගන්නා උත්සාහයකි.'' යයි සඳහන් කරමින් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ගිණුමෙන් යොමුකර තිබු ලිපියකි.]


සංවාදයට විවෘතයි ....

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්