(දිලීප විතාරණගේ 'Negotiating Power and Constructing The Nation : Engineering in Sri Lanka ගැන අදහස් කිහිපයකි.)
පරණ මතක :
දිලීප (විතාරණ) මට මුලින් ම මුණ ගැසුණේ කළුබෝවිල රෝහලේ ලෙඩෙකු බලන්නට ගිය විට ය. ලෙඩා බලනට ආ අපගේ පොදු මිතුරියක සමග ය දිලීප අවුත් තිබුණේ. මේ 1993/1994 වැනි කාල වකවානුවේ විය හැක.
එකල, දිලීප මොරටුව සරසවියේ ඉංජිනේරු සිසුවෙකි. මට මතක දිලීප ඉතා ලජ්ජාශීලී තරුණයෙකු ලෙස ය. ඉන් පසු ඔහු මා මුණ ගැසුණේ 2008 වසරේ ය. ඒ විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය) සම්මුඛ පරීක්ෂණයට දිලීප ද මා ද කැඳවා තිබුණු විටෙක ය.
මා එහි ගියේ ෆයිල් මිටියක් අතැති ව හොඳට මැදපු කමිසයක් පිළිවෙලට කලිසමට යටකොට ටයි පටියක් ද බෙල්ලේ හිර කොට ගෙන ය. දිලීප ආවේ සෙරෙප්පු දෙකක් දාගෙන ලිනන් කමිසක් කලිසමට උඩින් දමා ගෙන අත වන වන ය. අප දෙදෙනාට ම විවෘත විශ්ව විද්‍යාලයේ රැකියාවන් ලද අතර පසු කලෙක දිලීපගේ ප්‍රමුඛත්වයෙන් ඇරැඹි ශාස්ත්‍රපති පාඨමාලාවක මා උගැන් වීමි.

ආචාර්ය බන්දුර දිලීප විතාරණ
දිලීප සරසවි ඇදුරෙකු වීමට පෙර කළ වෙනත් සමාජ විපර්යායක හා නිර්මාණාත්මක වෘත්තීන් ගැන ද මට යම් තරමක මතකයක් ඇත. ප්‍රගතිශීලී ලෙස සැළකෙන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක ලාංකීය මෙහෙයුමේ දිලීප නියමුවෙක් විය. එම සංවිධානය දේශීය සංධර්භයට ගැලැපෙන ලෙස මෙහෙයුම් අනුගත කරන ලද අතර, කොළඹ සීතල කාමර වල ම නොඉඳ ඔවුන් වැඩි කලක් ගත කළේ එකල යුද්ධයෙන් බැට කෑ දුෂ්කර ප්‍රදේශවල ය.
කලින් කල, විවිවිධ රටවල ලත් විදේශ පුහුණු නිසා දැනුම පමණක නොව පුළුල් ලෝකය ගැන ද මනා අනාවරණයක් මේ සංවිධානය විසින් තම කාර්ය මණ්ඩලයට ලබා දුන් බව මා හොඳින් දන්නා කරුණකි. මේ නිසා සරසවි සේවයට එන විට දිලීප අත්දැකීමෙන් විශාල පන්නරයක් ලද බව උපකල්පනය කළ හැක. පොතේ ගුරෙක්ට වඩා වැඩි ගුරුකමක් දිලීපට කළ හැකි වුයේ ඒ නිසා යී මම සිතමි.
එකල සරසවි සිතිවිලි :
දිලීප හා මා උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටි කාලය අඩු වැඩි වශයෙන් එකක් ම ය. මා සිටි කොළඹ සරසවිය තුල එකල බලය තිබුණේ ස්වාධීන ශිෂ්‍ය සංගමය (ISU)ට ය. ඒ කාලයේ ISU හී නායිකාවක වූ, දැන් ප්‍රකට ලේඛිකාවක වන, තිසරණී ගුණසේකර හා ප්‍රියන්ත චන්ද්‍රප්‍රේම ගෙනි මා ISU කණ්ඩායම දැන හඳුන ගත්තේ. ඔවුන් දෙදෙනා සමග නිතර අප හමු වීමට ආ 'ඇඩා' නම් ඉතා කඩවසම්, බර්ගර් පෙනුමැති මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු සිටි බව මතකය. ජී. ඩබ් ඇඩම්ස් ය මගේ මුල් ම මොරටු සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරී සම්භන්ධය.
