එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා කර ගෙන ආ A/HRC/51/L’1 යෝජනා කෙටුම්පත
පසුගියදා එම කොමිසමේ සාමාජික රටවල සාකච්ඡාවට ගෙන තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා මෙම යෝජනා ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න ගැන ඒ සම්බන්ධ ඡන්ද විමසීම සිදුකරනු ලැබූ අතර යෝජනාව ජය ගෙන තිබේ. මෙය ජාත්‍යන්තර වශයෙන් රටට අසීරු තත්වයක් නිර්මාණය කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා ඔස්සේ මෙම යෝජනාව සකස්ව ඇත.
කෙසේ නමුත් පසුගිය බදාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී විදේශ ඇමැති අලි සබ්‍රී අවධාරණය කළ වැදගත් කරුණක් වූයේ මෙම යෝජනාව එල්ල වන්නේ ආණ්ඩුවක්,පක්ෂයක්, පාලකයකු එල්ල කරගෙන නොවන බවය. 2012 වසරේ සිටම මෙම ප්‍රශ්නයට මුහුණ දීමට බලයට පැමිණි සෑම ආණ්ඩුවකටම, රාජ්‍ය නායකයකුටම සිදුව තිබිණි. කොමිසම එල්ල කරන චෝදනා ද වසරෙන් වසර අලුත් වෙමින් වැඩි වෙමින් ද තිබිණි.

මේ නිසා මෙම ගැටළුව සම්බන්ධයෙන් රට තුළ බෙදිමක් ඇතිකර නොගෙන සාමූහික එකඟතාවයකින් යුතුව ඒ විසඳා ගැනීමට විය යුතු බව විදේශ ඇමැතිවයා මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. එසේම ඒ සඳහා ඔහු විසින් වඩාත් අවධාරණය කළ කාරණය වන්නේ පසුගිය යුධ සමයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සහ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් වහාම ගොඩනැගිය යුතු බවය.
රට තුළ බෙදිමක් ඇතිකර නොගෙන සාමූහික එකඟතාවයකින් යුතුව ඒ විසඳා ගැනීමට විය යුතු බව විදේශ ඇමැතිවයා මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. එසේම ඒ සඳහා ඔහු විසින් වඩාත් අවධාරණය කළ කාරණය වන්නේ පසුගිය යුධ සමයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සහ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් වහාම ගොඩනැගිය යුතු බවය.
විශේෂයෙන්ම මෙම ගැටළු විසඳීම වෙනුවෙන් දේශීය විසඳුමක් සොයාගැනීම සඳහා පසුගිය 2014 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවනු ලැබූ එල් එල් ආර් සී (උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම)වාර්තාව අනුව නිර්දේශ කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමට පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සිටම එකඟව තිබුණත් ක්‍රියාත්මක නොවීමේ අඩු පාඩුව අප වෙතින් සිදුව තිබේ. මෙම එල්.එල්.ආර්.සී වාර්තාවෙන් යෝජනා කරන නිර්දේශයන් හෝ ක්‍රියාවට නංවන්න අවශ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීම සිදුව තිබුණා නම් මානව හිමිකම් කොමිසමේ ප්‍රතිචාරයන් වෙනස් විය හැකිව තිබිණි.
එසේම මෙම ගැටළුව විසඳා ගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ විශ්වසනීය ‘සත්‍යය සෙවීමේ යන්ත්‍රණය‘ක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව උත්සාහ කරන බව මෙවර මානව හිමිකම් කොමිසම හමුවේ අලි සබ්‍රී මහතා ප්‍රකාශ කර තිබිණි. මේ වන විටත් ශ්‍රී ලංකාවේ විශේෂිත තත්ත්වයන්ට ගැළපෙන ආකෘතියක් සාකච්ඡා වෙමින් තිබෙන බවත් පවසා තිබිණ. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාව තුළද මෙම යෝජිත ‘සත්‍යය සෙවීමේ යාන්ත්‍රණය වහා ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බව අලි සබ්‍රී මහතා කිහිප වතාවක්ම දැඩිව අවධාරණය කර තිබිණි.
දකුණු අප්‍රිකාවේ වර්ගවාදී ගැටුම් හේතුවෙන් වූ අර්බුද සමතයකට පත් කරගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද ‘සත්‍ය සෙවීමේ කොමිසම‘ ගත් ක්‍රියාමාර්ගයන් අතිශය වැදගත් විය. ශ්‍රිලංකාවට ද අවශ්‍ය වන්නේ එවැනි ක්‍රම්වේදයක් බව දශකයකටත් පෙර සිටම යෝජනා වූවද පැවැති ආණ්ඩු කිසිවක් මෙය ක්‍රියාත්මක කළේ නැත. එසේම ඒ සඳහා ජාති ආගමික සහ පටු අවස්ථාවාදී දේශපාලනික වුමණාවන් වෙනුවෙන් පෙනී සිටින කොටස් දැඩිව විරුද්ධ වීම ද මෙය ක්‍රියාත්මක් තලයට ගෙන ඒම ප්‍රමාද කෙරිණි.
යහපාලන යුගයේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මෙය ක්‍රියාත්මක කිරීමට විශේෂ උත්සාහයක් ගනු ලැබුවද ඒ සඳහා එවකට විපක්ෂය නියෝජනය කළ රාජපක්ෂවාදීන්ගේ මෙන්ම අනෙක් ජාතිවාදී කණ්ඩායම් වල විශාල බාධාකිරීම් සිදු විය.
‘සත්‍යය සෙවීමේ කොමිසම‘ වැදගත් වන්නේ වර්ගවාදී ප්‍රචණ්ඩ ගැටුම්වලින් හෙම්බත් වී සිටින රටක තවමත් සිදු වූයේ කුමක්ද යන්න ගැන නිනව්වක් නැතිව රාජ්‍යයත් එහි පුරවැසියනුත් අතර විශ්වාසය හා විවිධ ජනවර්ග නියෝජනය කරන පුරවැසි කණ්ඩායම් අතර විශ්වාසයක් , අවබෝධයක්, සංහිදියාවක් ගොඩනැගීමටය. එවැනි වාතාවරණයක් ඇති නොකර රටක් සංවර්ධනය කරා ගෙන යෑම බොරුවකි.

