ඉන්ධන ගෑස් පොහොර ආදී අත්‍යාවශ්‍ය සැපයුම් අඩාලව, බිඳ වැටුණ රටේ තත්වය යහපත් වෙමින් පවතී. එහෙත් මන්ද පෝෂණය දරිද්‍රතාව ගැන

බටහිරෙන් ලැබනෙ වාර්තා එසේමය.

එහෙව් රටක ඇතුළතින් ඇසෙන කලබැගෑනිය අපට වාසි ගෙන දෙන්නේ නැත.  

ජාතික සන්නාම ව්‍යාපෘතියේ සභාපතිනි කවි රාජපක්ෂත් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේත් පසුගිය ඉරිදා රටේ සන්නාම නාමය පවත්වා ගෙන යාමට දේශපාලන පක්ෂ පවා එක්විය යුතු බව කීවේ සංචාරක කර්මාන්තයේ ඇද වැටීම ගැන පමණක් සිතා නොවේ.  

අසරණකම තුළ වාද භේද පැවතිය නො හැකිය.

imago0170076603s

ගෝඨාභය සර්ව පාක්ෂික සමුළුවේදී රනිල්ගෙන් සමාව ගත්තේ මම වගකීම බාර ගන්නවා අපව තනි නො කරන්නැයි නො කියා කියමිනි. අනුප්ප්‍රාතික ජනාධිපති වික්‍රමසිංහ ජපානයේදී රට වෙනුවෙන් සමාව ගත්තේ පීඩිත ජනතාව ජනකාව කෙරෙහි සානුකම්පික වන්නැයි නො කියා කියමිනි.


රටක  පාලකයන් හා නායකයන් මමත්වයෙන් බැහැරව, නිහතමානීව ක්‍රියා කිරීම හැදිච්චකම මිස ලජ්ජාවක් හෝ පරාජයක් නොවේ.

විදේශ සංචිත යළි ගොඩ නැගීමට ආනයන සීමා කරන්නේ රට වෙනුවෙන් මිස එදිරිවාදිකමකින් නොවේ. ඒ හරහා මතුවන අවහිර කරදර වලට 1973දීත් රටේ මිනිස්සු ගොදුරු විය.

බූතයාට ඩිසල් නැතිවීම නිසා පැසුණ ගොයම් කුඹුරේ කුණු වෙන්න ඉඩ නොදී ගොවීන් අතීතයට විසි කළ දෑ කැති ගෙන සාම්ප්‍රදායික ක්‍රමයට ගොයම් කපා පාගා අස්වැන්න ගෙට ගත්හ.  

මහ නගරවල මන්දිර වාසීන් එළි මහනේ ලිප් බැඳ කෑම ගත්තේ ගෑස් හිඟයට පිළියමක් ලෙසය.

මේ කියන්නේ සනීපාරක්ෂක තුවා හිඟයට විකල්ප සොයා ගැනීම කාන්තාවන්ගේ වැඩක් බව කියන්නට නොවේ. ජනතාව පීඩාවට පත් රටක දේශපාලනඥයන් ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවය.

දුෂ්කර අවස්තාවක අනේක ක්‍රමෝපායන් මිස, වීදි බැස සටන් වලින් ජනතාවගේ කුස ගින්න නො නිවෙන බව මතක් කරන්නටය.

මරික්කාර රනිල්ගේ සිංගප්පූරු ගමන ගැන කීවේ ඕකා හොරක් යයි ලෝකයට ඇහෙන්න කියන්නටය. රනිල් වහා පැමිණ  පිළිතුරත් ලෝකයට ඇසෙන්නට ඇත.



සුපිරි සාප්පු සංකීර්ණවල රාක්ක හිස් වීමෙන් අධිපරිභොජන රටාව බිඳ වැටීම නිසා, ලාංකේය ජනතාව මේ ගෙවන ජීවිතය සැපක් නම් නොවේ.

අපට එහෙම වුණේ ඇයි?

අපට අවශ්‍ය විදේශ විනිමය ලැබෙන්නේ කොහෙන්දැයි කිසිවෙකුටත් කල්පනා විද?

අර්බුදයට පිළියම් සොයනු මිස, මතවාදීව මිස, වීදි බැස කෑ ගැසීමෙන් රට සුවපත් නොවේ.  

අනුරලාගෙන් උදුරා ගත් අරගලය දැන් මෙහෙයවන්නේ පොන්සේකාය.

සජිත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියයි. පාඨලී චම්පික බොර දිය දෙස බලා සිටියි.