වාමාංශික ඌරුවකින් ආ ඇඩා ඇතුළු මොරටු සරසවි කණ්ඩායම ISU සෙසු කොටස් සමග උතුරේ අරගලයට මතවාදීම ය මට්ටමින් නොව ක්‍රියාකාරී මට්ටමින් ද සහාය දුන් හ.
ඇඩාගේ දේශපාලන පූර්වගාමීන් හා මෙන්ටර්වරුන් වූයේ ඒ සරසවියේ ම සිටි කැමිලස් හා චිරන්ත වීරවර්ධන වැනි ශිෂ්‍ය නායකයින් ය. ඔවුන්ගේ පූර්වගාමීන් වූයේ යසලාල් වන්නිආරච්චි (71 දී ගැටවරයෙකු ලෙස හිරබත් කා පසු ව, හිරෙන් නිදහස් ව ජනතා සංගමය හා වැඩ කළ) හා සී.ජේ අමරතුංග (පසු කලෙක යුක්තිය හා ලංකාදීප මාධ්‍යවේදී ලෙස කටයුතු කළ) ය.
අඩු වැඩි වශයෙන් මොවුන් වාමාංශික නැඹුරුවක් සහිත නමුත් අ-ජේවීපී කොටස් විය. ඒ නිසා ම ඔවුහු ජාතිවාදී නොවන හෝ අවම ආස්ථානයක සිටිය හ.
දයාන් ජයතිලකගේ දේශපාලන කණ්ඩායමේ හා නව-ජනතා විමුක්ති පෙරමුණේ (එහි සිටි ප්‍රකට සාමාජිඅක්යෙකු වූයේ කල්‍යා හෙවත් කල්‍යානන්ද පෙරේරා ය. පසු ව එක්ස් කණ්ඩායමේ) සාමාජිකයින් ද මොරටුව සරසවියේ සිටිය හ.
ඇඩා ඇතුළු පිරිස් මේ මොරටු සරසවියේ වාමාංශික හා ජාතිවාදී නොවන සිසු පරපුරේ අවසන් පුරුක් වූ හ, අප කතානායක දිලීපගේ සරසවි කාලයේ කටුබැද්දේ හමා ගියේ නලින් ද සිල්වාගේ ජාතික චින්තන සුළඟ ය. 1987 දී ජාතිවාදය දෝතින් ම වැළඳ ගත් ජවිපෙ ද කටුබැද්දට ඉව ඇල්ලූයේ ඒ කාලයේ ය. එවකට මොරටුවේ ප්‍රකට ශිෂ්‍ය ක්‍රියාකාරීන් වුයේ චම්පික රණවක හා අශෝක අබේගුණවර්ධන ය.
ගණිතඥයෙකු වූ ද සිල්වාගේ බස කටුබැද්දේ ඉංජිනේරු සිසුන්ට පහසුවෙන් පත්තියන් විය හැකි බෙහෙත් වේලක් විය. ජාත්‍යන්තරවාදී වාමාංශික ඌරුව පරයා ජාතිකවාදී පොල් වගාව සමග ජාතිවාදී යටි වගාව දළු ලා වැඩුණ කල ය දිලීප ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස මල්වර වූයේ.
මෙය මා කරන්නේ විනිශ්චයක් ලෙස නොව ඔහුගේ චින්තනය වැඩුණු මතවාදීම ය හා ඓතිහාසික සන්දර්භය තේරුම් ගැනීමට ය. යට කී ජාති/ජාතිකවාදී ඌරුව තනිකර කළුවෙන් පාට කිරීම අසාධාරණ ය. මොවුන් නිර්දය ලෙස බටහිර සංවර්ධන මාදිලිය විවේචනය කළ අතර, බලශක්ති අර්බුදය හා පාරිසරික අර්බුදය සමාජයේ අවධානයට ලක් කිරීමට පුරෝගාමී හා සාධනීය භූමිකාවක ඉටු කළේ ය.
සමාජ හා දේශපාලන පරිසරය ගැන සංවේදීතාවයක් දැක් වූ තවත් ඉංජිනේරු ඇදුරන් දෙදෙනෙක් වූවෝ මහාචාර්ය හේ. ශ්‍රියානන්ද හා ආචාර්ය අර්ජුන ද සොයිසා ය. ශ්‍රියානන්ද නව සම සමාජ පක්ෂ පසුබිමෙන් පැමිණි අතර සොයිසාට මා දන්නා තරමට පක්ෂ පසුබිමක් නොතිබිණ. මේ දෙදෙනා ම එවකට අනුයුක්ත ව සිටියෝ විවෘත විශ්ව විද්‍යාලයට ය.