වින්දිතයන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ වේදනාවට ඇහුම් කන් දෙන ලෙසය. ඔවුන්ගේ නෑසියන්ට මිතුරන්ට සිදුවූයේ කුමක්ද කියා හෙළි කරන ලෙසය. සත්‍ය සෙවීමේ කොමිසමක දී ඊට අවස්ථාව ලැබෙන අතර වැරදිකරුවන්ගේ පාපොච්චාරණයටත් එතැන ඉඩක් වෙන්වේ. මානව හිමිකම් කොමිසම කියන්නේ සිදුවු වැරැද්ද නිවැරදි කරගන්නා ලෙස සහ මෙරට මානව හිමිකම් සුරක්ෂිත කරන යාන්ත්‍රණයක් ස්ථාපිත කරගන්න කටයුතු කරන ලෙසය.
මෙය සිදු නොවේ නම් මෙවර යෝජනාව පරිදි මානව හිමිකම් චෝදනා සම්බන්ධව පුද්ගලයන් ඉලක්ක කර නඩු විභාගයන් විදේශ රටවලදී පැවැත්වීම හෝ ජාත්‍යන්තර අධිකරණයක් මෙරට හෝ විදේශීයව හෝ පිහිටුවීමට විශාල බලපෑමක් සිදු විය හැකිය. එසේම රටට එරෙහිව ජාත්‍යන්තර තහංචි සහ අපකීර්තියට පත්කිරීමට පත්කිරීමක් හෝ විය හැකිය. එම තත්වයන් බරපතල ආර්ථික සහ සමාජීය අර්බුධයකට මුහුණ දී රටට ඉතා බරපතල තත්වයක් වෙනු ද ඇත.
තවදුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කටයුතු කරන්නේ බටහිර වුවමණාව අනුවය, මෙය විජාතික කුමන්ත්‍රණයක්ය, රාජපක්ෂවරු හෝ ආරක්ෂක අංශ නිලධාරීන් දඩයම් කිරීමට හෝ යැයි කියා මෙය මඟ හැරිය නොහැකිය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව විසින් පනවා ඇති නියමයන් තුළම මේ ගැටළු විසඳා ගැනීමේ හැකියාව තිබේ. ඒ අනුව වඩා පහසු සහ පරිස්සම් සහගත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අප රටක් විදිහට බාර ගත යුතුය. වඩා ශිෂ්ඨ සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය හැකි වන්නේ ඉන් අනතුරුවය.

Chatham Street journal පුවත්පතේ ලිපියකි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න