 රටේ සමස්තය දස දෙනෙකු නම් (පොන්සේකා, සජිත්, පාඨලී ති දෙනා හැර) රටේ ජීවත්වන ඉතිරි හත් දෙනා දෑ කැති පාවිච්ච් කළ ගොවීන්, මිදුලේ ලිප් බැඳ උයා කෑ මධ්‍යම පන්තිකයන් මාස් සුද්ධියට තම තම නැන පමණින් පිළියම් යොදා ගත් කාන්තාවන් නිහඬ කතිකාවකින් බැඳී බලා සිටින්නේ අනාගත දරු පරම්පරාවේ ආරක්ෂාව මිස ගැන කඩිනම් මැතිවරණ අරගල අපේක්ෂා නො කරති.

 

හැම කුටුම්බයකම පවත්නා මේ එකඟතාව සාධනීය කතිකාවක් වන්නේ කවදාද?  අප තව දුරටත් ලෝකයෙන් උතුම් රට නොවන බවත්,  උතුරු දකුණු බෙදීමකින් තොරව සා ගින්නෙන් රට වෙළි හමාර බව බව තේරුම් ගත යුතුවේ. කුහක නොවී යථාර්ථයට මුහුණ දෙයි නම් අප වට කොට ඇති පටු බේද හා වෙනස්කම් ඉබේම අපෙන් තුරන් වේය යථාර්ථයක් වීමේ ඉඩකඩ වැඩිය.

 


‘පොල්ලේබැද්දේ රෝහණ සමරජීව මාර්තු 23 දා ලංකාදිපයට වාර්තා කළ පරිදි, ඕමල්පේ  හාමුදුරුවෝ මෙසේ අනුදැන වදාළහ. ආගමික ස්ථානවල තිබෙන ධන සම්පත් වලින් කොටසක් මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කළ යුතු ය. 2007දී ලෝක ආහාර අර්බුදය හමුවේ තායිලන්ත බෞද්ධ භික්ෂුන් සිද්ධස්ථානවල  තිබූ රත්රන් ආදි වස්තුව රාජ්‍ය භාණ්ඩාගාරයට පරිත්‍යාග කළ ඒ ආදර්ශය අනුව අප ක්‍රියා කළ යුතු වේ. බෞද්ධ අ බෞද්ධ සිද්ධස්ථානවල ඇති මහා ධනස්ඛන්ධය භාණ්ඩාගාරයට පරිත්‍යාග කළොත් මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට යම් සහායක් වේ යයි අවධාරණය කළහ. එසේ කී මේ හාමුදුරුවන් වහන්සේ රට පාලනය රාජපක්ෂලාගෙන් වික්‍රමසිංහට මාරු වූ වහාම උඩු යටි කුරුව නන් දොඩ වන්නට වූහ. අද සජිත්ලා පොන්සේකාලාද ඊට නො වෙනස් භූමිකාවක් රඟ දක්වති.


පසුගිය සැප්තැම්බර් 25 වෙනි ඉරිදා මහනුවර පැවති ලෝ මැඩිකල් වෘතිකයන්ගේ සාදයේ සහභාගිත්වය අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යාම අසීරු තත්වය කෙමෙන් පහ වී යාම පිළිබඳ සුබ ලකුණකි. එහිදී වෘතිකයන් සිටියේ යථාවබෝධයෙනි.

වාහනය බල ගැන්වූ විට පැට්රල් මිල සිහිපත් වන බව කවුරුත් පිළි ගත්හ. එය වෘත්තිකයන් සහ  ව්‍යාපාරිකයන් දිගු කලක් අමතක කළ දෙයකි. අප දෙවරක් නො සිතා භාවිතා කළ පැට්රල් ඩීසල් යනු රටට ලැබෙන ඩොලර් සංචිතය පහළ දැමීමක් ලෙස සිතීම, මයි කාර් මයි පැට්රල් න්‍යාය යළි කියවීමකි.

 

අපගේ පොකැට්ටු තර වුණාට රටේ භාණ්ඩාගාරය වැස්සෙන් පින්නෙන් පිරී නො යන බව ජාතියක් ලෙස වටහා ගත යුතුව තිබේ. රටට ඩොලර් ලැබෙන තෙක්  ඉන්ධන නැව් වරායේ නැංගුරම් ලා සිටින, ආනයන සීමා කළ යුතු මොහොතක දියව් පලයව් ආමන්ත්‍රණයෙන් රටක් ගොඩ නැගිය නො හැකි ය. අධිපරිභෝජනය පමණක් නොව නාස්තිය ලෙස ද, නැවත නිර්වචනය කර ගත යුතුව තිබේ.

 

බොහෝ මධ්‍ය පන්තික වෘත්තිකයන් මේ යථාර්ථයට අනුගතව සු පුරුදු ජීවන රටාවෙන් බැහැරව ජීවත් වෙති. එයින් අදහස් වන්නේ අරපිරිමැස්මය. හෝ රටේ තත්වයයි.