දිලීප කටුබද්දෙන් පිට වූ කාලේ යේ ම මේ දෙදෙනා සම්බන්ධ පීඨයක කනිෂ්ඨ මට්ටමේ රැකියාවක් කළා ද කියා මට යම් මතකයක් ඇතත් එය ස්ථිර නැත.
ශ්‍රියානන්දගේ නසසප පසුබිම නිසා ජාතිවාදී නැමියාවක් පෙන්නුම් නොකළ (අදට අදාළ නැති රීතියකි) නමුත් ද සොයිසා තුල යම් ආකාරයක සිල්වා ම ය මතවාද තිබූ බව සමහරු සැක කළ හ. එහෙත් මේ දෙදෙනා ම බටහිර අධි පාරිභෝජනවාදී සංවර්ධන මතවාදය හා භාවිතය දැඩි විවේචනයට ලක් කළ අතර පරිසරය හා තිරසර බව ගැන මහත් ලාලසාවකින් කතා කළ හ.
මොවුන්ගේ ඇසුර හෝ සුළඟ දිලීපට ලැබුනා යී මට අනුමාන කළ හැක. මේ දෙදෙනාට ම අමතර ව ඉංජිනේරු පසුබිමෙන් අවුත් පසු ව සමාජ විද්‍යා අඩවියට බැස එහි දස්කම් විස්කම් පෑ පතාකයෙකු වන්නේ ආචාර්ය සුසන්ත ගුණතිලක ය. මහජන සම්බන්දතා හා කොන්තර මත ම හඹා යන නැමියාව මොහොතකට අමතක කර, ඔහු ප්‍රාමාණික සමාජ විද්‍යාඥයෙකු ලෙස මම දකිමි. සිල්වා මෙන් ලංකාවේ පමණක් හරඹ කිරීම සීමා නොකළ ගුණතිලක ජාත්‍යන්තර අවධානය දිනාගත් වියතෙකි.
Science and Creativity in the Third World හා Crippled Minds : an Exploration into Colonial Culture ගුණතිලක විසින් රචිත ගෝලීය සම්භාවනාවට ලක් වූ කෘතීන් ය.
87-89 කාලයේ ගුණතිලක ජවිපෙට යම් මතවාදීම ය අනුකම්පාවක් පළ කළ හෝ හිතේ කොනේ ආදරයක් තිබූ බවට මතයක් තිබිණ. ඒ හේතුව මත එකල ජවිපේ සංහාරය කළ පැරා-මිලිටරි කණ්ඩායමක් ගුණතිලක දඩයම් කරන්න ගිය බව නිසා එතුමා හා එම මැතිණිය වසර කිහිපයකට රට හැර දා ගියේ දිලීප සරසවි සිසුවෙකු ව හුන් කාලයේ ය. ඒ හේතුවෙන් ගුණතිලකගේ සුළඟ දිලීපට හැමුණා යී සිතීම අපහසු ය.
පමා ව නොකිරීමට වඩා හොඳ ය
ආචාර්ය උපාධියක් කෙරුමට දිලීපට කෑදරකමක් හෝ කඩිමුඩියක් නොතිබුණ බව මා ඔහුගේ සමීප මිතුරන්ගෙන් අසා තිබිණ. අවසානයේ මිතුරන්ගේ හා හිතවතුන්ගේ පෙරැත්තය මත දිලීප ඕලන්දයේ පමණක නොව යුරෝපයේ ද පැරැණි ම ශාස්ත්‍රීය ආයතනයක් වන ලෙයිඩන් සරසවියේ උපාධි අපේක්ෂකයෙකු ලෙස බැඳිණ.
සාර්ථක ව නිම කළ තම ආචාර්ය උපාධිය ගිහි පාඨක පිරිසකට ගැලැපෙන ලෙස සංස්කරණය කර යට කී මැයින් පපළ කැරෙන්නේ තම්බපානී ඇකඩමික් පබ්ලිෂර්ස් විසිනි.
පිටු 166කින් (සටහන් හා රෙෆෙරන්ස නොමැති ව) සමන්විත මේ කෘතිය ලියා ඇත්තේ සරල හා නිරවුල් බසකිණි. පොතේ තේමාව සංකීර්ණ හා ගැඹුරු එකක වුව ද එය ගිහියෙකුට වුව ද දිරවා ගත හැකි ආකාරයෙන් නිම කිරීම ගැන කර්තෘට අහා ප්‍රකාශකට ගෞරව ය අපගේ හිමි විය යුතු ය.
පොතලබා ගන්න සබැඳිය මෙතනින් - Negotiating Power and Constructing The Nation: Engineering in Sri Lanka

මේ කෘතියෙහි කේන්ද්‍රීය සාකච්චාව කෙරෙනුයේ ලාංකීය සංදර්භය තුල තාක්‍ෂණය හා ජාතිකවාදය ගැන ය. තාක්ෂණය යන පුළුල් වපසරිය ස්ථානගත කරන්නේ ඉංජිනේරුමය අඩවියේ ලා ය. තාක්ෂණය ඝන විද්‍යාවක් (hard science) තුල ද ජාතිකවාදය වැනි ප්‍රපංචයක් සමාජ විද්‍යාව තුල වෙන වෙන පෙට්ටිවල බහාලන පැරැණි විශ්ලේෂණ විධික්‍රමය දිලීප බැහැර කර ඒ දෙකෙහි සහසම්බන්ධය ගැන ය කෘතිය පුරා ගැඹුරට විමසන්නේ.
ඉංජිනේරුමය වෛද්‍ය විද්‍යා අසමාජීය, අදේශපාලනික හා අහිංසක අඩවි ලෙස සලකන සාවධ්‍ය ආස්ථානයෙන් මිදී, කෘතිය කරනුයේ ඉංජිනේරුමය ක්ෂේත්‍රයේ ප්‍රත්පත්ති, තීරණ, තීන්දු හා වරණයන් හුදු තාක්ෂණික සාධක මත ම පිහිටා නොව සමාජීය හා දේශපාලන ගතිකත්වයෙන්වයෙන් මාද්‍යනය වන බලය, අධිකාරිය වැනි සාධක ගාමක බලවේග වන අයුරු කෘතියෙන් ස්ථාපිත කෙරේ.
එලෙස ම යට කී ප්‍රතිපත්ති හා වරණ තුලින් යම් මතවාදයක් නිෂ්පාදනය හෝ ප්‍රති-නිෂ්පාදනය වන අයුරු ද ස්ථාපිත කෙරේ. මතවාදය නිෂ්පාදනය පාලනය කළ හැකි ස්ථිතික රසායනාගාරයක තුල නොව ගතිකත්වයෙන් ගහණ සමාජයක සිදුවන නිසා ඒ අඩවිය සංකීර්ණ ය; නිට්ටාවට ම ප්‍රක්ෂේපණය කළ නොහැක. කලින් කලට බල තෙරපුම් හා උනන්දුන් මගින් මගින් මතවාදයේ අන්තර්ගතය තීරණය වේ.
සමස්තයක් ලෙස කෘතියෙහි කෙරෙන්නේ යට කී සංකල්පීය හා විශ්ලේෂණ රාමුව මත ලාංකීය ප්‍රත්‍යෙක අධ්‍යනයක් දිග හැරීම ය.
ආඛ්‍යාන තුනක්
කෘතියේ ලාංකීය ඉංජිනේරුමය ආඛ්‍යාන තුනකට අවධානය යොමු කරයි. විසිවන සියවසේ මුල් භාගයේ, එනම් නිදහට පෙර, ක්‍රියාත්මක වූ ලක්‍ෂපාන ජලාගාරය ආශ්‍රිත විදුලි ජනන ව්‍යාපෘතිය පළමු ආඛ්‍යානය යි. දෙවැන්න වන්නේ විසිවන සියවසේ අග භාගයේ ක්‍රියාත්මක වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යි. තෙවැන්න වන්නේ විසි එක වන සියවසේ, සමකාලීන කතිකාවතක් ලෙස ඉස්මතු වූ රාවනා පිලිබඳ ව ය.