අරපිරිමැස්ම සහ රටේ තත්වය යනු එකට ගැලපීම අලුත් දෙයක් නොවේ. ගෙදර දොර කළමනාකරණය පිළිබඳ අඛණ්ඩව පවත්නා ක්‍රමවේදයන් පුළුල්ව තේරුම් ගැනීමකි.

මහනුවර ලෝ මැඩිකල් වෘත්තික හමුව යනු අර්බුදය හැකිළී ජනතාව රටක් ලෙස යළි හරිබරි ගැහීම වුවද, අප තවත් නාස්තිකාර වසන්තයකට මාරු විය යුතු ද?  මේ ජාතියක් ලෙස උනුගෙන් ඇසි යුතු ප්‍රශ්නය යි.  මේ  ස්වයං විනයකින් බැඳී එක්ව සිතිය යුතු අවස්ථාවකි.

සකසුරුවම නාස්තිය පිළිබඳ යථාවබෝධයෙන් ජිවත්විමට අප උත්සාහ දරයි නම් ඊට අනුගත වේ නම්, අපට කඩිනමින් මේ ව්‍යසනයෙන් අත් මිදිය හැකිය.

එහෙත් විවිධ න්‍යාය පත්‍ර සහ අරමුණු සමග ජීවත්වන රටේ මිනිසුන් එක් කතිකාවකට කැඳවා ගැනීම අප අත්පත් කරගත යුතු දුෂ්කරම කාර්ය වන්නේය.

මග හැර යා නොහැකි අර්බුද සමනය කිරීමේදී රටක් වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ හමුවේ අපේ දේශපාලකයන් අලි වෙඩි බිම් බෝම්බ බවට පත් කර ගනිමින් ජනතාව නන්නත්තාර කරවති.

2001 ආර්ථික කඩා වැටීම හමුවේ රට භාර ගත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස වසර දෙකකට රජයේ රැකියා පුරප්පාඩු නො පිරවිය යුතු යයි නියෝග කළේය. මෙවර රාජපක්ෂලා වාසියට වෙනස් කළ රාජ්‍ය සේවක විශ්‍රාම කාලය යළි පැවති අංකයන් සමග ගැලපීමෙන් රාජ්‍ය සේවය කඩා වැටෙයි නම් රාජ්‍ය සේවයේ යහපතට යළි රාජපක්ෂලා කැඳවනවාද?  

7a517a04654e2974091ddbf35bda1e52 L

කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා බෙදන බව කියමින් 2019 රට ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස 2015-2018 කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 5000ක් හම්බන්තොටින් බඳවා ගත් බව රටම දනිති. ගෝඨාභය හැට දහසක් දෙනාට රැකියා දීමත් සජිත් න්‍යායත් අතර වෙනසක් නැත. අරගලය සාර්ථක කළ හැක්කේ රනිල්ට එරෙහිව බෝම්බ ගසා නොවේ. අරගලයට මුල්වූ හේතුව පිළියම් යෙදීමෙනි.


එහෙත් ජවිපෙ හෝ පෙරටුගාමින් කිසි විටෙක අරගලයට මුල් වූ හේතුන්ට පිළියම් සොයන්නේ නැත. හේතුව එවිට රටේ මිනිසුන්ට අරගල අවශ්‍ය නොවන නිසාය.

මේ දේශපාලන සෙල්ලම අලුත් කතාවක් නොවේ. 1953 හර්තාලයත් එවැන්නකි. 1973 ලෝක ආහාර හිඟය මුල් කොට, ජේ.ආර්. ජයවර්ධනත් අප්‍රමාණ ජයග්‍රහණයක් ලැබී ය. ඒ අවදියේ අල බතල කෑම ජනතාව ගල් යුගයට තල්ලු කිරීමක් ලෙස ආර්.ප්‍රේමදාස කළ විග්‍රහයන් අසා සිටි සමහරුන් අදත් ජීවත්වේ. ඔහු

එදා කීවේ මානවයා පොළොව සාරා අල් මුල් කෑ යුගයෙන් පිටට ගමන් කොට පොළොවෙන් ඉහළට මතුවන ධාන්‍ය ආහාරයට ගැනීමේ සංස්කෘතියට අවතීරණ වීමෙන් ලබා ගත් ප්‍රගතිය මැතිනියගේ ආණ්ඩුව ආපසු හරවා ඇති බවය.