මේ ආඛ්‍යාන තුන තේරීම යුක්ති යුක්ත ය. 1900-1936, යටත් විජිත තත්ත්වයක් තුල ක්‍රියාත්මක වූ ලක්‍ෂපාන ව්‍යාපෘතිය හා එහි දේශීය නියමුවෙකු වූ විමලසුරේන්ද්‍රගේ ඉංජිනේරුමය ව්‍යවහාරය කෘතිය තම අන්වීක්ෂය යටට ගෙන එයි.
මෙහි දී යටත් විජිත තාක්ෂණ ප්‍රතිපත්තිය. විදේශීය ඉංජිනේරු ධුරාවලිය ද බියුරොක්‍රසිය හෙවත් නිලධාරවාදය තුල ද එකල බලය හෙබ වූ දේශීය පංතිය හා පැලැන්තිය තුල ලක්ෂපාන ව්‍යපෘතියේ ස්වරුපය තීරණය වීම ටර්බන් හා වේලිවලින් ඔබ්බට ගොස් විමසීමට කෘතිය තැත් කරයි.
මේ ඝන විස්තරයට තවත් ලුණු ඇඹුල් දැමෙන්නේ විමලසුරේන්ද්‍රගේ නවන්දන්න කුලය ද ආඳා ගැනීමෙන් දේශීය පලැන්ති අතර ද බල ගතිකයින්ගේ සංකීර්ණතාව මතු කර ලීමෙනි.
මහවැලිය
මහවැලිය සමකාලීන ලාංකීය ඉතිහාසයේ විශාලත ම සංවර්ධන ව්‍යාපෘතිය යි. මහවැලිය ගැන බොහෝ අධ්‍යන විවිධ පර්යාලෝකයෙන් කර තිබුණත් කෘතියේ තේමාව නිසියාකාර ව ස්පර්ශ කර නොමැති නිසා එය ආඛ්‍යානයක් ලෙස නැවත කියැවීම නැවුම් ශාස්ත්‍රීය කටයුත්තක බව කිව යුතු ය.
සෙරීනා තෙන්නකෝන් මහවැලිය අභිචාරාමය අඩවියක් ලෙස විමසුම යම් තාක් දුරකට මේ කෘතියට ඉතා වටනා ආරම්භයක් හා පදනමක් සපයන නමුදු එහි ලේඛිකාවගේ අකල් මරණයෙන් පසු ඒ ගැන වෙනත් පර්යේෂකයින්ගේ අවධානය එතරම් ලැබුණේ නැත. තෙන්නකෝන්ගේ මෙන් ඇන්ත්‍රපොලොජික ප්‍රවේශයක් නොගත්තත් මේ කෘතිය මහවැලි අධ්‍යනය තවත් ගැඹුරට ගෙන යයි. මේ විශ්ලේෂණය වැදගත් වන්නේ ඒ වන විට නිදහසින් පසු ව නව බල ධුරාවලියක් හා සමාජ පැලැන්තියක් නිර්මාණය වී ජනවාර්ගිකත්වය අනන්‍යතා දේශපාලනයේ මුල් පුටුව හිමිකර ගැනීම නිසා ය. ඒ අනුව මහවැලිය හරවන්නේ උතුරට ද දකුණට ද යන්න හුදු ඉංජිනේරුමය වරණයක් පමණක් ම නොවී ය.
සුසන්ත ගුණතිලක (ඔහුගේ එකදු කෘතියක්වත් දිලීපගේ ආශ්‍රිත ලිපි ලයිස්තුවේ නැත) තාක්ෂණය සංස්කෘතික ඉතිහාසය තුල විද්‍යාමාන වන හැටි විවරණය කළ කෘති ගණනාවක දිවෙන එක් පොදු හුයක වන්නේ යටත් විජිත ව්‍යාපෘතිය ගැන කැරෙන නිර්දය විවේචනය යි. ගුණතිලක ගොරහැඬි හා ආවේගශීලී ලෙස පොල්ලෙන් ගසා කළ දේ ම විතාරණ යම් සංයමයකින් හා ඩිප්ලොමැටික ලෙස කවර්-ඩ්‍රයිවාකාරයෙන් ගසා මේ කෘතියෙන් කරන්නේ ද කියා මා තව දුරටත් සිතන්න පොළඹවයි.
එලෙස බලන කළ මේ කෘතියේ එන යටත් විජිත විචාරයේ යම් එකතු කළ වටනාකමක් ඇත් ද කියා ද මම සිතමි. එහෙත් විස්තරාත්මක ලේඛනගත කිරීම, විශේෂයෙන් ලක්ෂපාන ගැන, අගය කළ යුතු ය.
මහවැලිය ගැන මේ කෘතියේ කැරෙන ප්‍රධාන විවේචනාත්මක කේන්ද්‍රය වන්නේ එය උතුරේ අහිමිවීමක (deprivation) නිර්මාණය කළ බවයි. මෙය සැබැවි. එහෙත් මෙය මැනැවින් ස්ථාපිත කරුණක් නොවේ ද? තවම නොවිසඳුණු ජනවාර්ගික ගැටුමක හා තිස් වසරක යුද්ධයක් නිර්මාණය වීමේ එක් ප්‍රධාන වාස්තවික හා නිශ්චිත ද්‍රව්‍යමය පදනමක් වූයේ මහවැලිය හැරවුණ දිසාව, ඉන් එක් ජනවර්ගයකට සිදු වූ අහිමි වීම හා නව ජනපද මහවැලියේ නව කලාපවල පිහිටුවා හටගත් නව ජනවාර්ගික ආතති ය.
එහෙත් මේ කෘතියේ ඉහත කරුණ පුනරුච්චාරණය කිරීම එක්තරා ආකාරයකට සාධනීය දෙයක ලෙස මා දකිමි. ඊට හේතුව වන්නේ කර්තෘගේ ශාස්ත්‍රීය හැබිටටය වන ඉංජිනේරු ක්ෂේත්‍රයේ මේ කරුණ බොහෝ දුරට පිළිකෙව් කිරීම හෝ නොදැක්කා සේ සිටීම නිසා ය.
ඒ අර්ථයෙන් මහවැලිය ගැන කැරෙන විවේචනය ස්ථාපිත එකක වුව ද කර්තෘගේ දායක සභාව නින්දෙන් අවදි කරවන අලා(ර්)මයක් විය හැක. ඊට ම අදාළ තවත් කරුණක් වන්නේ, කර්තෘගේ ෆෝ(ර්)මේශනය හෙවත් වැඩීම සිදු වූ පරිසරය හා කාල වකවානුවේ අධිනිශ්චය වූ ජාතිකවාදී හා ජාතිවාදී ආස්ථාන හා සසඳන විට කෘතියේ එන විවේචනය ඉතා නිර්භය (bold) එකක් වීම යි.
කර්තෘගේ සමකාලීනයන් වූ, උදාහරණයකට, ජාතික ත්‍රස්ත විරෝධී ව්‍යාපාර ගෙන ගිය ඉංජිනේරුවන් වූ, රණවක හා අබේගුණවර්ධන වැන්නන් මේ කෘතියේ කියැවීම දිරවා ගන්නේ කෙලෙස ද කියා මම සිතමි. ඒ අනුව මේ කෘතිය සමස්ත හෝ පොදු සමාජය කළඹන එකකට වඩා කර්තෘගේ ම මතවාදී මය හා වෘත්තීය කුටුම්භය අවදි කරන නිර්මාණාත්මක මැදිහත් වීමක් ලෙස ම දකිමි. ඒ අනුව මෙය 'මිතුරන් අතරේ' සංසරණයට වඩා යෝග්‍ය වන්නේ එහි ඇති පැරෝකියල් ම ය විභව ය හා ගුණය නිසා ය.
රාවනා :

අවසාන ආඛ්‍යානය වන්නේ රාවනා ප්‍රබන්ධය (සමහරුන්ට අනුව ප්‍රබන්ධයක් නොවේ) විසි එක් වන සියවසේ මුල නැවත ලාංකීය සමාජය තුල 'යලි ඉපදීම' කෘතියේ තේමාවේ අවධාරණයට ගැලැපෙන පරිදි (එනම්, රාවන ඉංජිනේරුවරයෙකු ලෙස සලකා) විමසුමට ලක් කිරීම යි.
සිංහල ජනවර්ගයේ ඇරැඹුම ලෙස සැළකෙන තවන් ප්‍රභන්ධයක කේන්ද්‍රීය චරිතය වන 'විජය' ට විකල්පයක් ලෙස 'රාවනා' ආදේශ වීමත් සමග සිංහල සමාජය ඊට නොසිතූ විරූ පරිදි ආවේශ වීම කෘතියේ ඉතා විස්තරාත්මක ව ද විශ්ලේෂනාත්මක ව ද ගෙන හැර පායි.