අසා සිටින්නෙකුට එය අති මනරම්ය. මනුෂ්‍ය ප්‍රගමණනය විනාස කිරිමකි. ඒ කතා වලින් ඡන්ද පෙට්ටි පිරුණාට රටේ ගැටළු නිම නොවන බව ජේ.ආර්. තේරුම් ගෙන සිටියේය.

jr haal potha

බත් කෑම තහනම් කළ අවාසනාව හරහා රටේ පාලකයා වූ ජේ.ආර්., රටට හූනියමක් වූ හාල් සලාක පොත ඉරා විසි කොට, රටේ ආණ්ඩු පෙරළු එක්  බිම් බෝම්බයක් ඉවත් කළේය. 1982 පළමුවන ජනාධිපති මැතිවරණයේදී හොර කූපන් පොත් බෙදා ජනතාව ගොනාට ඇන්දවීමට දැරූ වෑයම ව්‍යර්ථ විය.


රටේ පවත්නා ගැටළු තවත් අවුල් කර තම ඡන්ද පෙට්ටිය පුරා ගැනීමට විපක්ෂය යළි උත්සාහ කරමින් සිටින්නාහ. හාල් පොත් ස්වයං පෝෂණය අවසන් කරමින් ජේ.ආර්. ඇති කළ නව චින්තනයට හූනියමක් වෙමින් ආර්.ප්‍රේමදාස මවා පෑ ජන සවිය යනු අද රට හිඟමනට පත් කළ විනාසකාරි සමෘද්ධි බොරුවේත් ආරම්භය නොවීද?

 බඩගින්න සහ කාන්තාවන්ගේ මාස් සුද්ධිය යනු එකිනෙකට වෙනස් සංසිද්ධීන් වෙති. සජිත් ප්‍රේමදාස 2099 ජනාධිපති මැතිවරණයේදී නිර්මානය කළ කාන්තා සනීපාරක්ෂක තුවා ව්‍යාපෘතිය ලංකාවේ ප්‍රශ්න ගැන ගැඹුරක් නැති චරිතයකට උදාහරණයකි.

ආර්.ප්‍රේමදාස පාසල් නිල ඇඳුම් ප්‍රදානය කළ අවස්ථාවේ මිනිපේ තුන්වෙනි පියවරේ ගොවියෙකු කීවේ අපට දරුවන් ගැන බලා ගන්න පුළුවන් කියාය.

ජනතාවගේ බත්පත සුරක්ෂිත කිරීමට අවශ්‍ය හාල් පොත් නොවේ. මහවැලිය වැනි ව්‍යාපාර බව ජේ.ආර්. ක්‍රියාවෙන් තහවුරු කළේය.  

රටක පාලකයන්  කළ යුත්තේ ජනතාවගේ ජීවනෝපයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම මිස කාන්තාවන්නේ මාස් ශුද්ධියට අවශ්‍ය ආම්පන්න ගැන කරදර වීම නොවේ. බල්ලාගේ වැඩේ බූරුවන්ට පැවරීමේ ආප්තය අනුව, මේ උත්සාහ කරන්නේ බූරුවා අල්ලා ගත් රට නැවත බල්ලා උදුරා ගැනීමට තැත් කිරීමකි.  

රාජපක්ෂලා තරහ කර ගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ජපන් සහයෝගිතාවත් දෙකම ජනාධිපති වික්‍රමසිංහ රටේ යහපතට  පෙළ ගස්වමින් සිටයි.

 

බදු නො ගෙවන්නන් ගැන මහින්දානන්දත් වෘත්තිකයන් බදු නො ගෙවීම ගැන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහත් එක දිගට කතා කරන්නේ රටේ ආර්ථික ප්‍රශ්නය යනු නො කර හැරීමක් බව සිහි තබාගෙනය.

 

උදේ හවා විපක්ෂය අටවන අරගල උගුල් නිසා අපේ නගර ගැන පවත්නා මතකය සංචාරකයන් අමතක කළොත් එය අපට අවාසියකි. අරගල හේතුවෙන් සංචාරකයන්ට තබා ගිලන් රථයකටවත් පාරේ යාම අවදානමකි.

සජිත් ප්‍රේමදාස 2019 සිට අද දක්වාත් කාන්තාවන් හෝ ප්‍රසිද්ධියක් නො දෙන සනීපාරක්ෂක තුවා පෙන්වමින් රටේ බලය අල්ලා ගැනීමට කරන විගඩම සිහි කළ වැඩිහිටියෙක් මැතිනිය අගමැති වුණොත් මාසිකව පුටුව හේදීමට සිදු වෙතැයි ආර්.ප්‍රේමදාස  කී අවලන් කතාව හුවා දක්වා සිනාසී නොට්ටිගෙ පුතාගේ කතාව විස්තර කළේය.

බිම් බෝම්බ දේශපාලනයෙන් තුවාල වන්නේ ජනකාවට මිස දේශපාලනඥයන්ට නොවේ.


අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්