රාවණාගේ ඉංජිනේරු ව්‍යාපෘති අතර විමාන ශිල්ප (දඬුමොණරය, නූතන අර්ථයෙන් රවනාගේ පුද්ගලික ජෙට් යානාවකි) හා වාරි තාක්ෂණය පමණක නොව න්‍යෂ්ඨික බල තාක්ෂණය යොදා ගත ආකාරය සියුම් කරුණු හා විස්තර අනුව රචිත කොටස, ශාස්ත්‍රීය ග්‍රන්ථයක ඇති ප්‍රබන්ධ අතිරේඛයක් (ලක්බිමේ එන රිද්ම වැනි!) ලෙස ද ගිණිය හැක.
මෙහි දී මා කර්තෘ කිසිසේත් විවේචනය නොකරන අතර ඔහු විමර්ශනය කරන තත්කාලීන කථිකාවේ තත්‍ය ස්වරූපය එය ය. කර්තෘ කරන්නේ එය අපට කණ්නාඩියකින් නැවත පෙන්වීම පමණි.
රාවන පුනරුදය විමසීමේ දී අඩුවෙන් අවධානය යොමු වුණු හෝ අවධානය යොමු නොවුණු ඉංජිනේරුමය පැතිමානය කෘතියේ මනාවට ලේඛනගත කර ඇති අතර පමණක නොව ඒ මත පදනම් ව ජාතිකවාදයට නව හුස්මක් පිඹීම කදිමට ස්ථාපිත කරයි.
මේ ආඛ්‍යානයේ කාල වකවානුව ජනවාර්ගික ගැටුම හා පශ්චාත් යුධ තත්ත්වය හා සමපාත වන හෙයින් ජාතිකවාදයේ යටි වගාව ලෙස ජාතිවාදය රෝපණය වීම ගැන කැරෙන විචාරය වාස්තවික කරුණු මත වුව ද මීට වඩා තීව්ර කළ හැකි ව තිබුණා යී මට සිතේ.
ලාංකීය ශිෂ්‍යත්වය
පොදුවේ ගත් කල, මේ කෘතිය අපට පැහැදිලි ව ඒත්තු ගන්වන කරුණක් ඇත. එනම් ජාතිකවාදය (මට අනුව නම්, එහි යටි වගාව වන ජාතිවාදය ද ඇතුළු ව) නිෂ්පාදනයේ හා ස්ථාපිත කිරීමේ ලා භාෂා ම ය හා සාහිත්‍ය ම ය වැනි මාධ්‍යවලට වඩා කාර්යක්ෂම කර්තව්‍යක් ද්‍රව්‍ය ම ය මාධ්‍යක විද්‍යාමාන වන තාක්ෂණය ඉටු කරන බව ය. එහෙයින් ඉංජිනේරු ම ය ඉතිහාසය අප තව තවත් හාරා ඇවිස්සිය යුතු බව මේ කෘතිය අපට බල කරයි.
කෘතියේ ම සඳහන් වන පරිදි කේ. ඇම් ද සිල්වාගේ සුප්‍රසිද්ධ ලක් ඉතිහාස ග්‍රන්ථයට තාක්ෂණ හා ඉංජිනේරු අඩවිය නොපෙණෙන ගාන ය. මෙය සැබැවි. එබැවින් දිලීප විතාරණගේ මේ අගනා කෘතිය නව ඉතිහාසකරණ සම්ප්‍රදායක් හා ප්‍රවේශයක් ලාංකේය ශිෂ්‍යත්වයට තිළිණ කරයි.
මේ ලිපියේ මුලින් කෙරන වැල්වටාර ම ය සටහනේ පරිදි, දිලීපගේ මතවාදී ම ය, බුද්ධි ම ය හා දේශපාලන ම ය පරිනාමය සිදුවන්නේ එක්තරා සංක්‍රාන්තික හා විපරීත අවධියක ය. ඒ සීමාවන් තුල, තමා සිල්වා නොවීත් ගුණතිලක නොවීත් විතාරණ ම වීම දිලීපගේ ශාස්ත්‍රීය පරිනතභාවය හා විභවය පිලිබඳ අපට අනාගත බලාපොරොත්තු දල්වා ගත හැකි ලකුණකි.
[අවසානයි]
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )